Students' Union of University of Ruhuna

Students' Union of University of Ruhuna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Students' Union of University of Ruhuna, WELLAMADAMA, Matara.

15/06/2026

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුන්ගේ විශේෂවේදී උපාධිය හැදෑරීමට ඇති අයිතිය තහවුරු කරනු!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.They have loved you uncondition அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"ශිෂ්‍ය...
14/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.
They have loved you uncondition
அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"

ශිෂ්‍ය වීර දිනය 2026

ශිෂ්‍ය වීර දිනය 2026ට සමගාමීව ඔබේ සදැස්, නිසදැස් කවි යොමු කිරීමට අවස්ථාව...

නිර්මාණ යොමු කිරීමට
071 43 73 691
071 92 27 176

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

14/06/2026

මහපොළ දීමනාව විධිමත් ලෙස ලබාදීමට වැඩපිළිවෙළක් සකසනු!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.They have loved you uncondition அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"ශිෂ්‍ය...
13/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.
They have loved you uncondition
அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"

ශිෂ්‍ය වීර දිනය 2026

ලිපි අංක 01

"ශාන්ත බණ්ඩාර සහෝදරයා"

1954 වසරේ සැප්තැම්බර් 03 වෙනිදා කෑගල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ශාන්ත බණ්ඩාර සහෝදරයා දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා විය. මොහුගේ පියා විදුහල්පතිවරයෙකු ලෙස හා නොතාරිස්වරයෙකුද සේවය කළ අතර මව විදුහල්පතිනියක ලෙස සේවය කළාය.

කෑගල්ල අලපලාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා, ඉන්පසු ද්වීතියික අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව පාසලට හා මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වූ අතර 1974 දී අ.පො.ස. උසස් පෙළ සමත් වී විද්‍යාවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය සරසවියට ඇතුළත් විය.

1976 කාල වකවානුව තුළ දී පේරාදෙණිය සරසවියේ සිදු වූ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව සිදු කරනු ලැබූ ශිෂ්‍ය අරගල සමඟ ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා 1977 අප්‍රේල් මස 6 වන දින විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙසත්, ඒ සම කාලවකවානුවේ දී මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් තනතුරටත් පත් විය.මෙම ශිෂ්‍ය නායක ධූර පත්වීම්, ඔහුත්, සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයත් නව මානයකට හෙබවීමට සමත් විය.

1978 ශිෂ්‍ය ක්‍රියාකාරී ලලිත් අබේසිංහ සහෝදරයාගේ අසාධාරණ ශිෂ්‍යභාවය අවලංගු කිරීමත්, ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ වැඩ තහනම අත්හිටුවන ලෙසත්, තවත් ඉල්ලීම් 12 ක් මූලික කරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීම මත පේරාදෙණිය සරසවියේ සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක නිරත වූ අතර මෙහි දීද ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ කැපී පෙනෙන නායකත්වයක්ද, මෙහෙයවීමක්ද විය.

තවද,බෝගම්බර ප්‍රදේශයේ කම්කරු - ශිෂ්‍ය ප්‍රජාව එක්හාසු කොට රැලියක් පැවැත්වූ අතර එම විරෝධතා වලට නායකත්වය ලබා දුන් ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ අතර ශාන්ත බණ්ඩාර සහෝදරයා ද ඒ අතර විය.

තවද 1978 දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නැවත ප්‍රතිසංවිධාන කිරීමට මූලිකත්වය ගනිමින්,එහි කැඳවුම්කරු ලෙස ද, 1981 වර්ෂයේදී නිදහස් අධ්‍යාපනයට වැට බඳින ධවල පත්‍රිකාවට එරෙහි අරගලයේ පෙරමුණු බලඇණියේ ශිෂ්‍ය නායකයෙකු ලෙස ක්‍රියා කළ මොහු මාතර දී හා වැල්ලවායේදී අත්තඩංගුවට පත් විය. තම මුළු මහත් ජීවිතයම පාහේ ශිෂ්‍ය ව්‍යාපාරයත් නිදහස් අධ්‍යාපනයේ උන්නතියත් උදෙසා කැපකරමින් කටයුතු කර ඉන් නොනැවතී නැවත වටයකින් බිම් මට්ටමෙහි පූර්ණ කාලීන දේශපාලනයට පා තබන්නට විය.

1988/89 සමයේ දේශප්‍රේමී අරගලයේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී හමුදා අත්අඩංගුවට පත්ව දෙවරක් ජීවිතය බේරා ගත් එකම ඉහළ පෙළේ නායකයා වූ අතර ඒ අඟුරුවාතොටදී සහ තංගල්ලේදී අත්අඩංගුවට පත්ව පොලීසියේ රඳවා සිටියදී තමාගේ දෑතේ තිබුණු මාංචුව ස්වොත්සහයෙන් ගලවා ගනිමින් පැමිණි අමුත්තෙකු ලෙස පිටව දිවි ගලවා ගැනීමට ඔහු සමත් වී තිබුණි.

යළිත් තමන්ගේ නොමැකෙන උත්සහය, පෞරෂය, ධෛර්යය පෙරදැරිව අරගලයේ අඛණ්ඩව නිරත වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා
වර්ෂ 1990 ජනවාරි මස 01 වනදා රාත්‍රී 7 ට පමණ අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා භටයන් පැමිණි අතර ඔවුන් නිවස හතර අතින්ම වටලා තිබිණ. ඔහු රැගෙන ගොස් මත්තේගොඩ හමුදා කඳවුරේ රඳවා තැබූ අතර
1990 ජනවාරි 06 වෙනිදා ශාන්ත බණ්ඩාර සහෝදරයා ඝාතනයට ලක් විය.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසයේ අතිශයින්ම නිර්භීත නායකයෙකු වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා සිර කඳවුරු තුළ රඳවා තිබයදී පවා විමුක්ති ගී ගයමින් නොබියව සිටි බව සිර කඳවුරු තුළ රඳවා සිටි අනෙකුත් සහෝදරයින් පවසා තිබූ අතර අතිශය දුෂ්කර අවස්ථාවන් හීදී පවා සැමට ධෛර්යය දෙමින් කටයුතු කර තිබේ.

තම ජීවිතය කැප කරමින් නිදහස් අධ්‍යාපනයෙන් පණ ගහෙන්නට නියමිත අනාගත පුරුක් දහසකගේ ජයග්‍රහණය, නැඟුම තම සුබ සිහින මතින් දරා නවමු ලොවක් තනන්නට මිලින වූ මානව කැකුලට මුළු මහත් ශිෂ්‍ය ව්‍යාපාරයේ සදා උත්තමාචාරය..!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

13/06/2026

"Suspend කරලා මාස 6යි.
තවම විනය පරීක්ෂණයක් නෑ.
අත්තනෝමතික පනවා ඇති පන්ති තහනම් හකුලාගත යුතුයි."

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

13/06/2026

"නව නේවාසිකාගාර ලැබෙන තුරු සටන අතහරින්නේ නෑ"

2026.06.10

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

12/06/2026

ආයතනයේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳව මහා ශිෂ්‍ය සංගමය මගින් පසුගිය 10 වෙනි දින පැවැත් වූ මාධ්‍ය හමුව

මහා ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.They have loved you uncondition அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"ශිෂ්‍ය...
11/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.
They have loved you uncondition
அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்திருக்கிறார்கள்"

ශිෂ්‍ය වීර දිනය 2026

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

හිඟ මහපොළ වාරික කඩිනමින් ලබා දෙනු! 2026 - 06 - 11 මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
11/06/2026

හිඟ මහපොළ වාරික කඩිනමින් ලබා දෙනු!

2026 - 06 - 11

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

සරසවිය සිරගෙයක් නොකරනු !ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය වහා හකුලා ගනු ! 2026 - 02 - 17 මහා ශිෂ්‍ය සංගමය - රු...
17/02/2026

සරසවිය සිරගෙයක් නොකරනු !

ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය වහා හකුලා ගනු !

2026 - 02 - 17

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Address

WELLAMADAMA
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Students' Union of University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Students' Union of University of Ruhuna:

Share