Lost & Found

Lost & Found අමතකව ගිය හා සොරකම් කරන ලද බඩු භාණ්ඩ පිළිබඳ තොරතුරු සොයන ඔබට වැදගත් විය හැක....

උපුටා ගැනීම : ගෙහාන් සචින්ද මහතාගෙන් #එපා  නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...⚪ හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳ...
14/09/2025

උපුටා ගැනීම : ගෙහාන් සචින්ද මහතාගෙන්

#එපා
නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

⚪ හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

⚪ “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

⚪ Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

⚪ මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

⚪ බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

⚪ නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

⚪ ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

⚪ සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..

උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

#ගෙහාන්_සචින්ද

අසේල සම්පත් ගමගේ, උල්පතගම, ගල්කිරියාගමමෙම හැඳුනුම්පත මරදාන දුම්රය ස්ථානයට ලැබී ඇත. අයිතිනරු හට 5/6 වේදිකාවේ ඇති දුම්රිය ...
10/09/2025

අසේල සම්පත් ගමගේ,
උල්පතගම, ගල්කිරියාගම

මෙම හැඳුනුම්පත මරදාන දුම්රය ස්ථානයට ලැබී ඇත.
අයිතිනරු හට 5/6 වේදිකාවේ ඇති දුම්රිය ස්ථානාධීපති (මෙහෙයුම්) කාර්යාලයෙන් ලබා ගත හැක.

Update: 2025.08.16, 09.30 Hrsමෙම මුදල් පසුම්බිය අයිතිකරු පැමිණ බාර ගන්නා ලදී. සහයෝගය දුන් සැම දෙනාට අපගේ ස්තුතිය.⚠️️ මෙම...
15/08/2025

Update: 2025.08.16, 09.30 Hrs
මෙම මුදල් පසුම්බිය අයිතිකරු පැමිණ බාර ගන්නා ලදී. සහයෝගය දුන් සැම දෙනාට අපගේ ස්තුතිය.

⚠️️ මෙම ජාතික හැඳුනුම්පත හා වෙනත් ලිපිද්‍රව්‍ය අඩංගු මුදල් පසුම්බියක් මරදාන දුම්රිය ස්ථානය වෙත ලැබී ඇත.
අයිතිකරු හට මරදාන දුම්රිය ස්ථානයේ 5/6 වේදිකාවෙහි පිහිටා ඇති දුම්රිය ස්ථානාධිපති ⁣(මෙහෙයුම්) කාර්යලයට පැමිණ අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැක.

01/08/2024

2024.07.24 දින මරදාන දුම්රිය ස්ථානයේදී සිදු වූ හදිසි අනතුරක දර්ශනයක්....
ධාවනය වන දුම්රිය වලට ගොඩ වීමට යාම ඉතාමත් අනතුරු දායකය. එක් තත්පරයකදී සිදු වන අත්වැරැද්දකින් ඔබගේ ජීවිතය අහිමි වීම මෙන්ම සදාකාලික ආබාධිත තත්ත්වයකට පත් වීමද සිදු විය හැක.
මොහොතක් සිතන්න - ඔබගේ ජීවිතය වටින්නේ ඔබට පමණක්ම නොවේ....

Address

Colombo, Western
Colombo
01

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lost & Found posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lost & Found:

Share