Ethera Api Organization - Qatar Branch

Ethera Api Organization - Qatar Branch එතෙර අපි සංවිධානය - කටාර් ශාඛාව
அக்கரையில் நாம் அமைப்பு - கடார் கிளை
Ethera Api Organization - Qatar Branch

06/10/2026

තායිලන්තයේ යන්න බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්..

A winning night for Sri Lanka! 🇱🇰⚽️Sri Lanka - 5 win in a row is historic and another Chapter in our journey. Every Sri ...
05/10/2026

A winning night for Sri Lanka! 🇱🇰⚽️

Sri Lanka - 5 win in a row is historic and another Chapter in our journey. Every Sri Lankans can now be proud of Sri Lanka Football.

A 3–2 victory over Mauritius, celebrated together with the team, officials and everyone behind the journey.

https://www.facebook.com/share/p/1FhfG7myWt/
03/10/2026

https://www.facebook.com/share/p/1FhfG7myWt/

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් ඔබට Whatsapp voice පණිවිඩයක් හරහා සෘජුව අමාත්‍යවරයාගේ අවධානයට යොමුකල හැක.

ඔබ යොමුකරන ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා පළකරනු ලැබේ.

(077) 554 1646 අංකයට ඔබේ Whatsapp voice පණිවිඩය දැන්මම යොමු කරන්න.

විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් – වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍රවිදේශ ශ්‍රමික...
30/09/2026

විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් – වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

විදේශ ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (28) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති “Protecting Those Who Move: Advancing Social Protection in the South Asia–Gulf Migration Corridor” යන තේමාව යටතේ පැවති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) STREAM හඳුන්වාදීමේ පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රමිකයන් පිටත්වන රටවල් සහ ගමනාන්ත රටවල නියෝජිතයන් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍ර මහතා, විදේශ රැකියා සඳහා යාම අවදානමකට නොව අවස්ථාවකට මඟ පෙන්වන ක්‍රියාවලියක් විය යුතු බව අවධාරණය කළේය. විදේශ ශ්‍රමිකයන් සඳහා රැකියාවක් සඳහා පිටත්වීමට පෙර සූදානම් වීමේ අවස්ථාවේ සිට බඳවා ගැනීම, සේවයේ නිරත වීම, සමාජ ආරක්ෂණය, නැවත මව් රටට පැමිණීම සහ යළි සමාජගත වීම දක්වා සමස්ත ක්‍රියාවලිය පුරාම ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය වසර දෙක තුළ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කළේය. ඒ අතර, ලියාපදිංචි වී සිටින සුදුසුකම් ලත් විදේශ ශ්‍රමිකයන් සඳහා මරණ වන්දි මුදල රුපියල් මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම, දායකත්ව මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා කටයුතු ඉදිරියට ගෙන යාම සහ නව විදේශ රැකියා පනතක් සකස් කිරීමේ කටයුතු ඇතුළත් වේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිය ඡන්ද අයිතිය භාවිත කිරීමට හැකිවන පරිදි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ද මේ වන විට සූදානම් වෙමින් පවතී.

විදේශ ශ්‍රමිකයන් සඳහා වන සේවා ශක්තිමත් කිරීමේදී ඩිජිටල්කරණයේ වැදගත්කම ද වැඩබලන අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව හඳුන්වා දී ඇති “LankaKonect” සේවාව මඟින් විදේශගත ශ්‍රමිකයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ රජයේ සහයෝගය වඩාත් සෘජුව ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රතිපත්තිය විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු බවත්, නිපුණතා සංවර්ධනය, වඩාත් යහපත් රැකියා අවස්ථා, ආරක්ෂිත සහ විධිමත් විදේශ රැකියා ක්‍රියාවලිය, ශක්තිමත් ශ්‍රමික ආරක්ෂණය සහ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල දිගුකාලීන ආර්ථික සුරක්ෂිතතාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය, බඳවා ගැනීම් නියාමනය, පවුල් ආරක්ෂාව සහ නැවත සමාජගත කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රමිකයන් පිටත්වන සහ ගමනාන්ත රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් රටට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන සුවිශේෂී දායකත්වය අගය කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රතිපත්තියේ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සැලකීමේ වැදගත්කම අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ILO කාර්යාලය, STREAM වැඩසටහන් ක්‍රියාත්මක කරන කණ්ඩායම සහ සංවර්ධන හවුල්කරුවන් වෙත ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය.

28/09/2026
Congratulations champion 🎖️🏆🏅
28/09/2026

Congratulations
champion 🎖️🏆🏅

එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය 2026 සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වේ.මෙවර මහා මණ්ඩල සැසියේ මහ සභා විවාදයේදී...
27/09/2026

එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය 2026 සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වේ.

මෙවර මහා මණ්ඩල සැසියේ මහ සභා විවාදයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය සැප්තැම්බර් 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙවර සැසියේ තේමාව වන්නේ “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්නයි.

මහා මණ්ඩල සැසියට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

The 81st Session of the United Nations General Assembly is being held from 27 to 30 September 2026.

Sri Lanka’s National Statement will be delivered at the General Debate on 28 September, under this year’s theme, “Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All.”

The programme will also include meetings with UN Secretary-General António Guterres, senior UN officials and Foreign Ministers of several countries on the margins of the General Assembly.

ஐக்கிய நாடுகள் பொதுச் சபையின் 81ஆவது அமர்வு 2026 செப்டம்பர் 27 முதல் 30ஆம் திகதி வரை நடைபெறுகிறது.

இந்த ஆண்டின் பொதுச் சபை பொது விவாதத்திற்கான கருப்பொருளான “நம்பிக்கையை மீட்டெடுத்து, மாற்றங்களை நிர்வகித்தல்: அனைவருக்கும் பயனளிக்கும் வகையில் செயல்படும் ஐக்கிய நாடுகள் சபை” என்ற தொனிப்பொருளின் கீழ், இலங்கையின் தேசிய அறிக்கை செப்டம்பர் 28ஆம் திகதி சமர்ப்பிக்கப்படவுள்ளது.

மேலும், பொதுச் சபை அமர்வை ஒட்டி, ஐக்கிய நாடுகள் சபையின் பொதுச் செயலாளர் அந்தோனியோ குட்டரெஸ், உயர்மட்ட ஐ.நா. அதிகாரிகள் மற்றும் பல்வேறு நாடுகளின் வெளிவிவகார அமைச்சர்களுடன் சந்திப்புகளும் இடம்பெறவுள்ளன.

https://www.facebook.com/share/p/1DcwG3GwnD/
25/09/2026

https://www.facebook.com/share/p/1DcwG3GwnD/

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ගැටලු සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳ සෘජුව අදහස් හුවමාරු කර ගැනීම සඳහා එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාව විසින් සංවිධානය කළ ප්‍රජා නායකයන්ගේ හමුවක් පසුගිය 21 වැනිදා දෝහාහිදී පැවැත්වුණා.

දෝහාහි DusitD2 Salwa Doha හෝටලයේ පැවති මෙම හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සහභාගී වූ අතර, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් මහත්මිය ඇතුළු ප්‍රජා නායකයන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක්ද එක්ව සිටියා.

මෙහිදී එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාවේ සභාපති අරුණ රුවන් කුමාර මහතා විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින්, 2015 වසරේ සිට කටාර්හි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සුබසාධනය වෙනුවෙන් සංවිධානය සිදුකරන මෙහෙවර පිළිබඳව අදහස් පළ කළා.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා සහනදායී ණය සහ මූල්‍ය පහසුකම්, ආයෝජන අවස්ථා සහ ඉඩම් හිමිකම මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමේ අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද එහිදී අවධානය යොමු වී තිබෙනවා.

කටාර්හි ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දුලිප් ලියනගේ මහතාද අදහස් දක්වමින්, ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන අතර එකමුතුව සහ තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය පිළිබඳව අවධාරණය කළ අතර, විදේශගත ශ්‍රමිකයන් මුහුණ දෙන දිගුකාලීන පරිපාලන හා ප්‍රතිපත්තිමය ගැටලු විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද පැහැදිලි කළා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ දූත මණ්ඩල වඩාත් කාර්යක්ෂම සේවා සපයන ආයතන බවට පත් කිරීම, විදේශගත ශ්‍රමිකයන්ගේ මූල්‍ය හා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම හා වෘත්තීය හැකියාවන් රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.

මේ අතර, පැවති ප්‍රශ්න හා පිළිතුරු සැසියේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන කොන්සියුලර් සේවා, තානාපති කාර්යාල සුබසාධන කටයුතු, නැවත ශ්‍රී ලංකාවට පැමිණීම, කම්කරු ආරවුල්, ද්විත්ව පුරවැසිභාවය සහ ආයෝජන ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සෘජුව විමසීම් සිදුකර තිබෙනවා.

එම ප්‍රශ්න සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදී ඇති අතර, අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සඳහන් කර තිබෙනවා.

වැඩසටහන අවසානයේ එතෙර අපි සංවිධානය විසින් සහභාගී වූ පිරිස වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා.

ඔබ රටට සවියක්....
22/09/2026

ඔබ රටට සවියක්....

යෝජිත කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නියුතු ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු සහ විදේශ රැකියා පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හ...
22/09/2026

යෝජිත කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නියුතු
ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු සහ විදේශ රැකියා පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගි වූ,

කටාර් රාජ්‍යයේ රැකියා නියුතු විවිධ පැතිකඩයන් නියෝජනය වූ ප්‍රජා නායකත්ව හමුවක්, එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාවේ සංවිධානයෙන් 2026 සැප්තැම්බර් 21 වැනිදින සවස Doha Dusit 2 හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ගරු තානාපතිනිය සිතාරා ඛාන් මැතිනියද එක්විය.
මේ මගින් ප්‍රජා සම්බන්ධතා සහ සුහහදතාවන් වර්ධනය කර ගැනීමට ඉමහත් පිටුවහලක් වේ යැයි බලාපොරොත්තු වෙමු.

මෙම අවස්ථාව වර්ණවත් කරගැනීමට නන් අයුරින් උදව් උපකාර කල සියලු මහත්ම මහත්මීන්ට එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාව ලෙස නොවක් ස්තූතිය පුදකර සිටිමු.

கத்தார் அரசிற்கான உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொண்டுள்ள இலங்கை அரசாங்கத்தின் வெளிவிவகார மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு பிரதியமைச்சர் கௌரவ அருண் ஹேமச்சந்திர அவர்கள் கலந்து கொண்ட,
கத்தார் நாட்டில் தொழில் புரியும் இலங்கையர்களின் பல்வேறு துறைகளைப் பிரதிநிதித்துவப்படுத்தும் சமூகத் தலைவர்களுடனான சந்திப்பொன்று, அக்கரையில் நாம் அமைப்பின் கத்தார் கிளையினால் ஏற்பாடு செய்யப்பட்டு, 2026 செப்டம்பர் 21ஆம் திகதி மாலை தோஹா (Doha Dusit 2) ஹோட்டல் வளாகத்தில் மிகவும் சிறப்பான முறையில் நடைபெற்றது.
இந்நிகழ்வில் இலங்கைக்கான கௌரவ தூதுவர் திருமதி சித்தாரா கான் அவர்களும் கலந்து சிறப்பித்தார்.
இச்சந்திப்பின் ஊடாக சமூகங்களுக்கிடையிலான தொடர்புகள், நல்லுறவு மற்றும் பரஸ்பர புரிந்துணர்வுகளை மேலும் வலுப்படுத்துவதற்கு பெரிதும் பங்களிப்பு கிடைக்கும் என நம்புகின்றோம்.
இந்நிகழ்வை சிறப்புறவும் வெற்றிகரமாகவும் நடத்துவதற்கு பல்வேறு வழிகளில் தங்களது ஒத்துழைப்பையும் ஆதரவையும் வழங்கிய அனைத்து நல் உள்ளங்களுக்கும், அக்கரையில் நாம் அமைப்பின் கத்தார் கிளையின் சார்பில் எமது மனமார்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்கின்றோம்!

The Community Leadership Meeting, attended by the Hon. Arun Hemachandra, Deputy Minister of Foreign Affairs and Foreign Employment of the Government of Sri Lanka, who is currently on an official visit to the State of Qatar, was organized by the Qatar Branch of the Ethere Api Organization and held in a highly successful manner on the evening of 21 September 2026 at the Doha Dusit 2 Hotel.
The event was also graced by the presence of Her Excellency Ms. Sithara Khan, Ambassador of Sri Lanka.
We sincerely hope that this initiative will make a significant contribution towards further strengthening community relations, goodwill, and mutual understanding.
As the Qatar Branch of the Ethere Api Organization, we extend our heartfelt gratitude to all the gentlemen and ladies who contributed and provided their valuable support and assistance in numerous ways towards making this occasion a memorable and successful event!

Address

Doha

Telephone

+97451001095

Website

Alerts

Be the first to know and let us send you an email when Ethera Api Organization - Qatar Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share