20/08/2026
🍂🐇🥮හොංකොං සංචාරක මණ්ඩලයේ පළමු ජාත්‍යන්තර මිඩ් ඕටම් පහන් කූඩු සැණකෙළියට ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහභාගී වේ🥮🐇🍂
*ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය*, හොංකොං සංචාරක මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මිඩ් ඕටම් පහන් කූඩු සැණකෙළියට සහභාගී වන බව සතුටින් දැනුම් දෙමු. මෙම උත්සවය *2026 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා* Causeway Bay හි Victoria Park හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන්,ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයින් පසුගිය දින කිහිපය තුළ මෙම විශේෂ සංස්කෘතික සැමරුම සඳහා *පහන් කූඩු 200ක්* එකලස් කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.
කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ මෙම කාර්යය සම්පූර්ණ කිරීමට අපට තවමත් ස්වේච්ඡා සේවකයින්ගේ සහාය අවශ්‍ය වී ඇත. එබැවින්, පහන් කූඩු එකලස් කිරීමේ කටයුතු සඳහා තවත් සහාය දැක්වීමට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.
මෙය *ශ්‍රී ලංකාවේ 🇱🇰*සම්ප්‍රදායන්, සංස්කෘතික වටිනාකම් සහ චාරිත්‍ර ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට ලැබෙන වටිනා අවස්ථාවකි. ඔබගේ කාලය සහ සහයෝගය, මෙම ඓතිහාසික අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සාර්ථක කර ගැනීමට මහත් දායකත්වයක් සපයනු ඇත.
පහන් කූඩු එකලස් කිරීමේ විස්තර:
*ස්ථානය:*
Ceylon Farm Village, Sheung Shui
*දිනය සහ වේලාව:*
දිනපතා පෙ.ව. *10:00 සිට ප.ව. 7:00 දක්වා*
*අගෝස්තු 27, බ්‍රහස්පතින්දා* දක්වා
මෙම වටිනා කාර්යයට සහයෝගය දැක්වීමට සියලුම ප්‍රජා සාමාජිකයින්, මිතුරන් සහ සුභපතන්නන්ට අපි ආදරයෙන් ආරාධනා කරමු.
එක්ව, ශ්‍රී ලංකාව අභිමානයෙන් නියෝජනය කරමින්, එකමුතුකම, සංස්කෘතිය සහ මිත්‍රත්වය සැමරෙන මෙම සුන්දර උත්සවය සාර්ථක කරමු.
කරුණාකර අප හා එක්වී මෙම උත්සවය සාර්ථක කර ගැනීමට ඔබගේ සහය ලබා දෙන්න! වැඩි විස්තර සදහා 7073 1600/ 9059 4636 අමතන්න.
🍂🐇🥮Sri Lankan Buddhist Cultural Centre to Participate in Hong Kong Tourism Board’s First-Ever International Mid-Autumn Lantern Carnival🍂🐇🥮
We are pleased to share that the *Sri Lankan Buddhist Cultural Centre* will be participating in the upcoming Hong Kong Tourism Board’s first-ever International Mid-Autumn Lantern Carnival to be held from *19 September to 4 October 2026* at *Victoria Park, Causeway Bay*.
As part of Sri Lanka’s participation, volunteers at the Sri Lankan Buddhist Cultural Centre have been working tirelessly over the past few days to assemble *200 lanterns* for this special cultural celebration.
However, we are still short of volunteers to meet the deadline, and we warmly request more helping hands to join us in assembling the lanterns.
This is a meaningful opportunity to showcase the rich cultural traditions, values, and practices of Sri Lanka 🇱🇰 on an international platform. Your time and support will help make Sri Lanka’s presence at this historic event a success.
Lantern Assembly Details:
*Location:*
Ceylon Farm Village, Sheung Shui
*Date & Time:*
Every day from *10:00 AM to 7:00 PM*
Until *Thursday, 27 August*
We sincerely invite all community members, friends, and well-wishers to come forward and support this worthy cause.
Together, let us proudly represent Sri Lanka and contribute to a beautiful celebration of unity, culture, and friendship.
*Please join us and help make this event a great success!* Contact 7073 1600 or 9059 4636 for further details.