Sri Lankan Moms in USA

Sri Lankan Moms in USA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Moms in USA, Nonprofit Organization, New York, NY.

Exclusive to Sri Lankan moms living in USA for sharing their experience with kids activities, kids schooling (college), kids shopping, kids life style, kids well being, kids studies, culture and everything related to kids world.

😋😋
03/17/2026

😋😋

The Government has announced that Sri Lankans residing overseas and foreign nationals may contribute to relief efforts f...
11/28/2025

The Government has announced that Sri Lankans residing overseas and foreign nationals may contribute to relief efforts for those affected by the current disaster situation in the country

11/06/2025

ඔයා, ඔයාගේ දරුවා ගැන අවධානෙන්ද ඉන්නේ? මේ කතාව කියවලා බලන්න. මේක ඇත්තටම දෙමාපියන්ගේ ඇස් ඇරවපු, ලෝක මට්ටමේ අවධානයක් දිනාගත්ත සිදුවීමක්.

ගෙදර තියෙන 'නිහඬ මාරයා' - IKEA ලාච්චු කබඩ් එකෙන් ලෝකෙටම උගන්වපු පාඩම

👶 අපේ දරුවාගේ කාමරේ... ඒක අපි හදන්නේ පුදුම ආදරයකින්. ලස්සන සෙල්ලම් බඩු, පාට පාට බිත්ති, පුංචි ඇඳක්,බබාගේ ඇඳුම් ටික පිළිවෙලට තියන්න ලාච්චු කබඩ් එකක්. හැමදේම තියෙන්නේ දරුවාගේ සතුටට සහ ආරක්ෂාවට කියලා හිතාගෙන.

☹️ඒත්, ඒ කාමරේම, දරුවාගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් දරුණුම දෙයක් හැංගිලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

මේ කතාව ලෝකයක්වම කම්පා කරවපු, IKEA කියන ලෝක ප්‍රසිද්ධ සමාගම දණ ගැස්සුව "Malm" (මාල්ම්) ලාච්චු කබඩ් එක ගැනයි.

💁‍♂️මොකක්ද මේ "Malm" ඛේදවාචකය?
IKEA කියන්නේ ලස්සන, මිල අඩු ගෘහ භාණ්ඩ හදන සමාගමක්. එයාලගේ "Malm" කියන ලාච්චු කබඩ් (Dresser/Chest of Drawers) එක ලෝකේ පුරාම මිලියන ගණන් ගෙවල්වල තිබුණා. ඒක හරිම ජනප්‍රියයි.

ඒත් 2014 ඉඳන්, ඇමරිකාවෙන් සහ වෙනත් රටවලින් හරිම කණගාටුදායක ආරංචි එන්න පටන් ගත්තා.

💁‍♂️සිදුවීම වුණේ මෙහෙමයි:

අවුරුදු 2ක, 3ක පුංචි දරුවෝ, එයාලගේ කාමරේ සෙල්ලම් කර කර ඉඳලා. මේ දරුවන්ට ලාච්චු කබඩ් එක පෙනුණේ කන්දක් වගේ, නැත්නම් උඩට නගින්න පුළුවන් පඩිපෙළක් වගේ. එයාලා කළේ, යටම ලාච්චුව ඇරලා, ඒක උඩ නැගලා, ඊළඟ ලාච්චුව අරින එක.හරියට පඩිපෙළක් නගිනවා වගේ.

ඒත් මේ ළමයි දැනගෙන හිටියේ නෑ, එයාලා එහෙම නගිනකොට, ඒ මුළු කබඩ් එකේම බර සමබරතාවය (balance) නැති වෙනවා කියලා.

☹️දරුවා තුන්වෙනි ලාච්චුව අරිනකොටම, අඩි 4ක් විතර උස, කිලෝ 30-40ක් බර ඒ මුළු කබඩ් එකම, එකපාරටම දරුවාගේ ඇඟ උඩට පෙරළුණා. දෙමාපියන් එහා කාමරේ ඉඳන් මේ සද්දේ ඇහිලා දුවගෙන එනකොට, හැමදේම සිද්ධ වෙලා ඉවරයි. ඒ බරට යටවුණු පුංචි දරුවාගේ හුස්ම හිරවෙලා, නැත්නම් බරපතල තුවාල වෙලා ජීවිතය නැති වෙලා.

Jozef Dudek, Curran Collas, Ted McGee... මේ වගේ දරුවන් 8 දෙනෙක් මේ "නිහඬ මාරයාට" බිලිවුණා.

මේක IKEA වලට විතරක් අදාළ නැහැ!
මේ සිදුවීම් එක්ක IKEA සමාගමට විරුද්ධව නඩු වැටුණා. එයාලට ඩොලර් මිලියන ගණන් වන්දි ගෙවන්න වුණා. අන්තිමේදී, ඉතිහාසයේ ලොකුම ආපසු කැඳවීමක් (Recall) විදිහට, එයාලා "Malm" කබඩ් මිලියන 29ක් ආපහු ගෙන්න ගත්තා.

🔴ඒත් මෙතන තියෙන වැදගත්ම දේ මේකයි: මේක IKEA Malm කබඩ් එකේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි.

මේක ඔබේ ගෙදර තියෙන ඕනෑම ලාච්චු කබඩ් එකකට, ඕනෑම පොත් රාක්කයකට, එහෙමත් නැත්නම් අර පරණ, බර ටීවී එක තියලා තියෙන ටීපෝ එකට වුණත් වෙන්න පුළුවන් දෙයක්.

දරුවෙක් දේවල් දිහා බලන්නේ අපි වගේ නෙවෙයි. එයාට පේන්නේ සෙල්ලම් කරන්න, නගින්න තියෙන තැනක් විතරයි.

♥️ඔයාලගෙත් මේ වගේ කබඩ් තියෙනවද? එහෙනම්, අදම මේ දේ කරන්න

මේ වගේ බිහිසුණු ඛේදවාචකයක් තවත් වෙන්න ඕනේ නෑ. මේකෙන් බේරෙන්න තියෙන විසඳුම හරිම සරලයි. ඒකට වැය වෙන්නේ විනාඩි 10ක් වගේ සුළු වෙලාවක්.

"වෝල් ඇන්කර්" (Wall Anchor) හෙවත් බිත්තියට සවි කිරීම.

"Wall Anchor" නැත්නම් "Furniture Strap" කියන්නේ පොඩි පටියක්, නැත්නම් කෝණ වරහනක් (bracket). මේකෙන් කරන්නේ ඔබේ ගෘහ භාණ්ඩයේ (කබඩ් එකේ, රාක්කයේ) එක කොනක් සහ බිත්තියේ අනිත් කොන එකට සම්බන්ධ කරලා තියන එක.

ඔබ අලුතින් ගෘහ භාණ්ඩයක් මිලදී ගන්නවා නම්, ඒකේ පෙට්ටිය ඇතුළෙම මේ "ඇන්කර්" එකක් එනවා. (දුකට කාරණය, 90%ක්ම මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැතුව විසිකරන එක).

එහෙම නැත්නම් ඕනෑම හාඩ්වෙයාර් එකකින් (Hardware) හරිම අඩු මුදලකට මේ වගේ ස්ට්‍රැප් එකක් ගන්න පුළුවන්.

මේක සවි කළාට පස්සේ, දරුවා කොච්චර ලාච්චු ඇරලා උඩ නගින්න හැදුවත්, කබඩ් එක බිත්තියට හේත්තු වෙලා තියෙන නිසා, ඒක පෙරළෙන්නේ නෑ.

💁‍♂️ඒ වගේම,

👉බර දේවල් යටින් තියන්න: කබඩ් එකේ බරම දේවල් (පොත් වගේ) හැමවිටම යටම ලාච්චුවල තියන්න.

👉උඩින් තියන්න එපා: දරුවාගේ අවධානය යන සෙල්ලම් බඩු, රිමෝට් වගේ දේවල් කබඩ් එක උඩින් තියන්න එපා. එතකොට එයා ඒක ගන්න උඩ නගින්න හදනවා.

අපේ ගෙදර කියන්නේ දරුවෙකුට තියෙන ආරක්ෂිතම තැන වෙන්න ඕනේ.
IKEA ඛේදවාචකය අපිට ආයෙ ආයෙත් මතක් කරන්නේ, ඒ ආරක්ෂාව තහවුරු කරන එක අපේ වගකීමක් කියන එකයි. අදම ගිහින් බලන්න, ඔබේ ගෙදර තියෙන උස ගෘහ භාණ්ඩ බිත්තියට සවි කරලද තියෙන්නේ කියලා. ඒ විනාඩි 10, ජීවිතයක් බේරගන්න පුළුවන්.

ස්තූතියි.
-හෙදියකගේ දිනපොත-

11/05/2025

After drowning to death, Tharindu meets his deceased grandma in the afterlife. He learns that his girlfriend Dinu is unfaithful. He wants to take revenge on Dinu and Rasika, her boyfriend. Grandmother teaches him that he cannot take revenge on people alive.

Address

New York, NY
10019

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Moms in USA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share