Ceylon One Hearts

Ceylon One Hearts Charity Organisation “Happens is the best wealth “

⚠️ රටම ගිනිගන්නා "එල්නිනෝ" අනතුර👉 ඔබේ ආදරණීයයන් බේරාගන්න අදම ක්‍රියාත්මක වන්න! ⚠️අපි දැන් අත්විඳින්නේ හුදෙක් රස්නයක් නෙව...
25/03/2026

⚠️ රටම ගිනිගන්නා "එල්නිනෝ" අනතුර👉 ඔබේ ආදරණීයයන් බේරාගන්න අදම ක්‍රියාත්මක වන්න! ⚠️

අපි දැන් අත්විඳින්නේ හුදෙක් රස්නයක් නෙවෙයි. පැසිෆික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා ඇතිවන "එල්නිනෝ" (El Niño) දේශගුණික විපර්යාසයයි. මෙය මැයි මාසය වන විට තවත් දරුණු විය හැකි බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙනවා.

🌀 මොකක්ද මේ එල්නිනෝ?

පර්යේෂණ දත්තවලට අනුව එල්නිනෝ තත්ත්වය නිසා ජනවාරි සිට මාර්තු දක්වාත්, ජූලි - අගෝස්තු කාලයේදීත් ලංකාවට දැඩි වියළි කාලගුණයක් සහ අධික රස්නයක් ඇති කරනවා. මෙය අපේ වගා කටයුතුවලට වගේම සෞඛ්‍යයටත් සෘජුවම බලපානවා.

🏠🔥 Heat Stroke👉 නිහඬ මාරයා!
අධික උෂ්ණත්වය නිසා සිදුවන කම්පනය (Heat Stroke) මගින් නිරෝගී පුද්ගලයෙකු පවා ක්ෂණයකින් මිය යා හැකියි.

✅ ජීවිත බේරාගන්න අදම මේවා කරන්න

💧 පිපාසය එනකම් ඉන්න එපා😲 ඔබට පිපාසය දැනෙද්දී සිරුරේ ජලය 2%ක් දැනටමත් අඩු වෙලා. ඒ නිසා පැයකට වරක්වත් ජලය බොන්න. දරුවන්ට සහ වැඩිහිටියන්ට ජලය බොන්න මතක් කරන්න.

☀️ මාරක කාලය (පෙ.ව. 11 - ප.ව. 3) මේ වෙලාවට සෘජු හිරු එළියට නිරාවරණය වීම ඉතාම අනතුරුදායකයි. දරුවන්ගේ ක්‍රීඩා උත්සව හෝ එළිමහන් වැඩ මේ කාලය තුළ නතර කරන්න. මතක තබා ගන්න, ජීවිතය රන් පදක්කමට වඩා වටිනවා!

👕 ඇඳුම් පැළඳුම්👉 කළු ඇඳුම් රස්නය උරා ගන්නවා. ඒ නිසා සුදු හෝ ලා පැහැති සැහැල්ලු කපු (Cotton) ඇඳුම් විතරක් පාවිච්චි කරන්න.

🐾 අසරණ සතුන්: තාප්පය හෝ ගේට්ටුව අසලින් වතුර බඳුනක් තියන්න. රස්නය දරුණුවටම දැනුනත් වතුර ටිකක් ඉල්ලන්න ඒ අහිංසකයන්ට බෑ.

⚠️ රෝග ලක්ෂණ👉 අධික හිසරදය, ක්ලාන්තය, වමනය හෝ දහඩිය නොදැමීම වැනි ලක්ෂණ ඇත්නම් වහාම සෙවණකට ගොස් රෝහල්ගත වන්න.

මෙය කියවා නිකන් ඉන්න එපා. ඔබේ මවට, පියාට, මිතුරන්ට මේ අනතුර ගැන කියලා දෙන්න. අප දැනුවත් වුණොත් විතරයි මේ ස්වභාවික ගින්දරෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ.

තවත් ජීවිතයක් බේරා ගැනීමට මෙය හැකිතාක් Share කරන්න! ❤️🙏

01/01/2026
03/12/2025

☸️☸️☸️
උදුවප් පොහොයේ වැදගත්කම ...
ලංකාවාසී බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයකි.

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩමවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටු වීමද සිදු දිනයේදීය. වූයේ උඳුවප් පොහොය

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි. පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටය, ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී...

තෙරුවන් සරණයි !!!..

Please 🙏
02/12/2025

Please 🙏

Address

Thalalla
Matara
81180

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon One Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon One Hearts:

Shortcuts

Share