06/09/2026
ආදරණීය Wellington ශ්‍රී ලාංකික ඔබ සැමට,
කණගාටුවෙන් වුණත් අද අපිට ඔබත් එක්ක බෙදාගන්න වෙන්නේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු පුවතක්.
BNS Wellington ප්‍රසංගය නොපැවැත්වීමට Promoter සහ BNS පාර්ශ්වයෙන් තීරණය කර තිබෙනවා.
USLA අපිටත් මේ තීරණය ඔබට වගේම ලොකු කණගාටුවක්. Wellington ප්‍රසංගය සාර්ථක කරගන්න අවසානය දක්වාම අපි අපේ පැත්තෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙමින්, වැඩකටයුතු ඉදිරියට ගෙන යමින් සිටියා.
නමුත් මේ අවස්ථාවේ ප්‍රසංගය අවලංගු කිරීමේ තීරණය USLA විසින් ගත් තීරණයක් නොවන බවත්, එය අපගේ පාලනයෙන් පිටත ගත් තීරණයක් බවත් පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි.
ඒ වගේම මේ සිදුවීමත් එක්ක Wellington වල අපේ entertainment scene එක ගැන අපි හැමෝටම ටිකක් හිතන්න දෙයක් තියෙනවා.
අපි අතර දැන් ටිකෙන් ටික හැදෙන පුරුද්දක් තමයි —
“show එකට තව කල් තියෙනවනේ… ticket එක පස්සේ ගමු” කියලා අන්තිම සතිය වෙනකම් බලාගෙන ඉන්න එක.
Audience එකේ පැත්තෙන් බලද්දී ඒක සාමාන්‍ය දෙයක්. Ticket එකක මිල, show එක තියෙන දවස, පවුලේ වැඩකටයුතු — මේ හැමදේම බලලා තමයි කෙනෙක් තීරණයක් ගන්නේ.
හැබැයි අනෙක් පැත්තෙන්, international artist කෙනෙක් හෝ band එකක් Wellington වලට ගේන එක කියන්නේ ලොකු financial commitment එකක්. Flights, venue, production, sound, accommodation, logistics වගේ ගොඩක් දේවල් show එකට සති ගණනකට කලින් confirm කරන්න වෙනවා. ඒ නිසා Wellington වගේ comparatively smaller market එකක last-minute ticket culture එක දිගටම ගියොත්, හොඳ quality shows අපේ නගරයට ගේන එක organisersලාට තව තවත් අමාරු වෙනවා.
මේක කාටවත් දොස් කියන කතාවක් නෙවෙයි.
ඒත් අපි හැමෝම එක community එකක් විදිහට හිතන්න ඕන කාරණයක්.
අපිට Auckland වලටම ගිහින් හොඳ Sri Lankan show එකක් බලන්න වෙනවා වෙනුවට, ඒ artistsලා Wellington වල අපේම නගරයට එනවා දකින්න ඕන නම් — අපි කැමති event එකකට හැකි තරම් කලින් support එක පෙන්නන එක ඒ culture එක දිගටම තියාගන්න ලොකු ශක්තියක්. ❤️
දැනට tickets අරගෙන අපිව විශ්වාස කරපු හැමෝටම — බොහොම ස්තුතියි. 🙏
🎟️ දැනට මිලදීගෙන ඇති සියලුම tickets සඳහා full refund එකක් ලබාදීමට USLA, Krystal Events සමඟ කටයුතු කරමින් සිටිනවා. Refunds original ticketing platform එක හරහා process වන අතර, අපට දැනුම් දී ඇති පරිදි working days 3–5ක් ඇතුළත ඒවා සම්පූර්ණ වීමට නියමිතයි.
අපිත් මේ ගැන ඔබ වගේම කණගාටු වෙනවා. ඒත් එක අවලංගු වුණු event එකකින් Wellington වල අපි ගොඩනගාගෙන ආපු Sri Lankan entertainment culture එක නවතින්නේ නැහැ.
USLA එක්ක මෙතෙක් එකතු වෙලා අපේ events සාර්ථක කරපු ඔබ සැමට ස්තුතියි. ඉදිරියටත් Wellington community එක වෙනුවෙන් තවත් හොඳ දේවල් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. 🇱🇰❤️🇳🇿
Dear Wellington Community,
It is with great disappointment that we advise that the BNS Wellington show has been cancelled following a decision made by the Promoter and BNS.
USLA is extremely disappointed with this outcome. We had remained fully committed to supporting the Wellington show and working towards delivering a successful event for our community. Unfortunately, the decision to cancel the show was made by the Promoter and BNS and is therefore outside USLA’s control.
Our immediate priority has been to ensure that everyone who purchased tickets is looked after. USLA has been working with Krystal Events to arrange refunds for all tickets purchased to date.
Refunds will be processed through the original ticketing platform, and we have been advised that these should be completed within 3–5 working days.
We sincerely appreciate the support and enthusiasm shown by the Wellington community for this event. We understand that many of you were looking forward to the show, and we share your disappointment that it will no longer be going ahead.
Thank you for your patience, understanding and continued support of USLA and our community events.