Path to Nirvana

Directions Website Contact the organization

Path to Nirvana Sila, Samadhi, Pagngna (Wisdom) mark the Path to Nirvana. This page has the goal of bringing the humanity closer to total annihilation of suffering. The Path

1.
(2790)

Samma-Ditthi — Complete or Perfect Vision, also translated as right view or understanding. Vision of the nature of reality and the path of transformation.

2. Samma-Sankappa — Perfected Emotion or Aspiration, also translated as right thought or attitude. Liberating emotional intelligence in your life and acting from love and compassion. An informed heart and feeling mind that are free to practice letting go.

3. Samma-Vaca — Perfected or whole Speech. Also called right speech. Clear, truthful, uplifting and non-harmful communication.

4. Samma-Kammanta — Integral Action. Also called right action. An ethical foundation for life based on the principle of non-exploitation of oneself and others. The five precepts.

5. Samma-Ajiva — Proper Livelihood. Also called right livelihood. This is a livelihood based on correct action the ethical principal of non-exploitation. The basis of an Ideal society.

6. Samma-Vayama — Complete or Full Effort, Energy or Vitality. Also called right effort or diligence. Consciously directing our life energy to the transformative path of creative and healing action that fosters wholeness. Conscious evolution.

7. Samma-Sati — Complete or Thorough Awareness. Also called "right mindfulness". Developing awareness, "if you hold yourself dear watch yourself well". Levels of Awareness and mindfulness - of things, oneself, feelings, thought, people and Reality.

8. Samma-Samadhi — Full, Integral or Holistic Samadhi. This is often translated as concentration, meditation, absorption or one-pointedness of mind. None of these translations is adequate. Samadhi literally means to be fixed, absorbed in or established at one point, thus the first level of meaning is concentration when the mind is fixed on a single object. The second level of meaning goes further and represents the establishment, not just of the mind, but also of the whole being in various levels or modes of consciousness and awareness. This is Samadhi in the sense of enlightenment or Buddhahood.

සද්ධාතිස්සාරාම මහාවිහාරය - 2026-2027 සඳහා ත්‍රිපිටක ධර්ම අධ්‍යයන වැඩසටහනඅනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරයේ...
10/19/2026

සද්ධාතිස්සාරාම මහාවිහාරය - 2026-2027 සඳහා ත්‍රිපිටක ධර්ම අධ්‍යයන වැඩසටහන

අනුරාධපුර, කටුකැලියාව, සද්ධාතිස්සාරාම මහාවිහාරයේ නව ත්‍රිපිටක ධර්ම අධ්‍යයන වැඩසටහන 2026 වර්ෂයේ නොවැම්බර් මස සතරවැනි සතියේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා අළුතින් විනය සහ අභිධර්මය ඉගෙන ගැනීමට අපේක්ෂා කරන සහ දැනට මූලික කොටස් අධ්‍යයනය කර ඇති භික්ෂුන් වහන්සේලා සහ සාමණේර වහන්සේලාට සම්බන්ධ විය හැක.

📖 විනය පිටකය - පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත. මේ යටතේ විනය පිටකයට ඇතුළත් වන පහත ග්‍රන්ථයන් අටුවා සහිතව ඉගැන්වීමට අපේක්ෂිත ය.

🔹 පාරාජිකා පාළි - විනය නිදානය, වේරඤ්ජා කාණ්ඩයේ සිට
🔹 මහාවග්ග පාළි
🔹 පාචිත්තිය පාළි
🔹 උපසම්පදාපේක්ෂයන් සඳහා කඞ්ඛාවිතරණී අටුවාව/විශේෂ විනය පාඨමාලාව
🔹 මීට අමතරව විනය කර්ම සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුව

📘 අභිධර්ම පිටකය - පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත. මේ යටතේ ඉදිරි වර්ෂ කිහිපය තුළ දී අභිධර්මය අදියර දෙකක් යටතේ ඉගැන්වීමට අපේක්ෂා කෙරේ. පළමු අදියරේ දී අභිධර්මයේ මූලික කොටස් අභිධර්ම චන්ද්‍රිකාව ග්‍රන්ථය ඇසුරෙන් ඉගැන්වේ. දෙවන අදියරේ දී ධම්මසඞ්ගණී ප්‍රකරණයේ සිට පට්ඨාන ප්‍රකරණ දක්වා අටුවා සහිතව ඉගැන්වීමට අපේක්ෂිත ය.

🔹 අභිධර්ම මූලික - අභිධර්ම චන්ද්‍රිකාව
🔹 අභිධර්ම මාතිකා ස්වරූප කථනය සහ ධම්මසඞ්ගණී ප්‍රකරණය (අටුවා සහිතව)
🔹 විභඞ්ග ප්‍රකරණයේ සිට පට්ඨාන ප්‍රකරණය දක්නා වන සෙසු අභිධර්ම ප්‍රකරණයන් (අටුවා සහිතව)

📝 ව්‍යාකරණය

🔹 පාළි භාෂාව
▪️ පාළි භාෂාව මූලික අධ්‍යයනය
▪️ බාලාවතාරය

🔹 සංස්කෘත භාෂා අධ්‍යයනය (ප්‍රාචීන විභාග කරනු කැමති තෝරාගත් භික්ෂූන්ට)
🔹 සිංහල සිදත් සඟරාව (ප්‍රාචීන විභාග කරනු කැමති තෝරාගත් භික්ෂූන්ට)

භාවනා මාර්ගය - පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. මේ යටතේ විශුද්ධි මාර්ගය ඉගැන්වීම සහ ප්‍රයෝගික භාවනා පුහුණුව ද සිදු කෙරේ.

වත් පිළිවෙත් ආදිය - ආරාමික වත්පිළිවෙත්, පා-සිවුරු සකස් කිරීම ආදී පැවිදි ජීවිතයට උපකාරී වන කුදු-මහත් කටයුතු සම්බන්ධයෙන් වන පුහුණුව ද මෙම කාලය තුල දී ලබා දෙයි.

📅 2026-2027 පර්යාප්ති ධර්ම අධ්‍යයන වැඩසටහන ආරම්භ කිරීම - වස්සාන ඍතුව අවසන් වූ පසු නොවැම්බර් මස සතරවන සතියේ සිට

📱 විමසීම් - +94 76 8686 548 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

සකල ගුණ නිධාන වූ කරුණාවෙන් සිසිල් වූ ලය ඇති ප්‍රඥා නමැති ප්‍රදීපයෙන් දුරුකරන ලද මෝහාන්ධකාර ඇති දෙව් මිනිස් ලොවට එකම ගුරු...
10/13/2026

සකල ගුණ නිධාන වූ කරුණාවෙන් සිසිල් වූ ලය ඇති ප්‍රඥා නමැති ප්‍රදීපයෙන් දුරුකරන ලද මෝහාන්ධකාර ඇති දෙව් මිනිස් ලොවට එකම ගුරු වූ අෂ්ටාංග සමූපේත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අරමුණු වන නයසාගරයෙහි ඇතුළත් විභංග ප්‍රකරණයෙහි 18වෙනි අවසාන ප්‍රකරණය වන ධම්ම හදය ප්‍රකරණය ඔබගේ ධර්ම අභිලාෂය වෙනුවෙන් ඔබට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

මෙම ධම්මහදය විභංගයේ විශේෂත්වය වන්නේ ත්‍රිපිටකයෙහි වෙන කිසිදු තැනක නැති ධර්ම කරුණු එහි ගැබ්ව තිබීමය. ඊටත් අමතරව මෙහි සඳහන් ධර්ම කාරණා ඉතා සවිස්තරාත්මකව දේශනා කර තිබීම එය තවත් ඔපවත් කරයි. මෙම ධම්ම හදය විභංගය අධ්‍යනය කිරීමෙන් අනතුරුව කවුරුන් හෝ සාවද්‍ය ධර්ම දේශනා ඉදිරිපත් කරන විට ඒවා චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදයට නොගැලපෙන බව වටහා ගන්නට ශක්තියක්ද ඔබට ලැබෙනු ඇත. මේ හේතුවෙන් තමන්ව ධර්ම මාර්ගයේ නොමඟට යොමු නොකළ හැකිවීම විශේෂිතය.

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේ ගුලිස්සානි සූත්‍රයේ පරිදි ධර්මය ඉගෙන ගන්නා විට අඩු තරමින් දුකතික මාතිකා සමග ධම්ම හදය විභංගයවත් උගත යුතු බව ආරණ්‍ය වාසී භික්ෂුන් හට උපදෙස් වශයෙන් දී ඇති බව සඳහන්වීමද අපට ඉතා වැදගත් වේ.

මේ සඳහා ඔබ වෙනුවෙන් අපගේ කල්‍යාණ මිත්‍ර මංගල එදිරිසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන ධම්ම හදය වැඩසටහන ලබන *ඔක්තෝබර් මස 18වෙනි ඉරිදා ලංකාවේ වේලාවෙන් සවස 7.30ට* ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා ඔබගේ සහසම්බන්ධවීම අපි අගය කරමු. ඒ වගේම ඔබට කල්‍යාණ මිත්‍රයෙකු වීමට නම් ඔබගේ මිතුරන්ටද මෙම වැඩසටහන ගැන දැනුවත් කල හැකියි. මේ භවයේදීම ධර්මාලෝකය පහල වේවා !
තෙරුවන් සරණයි.

Zoom link (සබැඳිය) https://us06web.zoom.us/j/83225165531?pwd=IludyKbEHRGZZajr4FLsDibaV3TOoJ.1

භික්ෂූන් මුදල් පරිහරණය කිරීම ගැන ගිහියන් කළ විවේචන මොනවාද?  භික්ෂූන් වහන්සේලා මුදල් පරිහරණය කිරීම පිළිබඳව ගිහියන් විසින්...
09/20/2026

භික්ෂූන් මුදල් පරිහරණය කිරීම ගැන ගිහියන් කළ විවේචන මොනවාද?

භික්ෂූන් වහන්සේලා මුදල් පරිහරණය කිරීම පිළිබඳව ගිහියන් විසින් ප්‍රධාන වශයෙන් පහත සඳහන් විවේචන සහ චෝදනා එල්ල කර ඇත:
1. කාමභෝගී ගිහියන්ට සමාන කිරීම: ගිහියන් විවේචනය කළේ, "කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කාමභෝගී ගිහියන් මෙන් නන් වැදෑරුම් වූ රූපියසංවෝහාරයට (මුදල් ගනුදෙනුවලට) පැමිණෙද්දැ" යනුවෙනි.
2. ගිහියන් සේම මුදල් පිළිගැනීම: "යම් සේ අපි රන් රිදී මසු කහවණු පිළිගනුමෝ ද, එසමන් ම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද රන් රිදී මසු කහවණු පිළිගනිති" යි පවසමින් ගිහියන් භික්ෂූන්ට දොස් පැවරූහ.
3. මහත් ආශාවෙන් යුක්ත වීම සහ සතුටු කිරීමට අපහසු වීම: ඇතැම් අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා මුදල් හෝ සිවුරු මිල ඉල්ලා ගිහියන්ට බල කිරීමේදී (උපනන්ද හිමියන්ගේ සිදුවීම වැනි), ගිහියන් චෝදනා කළේ, "මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ මහිච්ඡයෝ ය (මහත් ආශා ඇත්තෝය), අසන්තුෂ්ඨයෝ ය, මොවුනට මෙහෙයකුදු කරන්නට පහසු නො වෙයි" යනුවෙනි.

මෙලෙස භික්ෂූන් මුදල් පරිහරණය කිරීම දුටු විට ගිහියන් එය ලාමක ක්‍රියාවක් ලෙස සලකා, නුගුණ කියමින් සහ හැමතැන දොස් පතුරුවමින් අප්‍රසාදය පළ කර ඇති බව මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වේ.

මිලමුදල් පරිහරණය කරන භික්ෂුව කොතරම් උගත් වු ද ප්‍රසිද්ධ වු ද තමාටත් සංඝයාටත් කොතරම් උපකාර කර තිබුණ ද ඔහුගේ ගුණ නො කිය යුතු ය. අලජ්ජීයා ඇසුරු නො කළ යුතු ය; ධර්ම ආමිෂ පරිභෝගයට නො යා යුතු ය. මේ ශාසනයෙහි එක් අලජ්ජී භික්ෂුවක් විසින් මතුවට අලජ්ජීන් සියයක් ද දහසක් ද බිහි කරන්නේ ය. මේ ශාසනික අවවාදය යි. (රැපියසික්බා පොත ඇසුරෙන්..)

යශ,සබ්බකාමී,රේවත,සම්භූත යන සිව්මහ තෙරුන් වහන්සේලා වෙත නමස්කාරය වේවා! ශාසනික වෘද්ධියටත් , දිඝුකාලීන පැවත්මත් පෙර රහතන් වහන්සෙලා මෙන්ම භාග්‍යවතුන් වහන්සෙද අත්‍යාවශැ‍යයි වදාල මුදල් භාවිතය පිළිබඳ විනය කරුණු පිළිබඳව ගිහියන් දැනුවත් කිරීම මෙම පිටුව මඟින් මාසිකව කරීමට බලාපොරොත්තු වෙමු 3/100

සමන්ත පට්ඨානය (සිංහල අරුත් සහිත) - මුද්‍රිත පිටපත් ධර්ම දානය පිණිසයිසකල ලෝක ධාතුව පාලනය වන පරම ගම්භීර හේතුඵල දහම විවරණය ...
09/12/2026

සමන්ත පට්ඨානය (සිංහල අරුත් සහිත) - මුද්‍රිත පිටපත් ධර්ම දානය පිණිසයි

සකල ලෝක ධාතුව පාලනය වන පරම ගම්භීර හේතුඵල දහම විවරණය කෙරෙන, අභිධර්මයේ මහා ප්‍රකරණය වන උතුම් ‘පට්ඨාන දේශනාවේ’ විසිහතර මහා ප්‍රත්‍ය ධර්මයන් (මාතෘකා හා විස්තරය) පාලි පාඨ සහ සරල නූතන සිංහල තේරුම් සහිතව ඉතා පැහැදිලිව පරිශීලනය කළ හැකි අයුරින් සම්පාදිත ‘සමන්ත පට්ඨානය’ දහම් පොත දැන් මුද්‍රණයෙන් එළිදක්වා ඇත.

හුදෙක් හේතු ප්‍රත්‍යයන්ගේ අඛණ්ඩ ගලායාමක් මිස ස්වාධීන ‘මමෙකු’ නොමැති බව පසක් කරවන ගැඹුරු අනාත්ම යථාර්ථය නුවණින් විමසීමටත්, උතුම් සෙත් ශාන්තිය හා ආශිර්වාදය පිණිස දිනපතා සජ්ඣායනා කිරීමටත් මෙම ග්‍රන්ථය මහඟු උපකාරයකි.

එළඹෙන පෝය දිනයන්හි ඔබේ පවුලේ අය, හිතමිතුරන්, මවුපියන්, ගමේ පන්සල, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්ථාන ආදී පින්වතුන් අතරේ බෙදා දී ජීවිතයට මහත් පින් රැස් කරදෙන උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට ඔබත් දායක වන්න.

කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව, සැබෑ මුද්‍රණ වියදමටත් වඩා අඩු මුදලකට (ධර්ම දානය සඳහාම පමණක්) බෙදා හැරේ:
📖 පිටු 64 කින් සමන්විතයි
🪙 එක් පොතක මුද්‍රණ වියදම පමණක් රුපියල් 60/- කි (පොත් තොග අවසන් වනතුරු ලබාගත හැක).

📦 පොත් ලබා ගැනීම:
කාර්යාලයට පැමිණ හෝ කුරියර් (Courier) සේවාව මඟින් අවමය පොත් 20ක් දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැකිය.

🌐(Online) ඇනවුම් කිරීම:
https://pathnirvana.github.io/book-order/?method=courier&pattana=30

(පොත පිළිබඳ සියලු විස්තර, ඇනවුම් කරන ආකාරය, කුරියර් ගාස්තු සහ පොතේ ඩිජිටල් PDF පිටපත නොමිලේ භාගත කිරීම ඉහත ලින්ක් එකෙන් ලබාගත හැක. අවශ්‍ය පොත් ප්‍රමාණය සඳහන් කර ලබාගන්නා ක්‍රමය තේරීමෙන් පොත් ලබාගන්නා ආකාරය දැන ගත හැකිය

විදෙස්ගත සැදැහැවතුන්ට ද ලංකාවේ ඕනෑම ලිපිනයකට දහම් පොත් පාර්සලයක් යැවීමෙන් මෙම උතුම් ධර්ම දානයට දායක විය හැකිය.)

071 521 5866 WhatsApp

📍 පොත් ලබා ගැනීමට පැමිණෙන ආකාරය:
190 බස් මාර්ගයේ, පනාගොඩ පාසල් හන්දියෙන් රොමියෙල් මාවතට හැරී මීටර් 50ක් පමණ ඉදිරියට එන විට වම් පසින් හමුවන දෙවන බොරළු පාර.
Google සිතියමේ (Google Maps): "Path Nirvana" ලෙස සොයාගන්න.

සබ්බ දානං ධම්ම දානං ජිනාති! සියලු දානයන් අතර ධර්ම දානය උතුම්ම වේ!

සාප්පු සංකීර්ණයක් හරහා ඇවිද යන විට සිනමා තාරකාවකගේ රුවක් වෙනුවට විද්‍යාඥයෙකුගේ මුහුණක් දකින්නට ලැබෙනවා යැයි මොහොතකට සිතන...
09/07/2026

සාප්පු සංකීර්ණයක් හරහා ඇවිද යන විට සිනමා තාරකාවකගේ රුවක් වෙනුවට විද්‍යාඥයෙකුගේ මුහුණක් දකින්නට ලැබෙනවා යැයි මොහොතකට සිතන්න 😲 චීනයේ නගර පුරා වරක් ජනප්‍රිය තරු වලින් පිරී තිබූ යෝධ බිල්බෝඩ් සහ ඩිජිටල් තිරවල දැන් ක්වාන් ෂුසෙන්, ටූ යූයූ සහ යුවාන් ලොන්ග්පිං වැනි විශිෂ්ට විද්‍යාඥයින්ගේ පින්තූර ප්‍රදර්ශනය කෙරේ. ෂැන්ඩොං නගරයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන දැන් අන්හුයි, හෙනාන් සහ අභ්‍යන්තර මොංගෝලියාව දක්වා පැතිරී ඇති අතර, මිනිසුන් මෙම පින්තූර සමඟ ඡායාරූප ගැනීමට පවා උනන්දු වෙති.

මෙම වෙනස, ජාතියක් ලෙස අප අගය කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රබල පණිවිඩයක් සමාජයට ලබා දෙයි 🔬 සමීක්ෂණවලට අනුව අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දරුවන් බොහෝ විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (Influencers) වීමට සිහින දකින අතර, චීනයේ දරුවන් අභ්‍යවකාශගාමීන් වීමට සිහින දකිති. ඔබේ නගරයේ විශාලතම තිරය මත ප්‍රදර්ශනය වීමට සැබැවින්ම සුදුසු වන්නේ කවුරුන්ද යන්න ගැන නැවත වරක් සිතා බැලීමට මෙය අපව පොළඹවයි ✨

ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනා දැඩි උත්සාහයකින් කටයුතු කළ යුතුය.පෙරදිග රටවල බෞද්ධ වෙස් මුහුණු දමාගත් ශාස...
08/26/2026

ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනා දැඩි උත්සාහයකින් කටයුතු කළ යුතුය.

පෙරදිග රටවල බෞද්ධ වෙස් මුහුණු දමාගත් ශාසනද්‍රෝහීන් පමණක් නොව, සඳකැන් පාෂාණ කැටයම් කළ නොහැකි ගල් කැට මෙන් සලකන මලදූවරුන් මෙන්, ධර්මයේ සැබෑ රසය හඳුනා නොගත් බටහිර විචාරකයෝ ද භාෂාවේ මතුපිට ස්වරූපය අල්ලාගෙන ත්‍රිපිටකය විවේචනය කරන්නට පටන් ගත්හ. ඔවුන් මුතු කැට යැයි පෙන්වන බෙලිකටු අගය කොට වැළඳගන්නා අන්ධ බාලයන් මෙන්, ශ්‍රද්ධාව බිඳී ගිය, ලෞකික ආශාවන් පසුපස හඹා යන බෞද්ධයන් පවා එම පරදේශිකයන්ගේ අදහස් උත්කර්ෂයට නංවමින් පිළිගන්නා ආකාරය අද දැකගත හැකිය. පිටස්තර පුද්ගලයන් බුදුසසුනට කෙතරම් නින්දා කළ ද ඉන් ශාසනයට වන විශාල හානියක් නැත. එහෙත් ශාසනයට පැමිණ, එහිම රැඳෙමින්, ශාසනයෙන්ම යැපෙන්නන් තමන් වැරදියට වටහාගත් ධර්ම කරුණු ජනතාව හමුවේ ඉදිරිපත් කිරීම ශාසනයේ විනාශයට ප්‍රධාන හේතුවක් වේ. "මේ ශාසනය විනාශ වන්නේ මෙහිම උපන් අයගෙන්මය" යන බුද්ධ වචනය මෙහිදී මෙනෙහි කළ යුතුය.

බුදුන් වහන්සේ වැඩසිටි කාලයේදී පවා උන්වහන්සේ සමඟ වාද විවාද ඇති කළ, බුදුදහමේ දෝෂ සෙවූ පිරිස අතර බාහිර අන්‍යදෘෂ්ටිකයන් පමණක් නොව අරිට්ඨ වැනි ශාසනගත භික්ෂූහු ද වූහ. බුදුරදුන් පිරිනිවන් පෑ පසුව ද ධර්මය සම්බන්ධයෙන් ඇති වූ විවිධ මතභේදයන් සහ වාදයන්, ශාසනභාරධාරී මහා තෙරවරුන් විසින් විසඳා ත්‍රිපිටක ධර්මයේ සුරක්ෂිතභාවය තහවුරු කළ ආකාරය ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ. වර්තමානයේ විවේචනය කලාවක් කරගත් බාහිර උගතුන්, විවේචනය මුල් කරගනිමින් ත්‍රිපිටකයේ අඩුපාඩු සොයන්නට පෙලඹී සිටින බව පැහැදිලිය. පාලි භාෂාව පිළිබඳ අල්ප දැනුමක් පමණක් ලබාගෙන, ශබ්දකෝෂ උපයෝගී කරගනිමින් පාලි පාඨවලට අර්ථ දැක්වීමට උත්සාහ කරන නූතන පිරිසට ත්‍රිපිටක ධර්මය විනෝදාත්මක කෙළිබිමක් වී ඇති ආකාරයක් ද පෙනෙන්නට තිබේ.

විමුක්තියේ සුවය ම මුල් කරගත්, රාගය දුරු කිරීම පිණිසත්, මත්වීම් පහ කිරීම පිණිසත් දේශනා කළ මෙවන් දහමක් ලෞකික ආකල්පවල පිහිටා විවේචනය කිරීමට ලක් කිරීම කිසිසේත්ම නොගැළපේ. බුදුදහමේ චිරස්තිථිය නොඉවසන විෂමාචාර පුද්ගලයන් ගමන් කරන මාවත දැන් පැහැදිලිය: එනම් බුදුරදුන් වදාළ ධර්ම කොටස් බුද්ධ භාෂිතයන් (බුදුන් වදාළ දේ) නොවන බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ත්‍රිපිටක භාෂාව පැරණි සහ නූතන වශයෙන් බෙදීමත්, ඛුද්දක නිකායේ ඇතැම් ග්‍රන්ථ පසුකාලීනව එකතු කරන ලද බව පැවසීමත් ඔවුන්ගේ වැරදි සහගත දුර්මත ලෙස සැලකිය යුතුය. යම් ධර්ම පාඨයක් පසුකාලීනව සකස් කළ එකක් යැයි හෝ සංගායනාවලට ඇතුළත් නොවූවක් යැයි පවසන විට, සැබවින්ම කියවෙන්නේ 'එය බුදුන් වදාළ ධර්මයක් නොවේ' යන්නයි. "තථාගතයන් වහන්සේ දෙසූ දෙය නොදෙසූ බවත්, නොදෙසූ දෙය දෙසූ බවත් දක්වයි" යනුවෙන් සඟසසුන බිඳ දැමීමට හේතු වන භේදකර කරුණු මේ තුළ ගැබ්ව පවතී. එබැවින් බෞද්ධයන්, විශේෂයෙන්ම සිංහල භික්ෂූන් වහන්සේලා මෙවන් විකෘති වාදයන්ට හසු නොවී ත්‍රිපිටක ධර්ම පර්යාප්තිය රැකගැනීම පිණිස කැපවීමෙන් කටයුතු කළ යුතුය.

• අපවත්වී වදාළ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය හෙබවූ, මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, ප්‍රවචන විශාරද, ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී අතිගෞරවාර්හ ලබුගම ලංකානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ

මිලමුදල් පරිහරණය කරන භික්ෂුව කොතරම් උගත් වු ද ප්‍රසිද්ධ වු ද තමාටත් සංඝයාටත් කොතරම් උපකාර කර තිබුණ ද ඔහුගේ ගුණ නො කිය යු...
08/22/2026

මිලමුදල් පරිහරණය කරන භික්ෂුව කොතරම් උගත් වු ද ප්‍රසිද්ධ වු ද තමාටත් සංඝයාටත් කොතරම් උපකාර කර තිබුණ ද ඔහුගේ ගුණ නො කිය යුතු ය. අලජ්ජීයා ඇසුරු නො කළ යුතු ය; ධර්ම ආමිෂ පරිභෝගයට නො යා යුතු ය. මේ ශාසනයෙහි එක් අලජ්ජී භික්ෂුවක් විසින් මතුවට අලජ්ජීන් සියයක් ද දහසක් ද බිහි කරන්නේ ය. මේ ශාසනික අවවාදය යි. (රැපියසික්බා පොත ඇසුරෙන්..)

ඔබ ශාසන වෘධියට කැමති නම් මුදල් භාවිත කරන සංඝයා ගෙ බැන්කු පොතය මුදල් යොමු කිරීමට පෙර මෙවා අනුගමනය කරන්න. පරම්පරා ගනනක් මෙ වැරැද්ද වී පැමිනීමෙන් මෙය සාමාන්‍ය කරණය වී ඇති වූවද අපට මෙය වෙනස් කර හැකිය .

2/100
භික්ෂූන් මුදල් ප්‍රතික්ෂේප කරන විට දැක්විය යුතු කැපකරුගේ කාර්යභාරය කුමක්ද?

භික්ෂූන් වහන්සේලා මුදල් ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී, විනයානුකූලව කටයුතු කිරීම සඳහා කැපකරු (වෙය්‍යාවච්චකර) වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මූලාශ්‍රයන්ට අනුව කැපකරුගේ ප්‍රධාන වගකීම් සහ භික්ෂුව ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙළ මෙසේය:
-මුදල් භාරව තබා ගැනීම සහ කළමනාකරණය: දායකයෙකු පූජා කිරීමට ගෙන එන මුදල් භික්ෂුව විසින් ප්‍රතික්ෂේප කළ පසු, දායකයා එම මුදල කැපකරු වෙත භාර දිය යුතුය. එම මුදල් භික්ෂුව වෙනුවෙන් තැන්පත් කර තබා ගනිමින් භික්ෂුවගේ අවශ්‍යතා ඉටුකර දීම කැපකරුගේ වගකීමයි.
-කැප වස්තූන් සපයා දීම: කැපකරු සතු මුදලින් භික්ෂුවට අවශ්‍ය සිවුරු, පාත්‍ර, බෙහෙත් වැනි කැප වූ පිරිකර (ශ්‍රමණ පරිෂ්කාර) මිලදී ගෙන පූජා කිරීම කැපකරු විසින් කළ යුතුය.
-භික්ෂුවගේ අවශ්‍යතා විමසා බැලීම: භික්ෂුවක් විසින් තමාට යම් කැප වස්තුවක් අවශ්‍ය බව (මිල සඳහන් නොකර) පැවසූ විට, එය සපයා දීමට කැපකරු බැඳී සිටී. උදාහරණයක් ලෙස, "මට සිවුරක් අවශ්‍යයි" යනුවෙන් භික්ෂුව පැවසූ විට කැපකරු එය සපයා දිය යුතුය.
-සිවුරු පූජාවකදී සුවිශේෂී කාර්යභාරය: රජෙකු හෝ ඇමතිවරයෙකු සිවුරු මිලක් එවූ අවස්ථාවකදී, කැපකරු වෙත එම මුදල ලැබුණු පසු භික්ෂුවට පැමිණ "සිවුරක් සඳහා දැන් පැමිණෙන්න" යැයි දැන්වීම කැපකරුගේ කාර්යයකි. එහිදී භික්ෂුවට අවශ්‍ය විටෙක ඒ බව කැපකරුට මතක් කළ හැක.
භික්ෂුවගේ ශීලය ආරක්ෂා කිරීමට සහාය වීම: භික්ෂුව මුදල් පරිහරණයෙන් වැළකී සිටින බැවින්, එම මූල්‍යමය ගනුදෙනුවලට භික්ෂුව සෘජුව සම්බන්ධ කර නොගෙන කටයුතු කිරීම කැපකරුගේ කාර්යයයි. භික්ෂුව කළ යුත්තේ දායකයා කැපකරුවෙකු පිළිබඳ විමසූ විට "අසවලා අපගේ කටයුතු කර දෙයි" යනුවෙන් ඔහුව හඳුන්වා දීම පමණි.
-මුදල ආරක්ෂා කිරීම: දායකයා පූජා කළ මුදල නිසි ලෙස ආරක්ෂා කර තැබීම ද කැපකරුගේ වගකීමක් වන අතර, යම් හෙයකින් අවශ්‍යතාව ඉටු නොවන්නේ නම් ඒ බව දායකයාට දන්වා මුදල ආරක්ෂා කර දිය යුතුය.
භික්ෂුව විසින් "අර කැපකරුට මුදල් දෙන්න" යැයි විධාන නොකළ යුතු අතර, දායකයා විසින්ම කැපකරු වෙත මුදල් යොමු කළ යුතු බව විනයානුකූල පිළිවෙළයි.

යශ,සබ්බකාමී,රේවත,සම්භූත යන සිව්මහ තෙරුන් වහන්සේලා වෙත නමස්කාරය වේවා! ශාසනික වෘද්ධියටත් , දිඝුකාලීන පැවත්මත් පෙර රහතන් වහන්සෙලා මෙන්ම භාග්‍යවතුන් වහන්සෙද අත්‍යාවශැ‍යයි වදාල මුදල් භාවිතය පිළිබඳ විනය කරුණු පිළිබඳව ගිහියන් දැනුවත් කිරීම මෙම පිටුව මඟින් මාසිකව කරීමට බලාපොරොත්තු වෙමු.

Address

Concord, CA
94518

Alerts

Be the first to know and let us send you an email when Path to Nirvana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Path to Nirvana:

Shortcuts

Share