04/02/2021
✳️ ලංවිම සුරකිමු Hard Talk ✳️
නිවේදක මල්ලී - අද අපේ ලංවිම සුරකිමු Hard Talk වැඩසටහනට සහභාගී වන්නේ වි. සේවක සංගමයේ ලේකම් රන්ජන් මහතා
ආයුබෝවන් රන්ජන් මහත්මයා
රන්ජන් - ආයුබෝවන්
නිවේදක මල්ලී - අපි ඔබගෙන් ප්‍රශ්න 5 ක් අහනවා. හැබැයි කෙලින් උත්තර බලාපොරොත්තුවෙන්. ඔබ සුදානම් ද?
රන්ජන් - ඔව් සුදානම්. සත්තයි සහතිකයි.
නිවේදක මල්ලී - 1 වෙනි ප්‍රශ්නය - ඔබේ නම?
රන්ජන් - රන්ජන් ජයලාල්. ආදරයට කට්ටිය ගොන්ජා කියලත් කියනවා.
නිවේදක මල්ලී - ගොන්ජා කියන්නේ ආදරේට ද නැත්තන්... 🤭🤭
රන්ජන් - ඔව් ආදරේට සත්තයි.. 😡
නිවේදක මල්ලී - වෘත්තීය සමිති ජිවිතයේ ඔබගේ සතුටුදායිකම අවස්ථාව මොකක්ද?
රන්ජන් - man power සේවකයන් රු. 5000 බැගින් මට දුන්න අවස්ථාව. ඒක ලොකු මුදලක්. ඔවුන්ට මම ස්තූතිවන්ත වෙනවා.
නිවේදක මල්ලී - හේතුව?
රන්ජන් - මහන්සියක් නොවී ලොකු ගාණක් අතට ආව වෙලාවක් නිසා.
නිවේදක මල්ලී - ඔබ ඒ මුදල් වෘත්තීය සමිති අභිවෘද්ධිය සදහා යොදවන්න ඇති නේද? 🤭😉
රන්ජන් - (මද සිනාවෙන්) එහෙම තමයි කියලා හිතාගන්න. අපි අවංක මිනිස්සු මල්ලී..
නිවේදක මල්ලී - ප්‍රශ්න අංක තුන - වෘත්තීය සමිති ජීවිතය එක්ක ඔබ දැන් ඉන්නේ සතුටින් ද?
රන්ජන් - (සංවේදීව කිඹුල් කඳුළු ඇසට නගමින්) ඉස්සර මගේ වටේ ගොඩක් මිනිස්සු හිටියා. මං ගැන හොයලා බැලුවා. ඒත් ඒ මිනිස්සු ටිකෙන් ටික මගෙන් ඈත් උනා. ඈත් වෙමින් ඉන්නවා. දැන් මගේ රැස්වීමකට මිනිස්සු බලෙන් ගෙන්න ගන්න වත් බැරි තත්වයක් තියෙන්නේ. ලොකු මහත්වරු නිවාඩු දීලා, බලෙන් මගේ රැස්වීම් වලට යන්න කිව්වත් මිනිස්සු එන්නේ නැහැ. සත්තයි. සහතිකයි.
දැන් ඉස්සර වගේ කොල්ලො කෙල්ලො මට සල්ලි දෙන්නේ නැහැ. ලොකු මහත්වරු දෙන ගාණෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. මහත්වරු විතරක් නෙමෙයි සමහර නෝනලත් මට උදවු කරනවා. ඇත්තටම ඔවුන් දෙවිවරු.
නිවේදක මල්ලී - සමහර නෝනලා කිව්වේ වන්නියේ ආරච්චි මහත්මිය වෙන්න ඇති
රන්ජන් - මල්ලී කොහොමද හරියටම කිව්වේ? 😮
නිවේදක මල්ලී - අයියෝ ඕක ප්‍රසිද්ධ රහසක්නේ රන්ජයියා.. 🤐
අපේ 4 වැනි ප්‍රශ්නය - 8 වෙනිදා වැඩේ සාර්ථක වෙයිද?
රන්ජන් - (උරහිස් කඩා වැටෙමින්) බලමු මල්ලී. වැඩේ ඔක්කොම තියෙන්නේ ලොකු මහත්වරු අතේ. එයාල කට්ටිය එවන්න පොරොන්දු උනා. 🙄
නිවේදක මල්ලී - බොහොම කෙටි උත්තරයක් දුන්නෙ. ඇයි කියලා හිතාගන්න පුළුවන්. කමක් නෑ අපි අවසාන ප්‍රශ්නෙට යමු.
36% කින් වැටුප් වැඩි කරේ නැත්තන් අැත්තටම ඔබ අත කපා ගන්නවද?
රන්ජන් - වයසට ගරු කරන්න ඉගෙන ගනින් මල්ලී. වයසට.. 😠😠
සත්තයි. සහතිකයි. තව ප්‍රශ්න අහන්න එපා උඹ මාගෙන් ගුටි කනවා.
නිවේදක මල්ලී - සමාවෙන්න. සමාවෙන්න. 8 වෙනිදා අපි යළිත් හමුවෙමු.. 😬😮
ස්තුතියි..?!