25/04/2026
රට බංකොළොත් වෙලා ණයක් ගෙවා ගන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා මතකයි.
අරගලය මතකයි.
ණය ගෙවන්න බෑ සල්ලි නෑ කියනවත් මතකයි.
දිගටම හොරා කාපු හැටි පුවත් වල ගිය බවත් මතකයි.
යන්තම් ඔළුව උස්සන් එනකොට දිට්වා ආවා ඒත් ණය වාරික ගෙවන බව ඇහුණා. මිනිස්සුන්ට සහන ද සැලසුවා. මේ අපේ රටට ගංවතුර ආපු පළමු පාර නෙමේ. ඒත් පුරවැසියා වෙනුවෙන් පෙනී ඉන්නව සහන සලසනවා අපි දැක්කා. Corruption index වල දූෂණ වංචා අඩු රටක් ලෙස සටහන් වුණා.
ජනපති අගමැති ඇතුළු අය තමන්ට වියදම් වෙන මුදල පවා අඩු කළා
ඔවුන් ඉතා අමාරුවෙන් මේ රට ගොඩ ගන්න බව දකිනවා
ඒ අතරේ භාණ්ඩාගාරය සිද්ධිය අවුල්ම අවුල්. රටේ ණය වාරික කොයි තරම් හිඟ වෙලා ද ? ගොඩ ගැහිලා ද? මේ දැන් ඉන්න ආණ්ඩුව ගත්ත ණය නෙමෙයි වෙන්න ඇතිනේ.
රට අවුල් කරවපු අප්පච්චිලා බාප්පලා පුතාල කතා කරන හැටියට හෘද සාක්ෂියක් කියලා දෙයක් නැති වෙන්න ඕනේ. ඔය ගෙවන ණය අරගෙන රට හැදුවා නම් මොනවට යොදාගත්තු ඕස්ට්රේලියානු ණයද කියලත් පොඩ්ඩක් සඳහන් කරන්න.
රාජ්ය සේවය කියන එක හරියාකාරව මේ රටේ සකස් වෙච්චි දෙයක් නම් මේ අවුරුදු දහය විස්ස තුළ ඒ තරම් අසාර්ථක ව්යාපෘති ණය බර.
එහෙම වෙලා රටක් බංකොලොත් වෙයි ද ?
කාලයක් යුද්දෙ නිසා වියදම කිව්වා පටි තද කරගන්න කිව්වා. යුද්දෙ ඉවර වෙලා අවුරුදු 12 යද්දී රට බංකොළොත්.
රටේ පරිපාලන ක්ෂේත්රය කියන්නේ රාජ්ය සේවයේ ඉහළම පිරිස් ඉන්න තැන. එකේ එක තැනකින් හරි අවංක දූරර්ශී අය නැති වුණොත් එතනින් එහාට සිස්ටම් ෆෙල් වෙන හැටි අපි පුරවැසියෝ හැටියට රටක් හැටියට අත් දැක්කා.
මේ මොහොතෙත් මතක් කරන්නේ,
මේ සිදුවීම පසුපස සිටින සියලු පුද්ගලයන් විමර්ශනය කළ යුතුයි. ඉතාම පරිස්සමෙන් ගත කළ යුතු කාලයක්. කෙක්කෙන් බැරිනම් කොක්කේන් හරි බලය ගන්න පිරිසක් බලාගෙන ඉන්නේ රටට ආදරේ ට නොවන බව මේ වෙද්දි පුරවැසියන් ට තේරෙන්න ඕනේ. ඇත්තටම මෙහෙම වෙනකොට අපේ රටේ මිනිස්සු පව්.