"ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා" යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින... පොල්ගහවෙල වඩුවාවේ දී...
මිහිඳු මහරහතන් වහන්සේ විසින් මින් වසර දෙදහස් තුන්සිය ගණනකට පෙර අනුරාධපුර මහමෙව්නා උයනේදී අපගේ ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුද්ධ සාසනය ස්ථාපිත කරන ලදී. ඒ ගෞතම බුදු සසුනේ සුන්දර පණිවිඩය ලොව පුරා පැතිරවීම ඉලක්ක කොටගෙන ය මෙම ආයතනයට “මහමෙව්නාව” යන නම තබන ලද්දේ. අසපුව යනු ආරාම යන පාළි වචනයෙහි සිංහල අර්ථය යි. ආශ්‍රම යනු එහි ම සංස්කෘත වචනය යි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ දඹදිව තිබූ ජේතවනාරාමය, වේළුවනාරාමය සිංහලෙන් ජේතවන අසපුව, වේළුවන අසපුව යනුවෙන් හැඳින්විය හැක. ‘අසපුව, ආරාමය, ආශ්‍රමය’ යනු සිල්වතුන් ගුණවතුන් වසන තැන යන යන්න ය. මෙකී සියලු අර්ථ සලකා මෙම ආයතනය “මහමෙව්නාව භාවනා අසපුව” යනුවෙන් හඳුන්වනු ලැබේ. "මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්‍යාණමිත්‍රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!"
- මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ-
මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය
https://mahamevnawa.lk/about-us/