25/10/2026
රුධිර පූජා 2026🩸
මනුසත් හදවත් සංවිධානය විසින් අප සංවිධානයේ අනුශාසක, කොළමැදිරිය පුරාණ රාජමහා විහාරාධිකාරී වෑවිට මෛත්‍රී ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති පූජ්‍ය කැටේපොළ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව පවත්වනු ලබන ලේ දන්දීමේ පිංකම 07 වන වරටත් බණ්ඩාරගම කොළමැදිරිය පුරාණ රාජමහා විහාරස්ථානයේදී සාර්ථක ලෙස පසුගියදා පවත්වන්නට යෙදුනි. මෙම කර්තව්‍යය වෙනුවෙන් සහයෝගය ලබාදුන් පූජ්‍ය කැටේපොළ ධම්මරතන ස්වාමීන්වහන්සේ ප්‍රධාන ගෞරවණීය මහා සංඝරත්නයටත්, මූල්‍යම දායකත්වයන් ලබා දුන් සැමටත්, ද්‍රව්‍යමය දායකත්වයන් ලබා දුන් සැමටත්, ශ්‍රම දායකත්වයන් ලබාදුන් සැමටත්, රුධිරය පරිත්‍යාග කිරීමෙන් අප හා සම්බන්ධ වූ සැමටත්, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 💐💐💐
කරන කියන කටයුතු සාර්ථක වේවා 💐💐💐
රුධිර පරිත්‍යාගය කිරීමෙන් හා ඒ හා සම්බන්ධවීමෙන් රැස් කරගන්නා ලද පිනෙන් සසර දුක් නිවී මතු භවයක නිවන් මාර්ගය සාක්‍ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා 💐💐💐
සියලු දෙනා
නිදුක් වේවා 🙏🙏🙏
නීරෝගී වේවා 🙏🙏🙏
සුවපත් වේවා 🙏🙏🙏