Mahamevnawa Houston - USA

Mahamevnawa Houston - USA The Mahamevnawa Buddhist Meditation Center of Texas is a place for you to learn and practice the authentic teachings of the Buddha.

We are a part of the ancient Theravada Buddhist Tradition which began 2600 years ago. Mahamevnawa Buddhist Meditation Center Of Houston

නමෝ බුද්ධාය..!ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ වප් මස සීල භාවනා වැඩසටහන 04 වැනි ඉරිදා දින අසපු භූමියේදී පවත්වන...
10/05/2026

නමෝ බුද්ධාය..!

ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ වප් මස සීල භාවනා වැඩසටහන 04 වැනි ඉරිදා දින අසපු භූමියේදී පවත්වන්නට යෙදුණි.

එදින හිමිදිරි උදෑසන, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා උදෙසාත්, උතුම් බෝධිරාජයාණන් වහන්සේ උදෙසාත් කිරිආහාර දානය පූජා කිරීමත්, නොයෙක් පලතුරු, රසකැවිලි ආදී විවිධ පූජා ද්‍රව්‍ය පූජා කිරීමත් සිදු කරන ලදී.

උදෑසන උපෝසථ අට්ඨාංගික සීලය සමාදන් වී, දවස පුරා ධර්මශ්‍රවණමය සහ භාවනාමය පින්කම්වල නිරත වෙමින් බොහෝ පින් රැස්කර ගැනීමට පැමිණ සිටි පින්වතුන්ට අවස්ථාව සැලසිණි.

එදින උදෑසන කිරිආහාර දානය පූජා කරන ලද්දේ පින්වත් ගාමිණී බුලත්සිංහල මහතා සහ පින්වත් ලෙස්ලි මහතා විසිනි. එමෙන්ම, සියලු දෙනා වෙනුවෙන් දහවල් දානය පිරිනමන ලද්දේ පින්වත් සමීර මහතා විසිනි.

මෙම උතුම් පින්කමින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්,

ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා!

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින් පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, කිරි ආහාර දානය පූජා කළ පින්වත් ගාමිණී බුලත්සිංහල මහතාටත්, එම පවුලේ සියලු දෙනාටත්, පින්වත් ලෙස්ලි මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාටත්, පින්වත් සමීර මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා! කරගෙන යන රැකීරක්ෂා සහ සියලු කටයුතු සාර්ථක වේවා! සුවසේ පින් දහම් රැස්කර ගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, මෙම උතුම් පින්කමට සම්බන්ධ වූ සියලු පින්වතුන්ටත්, නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත්, පින් අනුමෝදන් වනු කැමති සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලුදෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින් උපකාර වේවා!

තෙරුවන් සරණයි..!

10/04/2026
නමෝ බුද්ධාය..!ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන සමයේ පින්කම් මාලාවේ තවත් සුන්දර පින්කමක්, පි...
10/03/2026

නමෝ බුද්ධාය..!

ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ 2026 වර්ෂයේ වස්සාන සමයේ පින්කම් මාලාවේ තවත් සුන්දර පින්කමක්, පින්වත් දසුනි පෙරේරා මහත්මියත්, පින්වත් ශෂිත ෆ්‍රැන්සිස් මහත්මාත් දායකත්වය දරමින් පවත්වන්නට යෙදුණි.

අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසාත්, අරහන්තක ධාතූන් වහන්සේලා උදෙසාත් පූජෝපහාර පවත්වමින් සිදු කරන්නට යෙදුණු මෙම උත්තම ශ්‍රී ධාතු වන්දනාවට සහභාගි වූ සියලු දෙනා සතුටු සිතින් බොහෝ පින් රැස්කර ගන්නට යෙදුණි.

මෙයින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුව,

පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය සැප සම්පත් වඩ වඩාත් වර්ධනය වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා! නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින්, පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් අදීශ පුතණුවන්ට අනුමෝදන් වේවා!

උතුම් ධාතූන් වහන්සේලාගේ අනන්ත ආශීර්වාදය සැලසේවා! නිදුක් නීරෝගී සුවයත්, දීර්ඝායු සම්පත්තියත් සැලසේවා! සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා! කරගෙන යන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!

එමෙන්ම, මෙම උතුම් පින්කම සංවිධානය කළ පින්වත් දසුනි පෙරේරා මහත්මියටත්, පින්වත් ශෂිත ෆ්‍රැන්සිස් මහත්මාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය සැලසේවා! කරගෙන යන රැකීරක්ෂා සහ සියලු කටයුතු සාර්ථක වේවා! සුවසේ පින් දහම් රැස් කරගැනීමටත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් වාසනාව උදාවේවා!

එමෙන්ම, මෙම උතුම් පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත්, නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත්, මෙම පින්කම දැක බලා සතුටු වූ සියලු දෙනාටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ පින් දහම් රැස්කර ගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි..!

නමෝ බුද්ධාය..!මේ ගෙවෙන වස්සාන සමයේ, ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් පිරිස විසින්, අප භාග්‍යවත් සම්ම...
09/29/2026

නමෝ බුද්ධාය..!

මේ ගෙවෙන වස්සාන සමයේ, ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් පිරිස විසින්, අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු බව ලබන මොහොතේ සිහිල් සෙවණ සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සවස මල්, පහන්, ආලෝක පූජා, ගිලන්පස, ඖෂධ ආදී නොයෙක් පූජාවන් පවත්වන්නට යෙදුණි.

මෙවර මෙම උතුම් පින්කම සංවිධානය කරන ලද්දේ පින්වත් නිශාන්ති මහත්මිය සහ පින්වත් සුරංජන් මහත්මාත්, පින්වත් උපේක්ෂා මහත්මිය සහ පින්වත් වන්නිනායක මහත්මාත්, පින්වත් පසිඳු මහත්මා සහ පින්වත් චාමිකා මහත්මියත්, පින්වත් මනෝජ් මහත්මාත් විසිනි.

මෙයින් රැස් වූ සියලු පින්,

පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා! දිව්‍ය සැප සම්පත් වඩ වඩාත් වර්ධනය වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා!

නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින් පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ලියානා දියණියටත්, ඩියාරා දියණියටත්, තෙදස් පුතණුවන්ටත්, කිවෙන්‍යා දියණියටත් ඇතුළු සියලු දරුවන්ටත් අනුමෝදන් වේවා!

සියලු දරුවන්ට නිදුක් නීරෝගී සුවය සැලසේවා! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! සියලු ආරක්ෂාව හා රැකවරණය සැලසේවා!

සුවසේ පින් දහම් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව මෙම පින්කම සංවිධානය කළ පින්වත් නිශාන්ති මහත්මියටත්, පින්වත් සුරංජන් මහත්මාටත්, පින්වත් උපේක්ෂා මහත්මියටත්, පින්වත් වන්නිනායක මහත්මාටත්, පින්වත් පසිඳු මහත්මාටත්, පින්වත් චාමිකා මහත්මියටත්, පින්වත් මනෝජ් මහත්මාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! කරගෙන යන රැකීරක්ෂා සහ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා!

සුවසේ පින් දහම් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුලු පව්ල්වල සැමටත් මේ පින් අනුමෝදන් වේවා.. නිදුක් නීරෝගි සුව දිඝාසිරි සම්පත් සැලසේවා. උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධකරගන්නම වාසනාව උදාවෙවා..

එමෙන්ම, මෙම උතුම් පින්කමට උදව් උපකාර කළ සැමටත්, දැක බලා සතුටු වූ සැමටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සුවසේ පින් දහම් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි..!

09/29/2026
නමෝ බුද්ධාය..!බොහෝ පින් රැස්කර ගැනීමට ඉමහත් පිටුවහලක් වූ මෙම වස්සාන සමයේ, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලෝන්ස...
09/24/2026

නමෝ බුද්ධාය..!

බොහෝ පින් රැස්කර ගැනීමට ඉමහත් පිටුවහලක් වූ මෙම වස්සාන සමයේ, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුව මඟින් තවත් සුන්දර පින් රැස්වන දිනයක් උදා විය.

ඒ පින්වත් එරන්ද කරුණාතිලක මහත්මා සහ පින්වත් සෞම්‍යා විජේතුංග මහත්මිය ගේ නිවසේදීය.

එදින සවස, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වන මොහොතේ සිහිල් සෙවණ සැලසූ උතුම් බෝධිරාජයාණන් වහන්සේ උදෙසා අනන්ත බුදුගුණ සිහිකරමින්, ගිලන්පස සම්බුද්ධ පූජාවක් පවත්වන්නට යෙදුණි.

ඉන් අනතුරුව, පැමිණ සිටි සැම දෙනාම සුමධුර ධර්මදේශනාවකට සවන් දී අපමණ පින් රැස්කර ගන්නට යෙදුණි.

මෙයින් රැස් වූ සියලු පින්,

පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය සැප සම්පත් වඩ වඩාත් වර්ධනය වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා!

නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින් පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, පින්වත් එරන්ද කරුණාතිලක මහත්මාටත්, පින්වත් සෞම්‍යා විජේතුංග මහත්මියටත්, පින්වත් දියණියන් දෙදෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! කරගෙන යන රැකීරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා! දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! ඔවුන්ගේ අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

සුවසේ පින් දහම් රැස්කර ගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් වාසනාව උදාවේවා!

එමෙන්ම, සුජීවත්ව සිටින කරුණාදාස පියාණන්ටත් , නන්දසීලී මෑණියන්ටත්, චන්ද්‍රකාන්ති විජේතුංග මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ පින් දහම් රැස්කර ගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා! පරලොව ජීවිතය සැපවත් වේවා! උතුම් නිවන් සුවයෙන් සැනසීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, මෙම පින්කමට සම්බන්ධ වූ සැමටත්, නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සැමටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

උතුම් නිවනින් සැනසීමට වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි..!

නමෝ බුද්ධාය..!අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දසබිම්බර මාර සෙනඟ පරාජයට පත් කොට සම්බුදු බව ලබන මොහොතේ සිහිල් සෙවණ සලසාලූ බ...
09/22/2026

නමෝ බුද්ධාය..!

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දසබිම්බර මාර සෙනඟ පරාජයට පත් කොට සම්බුදු බව ලබන මොහොතේ සිහිල් සෙවණ සලසාලූ බෝධිරාජයාණන් වහන්සේ උදෙසා මල්, පහන්, ගිලන්පස ආදී නොයෙක් පූජා ද්‍රව්‍ය පූජා කොට, සැදැහැ සිතින් පින් රැස් කර ගැනීමට මෙවර වස්සාන සමයේ ටෙක්සාස් ලෝන්ස්ටාර් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් පිරිසට අවකාශය සැලසිණි.

මෙම උතුම් පින්කම ඉමහත් සැදැහැ සිතින් සංවිධානය කරන ලද්දේ පින්වත් සමන්ති මහත්මියත්, පින්වත් ජනක මහත්මාත්, පින්වත් පදුම පුතුත් විසිනි.

බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වන මොහොතේ සිහිල් සෙවණ සලසාලූ උතුම් බෝධිරාජයාණන් වහන්සේ වන්දනා කොට රැස්කරගත් සියලු පින්,

පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා! දිව්‍ය සැප සම්පත් වඩ වඩාත් වර්ධනය වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා!

සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින්, පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, මහත් ශ්‍රද්ධාවෙන් මෙම පින්කම සංවිධානය කළ පින්වත් සමන්ති මහත්මියටත්, පින්වත් ජනක මහත්මාටත්, පින්වත් පදුම පුතුටත් මේ පින් අනුමෝදන් වේවා!

නිදුක් නීරෝගී සුවය සැලසේවා! කරදර බාධා දුරු වේවා! සියලු ආරක්ෂාව හා රැකවරණය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, මෙම පින්කමට සම්බන්ධ වූ සැමටත්, නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සැමටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

උතුම් නිවන් සුවයෙන් සැනසීමට වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි..!

නමෝ බුද්ධාය..!වස්සාන සමයේ මහමෙව්නාව ලෝන්ස්ටාර් භාවනා අසපුව මඟින් පවත්වන්නට යෙදෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් දිනයක්, පින්ව...
09/18/2026

නමෝ බුද්ධාය..!

වස්සාන සමයේ මහමෙව්නාව ලෝන්ස්ටාර් භාවනා අසපුව මඟින් පවත්වන්නට යෙදෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් දිනයක්, පින්වත් මහේෂ් චින්තක රණවීර මහතාත්, පින්වත් තනු රණවීර මහත්මියත් ඉතාමත් සැදැහැ සිතින් සංවිධානය කරන්නට යෙදුණි.

එහිදී පැමිණ සිටි සියලු දෙනා විසින් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා උදෙසා සවස මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදියෙන් පූජා පවත්වන්නට යෙදුණි.

ඉන් අනතුරුව, පැමිණ සිටි සියලු දෙනාට සුමධුර ධර්මදේශනාවකට සවන්දීමට අවස්ථාව සැලසිණි.

මෙයින් රැස් වූ සියලු පින්,

පින් කැමති සියලු දෙවි දේවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය යස ඉසුරින් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා!

සුවසේ ශාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින්, පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, රැස් වූ සියලු පින් පින්වත් මහේෂ් චින්තක රණවීර මහතාටත්, පින්වත් තනු රණවීර මහත්මියටත්, එම පින්වතුන්ගේ ආදරණීය පුතුටත් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා! ජීවිතය වාසනාවන්ත වේවා! කරගෙන යන ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා!

එමෙන්ම, ආදරණීය පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! අනාගත ජීවිතය වාසනාවන්ත වේවා! සුවසේ පින් දහම් රැස් කරගනිමින්, උතුම් නිවන් සුවයෙන් සැනසීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, මෙම පින්කමට සම්බන්ධ වූ සැමටත්, නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ සැමටත්, පින් අනුමෝදන් වනු කැමති ඔබටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

උතුම් නිවනින් සැනසෙන්න වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි..!

Address

12415 N Eldridge Pkwy
Houston, TX
CYPRESS,TX77429

Opening Hours

Monday 8am - 7pm
Tuesday 8am - 7pm
Wednesday 8am - 7pm
Thursday 8am - 7pm
Friday 9am - 7pm
Saturday 8am - 5pm
Sunday 8am - 10pm

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Houston - USA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share