Ciao Bro

Ciao Bro Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Ciao Bro, Milan.

🚗 වැඩකාරයන්ට පමනයි!Doppio senso පාරක යනකොට ඔයාට මේ Segnale එක දකින්න ලැබෙනවා. මේ අවස්ථාවේදී ඔයාට ඉස්සර කරන්න පුළුවන් මොන...
25/08/2026

🚗 වැඩකාරයන්ට පමනයි!

Doppio senso පාරක යනකොට ඔයාට මේ Segnale එක දකින්න ලැබෙනවා. මේ අවස්ථාවේදී ඔයාට ඉස්සර කරන්න පුළුවන් මොන වගේ වාහන වලටද? 🤔

බලමු හරියටම දන්න අය කවුද කියලා! පහත පිළිතුරු වලින් නිවැරදි පිළිතුර/පිළිතුරු කමෙන්ට් කරන්න 👇

A) වෙනත් මෝටර් රථයකට (Car) 🚗
B)පාපැදියකට (Bicycle) 🚲
C) රෝද දෙකේ යතුරුපැදියකට (Motorcycle) 🏍️
D) කෘෂිකාර්මික වාහනයකට (Tractor) 🚜

ඔබේ පිළිතුර පහළින් Comment කරන්න!

කවුරුහරි ඔබේ ඔළුවට දාපු අදහසකට ඔබත් රැවටිලාද? 💧🤔ඔබ බොන්නේ පයිප්ප වතුරද, නැත්නම් බෝතල් කළ වතුරද? කවුරුහරි ඇහුවොත් පයිප්ප ...
24/08/2026

කවුරුහරි ඔබේ ඔළුවට දාපු අදහසකට ඔබත් රැවටිලාද? 💧🤔

ඔබ බොන්නේ පයිප්ප වතුරද, නැත්නම් බෝතල් කළ වතුරද? කවුරුහරි ඇහුවොත් පයිප්ප වතුර බොන එක ගැන අපිට පොඩි ලැජ්ජාවක් දැනෙනවා නේද? හැබැයි මේ අදහස ඇත්තටම අපේ ඔළුවට ආවේ කොහොමද කියලා කවදාහරි හිතලා තියෙනවාද?

1977 වර්ෂය වෙනකල්ම ඇමරිකාවේ මිනිස්සු බිව්වේ පයිප්ප වතුර. ඒක නොමිලේ ලැබුණා වගේම හැම ගෙදරකම තිබුණා. බෝතල් කළ වතුර කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි දෙයක්. හැබැයි මේ වෙලාවේ ප්‍රංශ සමාගමක් ඇමරිකාවට එනවා එයාලගේ වතුර බෝතල් විකුණන්න. එයාලට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ තමයි "මිනිස්සුන්ට නොමිලේ ලැබෙන දෙයක් සල්ලි දීලා ගන්නේ ඇයි?" කියන එක.

මේකට එයාලා අපූරු උපක්‍රමයක් පාවිච්චි කළා. ජනප්‍රිය නළු නිළියන් යොදාගෙන, රූපවාහිනියේ සහ පත්තරවල ලොකු ප්‍රචාරණ ව්‍යාපාරයක් පටන් ගත්තා. එයාලා ප්‍රධාන අදහස් දෙකක් මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා. පළවෙනි එක තමයි පයිප්ප වතුර එන්නේ පරණ බටවලින්, ඒවගේ ක්ලෝරීන් රහයි, ඒක සැක සහිතයි කියන එක. දෙවෙනි එක තමයි පයිප්ප වතුර බොන්නේ දුප්පත් මිනිස්සු කියන එක. වතුර බෝතලයක් අතේ තියාගෙන ඉන්න එක සාර්ථකත්වයේ සහ වැදගත්කමේ සංකේතයක් විදියට එයාලා සමාජයට පෙන්නුවා.

මේ වෙළඳ උපක්‍රමය කොච්චර සාර්ථක වුණාද කිව්වොත් අවුරුදු පහක් ඇතුළත වතුර බෝතල් මිලියන 3 ඉඳන් මිලියන 200 දක්වා විකිණෙන්න ගත්තා. ලෝකේ ඉන්න අනිත් දැවැන්ත සමාගම් පවා මේ උපක්‍රමය කොපි කළා. 2000 අවුරුද්ද වෙනකොට එක සමාගමක ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේම කිව්වා "අපි මේ වැඩේ ඉවර කරද්දී, පයිප්ප වතුර පාවිච්චි කරන්නේ පිඟන් හෝදන්න විතරයි" කියලා. හැබැයි අන්තිමට ඇත්ත එළියට ආවා. ලෝකේ වැඩියෙන්ම විකිණෙන ගොඩක් බෝතල් වතුර සමාගම් කරලා තියෙන්නේ, පයිප්ප වතුරම ෆිල්ටර් කරලා, ලස්සන ලේබලයක් ගහලා 1000 ගුණයක් ගණන් වැඩියෙන් අපිටම විකුණන එකයි!

යුරෝපයේ හොඳම සහ පිරිසිදුම පයිප්ප වතුර තියෙන ඉතාලිය වගේ රටවල් පවා අද වෙද්දි වැඩියෙන්ම බෝතල් වතුර බොන රටවල් බවට පත්වෙලා තියෙනවා. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. අපි ගන්න ගොඩක් තීරණ, අපේම තීරණ නෙවෙයි. කවුරුහරි ව්‍යාපාරිකයෙක් අපේ ඔළුවට දාපු අදහසක් වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ වතාවේ මොනවා හරි දෙයක් මිලදී ගනිද්දී පොඩ්ඩක් හිතලා බලන්න, මේක ඇත්තටම මට ඕන දෙයක්ද, නැත්නම් වෙන කවුරුහරි මගේ ඔළුවට දාපු අදහසක්ද කියලා!

ඔබත් මේ වගේ වෙනත් අයගේ වෙළඳ උපක්‍රමවලට රැවටුණු අවස්ථා ගැන අත්දැකීම් තියෙනවාද?

හදිසි වැඩකට ඕනා වෙලා තියෙනවා.
21/08/2026

හදිසි වැඩකට ඕනා වෙලා තියෙනවා.

21/08/2026

ඉතාලියේ නාන්න සුපිරි ප්ලේස් තියෙනවා.
පීනන්න දන්නෙ නැති නිසා යන්න විදියක් නෑ.😕😕

20/08/2026

නන්දා මාලනියට ඇගේ අවසන් දින කිහිපය තුළ අපහාසකළ අම|නුස්සයිනි, ඇය කොතරම් සිත් වේදනාවකට පත්වන්නට ඇතිදැයි සිතන්න.

එන්නත් නොකිරීමේ ඛේදනීය ප්‍රතිඵලය: Palermo හිදී සිව් හැවිරිදි දැරියක් ඩිප්තීරියා සැකය මත ජීවිතක්ෂයටඉතාලියේ Palermo නුවරින...
20/08/2026

එන්නත් නොකිරීමේ ඛේදනීය ප්‍රතිඵලය: Palermo හිදී සිව් හැවිරිදි දැරියක් ඩිප්තීරියා සැකය මත ජීවිතක්ෂයට

ඉතාලියේ Palermo නුවරින් අතිශය සංවේදී මෙන්ම අනතුරුදායක පූර්වාදර්ශයක් සපයන ඛේදනීය පුවතක් වාර්තා වේ. ඒ, ඩිප්තීරියා (Diphtheria) රෝගය වැළඳුණු බවට සැක කෙරෙන සිව් හැවිරිදි දැරියක් Palermo හි Ospedale Civico රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.

බරපතළ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති අතර, වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය උපත ලැබූ අවස්ථාවේ සිටම කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොදීමට ඇගේ දෙමව්පියන් තීරණය කර තිබූ බවයි.

නූතන වෛද්‍ය විද්‍යාවේ එන්නත්කරණය නිසා ලොව පුරා සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර තිබූ ඩිප්තීරියා වැනි මාරාන්තික රෝගයක් හේතුවෙන් මෙවැනි අකල් මරණයක් සිදුවීම මුළු මහත් ඉතාලි සෞඛ්‍ය අංශයම දැඩි කම්පනයට පත් කර තිබේ. දරුවන්ට කුඩා කල ලබාදෙන මූලික එන්නත් මඟහැරීම කෙතරම් බරපතළ ජීවිත අවදානමක්ද යන්න මෙම සිදුවීම මඟින් යළිත් වරක් සමාජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.

දැරියගේ මරණයට හේතුව ඩිප්තීරියා බැක්ටීරියාවම දැයි නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මේ වන විටත් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.

19/08/2026

Caption එකේ ඇත්ත කියලා තියෙන්නේ . තැන ඇදල නෑ තාම. අලුත රට ගිය උන් වගෙ. Indian කාරයොත් ඔහොම තාම. 🤣🤣

කොල්ලො වුනාම ආතල් ගන්න ඕනා තමයි.ඒත් ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ?🇮🇹 ඉතාලියේ Trenitalia  නීති අනුව, ට්‍රේන් එකේදී ජංගම දුරකථන...
17/08/2026

කොල්ලො වුනාම ආතල් ගන්න ඕනා තමයි.

ඒත් ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ?

🇮🇹 ඉතාලියේ Trenitalia නීති අනුව, ට්‍රේන් එකේදී ජංගම දුරකථන, Smartphone, Tablet වැනි electronic devices භාවිතයෙන් හෝ උස් හඬින් කතා කිරීමෙන් අනෙක් මගීන්ට කරදරයක් කිරීම තහනම් කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.

ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයෝ විදිහට අපිට තියෙන ලොකු වගකීමක් තමයි අපේ ආතල් එකෙන් අපේ රටේ නමට කැළලක් නොවෙන්න බලන එක. 🇱🇰❤️🇮🇹

ආතල් ගන්න එක නවත්තන්න ඕන නෑ…
ආතල් ගන්න තැන තෝරගන්න ඉගෙන ගන්න ඕන! 😎

මේක දන්නේ Magazzino වල වැඩ කරන කොල්ලො කෙල්ලො විතරයි.Magazzino වැඩ කරනවා කියන්නෙම මාරම කට්ටක්.හැබැයි ඒ වැඩ කරලා මාසේ අන්ත...
17/08/2026

මේක දන්නේ Magazzino වල වැඩ කරන කොල්ලො කෙල්ලො විතරයි.

Magazzino වැඩ කරනවා කියන්නෙම මාරම කට්ටක්.
හැබැයි ඒ වැඩ කරලා මාසේ අන්තිමට යූරෝ 2000 ක් වත් එයි කියලා හිතුවට TFR / INPS වලට යූරෝ 500ක් 600 කැපෙද්දි කොහොමද?

අපේ මහන්සිය ඔක්කොම රජයට දන් දීලා බලාගන්න වෙනවා.

කෝ බලන්න මේ දුක තේරෙන Magazzino කොල්ලෝ සෙට් එක? 😅👇

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ciao Bro pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Ciao Bro:

Scelte rapide

Condividi