Mahamevnawa Meditation Center of Washington DC

Call Directions Website Contact the organization

Mahamevnawa Meditation Center of Washington DC Buddhist Meditation Monastery MMCDC is the Washington DC (US) branch of Mahamevnawa Buddhist Monastery of Sri Lanka.
(1)

Mahamevnawa Meditation Center of Greater Washington DC (MMCDC) is a non-profit organization dedicated to the practice and teachings of Buddha Gothama known as Theravada Buddhism.

10/19/2026

🔴 මෙත් සිත් පෙරටුව, ශාසන දයාවෙන් යුතුව ඉල්ලා සිටිමු.

10/09/2026
https://youtu.be/8Q7e98n9_bs?is=1K8Dz31H0kcotnZ1
09/26/2026

https://youtu.be/8Q7e98n9_bs?is=1K8Dz31H0kcotnZ1

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2005 වර්ෂයේදී තරු...

නමෝ බුද්ධාය..!දිනෙන් දින බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්‍ය ධර්මයට ඇමරිකාවේ බොහෝ පිරිසක් ළං වන මෙවන් යුගයක, එම සද්ධර්ම ප්‍ර...
09/22/2026

නමෝ බුද්ධාය..!

දිනෙන් දින බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්‍ය ධර්මයට ඇමරිකාවේ බොහෝ පිරිසක් ළං වන මෙවන් යුගයක, එම සද්ධර්ම ප්‍රචාරය තව තවත් තීව්‍ර කරමින්, පසුගිය කාලයේ විවිධ දේශගුණික විපර්යාස මධ්‍යයේ කිලෝමීටර් දස දහස් ගණනක් ගෙවා, පසුකරමින් පැමිණි උතුම් සාම පාගමන සාර්ථකව නිම කිරීමට පින්වත් පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිස සමත් වූහ.

එම උතුම් සාම පාගමන හේතුවෙන් ඇමරිකාවේ බොහෝ ජනතාවගේ සිත් සතන් තුළ බුදු දහම පිළිබඳව නව ප්‍රබෝධයක් ඇති කිරීමට හැකි විය.

එම උතුම් සාම පාගමනේ අවසන් මහා පින්කම වොෂින්ටන් ඩී.සී. නුවරදී පැවැත්වුණු අවස්ථාවේදී, තුන්සියයකට අධික භික්ෂූන් වහන්සේලා උදෙසා දන්පැන් පූජා කිරීමේ මහඟු පුණ්‍ය කර්මය සංවිධානය කිරීමේ භාරදූර වගකීම ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයත්, වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවටත් හිමි විය. එහිදි වොශින්ටන් ඩී සී විහාරස්ථානයත් වීට්න් හි විහාරස්ථානයත් වොෂින්ටන් ඩී.සී.හි වෙසෙන අපගේ ශ්‍රී ලාංකික සැදැහැවත් පින්වතුනුත් ඉමහත් සහයෝගයක් දැක්වීය.

එම මහඟු පින්කම වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා පින්වත් පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ පසුගිය සෙනසුරාදා දින වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුව වෙත වැඩම කළහ.

එහිදී සවස බුද්ධ වන්දනාවක් සහ සුහද ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එම පින්කම සඳහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම නොයෙක් ජාතීන් නියෝජනය කරමින් තුන්සියයකට අධික පිරිසක් සහභාගි වූහ.

මෙයින් රැස් වූ සියලු පින් පළමුව අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා!

පින්වත් ගුරුදේවයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, පින්වත් පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රධාන පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!

උතුම් ශාසනික බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමින්, පින් රැස් කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම වාසනාව උදාවේවා!

එමෙන්ම, වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ දායක පින්වතුන් ඇතුළු, නොයෙක් ආකාරයෙන් උපකාර කළ සහ මෙම පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සියලු කරදර බාධා දුරු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදාවේවා!

උතුම් නිවන් පිණිසම මේ පින් උපකාර වේවා..!

තෙරුවන් සරණයි...!

නමෝ බුද්ධාය..!වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ළමා වැඩසටහනට සහභාගී වන පින්වත් දූ දරුවන් විසින් පසුගිය 22 වැනි සෙන...
08/27/2026

නමෝ බුද්ධාය..!

වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ළමා වැඩසටහනට සහභාගී වන පින්වත් දූ දරුවන් විසින් පසුගිය 22 වැනි සෙනසුරාදා සවස උතුම් සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාවක් සිදු කරන්නට යෙදුණි.

එදින සවස සම්බුද්ධ වන්දනාව සිදුකොට, ඉන් අනතුරුව තම දෙමාපියන්ටද වන්දනා කර, නව පාසල් වාරය සඳහා දෙමාපියන්ගේ ආශීර්වාද ලබා ගත්හ.

උතුම් සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාවෙන් සහ සම්බුද්ධ වන්දනාවෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!

ඒ පින් බලයෙන් සියලු දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙත්වා!

උන්වහන්සේලාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, නව පාසල් වාරය ආරම්භ කරන සියලු දූ දරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා!

ඔවුන් සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! සියලු රැකවරණය හා ආරක්ෂාව සැලසේවා!

සුවසේ ඉගෙනීම් කටයුතු සිදු කරමින්, පින් දහම් රැස් කරමින්, ගුණධර්ම දියුණු කරගනිමින්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම, එම පින්වත් දූ දරුවන්ගේ සියලු දෙමාපියන්ටද මේ පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!

පින් කැමති ඔබටත් මේ පින් අනුමෝදන් වේවා!

උතුම් නිවන පිණිසම මේ පින් උපකාර වේවා!

තෙරුවන් සරණයි..!

නමෝ බුද්ධාය! වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ මෙවර වස් තුන්මාසය නිමිති කරගෙන පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය වශ...
08/09/2026

නමෝ බුද්ධාය!

වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ මෙවර වස් තුන්මාසය නිමිති කරගෙන පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය වශයෙන්, කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා මහත් සැදැහැ සිතින් සවස ගිලන්පස සම්බුද්ධ පූජාවක් පවත්වන්නට යෙදිනි.

එයින් රැස් වූ සියලු පින්, ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වේවා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!

එමෙන්ම, මේ උතුම් පින්කම වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී වෙහෙස වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා! පින් අනුමෝදන් වීමට කැමති ඔබ සැමටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය! වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිරි වස් කාලය සඳහා වස් වාසය කිරීම වෙනුවෙන් වාර්ෂික වස් ආරාධනාව 25 ...
07/26/2026

නමෝ බුද්ධාය!

වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිරි වස් කාලය සඳහා වස් වාසය කිරීම වෙනුවෙන් වාර්ෂික වස් ආරාධනාව 25 වන සෙනසුරාදා දින සිදු කෙරිණි.

මෙහිදී පින්වත් සැදැහැවතුන් විසින් සම්බුද්ධ වන්දනාව පවත්වා, වැසි සළු පූජා කොට, වස් ආරාධනාව සිදු කළහ.

මෙම පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා! නිදුක්, නිරෝගී, සුවපත් දිවියක් ගත කරමින්, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා හේතු වාසනා උදාවේවා!

එමෙන්ම වස් ආරාධනාව සිදු කළ සියලු පින්වතුන්ටත්, මේ පින් අනුමෝදන් වනු කැමති ඔබ සැමටත් මෙම පින් අනුමෝදන් වේවා! සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ භාග්‍ය උදාවේවා!

තෙරුවන් සරණයි!

Address

5004 Stone Road
Rockville, MD
20853

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Meditation Center of Washington DC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mahamevnawa Meditation Center of Washington DC:

Share