Ciao Bro

Contatta l'organizzazione

Ciao Bro Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Ciao Bro, Milano.

මේ දිනවල අතිපූජනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ පසුගියදා ඇති වූ හදිසි ගංවතුර ව්‍යසනයෙන් විනාශ වූ නේපාලයට වැඩමවා සිට...
15/10/2026

මේ දිනවල අතිපූජනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ පසුගියදා ඇති වූ හදිසි ගංවතුර ව්‍යසනයෙන් විනාශ වූ නේපාලයට වැඩමවා සිටිති. එහිදී උන්වහන්සේ ඇතුළු පිරිස ගංවතුරින් පීඩාවට පත් නේපාල ජනතාව වෙනුවෙන් සහන මෙහෙයුමක යෙදී සිටිති.

විවිධ විපරීත පුවත් ඇසෙන දකින යුගයක පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ දැක්මත් සුවයක්මයි.

එසේම සමාජ සේවාවන්හි යෙදීමට ගොස් විවිධාකාර ගිහිකම් කරමින්, විප්‍රකාර කරමින් මුදල් භාවිතා කරමින් සිල් පලුදු කරගන්නා, ගිහියන්ගේ අප්‍රසාදයට පවා ලක්වෙන ස්වාමීන්වහන්සේලා බහුල යුගයක
ධූතාංගාදී උසස් සිල් ගුණ අත් නොහැර පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා පිරිස විසින් සිදුකෙරෙන මේ සහන මෙහෙයුම වටිනා ආදර්ශයකි.

ඒ සාරිපුත්තාදී උතුමන් පරපුරෙන් පැවත එන මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා!

Photo credit © Walk For Peace

🇮🇹 ඉතාලි වීසා සිහිනය හැබෑ කරගන්න සේවායෝජකයෙක් (Sponsor) හොයාගන්නේ කොහොමද? 🤔මේක උපුටාගැනීමක්. මුල් හිමිකරු Thilana Fernan...
07/10/2026

🇮🇹 ඉතාලි වීසා සිහිනය හැබෑ කරගන්න සේවායෝජකයෙක් (Sponsor) හොයාගන්නේ කොහොමද? 🤔

මේක උපුටාගැනීමක්. මුල් හිමිකරු Thilana Fernando . Grazie Bro.

කොරියාවට 🇰🇷, ඊශ්‍රායලයට 🇮🇱 හෝ මැදපෙරදිග රටකට 🌍 යන ක්‍රමයට වඩා ඉතාලියට රැකියා වීසා මගින් යන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්.

⚠️ ඒ නිසා මේ ගැන හරියටම දැනගෙන කටයුතු කරන එක ඉතාම වැදගත්.

ලංකාවේ කිසිම ඒජන්සියකට හෝ වෙබ් අඩවියකට ඔබ වෙනුවෙන් ඉතාලි සේවායෝජකයෙක් හොයලා දෙන්න බැහැ.

❌ ඒ වගේම රජයෙන් පුද්ගලයන් තෝරාගෙන ඉතාලියට යවන ක්‍රමයකුත් නැහැ.

ඒ නිසා,

👉 “ඉතාලියේ Sponsor කෙනෙක් හොයලා දෙන්නම්”
👉 “ඉතාලි වීසා අනිවාර්යයෙන්ම හදලා දෙන්නම්”
👉 “රජයේ වැඩසටහනක් යටතේ ඉතාලියට යවන්නම්”

🚨 වගේ දේවල් කියලා මුදල් ඉල්ලන අය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.

ඔබට ඉතාලියේ සිටින පවුලේ කෙනෙකුගේ, නෑදෑයෙකුගේ හෝ විශ්වාසවන්ත මිතුරෙකුගේ සහය මගින් සුදුසු සේවායෝජකයෙකු සොයාගැනීම වැදගත් වෙනවා. 🤝

⸻

👨‍💼 සේවායෝජකයෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද?

ඉතාලියේ ඉන්න හැමෝටම ඔබව Sponsor කරලා ගන්න බැහැ. ❌

ඔබේ හිතවතෙකු මාර්ගයෙන් සොයාගන්නා සේවායෝජකයා ඉතාලි ජාතිකයෙකු හෝ විදේශිකයෙකු වුනාට අවුලක් නෑ. හැබැයි

නමුත් ඔහු/ඇය පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි. 👇

✅ රජය අනුමත කර ඇති රැකියා කාණ්ඩයකට අයත් ව්‍යාපාරයක් තිබිය යුතුයි.

උදාහරණයක් ලෙස, සෘතුමය රැකියා සඳහා විවෘත වන හෝටල්, ආපනශාලා වැනි ව්‍යාපාර තිබිය හැකියි. 🏨🍽️

✅ නියමිත පරිදි බදු ගෙවා ඇති අතර, අලුතින් සේවකයෙකු ගෙන්වා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් තිබිය යුතුයි. 💶

✅ මීට පෙර විදේශීය සේවකයන් ගෙන්වා තිබේ නම්, ඔවුන්ව නීත්‍යානුකූලව සහ නිසි පරිදි සේවයේ යොදවා තිබීම වැදගත්. 👷‍♂️

⸻

💻 අයදුම් කරන්නේ කොහොමද?

සේවායෝජකයා විසින් අයදුම්පත portaleservizi.dlci.interno වෙබ් අඩවිය හරහා (Real-time) පිරවිය යුතුයි.

මේ සඳහා ඉතාලියේ පදිංචිකරුවන්ට භාවිත කළ හැකි SPID හෝ CIE ගිණුමක් අවශ්‍ය වෙනවා. 🔐

ඒ නිසා ලංකාවේ සිටින පුද්ගලයෙකුට තමන් විසින්ම මෙම ක්‍රියාවලිය සිදුකිරීම කළ නොහැකියි.

සේවායෝජකයාට මෙම කටයුතු තනිවම සිදුකරගැනීමට අපහසු නම්, සාමාන්‍යයෙන් CAF හෝ PATRONATO ආයතනයක සහාය ලබාගත හැකියි. 🏢

💶 මේ සඳහා යුරෝ 500–1000 වැනි මුදලක් වැය විය හැකියි.

⸻

📅 අයදුම්පත් පිරවීමට තියෙන්නේ සීමිත කාලයක්!

මෙය අවුරුද්ද පුරාම විවෘතව තියෙන ක්‍රියාවලියක් නෙවෙයි. ⏰

📌 ඔක්තෝබර් 28 සිට දෙසැම්බර් 8 දක්වා පමණක් අයදුම්පත් සකස් කිරීම සඳහා අවස්ථාව ලැබෙන අතර, ඉන්පසු පද්ධතිය වසා දැමේ.

පසුව නිවැරදි කිරීම් වැනි කටයුතු සඳහා පමණක් කෙටි කාලයකට නැවත විවෘත විය හැකියි.

⸻

🖱️ Click Day එක කියන්නේ මොකක්ද?

ඉතාලි රැකියා වීසා ක්‍රියාවලියේ තීරණාත්මකම අවස්ථාවක් තමයි Click Day එක. 🇮🇹🖱️

සාමාන්‍යයෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විවිධ රැකියා කාණ්ඩ සඳහා Click Day පැවැත්වෙනවා.

මේ දවසේ අයදුම්පත් යොමු කිරීමේදී මුලින්ම අයදුම් කරන අයට මුල්තැන ලැබෙන ක්‍රමයක් තිබුණත්, ප්‍රායෝගිකව මෙය බොහෝ දුරට වාසනාව සහ පද්ධතියේ වේගය මතත් බලපාන ක්‍රියාවලියක් බව තේරුම්ගන්න ඕනේ. 🎯

⚠️ අයදුම් කරන හැමෝටම Nulla Osta ලැබෙන්නේ නැහැ.

Nulla Osta කියන්නේ ඉතාලියේ රැකියා සඳහා විදේශික සේවකයෙකු ගෙන්වා ගැනීමට අදාළ අවසරයයි.

⸻

📊 කෝටා ක්‍රමය කොහොමද වැඩ කරන්නේ?

ඉතාලියට පැමිණීමට අවශ්‍ය සියලුම අයදුම්කරුවන්ට එකම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

රැකියා කාණ්ඩ සහ විවිධ ප්‍රදේශ අනුව කෝටා වෙන්කිරීම් සිදු වෙනවා. 📑

උදාහරණයක් විදිහට,

📍 එක් ප්‍රදේශයකට කෝටා 500ක් ලැබෙද්දී,
📍 තවත් ප්‍රදේශයකට ඊට වඩා අඩු ප්‍රමාණයක් හෝ කිසිදු කෝටාවක් නොලැබෙන අවස්ථාවක් තිබිය හැකියි.

ඒ නිසා,

❌ “මේ පළාතට කෝටා වැඩියි” කියලා කලින්ම නිශ්චිතව දැනගෙන ඒ ප්‍රදේශය තෝරාගන්න ක්‍රමයක් නැහැ.

මෙම කෝටා ප්‍රමාණයන් පිළිබඳ නිශ්චිත තොරතුරු Click Day එක අවසන් වී මාස කිහිපයකට පසුව ප්‍රසිද්ධ විය හැකියි.

⸻

🇱🇰 ලංකාවේ ඉන්න කෙනෙක්ට Sponsor කරන්න පුළුවන්ද?

මේක ගැනත් බොහෝ දෙනෙක්ට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. 🤔

🇮🇹 2025 වසර වන විට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට වඩා ජීවත් වෙනවා.

එහෙනම්…

🇱🇰 ලංකාවේ ඉන්න කෙනෙක්ව 🇮🇹 ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකුට රැකියාවක් සඳහා ගෙන්වා ගන්න පුළුවන්ද?

👉 ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්! ✅

නමුත් ඒ සඳහා නීතිමය සුදුසුකම් සහ නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුයි.

ඒ ගැන සම්පූර්ණ විස්තරය, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ සිටින කෙනෙක්ව රැකියාවක් සඳහා ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සහ පියවරෙන් පියවර ක්‍රියාපටිපාටිය මීළඟ ලිපියෙන් කතා කරමු. 🇮🇹🇱🇰

❤️ මේ වගේ ඉතාලි වීසා, රැකියා සහ ඉතාලියේ ජීවිතයට වැදගත් අලුත්ම තොරතුරු දැනගන්න අපේ එකවුන්ට් එක Follow කරලා තියාගන්න.

📌 මෙය ඔබට වැදගත් නම්, ඉතාලියට එන්න බලාගෙන ඉන්න කෙනෙකුටත් Share කරන්න! 🇮🇹❤️

🇮🇹 ඉතාලි වීසා 2027 වලට අයදුම් කරන්නෙ මෙහෙමයි.🚨 ඉතාලි එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට තවත් සුබ ආරංචියක්!2027 වර්ෂය සඳහා ඉතා...
05/10/2026

🇮🇹 ඉතාලි වීසා 2027 වලට අයදුම් කරන්නෙ මෙහෙමයි.

🚨 ඉතාලි එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට තවත් සුබ ආරංචියක්!

2027 වර්ෂය සඳහා ඉතාලියට රැකියා සඳහා ඇතුළුවීමට 165,850ක විශාල quota එකක් ඉතාලි රජය වෙන් කරලා තියෙනවා. 🇮🇹

හැබැයි මේ 165,850ම එකම වර්ගයේ රැකියා සඳහා නෙවෙයි.

මේ quota එකේ සෘතු රැකියා, සාමාන්‍ය/Non-seasonal රැකියා සහ ගෘහ සේවා වැනි රැකියා සඳහා වෙන වෙනම කොටස් තියෙනවා.

ඒ නිසා 2027දී ඉතාලියට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, තමන්ට අදාළ කාණ්ඩය මොකක්ද කියලා හරියටම දැනගෙන ඉන්න එක වැදගත්.

👇 එහෙනම් මේ quota එක කොහොමද බෙදෙන්නේ?

━━━━━━━━━━━━━━

🟢 1️⃣ සෘතු වීසා – කෘෂිකාර්මික රැකියා

🌾 වගා කටයුතු, අස්වනු නෙළීම වැනි කෘෂිකාර්මික ක්ෂේත්‍රවල Seasonal රැකියා සඳහා 2027දී විශාල quota එකක් වෙන් කරලා තියෙනවා.

මෙය සෘතු රැකියා සඳහා වෙන් කර ඇති 89,000ක මුළු quota එකේ කොටසක්.

ඒ කියන්නේ කෘෂිකාර්මික Seasonal රැකියා සඳහා වෙනම අවස්ථා තිබෙනවා.

━━━━━━━━━━━━━━

🏨 2️⃣ සෘතු වීසා – සංචාරක / හෝටල් ක්ෂේත්‍රය

කෘෂිකර්මාන්තයට අමතරව Tourism / Hospitality ක්ෂේත්‍රයේ Seasonal රැකියාත් මේ quota එකට ඇතුළත්.

🏨 හෝටල්
🍽️ ආපනශාලා
☕ සංචාරක සේවා
🏖️ සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියා

වැනි ක්ෂේත්‍රවල සෘතු රැකියා මේ යටතට එනවා.

🌾🏨 කෘෂිකාර්මික + සංචාරක Seasonal රැකියා සඳහා 2027 මුළු quota එක 89,000යි. (Prefettura)

━━━━━━━━━━━━━━

🔵 3️⃣ ස්පොන්සර් වීසා – සාමාන්‍ය රැකියා

මේක තමයි බොහෝ දෙනෙක් “ස්පොන්සර් වීසා” කියලා සාමාන්‍යයෙන් හඳුන්වන කොටස.

2027දී Non-seasonal රැකියා සඳහා 76,200ක quota එකක් වෙන් කරලා තියෙනවා.

මේකට,

🏗️ ඉදිකිරීම්
🏭 කර්මාන්ත
🚛 ප්‍රවාහන හා Logistics
🛒 වෙළඳාම
🍝 ආහාර නිෂ්පාදන
🏨 හෝටල් හා ආහාර සේවා
🔧 විවිධ සේවා ක්ෂේත්‍ර

වැනි රැකියා ගණනාවක් ඇතුළත් වෙනවා. (Prefettura)

🇱🇰 ශ්‍රී ලාංකිකයන්ටත් මේ කොටස විශේෂයෙන් වැදගත්.

ශ්‍රී ලංකාව ඇතුළු නම් කර ඇති රටවල් සඳහා Non-seasonal රැකියා quota එකක් වෙන් කරලා තියෙනවා.

⚠️ හැබැයි රටවල් සමූහයකට වෙන් කර ඇති quota එක ශ්‍රී ලංකාවට පමණක් ලැබෙන quota එකක් කියලා තේරුම් ගන්න එපා.

━━━━━━━━━━━━━━

👵 4️⃣ ගෘහ සේවා / වැඩිහිටියන් බලාගැනීම

මේකත් බොහෝ දෙනෙක් විශේෂයෙන් බලාගෙන ඉන්න වැදගත්ම කොටසක්.

🏠 ගෘහ සේවය
👵 වැඩිහිටියන් බලාගැනීම
❤️ පවුල් සහාය / Care work

වැනි රැකියා සඳහා 2027දී 14,000ක quota එකක් Non-seasonal quota එක ඇතුළත වෙන් කරලා තියෙනවා.

ඒ කියන්නේ 76,200ක Non-seasonal quota එකෙන් 14,000ක් ගෘහ/පවුල් සහාය අංශය සඳහා වෙන් කරලා තියෙනවා. (Prefettura)

මේක නිසා ගෘහ සේවය හෝ වැඩිහිටියන් බලාගැනීමේ රැකියා හරහා ඉතාලියට එන්න බලාගෙන ඉන්න අයටත් මේ කොටස විශේෂයෙන් වැදගත්.

━━━━━━━━━━━━━━

📊 එහෙනම් 2027 මුළු quota එක සරලව බලමු.

🇮🇹 මුළු quota – 165,850

🔵 ස්පොන්සර් / Non-seasonal – 76,200

👵 එයින් ගෘහ සේවා / වැඩිහිටි සත්කාර – 14,000

🟢 සෘතු රැකියා – 89,000

🌾 කෘෂිකාර්මික
🏨 සංචාරක

👉 76,200 + 89,000 = 165,200

මෙතන ඉතිරි 650ක් ස්වයං රැකියා සඳහා වෙන් කරලා තියෙනවා. නමුත් මේ ලිපියේ අපි අවධානය යොමු කරන්නේ රැකියා සඳහා අදාළ ප්‍රධාන කොටස් සහ ගෘහ සේවා quota එකටයි. (Prefettura)

━━━━━━━━━━━━━━

📅 එතකොට Application එක පුරවන්නෙ කවද්ද?

ඉතාලි රජයේ ක්‍රමයට අනුව 2026 ඔක්තෝබර් 23 උදේ 9.00 සිට දෙසැම්බර් 7 රාත්‍රී 8.00 දක්වා 2027 සඳහා application එක system එකේ pre-compilation කරලා සූදානම් කරගන්න පුළුවන්.

මේ කාලය තමයි සේවායෝජකයා හොයාගන්න, රැකියාවට අදාළ තොරතුරු සහ අවශ්‍ය ලේඛන සූදානම් කරගන්න වැදගත් කාලය. (Ministero dell’Interno)

⚠️ හැබැයි මේකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් ඔක්තෝබර් 23 දා තමන්ගේ නමින් ඉතාලි වීසා එකක් apply කරනවා කියන එක නෙවෙයි.

මෙය අදාළ සේවායෝජකයා විසින් worker වෙනුවෙන් application එක සූදානම් කරන ක්‍රියාවලියයි.

━━━━━━━━━━━━━━

⏰ 2027 Click Day දවස් මෙන්න!

🌾 ජනවාරි 12
සෘතු කෘෂිකාර්මික රැකියා

🏨 පෙබරවාරි 09
සෘතු සංචාරක රැකියා

🔵 පෙබරවාරි 16
Non-seasonal / ස්පොන්සර් රැකියා

👵 පෙබරවාරි 18
ගෘහ සේවා / වැඩිහිටියන් බලාගැනීම

මෙම Click Day calendar එක 2026–2028 වැඩසටහන සඳහා කලින්ම නියම කරලා තියෙනවා. (Ministero dell’Interno)

━━━━━━━━━━━━━━

🟥 ඒ නිසා මේ නීතියට අයදුම් කරනවා නම් දැන්ම සූදානම් වෙන්න!

✅ සේවායෝජකයෙක් හොයාගන්න
✅ ඔබට අදාළ රැකියා කාණ්ඩය හඳුනාගන්න
✅ අවශ්‍ය ලේඛන සූදානම් කරගන්න
✅ Application එක නිවැරදිව pre-compile කරලා තියාගන්න

Click Day එකෙන් පසුවත් අදාළ කාලසීමාව තුළ applications ඉදිරිපත් කළ හැකි වුණත්, ඒ වනවිට අදාළ quota එකේ ඉඩ තිබීම වැදගත්.

━━━━━━━━━━━━━━

🛑 අන්තිමට කියන්න තියෙන්නේ — රැවටෙන්න නම් එපා!

“අනිවාර්යයෙන්ම වීසා අරන් දෙනවා.”

“100% ශුවර්.”

“ඔයාගේ quota එක confirm කරලා තියෙන්නේ.”

වගේ කතා කියලා ලක්ෂ ගණන් සල්ලි ඉල්ලන අයට අහුවෙන්න එපා.

Quota එකක් තිබුණා කියලා අනිවාර්යයෙන්ම වීසා ලැබෙනවා කියන එකක් නෙවෙයි.

ව්‍යාජ sponsorලා පෙන්නලා, බොරු employment documents හදලා හෝ ව්‍යාජ ලියකියවිලි භාවිතා කරලා මේ ක්‍රියාවලියට යන්නත් එපා.

🇮🇹 සේවායෝජකයෙක් හොයාගන්න විදිය, ලංකාවේ ඉඳන් මේකට සූදානම් වෙන්නේ කොහොමද, සහ මේ process එකේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා ඉදිරි ලිපියෙන් පැහැදිලිව කියන්නම්.

අලුත්ම විස්තරේ දාපු ගමන් බලන්න Account එක Follow කරලා තියාගන්න. ❤️🇮🇹

විස්තරය හොඳයි නම් ඉතාලි එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට Share කරන්න.

උපුටා ගැනීමකි.

මේව්නේ කතා.....
05/10/2026

මේව්නේ කතා.....

දන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්ශන් කරන්න
29/09/2026

දන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්ශන් කරන්න

🇱🇰 ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී 🇮🇹ඉතාලී තරුණියක් මියයයි..!!👇👇27 හැවිරිදි Valentina Stragliotto ශ්‍රී ලංකාවේ නිවාඩු...
27/09/2026

🇱🇰 ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී 🇮🇹ඉතාලී තරුණියක් මියයයි..!!👇👇

27 හැවිරිදි Valentina Stragliotto ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නාය. ඉතාලියේ Bassano del Grappa (vicenza)ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සහ එංගලන්තයේ ජීවත් වූ ඇය,
ඇල්ල ප්‍රදේශයේ දිය ඇල්ලකින් පහළට ඇද වැටීමෙන් පසු සැප්තැම්බර් 24 වන දින මිය ගියාය.
ලාංකීක පොලිසිය නිකුත් කළ මූලික වාර්තාවලට අනුව, ඡායාරූප ගනිමින් සිටියදී ඇය ලිස්සා ගොස් මීටර් 30කට වඩා වැඩි උසකින් පහළට ඇද වැටී ඇත.
ඇයව බේරාගෙන දෙමෝදර රෝහල වෙත රැගෙන ගිය නමුත්, රෝහලට ඇතුළත් කිරීමෙන් සුළු වේලාවකට පසු ඇය මිය ගියාය.....!!
@සුරංග 🇮🇹🙏🇱🇰verona

මේ වගේ ගො +බ්බ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා.යල් පැනගිය අදහස් පාරම්පරික මතවාද ඔලුවේ තියාගෙන ඉන්න 🐂 ක්.
23/09/2026

මේ වගේ ගො +බ්බ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා.

යල් පැනගිය අදහස් පාරම්පරික මතවාද ඔලුවේ තියාගෙන ඉන්න 🐂 ක්.

🇮🇹 ඉතාලි පුරවැසිභාවය ගන්න ගිය කාන්තාවකට අවසන් මොහොතේ වුණු දේ! 😲පුරවැසිභාවය ලබාගැනීමේ අවසන් පියවර විදිහට නගර සභාවේදී දිවු...
22/09/2026

🇮🇹 ඉතාලි පුරවැසිභාවය ගන්න ගිය කාන්තාවකට අවසන් මොහොතේ වුණු දේ! 😲

පුරවැසිභාවය ලබාගැනීමේ අවසන් පියවර විදිහට නගර සභාවේදී දිවුරුම් දෙන්න ගිය කාන්තාවකට, හරියටම ඒ දිවුරුම් දෙන දවසේදීම පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරපු පුවතක් ඉතාලියේ Padua හි Cadoneghe ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ තීරණය අරගෙන තියෙන්නේ Cadoneghe නගරාධිපති Marco Schiesaro විසිනුයි.

ඇයට අවසන් මොහොතේ පුරවැසිභාවය අහිමි වුණේ ඇයි? 🤷‍♂️
නගරාධිපතිවරයා පවසන පරිදි ඊට හේතුව වෙලා තියෙන්නේ "ඇයට ඉතාලි භාෂාව නොතේරීමයි" ("Non capisce l'italiano").

ඉතාලියේ ජීවත් වෙන අපිටත් භාෂාව ගැන සැලකිලිමත් වීම කොයි තරම් වැදගත්ද කියන්න මේක කදිම උදාහරණයක් නේද?

මේ තීරණය ගැන ඔයාගේ අදහස මොකක්ද? පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇

🇮🇹 මෙලෝනිගේ අලුත් පාසල් නීතිය… ලංකාවේ පවුල්වලටත් බලපායිද?ඉතාලියේ පාසල් සම්බන්ධයෙන් Giorgia Meloni විසින් ඉදිරියේදී නව නී...
22/09/2026

🇮🇹 මෙලෝනිගේ අලුත් පාසල් නීතිය… ලංකාවේ පවුල්වලටත් බලපායිද?

ඉතාලියේ පාසල් සම්බන්ධයෙන් Giorgia Meloni විසින් ඉදිරියේදී නව නීතිමය පියවරක් ගෙන ඒමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා.

📚 එහි ප්‍රධාන යෝජනා කිහිපයක් වන්නේ,

🔹 එක් පන්තියක සිටිය හැකි විදේශීය සිසුන් සංඛ්‍යාවට උපරිම සීමාවක් හඳුන්වාදීම.

(ලංකාවේ අයත් මේ ගැන නොදැනුවත්ව මේකට හොඳයි කියලත් තිබ්බා. ඒත් මේ ප්‍රශ්නය ඉදිරියේ ඉතාලියේ දරුවන් පාසල් අධ්‍යාපනය සදහ දරුවන් යොමු කරන ලංකාවේ අපිටත් බලපානවා. මොකද අපිත් විදේශිකයින්. )

🔹 පාසල් පරිසරයට බරපතළ ලෙස ඇතුළත් වීමේ ගැටලු ඇති විදේශීය සිසුන්ගේ දෙමාපියන්ට ඉතාලි භාෂාව ඉගෙන ගැනීමේ වගකීමක් පැවරීම.

🔹 පාසල් තුළ Burqa සහ Niqab වැනි මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරන ඇඳුම් තහනම් කිරීමේ නීතියක් ගෙන ඒම. Meloni පවසා ඇත්තේ පාසලේදී මුහුණ විවෘතව සිටිය යුතු බවයි.

🇱🇰 එතකොට ලංකාවේ පවුල්වලට මොකද වෙන්නේ?

උදාහරණයක් විදිහට, ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික පවුලක් තමන් ජීවත් වන ප්‍රදේශයේ පාසලකට තම දරුවා ඇතුළත් කිරීමට ගියා කියලා හිතමු.

එම ප්‍රදේශයේ පාසලක දැනටමත් නව නීතියෙන් නියම කරන විදේශීය සිසුන්ගේ උපරිම සීමාව ඉක්මවා තිබුණොත්,

➡️ දරුවාට ළඟම පාසල වෙනුවට වෙනත් පාසලක් සොයාගැනීමට සිදුවෙයිද?

➡️ වෙනත් ප්‍රදේශයක පාසලකට දරුවාව යැවීමට සිදුවෙයිද?

➡️ දුර වැඩි වුණොත් දිනපතා ප්‍රවාහන ගැටලු ඇතිවෙයිද?

➡️ එකම ප්‍රදේශයක විදේශීය පවුල් විශාල සංඛ්‍යාවක් සිටින විට ඒ දරුවන් බෙදාහරින්නේ කොහොමද?

මේවා තවමත් පැහැදිලි පිළිතුරක් නැති ප්‍රශ්න.

ඇත්තටම ඉතාලි පාසල් ප්‍රධානීන්ගෙන්ද මේ ගැන ප්‍රායෝගික ගැටලු මතු වී තිබෙනවා. විදේශීය පවුල් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක පාසලකට එන දරුවන් සීමා කරන්නේ කොහොමද යන්න පිළිබඳ ප්‍රශ්න මතු වී තිබෙනවා.

⚠️ හැබැයි වැදගත් කරුණක්:

දැනට මේවා Meloni විසින් ප්‍රකාශයට පත් කළ ඉදිරි නීතිමය පියවරයන් පමණයි. අවසන් නීතියේ නිශ්චිත සීමාව, ක්‍රියාත්මක කරන ආකාරය සහ පාසලක සීමාව ඉක්මවූ විට සිසුන්ට සිදුවන දේ තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි නැහැ.

ඒ නිසා “විදේශීය දරුවන් අනිවාර්යයෙන්ම වෙනත් නගරවලට යවනු ඇත” කියලා මේ අවස්ථාවේ කියන්න බැහැ.

ඉදිරියේදී වැදගත්ම වෙන්නේ,

📌 පන්තියකට විදේශීය සිසුන්ගේ සීමාව කොපමණද?
📌 සීමාව ඉක්මවූ විට දරුවන් බෙදාහරින්නේ කොහොමද?
📌 ළඟම පාසලේ ඉඩ නොමැති වුණොත් ඇතිවන ක්‍රමවේදය මොකක්ද?
📌 Burqa/Niqab තහනම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කියන කරුණුයි.

🇮🇹🇱🇰 මේ නීති ඉතාලියේ ජීවත් වන අපේ දරුවන්ට කොහොම බලපායිද?

ඔබේ අදහසත් කියන්න. 👇

උපුටා ගැනීමකි.

Indirizzo

Milan

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Ciao Bro pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Ciao Bro:

Scelte rapide

Condividi