Gayya in Europe

Gayya in Europe Hi I'm Gayya! https://www.youtube.com/
🇪🇺

My FB page is about to bring you knowledge, travel experiences in Europe
Also, You can join my You tube channel to gain more realistic experiences and knowledge about the Romania visa process. My channel is about to bring you knowledge, travel experiences and atmosphere in all around Europe.

හායි මම ගයියා! මගේ නාලිකාව මගින් ඔබට යුරෝපය පුරා දැනුම, සංචාරක අත්දැකීම් සහ එහි අත්දැකීම් ගෙන ඒමට සූදානම්.

04/10/2026

සේවා යෝජකයින් සහ විදේශීය පුරවැසියන් සඳහා වන දැනුවත් කිරීමේ වැඩසටහන
Dâmbovița ප්‍රාන්තයේ ආගමන විගමන කාර්යාලය, Dâmbovița කලාපීය කම්කරු පරීක්ෂක කාර්යාලය, Dâmbovița ප්‍රාන්තයේ ශ්‍රම බලකාය සේවා නියුක්ති ඒජන්සිය සහ Dâmbovița වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය එක්ව, රුමේනියාවේ නීත්‍යානුකූල සේවා කොන්දේසි මෙන්ම විදේශීය සේවා යෝජකයින්ගේ සහ සේවකයින්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ඇත.
📅 2026 ඔක්තෝබර් 14
🕐 පෙ.ව. 10:00 – 12:00
📍 Dâmbovița වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ මූලස්ථානය, Campulung වීදිය, අංක 6A, The Fair.
(Headquarters of the Chamber of Commerce, Industry and Agriculture Dâmbovi 📍a, Campulung Street, no. 6A, The Fair.)
Gayya in Europe

රොමේනියාවට එනවා නම්… ශීතලට සූදානම් වෙලා එන්න! 🇱🇰 ❄️🌬️🇹🇩මේ දිනවල රොමේනියාවේ කාලගුණය ශ්‍රී ලංකාවේ අපිට හුරුපුරුදු දේශගුණයට...
03/10/2026

රොමේනියාවට එනවා නම්… ශීතලට සූදානම් වෙලා එන්න! 🇱🇰 ❄️🌬️🇹🇩

මේ දිනවල රොමේනියාවේ කාලගුණය ශ්‍රී ලංකාවේ අපිට හුරුපුරුදු දේශගුණයට වඩා සැලකිය යුතු ලෙස ශීතලයි. ඒ නිසා මේ දිනවල ශ්‍රී ලංකාවේ සිට රොමේනියාවට පැමිණීමට බලාපොරොත්තු වන අය රැකියාවටත් වඩා මුලින්ම තමන්ගේ ශීතකාලීන සූදානම ගැන අවධානය යොමු කිරීම වැදගත්.

ඔයාලා එද්දී,

🧥 ශරීරය උණුසුම්ව තබාගත හැකි Jacket එකක්
🧣 Scarf / Neck warmer එකක්
🧤 Gloves
🧢 Warm cap / Beanie එකක්
🧦 ඝන මේස්

වැනි දේවල් කිහිපයක් ශ්‍රී ලංකාවෙන්ම සූදානම් කරගෙන එන එක ප්‍රයෝජනවත්. සපත්තු වගේම හොඳ winter jacket එකක් මෙහෙන් ගන්න පුළුවන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණයෙන් කෙළින්ම රොමේනියාවේ ශීතලට පැමිණෙන අයට මුල් දින කිහිපය තරමක් අමාරු විය හැකියි.🥶

ඒ නිසා,

👉 ගුවන් තොටුපළෙන් පිටතට එන මොහොතේම ඇඳගන්න පුළුවන් උණුසුම් ඇඳුමක් Hand Luggage එකේ තබාගන්න.
👉 පැමිණීමට පෙර රැඳී සිටින නගරයේ කාලගුණ තත්ත්වය පරීක්ෂා කරන්න.
👉 උණුසුම් ඇඳුම් ස්ථර කිහිපයක් (layers) භාවිතා කරන්න.
👉 අධික ශීතලේදී එළිමහනේ වැඩ කිරීමට සිදුවන්නේ නම් විශේෂයෙන් සූදානම් වන්න.
👉 සීතලට හුරු නැති අය ශරීරය උණුසුම්ව තබා ගැනීමට වැඩි අවධානයක් දෙන්න.
Gayya in Europe

#රොමේනියාව #රොමේනියාජීවිතය

රුමේනියාවේ විදේශීය ශ්‍රමිකයන් සහ සේව්‍යයන් වෙනුවෙන් ගෙන එන ලද නව නීති ප්‍රතිසංස්කරණ සහ වෙබ් අඩවිය මේ වන විට ඇති ආන්දෝලනා...
01/10/2026

රුමේනියාවේ විදේශීය ශ්‍රමිකයන් සහ සේව්‍යයන් වෙනුවෙන් ගෙන එන ලද නව නීති ප්‍රතිසංස්කරණ සහ වෙබ් අඩවිය මේ වන විට ඇති ආන්දෝලනාත්මක තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඒ සඳහා වූ නීතිමය රාමුව පිළිබඳව ජාතික මට්ටමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රුමේනියානු ආගමන විගමන සේවය (Immigration Service) සහ ප්‍රාදේශීය කම්කරු පරීක්ෂක කාර්යාල (Territorial Inspectorate of Labor - ITM) එක්ව සංවිධානය කර තිබෙනවා.
මෙය දැනට 2026 ඔක්තෝබර් 12 - 16 දක්වා ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කම්කරු පරීක්ෂක කාර්යාල වෙබ් අඩවිය සඳහන් කරනවා. 🇷🇴⚖️📢

රුමේනියාවේ නීත්‍යානුකූලව රැකියා කිරීම, රැකියා කොන්දේසි මෙන්ම සේව්‍ය-සේවක දෙපිරිසේම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව සියලු දෙනා නිවැරදිව දැනුවත් කිරීම සඳහා රුමේනියානු ආගමන විගමන සේවය (Immigration Service) සහ ප්‍රාදේශීය කම්කරු පරීක්ෂක කාර්යාල (Territorial Inspectorate of Labor - ITM) එකමුතුව ක්‍රියාත්මක කරන මෙම ජාතික මට්ටමේ විශේෂ ප්‍රචාරණ සතිය ඔබ රුමේනියාවේ රැකියාවක නිරත වන විදේශීය ශ්‍රමිකයෙකු නම්, නැතහොත් විදේශීය ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන ප්‍රධානියෙකු/සේව්‍යයෙකු නම් වැදගත් වෙනු ඇති.

මෙම වැඩසටහන හරහා පහත කරුණු පිළිබඳව පූර්ණ නීතිමය අවබෝධයක් ලබා ගත හැකි බව ඔවුන් සඳහන් කරනවා.

📢 නීත්‍යානුකූල සේවා කොන්දේසි (Legal working conditions)

📢 සේවකයන් සහ සේව්‍යයන් සතු නීත්‍යානුකූල අයිතිවාසිකම් හා වගකීම් (Rights and obligations)

📍මේ වන විට ප්‍රාදේශීය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:

1. Mureș ප්‍රාන්තය (Mureș County):

සංවිධානය: Mureș ආගමන විගමන සේවය සහ Mureș ප්‍රාදේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය (ITM Mureș)

දිනය: 2026 ඔක්තෝබර් 15

වේලාව: පස්වරු 13:00

ස්ථානය: ITM Mureș මූලස්ථානය (ITM Headquarters Mureș)

2. Galați ප්‍රාන්තය (Galați County):

සංවිධානය: Galați ආගමන විගමන සේවය සහ Galați ප්‍රාදේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය (ITM Galați)

දින: 2026 ඔක්තෝබර් 14 සහ 15

වේලාව: පෙ.ව. 11:00

ස්ථානය: ITM Galați මූලස්ථානය, 2 වන මහල - සම්මන්ත්‍රණ ශාලාව (ITM Galați Headquarters, 2nd Floor - Conference Room)

ඉදිරියේදී අනෙකුත් ප්‍රාන්තද මෙම වැඩසටහ ඔස්සේ ආවරණය කරන ආකාරය පිළිබඳව ඔබට තොරතුරු ගෙන ඒමට සුදානම් අතර, ඔබට අවශ්‍ය සියලුම වැදගත් තොරතුරු ලබා ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න!
Gayya in Europe

#රොමේනියා #විදේශ_රැකියා #රුමේනියා_පුවත්

රුමේනියාවේ අගනුවර වන බුකරස්ට් හි පොදු ප්‍රවාහන පද්ධතිය තවත් නූතන හා වේගවත් කරමින්, දුම්රිය ස්ථාන 27 කින් සමන්විත අලුත්ම ...
29/09/2026

රුමේනියාවේ අගනුවර වන බුකරස්ට් හි පොදු ප්‍රවාහන පද්ධතිය තවත් නූතන හා වේගවත් කරමින්, දුම්රිය ස්ථාන 27 කින් සමන්විත අලුත්ම M7 මෙට්‍රෝ මාර්ගය (Magistrala M7) ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම නව මෙට්‍රෝ මාර්ගය මගින් Bragadiru සහ Rahova ප්‍රදේශවල සිට නගර මධ්‍යයේ පිහිටි Piața Unirii හරහා Colentina සහ Voluntari දක්වා ප්‍රදේශ සෘජුවම සම්බන්ධ වන අතර, එමගින් නගරයේ පවතින අධික වාහන තදබදයට පූර්ණ විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිනපතා ගමන් ගන්නා දහස් සංඛ්‍යාත ජනතාවට, රැකියා නියුක්තිකයන්ට සහ සංචාරකයන්ට වඩාත් පහසු, වේගවත් මෙන්ම පරිසර හිතකාමී ගමනාගමන සේවාවක් මෙමගින් සැපයීමට අපේක්ෂා කර ඇත.
Gayya in Europe

#රොමේනියා #බුකාරෙස්ට් #විදේශ_රැකියා #රුමේනියා_පුවත්

29/09/2026

Oradea, Romania 🇷🇴

Copenhagen, Denmark 🇩🇰
29/09/2026

Copenhagen, Denmark 🇩🇰

🇷🇴 රොමේනියාවේ රැකියාව මාරු කරන්න කලින් දෙවරක් සිතන්න!“අලුත් Company එකේ පඩිය වැඩියි…එහෙනම් මේ රැකියාව දාලා අලුත් එකට යනව...
28/09/2026

🇷🇴 රොමේනියාවේ රැකියාව මාරු කරන්න කලින්
දෙවරක් සිතන්න!

“අලුත් Company එකේ පඩිය වැඩියි…
එහෙනම් මේ රැකියාව දාලා අලුත් එකට යනවා.”

රොමේනියාවේ වැඩ කරන කෙනෙකුට මේ තීරණය ඉතාමත් සරල එකක් වගේ පේන්න පුළුවන්. නමුත් රොමේනියාවේ විදෙස් සේවකයන් සම්බන්ධ නීති හා ක්‍රියාපටිපාටි මේ වන විට වෙනස් වෙමින් පවතින පසුබිමක, රැකියාව මාරු කිරීමේදී දෙවරක් නොව කිහිප වරක් සිතා බැලීම වැදගත්.

IGI එක විසින් 2026 ජූලි මාසයේදී employer හෝ function change සම්බන්ධ applications සඳහා විශේෂ ක්‍රියාපටිපාටි පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණා.

🔴 “අලුත් Employer මාව ගන්නවා” කියන එක පමණක් මේ වෙද්දී ප්‍රමාණවත් නැහැ

රැකියාව මාරු කිරීමට පෙර මේ ප්‍රශ්නවලට පිළිතුරු තියෙනවාද බලන්න.

✅ අලුත් employer නීත්‍යානුකූලව ලියාපදිංචි වී තිබෙනවාද (අලුත් නීති අනුව Direct hire කරන්න හැකියාව ඇත්තේ විශාල මුදල් ඇපකර තබන මහා පරිමාණ ව්‍යාපාර වලට බව සඳහන් )?

✅ විදෙස් සේවකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය authorization / approval ක්‍රියාවලිය එම ආයතනය සම්පූර්ණ කර තිබෙනවාද?

✅ මගේ නව රැකියාවට අදාළ work authorization එක ලබාගන්නේ කෙසේද?

✅ මගේ වර්තමාන residence permit එකට මේ employer change එකෙන් ඇතිවන බලපෑම කුමක්ද?

✅ පරණ employment contract එක නීත්‍යානුකූලව අවසන් කරන්නේ කොහොමද?

මේ කරුණු පැහැදිලි කරගන්න කලින් resignation එකක් දීම හෝ අලුත් තැන වැඩ ආරම්භ කිරීම ගැන ඉක්මන් තීරණයක් ගන්න එපා.

🔴 2026දී මේ වන විට නීතිමය පරිසරය තවත් වෙනස් වී තිබෙනවා

2026 අප්‍රේල් 23 දින නිකුත් කළ OUG 32/2026 මගින් රොමේනියානු රැකියා වෙළඳපොළට විදෙස් සේවකයන්ගේ ප්‍රවේශය සම්බන්ධ නව විධිවිධාන හඳුන්වා දී තිබෙනවා.

ඊට අමතරව, 2026 සැප්තැම්බර් 15 දින , Bucharest Court of Appeal විසින් විදෙස් සේවකයන් සඳහා “deficit occupations” ලැයිස්තුව අනුමත කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව, IGI විසින් WorkInRomania platform එකේ employer registration, authorization සහ ඇතැම් D/AM2 visa application flows තාවකාලිකව අක්‍රීය කළ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

තවද 2026 සැප්තැම්බර් 25 දින employer change තත්ත්වයන්ට අදාළ ඇතැම් temporary residence extension applications ගැනත් IGI විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. එහිදී WorkInRomania ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ වූ පසු, එක් එක් සිද්ධියට අදාළ නීතිමය හා ප්‍රායෝගික තත්ත්වය සලකා applications විශ්ලේෂණය කරන බව සඳහන් කර තිබෙනවා.

🔴 ඒ නිසා දැන් රැකියාව මාරු කරන කෙනෙක් විශේෂයෙන් බලන්න ඕනේ කරුණු

**1️⃣ Employer **

අලුත් company එක ඇත්තටම නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන employer කෙනෙක්ද?

**2️⃣ Employer Registration / Authorization**

විදෙස් සේවකයෙකු බඳවා ගැනීමට අදාළ employer registration සහ authorization ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබෙනවාද/ අදාල process එක direct හෝ ඒජන්සියක් හරහා කිරීමේ සුදානමක් තිබෙනවද?

**3️⃣ Work Authorization**

ඔබගේ නව රැකියාවට අදාළ work authorization එකේ තත්ත්වය කුමක්ද?

**4️⃣ Residence Permit**

Employer change එක ඔබගේ residence status එකට බලපාන්නේ කොහොමද?

**5️⃣ Contract**

පරණ employer සමඟ තිබෙන contract එක අවසන් කිරීම සහ අලුත් employer සමඟ contract එක ආරම්භ කිරීම නීත්‍යානුකූලව සිදුකරනවාද?

විශේෂයෙන්ම **2026 වසරේ නීති සහ පරිපාලන ක්‍රියාපටිපාටි වෙනස් වෙමින් පවතින පසුබිමක**, Facebook, TikTok, WhatsApp group එකක හෝ කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමක් මත පමණක් තීරණයක් ගන්න එපා.

⚠️ ඒ නිසා හැකිනම් මේ තත්වය යම් මට්ටමකට සමතයකට පත් වෙන තුරු ඔබ කරන රැකියාවේ රැඳී සිටින්න.
Gayya in Europe

#විදෙස්සේවකයන් #රොමේනියාව #රැකියා #රැකියාවමාරුකිරීම

28/09/2026

2026 සැප්තැම්බර් 28 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.
සම්පුර්ණ වීඩියෝව : https://youtu.be/ukt6mQwA6b0

2026 සැප්තැම්බර් 28 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.සම්පුර්ණ වීඩියෝව :
28/09/2026

2026 සැප්තැම්බර් 28 වන දා වන විට ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියන් එම්බසියේ නවතම යාවත්කාලීන වීම.
සම්පුර්ණ වීඩියෝව :

26/09/2026

රොමේනියාවේ ඉන්න අය මේ දවස් වල ජොබ් එක මාරු කරන්න ඉන්නවනම් පොඩ්ඩක් ඉවසන්න 🙏

Address

Oradea
410603

Website

Alerts

Be the first to know and let us send you an email when Gayya in Europe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gayya in Europe:

Shortcuts

Share