08/11/2026
මනුලොවදී පමණක් සිදුකළ හැකි උතුම් සංඝෝපස්ථාන පින්කමක් හොරණ ශීල සුව අරණේ ගිලන් ස්වාමීන් වහන්සේලා උදෙසා අද දින සිදුකළ වගයි.
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
මේ තුන් ලෝකයේම මෙලෙසින් සංඝ උපස්ථානය , සංඝ උවැටන සිදු කරගත හැකි මනුලොව මිනිසුන්ටම පමණී. එයින් සම්මා දිට්ඨියක පිහිටා කර්මය කර්ම ඵලය අදහාගෙන යමෙන් ගිලන් උපථානය කරනවාද ඔවුන් භාග්‍යවතුන් වහන්සේ හට උපස්ථාන කරනවා හා පිනක් රැස් කර ගනී. අප ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ කල්‍යාණ මිත්‍ර පිරිස අද දින සිව්වන වරටත් හොරණ සිල් සුව අරණේ ගිලන් ස්වාමින් වහන්සේලා,
🔸 අපගේ අතින්ම නහවා හොදින් සෝදා පිරිසිදු කර,
🔸 කෙස් රැවුල් ආදිය සම්පූර්ණයෙන් කපා ඉවත් කර,
🔸උන් වහන්සේලාගේ කායික දුබලකම් දුරුවනු පිණිස තෙල් සාත්තු ආදිය සිදුකර,
🔸නියපොතු ආදිය කපා ඉවත් කර,
🔸සම්පූර්ණ කුටි, කාමර පිරිසිඳු කර,
🔸 නාන කාමර, වැසිකිලි , කාපට් ආදිය පිරිසිදු කර,
🔸ස්වාමින් වහන්සේලාට තමන්ගේ අත් දෙකෙන්ම දානය පිළිගන්වා දානය වැළදීමට උපකාර කර,
🔸ගිලන් ස්වාමීන් වහන්සේලාගේ චීවර, අඳන ආදිය සෝදා,
🔸ගිලන් ස්වාමින් වහන්සේලාගේ රෝහල් වාට්ටු තුන අවට භූමියද පිරිසිදු කරමින් අපමණ පිනක් රැස් කරගැනීමේ දුර්ලභ අවස්තාව උදා කරගන්නා ලදී.
මෙම ගිලන් උපස්ථානය බොහෝ පිරිසක් එක් වී සිදු කරන අයුරු දැක ගිලන් ස්වාමින් වහන්සේලා ඉතාම මෙත් සිතින් පිංවත් මිතුරන්ට පින් අනුමෝදන් කරන ලදී.
අපට ජීවිත කාලයේම මෙවැනි දුර්ලභ පිංකම් සිදුකිරීමට අවස්තාව උදා වන්නේ ඉතාම සීමිත අයුරෙනී . මුලු ශ්‍රී ලංකාවටම ආදර්ශයක් වෙමින් තරුණ පිරිසක් ලෙස මේ හැමෝම සමගියෙන් එකතු වී සිදු කරන මේ මා හැඟි පිංකම් අද මුලු ලෝකය පුරා සිව් දෙස පැතිරී බොහෝ දෙනා අනුමෝදන් වෙමින් අපට නිරන්තරයෙන් ආශිර්වාද කරනු ලබයි. මෙම පිංකම අපගේ මිතුරන්ට කිසිදා අමතක නොවන සදා අමරණීය වන අතර ඔබ සැම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා! 🙏
ගිලානෝපස්තානයෙන් දිනය පුරා රැස් කරගත්තා වූ සියලූම පින් ද, ගිලන් ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් ධාතූන් වහන්සේලා වන්දනා කරගැනීමට අවස්තාව සලසා දුන් පිනෙන් ද, විශේෂයෙන්ම අප සියලු දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය උදෙසාද ,සුව කල නොහැකි,බොහෝ කාලයක් බෙහෙත් කරන රෝග පීඩා වලින් පෙලෙන අප කල්‍යාණ මිත්‍ර පිරිස් වලටද , එම පවුල් වල යම් අයෙක් වේනම් ඒ පිරිස් වෙතත් ඒකාන්තයෙන්ම නිරෝගී සම්පත්තිය උදෙසාමද, එමෙන්ම අවසන අමා මහ නිවන් අවබෝදය පිණිස මේ උත්තම මහානීය පින ඒකාන්තයෙන්ම හේතූ වේවා පාරමිතාවක්ම වේවා ලෙස අප බලවත් ලෙස අදිශ්ඨාන කරමු. එමෙන්ම මෙම දුර්ලභ අසිරිමත් පිංකමට අපව සම්බන්ධ කර ගත් අති පූජනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද, කපිල මිතුරා , ප්‍රියන්ත මහතා ඇතුළු සීල සුව අරණ පුදබිමේ සියලු කාර්‍ය මණ්ඩලයටද , M**H TV කාර්‍ය මණ්ඩලයටද , සහභාගී වූ ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜" මිතුරන්ටත්, දැකබලා අනුමෝදන් වන සියලු මිතුරන්ටත් මේ උතුම් කුසල් නිර්වාණාවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා!
තෙරුවන් සරණයි!