Mahamevnawa Meditation Center of Washington DC

Mahamevnawa Meditation Center of Washington DC Buddhist Meditation Monastery MMCDC is the Washington DC (US) branch of Mahamevnawa Buddhist Monastery of Sri Lanka.
(1)

Mahamevnawa Meditation Center of Greater Washington DC (MMCDC) is a non-profit organization dedicated to the practice and teachings of Buddha Gothama known as Theravada Buddhism.

08/12/2026
නමෝ බුද්ධාය! වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ මෙවර වස් තුන්මාසය නිමිති කරගෙන පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය වශ...
08/09/2026

නමෝ බුද්ධාය!

වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ මෙවර වස් තුන්මාසය නිමිති කරගෙන පවත්වනු ලබන පින්කම් මාලාවේ ආරම්භය වශයෙන්, කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා මහත් සැදැහැ සිතින් සවස ගිලන්පස සම්බුද්ධ පූජාවක් පවත්වන්නට යෙදිනි.

එයින් රැස් වූ සියලු පින්, ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වේවා! සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!

එමෙන්ම, මේ උතුම් පින්කම වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී වෙහෙස වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා! පින් අනුමෝදන් වීමට කැමති ඔබ සැමටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!

සියලු දෙනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය! වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිරි වස් කාලය සඳහා වස් වාසය කිරීම වෙනුවෙන් වාර්ෂික වස් ආරාධනාව 25 ...
07/26/2026

නමෝ බුද්ධාය!

වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිරි වස් කාලය සඳහා වස් වාසය කිරීම වෙනුවෙන් වාර්ෂික වස් ආරාධනාව 25 වන සෙනසුරාදා දින සිදු කෙරිණි.

මෙහිදී පින්වත් සැදැහැවතුන් විසින් සම්බුද්ධ වන්දනාව පවත්වා, වැසි සළු පූජා කොට, වස් ආරාධනාව සිදු කළහ.

මෙම පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා! නිදුක්, නිරෝගී, සුවපත් දිවියක් ගත කරමින්, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා හේතු වාසනා උදාවේවා!

එමෙන්ම වස් ආරාධනාව සිදු කළ සියලු පින්වතුන්ටත්, මේ පින් අනුමෝදන් වනු කැමති ඔබ සැමටත් මෙම පින් අනුමෝදන් වේවා! සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ භාග්‍ය උදාවේවා!

තෙරුවන් සරණයි!

07/06/2026

වොෂිංටන් ඩී සී මහමෙව්නාව භාවනා අසපුවේ සෑම මසකම පළමුවන සහ තුන්වන සෙනසුරාදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන භාවනා වැඩසටහන සඳහා ඇමරිකානු ජාතිකයන් 1000 ට වඩා පසුගිය වසර තුන ඇතුළත සහභාගී වී ඇත.

ඒ සෑම දෙනාටම ප්‍රණීත ශ්‍රී ලාංකික දහවල් ආහාර වේලක් මහමෙව්නාව භාවනා අසපුවේ උපාසක පිරිස විසින් ලබා දේ.

පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ සිහි නුවණින් ආහාර ගැනීමට පුරුදුවන සහභාගීවන පිරිස ඉන් අනතුරුව කරණීය මෙත්ත සූත්‍රය අර්ථ වශයෙන් ඉගනගෙන සාමූහිකව සජ්ඣායනා කර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේ ලාටද භාවනා වැඩසටහන සඳහා උපකාර කළ සියලු දෙනාට ද පින් අනුමෝදන් කරනු ලබයි.

ඔබට ද දානය පිළියෙල කිරීමට සහ සංවිධාන කටයුතු සඳහා සහභාගී වී පින් රැස් කරගැනීමට අවස්ථාව ඇත.

නමෝ බුද්ධාය..!!!අපට උතුම් දහම් දායාදය ලබාදුන්, අපට අනුබුදු කෙනෙකු වූ, අපගේ ආදි ගුරුදේවයන් වන මිහිඳු මහ රහතන් වහන්සේට කෘත...
07/02/2026

නමෝ බුද්ධාය..!!!

අපට උතුම් දහම් දායාදය ලබාදුන්, අපට අනුබුදු කෙනෙකු වූ, අපගේ ආදි ගුරුදේවයන් වන මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ දැක්වීම පිණිස, වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවතුන් විසින් පොසොන් පෝය නිමිත්තෙන් උතුම් සීල සමාදාන වැඩසටහනක් හා මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා සවස ගිලන්පස සම්බුද්ධ පූජාවක් පැවැත්වීමට යෙදුණි.

මෙම අසිරිමත් වන්දනාවෙන් රැස් වූ සියලු පින්, සියලුම බ්‍රහ්ම රාජයන්ටත්, සක් දෙවිඳුන්ටත්, විරූපාක්ෂ දෙව් මහරජු ඇතුළු සතර වරම් දෙවිවරුන්ටත්, ආලවක දෙවියන්ටත්, සුමන සමන් දෙවියන්ටත්, පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ටත්, අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා!

අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, ඇමරිකාවේ මහමෙව්නාව භාවනා අසපුවල වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පින්වත් මහා සංඝරත්නයටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, ලෝවැසි සියලු මහා සංඝරත්නයටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා!

මෙම පින්කමේ කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත්, මෙම පින්කම දැක බලා සිත් පහදවාගත් සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!

සුවසේ පින් රැස් කරගනිමින්, සීලය හා ගුණධර්ම ආරක්ෂා කරගනිමින්, මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි!
Mahamevnawa DC

06/16/2026

📌️එංගලන්තයේ වික්ෆර්ඩ් (Wickford) හි පදිංචි පීටර් කාලයක් තිස්සේ දැඩි විශාදයෙන් (Depression) පෙළුණු අයෙකි. විවිධ බටහිර ඖෂධ වර්ග භාවිත කළද ඉන් කිසිදු සුවයක් නොලද ඔහුට සැබෑ සහනයක් ගෙන දුන්නේ එංගලන්තයේ මහමෙව්නාව අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයට පැමිණ පුරුදු කළ 'මෛත්‍රී භාවනාවයි'. ඔහු මේ බව සංවේදීව ප්‍රකාශ කර සිටියේ 2026 වෙසක් උත්සවයට සමගාමීව පැවැති විශේෂ වාර්තාමය වැඩසටහනකට එක්වෙමිනි.

​අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්මාතෘත්වයෙන්, ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මහමෙව්නාව භාවනා අසපුව අද වන විට ලොව පුරා ශාඛා 100කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන දැවැන්ත අන්තර්ජාතික බෞද්ධ සංවිධානයකි. පීටර්ගේ මෙම අත්දැකීම, මහමෙව්නාවේ අන්තර්ජාතික ධර්ම ප්‍රචාරක සේවාව හරහා ලොව පුරා විවිධ ජාතිකයන්ට බුදු දහමේ ප්‍රායෝගික වටිනාකමත්, සැබෑ මානසික සුවයත් අත්කර දෙන ආකාරය මනාව පෙන්වා දෙන ජීවමාන සාක්ෂියකි.
මේ බව ඔහු ප්‍රකාශ කළේ Jojo's Cross Borders නම් යූටියුබ් නාලිකාව තුලින් ඉදිරිපත් කරන්නිය විමසූ පැනයකට අදළාවය.

🧘‍♂️ වොෂින්ටන් ස්මාරකය අභියස දී පැවැත්වූ "Meditate with a Monk" සොඳුරු පුණ්‍ය මහෝත්සවය – පුණ්‍යානුමෝදනාව! 🌄ඇමරිකාවේ වොෂි...
06/16/2026

🧘‍♂️ වොෂින්ටන් ස්මාරකය අභියස දී පැවැත්වූ "Meditate with a Monk" සොඳුරු පුණ්‍ය මහෝත්සවය – පුණ්‍යානුමෝදනාව! 🌄

ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. නගර මධ්‍යයේ දී, වොෂින්ටන් ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුවේ ඉංග්‍රීසි මාධ්‍ය අංශය මඟින් සංවිධානය කළ "Meditate with a Monk" ශාන්ත භාවනා වැඩසටහන සමඟින් අප සැම දෙනා ගත කළේ ඉතාමත් සන්සුන් වූත්, පින්බර වූත් සොඳුරු මොහොතකි 🪷

ඓතිහාසික වොෂින්ටන් ස්මාරකය (Washington Monument) අභියස දී, කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී මනස සන්සුන් කරගනිමින්, පූජනීය මහා සංඝරත්නයේ උතුම් මඟපෙන්වීම යටතේ ශාන්ත සමථ-විදර්ශනා ගුණධර්මයන් වඩමින්, අප්‍රමාණ මෙත් සිතින් යුතුව භාවනාවන්හි නිරත වන්නට සියලු දෙනාටම උදාර භාග්‍යය උදාවිය. ඇමරිකානු ජාතිකයන් 150 කට අධික පිරිසක් මෙවරත් ඉතාමත් ශ්‍රද්ධා සිතින් යුතුව මේ සඳහා සහසම්බන්ධ වූහ.

දෙලොව සෙත සලසන භාවනා වැඩසටහනින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්
🌌 පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!
සියලු දෙවියෝ දිව්‍යමය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් සහ ප්‍රඥාවෙන් වැඩෙත්වා! සේඛ බල ධර්මයන්ගෙන් පිරිපුන් වෙත්වා! ඒ සියලු දෙවිවරු ද මේ උතුම් ගෞතම බුදු සසුනේදීම අමා මහ නිවනින් සැනසෙත්වා!

☸️
අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහමෙව්නා භාවනා අසපු වාසී පූජනීය මහා සංඝරත්නයට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා! නිදුක් නීරෝගී සුවපත්භාවයත්, දීර්ඝායු සම්පත්තියත් සැලසෙත්වා! සුවසේම චතුරාර්ය සත්‍යය අවබෝධයට වාසනාව උදා වේවා!

මේ උදාර පින්කම ඉතා සාර්ථකව සිදු කරගැනීම සඳහා තමන්ගේ වටිනා කාලය, ශ්‍රමය හා ධනය කැප කරමින් වෙහෙස මහන්සි වූ, දායකත්වය දැක්වූ සියලුම පින්වතුන්ටත්, අසපුවේ උපස්ථාන කමිටුවේ සියලුම සාමාජිකයන්ටත්, තරුණ දූ පුතුන්ටත්, සිව්පසයෙන් උපස්ථාන කරමින් කටයුතු සොයා බලා ඉටු කරන සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා!
එමෙන්ම, මෙම පුණ්‍ය මහෝත්සවයට සහසම්බන්ධ වූ, දැක බලා සිත පහදවා ගත් සියලු දෙනාටත්, ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම ජනතාවටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ භාග්‍යය උදාවේවා!

එකිනෙකා කෙරෙහි මෙත් සිතින් යුතුව, එකට එකතු වී හදවතට සැනසිල්ල උදාකරගන්නට මෙවැනි මොහොතක් වෙන්කර ගැනීම කෙතරම් වටිනවාද කියා මෙම පින්බර සැඳෑව අපට නැවත නැවතත් සිහිපත් කර දෙයි.

සියල්ලෝ දැක බලා මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා! අමා මහ නිවනින් සැනසෙත්වා!

ළමා සීල භාවනා වැඩසටහන
06/10/2026

ළමා සීල භාවනා වැඩසටහන

Address

5004 Stone Road
Rockville, MD
20853

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Meditation Center of Washington DC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mahamevnawa Meditation Center of Washington DC:

Share