❝තෙ දක්ඛිනෙය්‍යා සුගතස‍්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි❞ "පුඤ්ඤං සුඛං ජිවිත සංඛයම්හි"
[ දිවි කෙළවර සැපය පිණිස පවත්නා එකම දෙය පිනයි' ]
- ධම්මපදය
Address
Colombo
Colombo
10325
General information
ආරණ්‍ය සේනාසන, දුෂ්කර විහාරස්ථාන සඳහා අවශ්‍ය කරන ගොඩනැගිලි, භාවනා කුටි, වැසිකිලි ආදිය ඉදිකර දීම මෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට අවශ්‍ය ඖෂධ වර්ග වේ නම් ඒවා සම්පාදනය කර දීම පිණිස සත්පුරුෂ පින්වතුන් දැනුවත් කිරීම. ------ පින්වත් ඔබටත් මේ උතුම් කටයුතුවලට දායක විය හැකියි. ------ එවැනි අවශ්‍යතාවක් ඇති පූජනීය ස්ථාන පිළිබඳ ඔබ දන්නවා නම් අපට දැනුම් දෙන්න. (එම විහාරස්ථානයේ හෝ ආරණ්‍යයේ ගෞරවනීය ස්වාමින්වහන්සේගේ අනුමැතිය අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න) ------ එම තොරතුරු මෙම පිටුවේ පලකරන අතර, දානපති සත්පුරුෂයන්ගේ දායකත්වයෙන් අදාළ අඩුපාඩු සපුරාලීමට අපේක්ෂා කෙරේ. ------ එම කටයුතුවලට යතිවර පූජා පිටුවේ අප දායක වන්නේ අවශ්‍යතාව පවතින පූජනීය ස්ථානය සහ ඊට උපකාර කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වය අතර සම්බන්ධතාව ගොඩනැගීමෙන් පමණි. ------ අදාළ ආරණ්‍ය සේනාසනයෙන් හෝ විහාරස්ථානයෙන් ලබාගත් තොරතුරු අනුව (පවතින අඩුපාඩු හෝ යම් අවශ්‍යතාවන් පිළිබඳ) ස්වාමින්වහන්සේගේ හෝ කැපකරු මහතකුගේ දුරකතන අංක ඇතුළත් කර අප නිර්මාණය කරන පෝස්ටුව (Post) 'යතිවර පූජා' පිටුවේ පළකරනු ලැබේ. ------ ඒ අනුව අදාළ පාර්ශ්ව දෙක අතර ගොඩනැගෙන සම්බන්ධතාව ඔස්සේ එම අඩුපාඩු සපුරාලනු ඇත. ------ මෙම පිටුව ආරම්භ කර දැනට වසර පහක් පමණ ගතවී ඇති අතර, මේ මගින් ආරණ්‍ය සේනාසනය, විහාරස්ථාන, පිරිවෙන්, භාවනා මධ්‍යස්ථාන ආදී පූජනීය ස්ථාන රාශියකට විවිධ වූ උපකාරයන් රාශියක් සිදුකර ඇති බව සතුටින් දැනුම් දෙමු. ------ 'යතිවර පූජා' පිටුවේ පළකර ඇති පෝස්ට් කියවා බලා ඔබටත් එම පුන්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් විය හැකියි. ------ මෙහි පළකෙරෙන දැන්වීම්වලට අනුව ඔබට එම ස්ථානයකට කළ හැකි උපකාරයක් වේ නම් උතුම් සංඝෝපස්ථානයක් ලෙස සලකා එය ඉටුකරන ලෙස ඉල්ලා සිටිමු.
Website
Alerts
Be the first to know and let us send you an email when යතිවර පූජා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Organization
Send a message to යතිවර පූජා:
Category
Our Story
෴ දානානිසංස ෴ දිනක් ගෞතම බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ සුමනා නම් වූ දිව්‍ය කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය. භාග්‍යවතුන්වහන්ස, මේ ලෝකයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙසෙති. එයින් කෙනෙක් දන් දී අනෙකුත් කුසලයෝද සිදු කරයි. නමුත් අනෙක් කෙනා දන් නොදේ. නමුත් වෙනත් කුසලයෝ සිදුකරයි. මේ දෙදෙනා මිනිස් ආත්මයෙන් චුත වී දිව්‍ය ලෝකයක පහල වෙති. මේ දෙදෙනා අතර වෙනසක් තිබේද ? ඔව් සුමනාවනි... මේ දෙදෙනො අතර වෙනසක් තිබේ. දන් දුන් පුද්ගලයා දන් නුදුන් පුද්ගලයාට වඩා දිව්‍ය ආයු, දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය බලය, දිව්‍ය ප්‍රඥාව යන පංච සම්පතියෙන් උසස් වෙති . භාග්‍යවතුන්වහන්ස මේ දෙදෙනා දිව්‍ය ලෝකයෙන් චුතව මිනිස් ආත්මයක උපදියි. එවිට මේ දෙදෙනා අතර වෙනසක් තිබේද ? එසේය සුමනාවනි... වෙනසක් තිබේ. දන් දෙන පුද්ගලයා දන් නොදෙන පුද්ගලයාට වඩා මිනිස් ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන මෙම සම්පත්වලින් උසස් වෙති. භාග්‍යවතුන්වහන්ස මෙම දෙදෙනා පැවිදි වෙයි. මේ දෙදෙනා අතර වෙනසක් තිබේද ? එසේය සුමනාවනි... වෙනසක් තිබේ. මෙහිදී දන් දුන් කෙනා නොදුන් කෙනාට වඩා උසස් ලෙසින් සිව්පසය ලබති. "එසේ නම් පින්වතුනි, නිවන් දක්නා ජාති දක්වා අපිට දානයේ ආනිශංස මේ ආකාරයෙන් ලද හැකි නිසාවෙන් දානාදී කුසල් වල නොපමාව කටයුතු කරමු෴"