09/08/2026
Remembering and recollecting our vision and the mission of Sri Lanka Ranga Kala Kavaya, USA
Very few Sri Lankans envisioned founding a Sri Lankan cultural organization for the benefit of the expatriate Sri Lankan community living in the D.C. metro area as far back as 1982.
The legacy of Sri Lanka Ranga Kala Kavaya begins with the dreams and longing of one art-loving individual who lived in Falls Church, Virginia. It was none other than Mr. Rohana Senaratne who anticipated forming a cultural organization exclusively to promote Sri Lankan culture among expatriate Sri Lankans and Americans living in the Greater Washington, D.C., metro area.
However, it is not clear exactly when this pioneering group was created. Some believe it was 1982, and others think it was 1984. We know it was established as a legal entity in 1990. This aesthetically enthusiastic, energetic cultural group, formed by Mr. Rohana Senaratne, later evolved into a nonprofit organization now known as Sri Lanka Ranga Kala Kavaya (SLRKK), USA. (https://www.rangakalakavayagw.com)
The new executive committee and the 2026 board of directors are striving to revive the cultural service Sri Lanka Ranga Kala Kavaya provides for future generations. I wanted to remind you of our vision and mission at this important time for our organization.
Thanks,
Geethanjana Kudaligamage
Secretary, Sri Lanka Ranga Kala Kavaya, USA
ශ්රී ලංකා රංග කලා කවයේ මුල් දැක්ම සහ මෙහෙවර සිහිපත් කරමින් (VISION and MISSION)
1982 තරම් ඈත කාලයකදී, වොෂිංටන් ඩී.සී. නගර ප්රදේශයේ (D.C. Metro Area) ජීවත් වූ ශ්රී ලාංකික විදේශගත ප්රජාවගේ ප්රයෝජනය සඳහා ශ්රී ලාංකික සංස්කෘතික සංවිධානයක් පිහිටුවීමේ අවශ්යතාවය දුරදක්නා ලෙස සිතූ ශ්රී ලාංකිකයන් සිටියේ ඉතා සුළු පිරිසකි.
ශ්රී ලංකා රංග කලා කවයේ උරුමය ආරම්භ වන්නේ, වර්ජිනියා ප්රාන්තයේ ෆෝල්ස් චර්ච්හි (Falls Church) ජීවත් වූ, කලාවට දැඩි ඇල්මක් දැක්වූ එක් පුද්ගලයෙකුගේ සිහින සහ ආශාවන් සමඟිනි. විදේශගත ශ්රී ලාංකිකයන් අතර හා මහා ඩී.සී. නගර ප්රදේශයේ (Greater Washington D. C) ජීවත් වන ඇමරිකානුවන් අතර ශ්රී ලාංකික සංස්කෘතිය ප්රවර්ධනය කිරීම හා හුවමාරුව පිණිස විශේෂයෙන් කැප වූ සංස්කෘතික සංවිධානයක් පිහිටුවීමේ අදහස දුරදක්නා ලෙස සිතුවේ වෙනත් කිසිවකු නොව, රෝහණ සේනාරත්න මහතාය.
කෙසේ වෙතත්, මෙම පුරෝගාමී කණ්ඩායම පිහිටුවන ලද්දේ කුමන වර්ෂයේදීද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැත. ඇතැමුන් එය 1982 වර්ෂයේදී සිදු වූ බව විශ්වාස කරන අතර, තවත් සමහරු එය 1984 වර්ෂයේදී සිදු වූ බව සිතති. නමුත් ශ්රී ලංකා රංග කලා කවය නිත්යානුකූල සංස්කෘතික ආයතනයක් ලෙස පිහිටුවන්නේ 1990 බව අප දනිමු.
රෝහණ සේනාරත්න මහතා විසින් පිහිටුවන ලද, කලාව හා සෞන්දර්යය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ මෙම උද්යෝගිමත් හා ජවසම්පන්න සංස්කෘතික කණ්ඩායම, පසුව අද අපි ශ්රී ලංකා රංග කලා කවය (SLRKK) ලෙස හඳුන්වන ලාභ නොලබන සංවිධානය බවට පරිණාමය විය. (https://www.rangakalakavayagw.com)
මේ වසරේ, 2026 දී තෝරා පත්කරනා ලද විධායක කමිටුව සහ අධ්යක්ෂ මණ්ඩලය, මුල සිට අනාගත පරම්පරාවන් වෙනුවෙන් ශ්රී ලංකා රංග කලා කවය විසින් ඉටු කළ එම වටිනා සංස්කෘතික සේවාව පණගන්වා ප්රබෝධමත් කරමින් ඉදිරියට ගෙන යාමට ඉමහත් උත්සාහයක නිරතව සිටිති. ඒ අරභයා ඔබ සියල්ලන්ගේ සහාය හා ආධාරය අපට අවැසි බව ඉතා කාරුණිකව දන්වා සිටිමි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, අපගේ මුල් දැක්ම සහ මෙහෙවර නැවත ඔබට සිහිපත් කිරීමට මා අදහස් කළේ එබැවිනි.
The vision and mission statements of Sri Lanka Ranga Kalakavaya
Vision Statement:
"A vibrant, connected expatriate community of Sri Lanka that proudly preserves, celebrates, and passes its rich cultural heritage from generation to generation."
මුල් දැක්ම:
“පරම්පරාවෙන් පරම්පරාවට සිය පොහොසත් සංස්කෘතික උරුමය අභිමානයෙන් ආරක්ෂා කරමින්, එය ජීවමානව පවත්වාගෙන යමින් සහ ඉදිරි පරම්පරාවන් වෙත සම්ප්රේෂණය කරන, එකමුතුවෙන් හා ජීවයෙන් පිරි විදේශගත ශ්රී ලාංකික ප්රජාවක්.”
Mission Statement:
"Mining solids in the fluidity of culture""To serve as a cultural bridge between Sri Lankan diaspora and the local community through cultural festivals and other programs; to provide a warm and welcoming sense of home by celebrating our traditional festivals and nurturing and preserving our native cultural traditions and language; and to value, honor, and carry forward Sri Lanka's rich cultural heritage and artistic traditions to future generations through arts and the continued facilitation of cultural dialogues."
මෙහෙවර:
සංස්කෘතික උත්සව හා අනෙකුත් වැඩසටහන් ඔස්සේ විදේශගතවී ඇමරිකාවේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාව සහ දේශීය ප්රජාව අතර සංස්කෘතික සබැඳියාවක් ගොඩනඟන පාලමක් ලෙස කටයුතු කිරීම; අප අපගේ සැබෑ මව්බිමෙන් ඈත්ව ජීවත් වන අවස්ථාවක, අපගේ සාම්ප්රදායික උත්සව සැමරීම, අපගේ දේශීය සංස්කෘතිකාංග හා භාෂාව පෝෂණය කරමින් පවත්වාගෙන යාම හා ඒ තුළින් උණුසුම් සහ ආදරණීය නිවහනක අත්දැකීමක් ලබා දීම; ශ්රී ලාංකික සංස්කෘතිය අගය කරමින්, එහි කලා උරුමයන් සිහිපත් කරමින් හා ඒවා ඉදිරි පරම්පරාව වෙත ගෙන යමින්, පොදු කලා ප්රදර්ශන, සංස්කෘතික සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාම.
ස්තුතියි,
ගීතාංජන කුඩලිගමගේ
ලේඛම්, ශ්රී ලංකා රංග කලා කවය, අමෙරිකා එක්සත් ජනපදය