21/09/2025
කිරිබත්ගොඩදී ඔබට කරන්නම වැඩක් නැත්තම්....
රු 200ක බැදපු රටකජු ගොට්ටක්, එකක් මදි, ඒවයින් පහ හයක්ම අරන්
අඟුලාන 154 බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එකක වාඩිවෙන්න. 🥜🌿
දළුගම ඊට පස්සේ
කැලණි කැම්පස් එකේ කෑලි ටිකකුත් බලාගෙන පෑලියගොඩ මාලු මාකට් එකේ නැවුම් සුවදත් විදිමින් අලුත් කැළනි පාලමේ අසිරියත් විදිමින් මා යන හැම අතටම විටෙන් විට දිස්වෙන නෙලුම් කුලුනත් නරඹමින් තව්තිසා දේව ලෝකයේ හැගීමත් සිතට ගෙන ඒ මේ අත වංගු ගනිමින් වැලිකඩ බන්ධනාගාර පැත්තේ යාලුවො ටිකකුත් බලාගෙන අසිරිමත්
කොලඹට පිවිසෙන කාර්යබහුලම මාර්ග 03ක් එනම් නුවර පාර, බේස්ලයින් , ගාලු පාර ආවරණය කිරීමට බලාපොරොත්තුවෙන් ඉදිරියට ඇදෙන මාගේ ආදරණීය ප්‍රවාහන සඟයාගේ මා
හිදඟත් ජනේලයෙන් ඇසෙන ඩක ඩක ශබ්දයත් ජනේලයෙන් හමා එන කොළඹ උනුසුම් සුළගත් විදිමින් යන්න නේද ඔය බස් එකට නැග්ගේ?
අර ගත්ත රටකජු ගොටු 6ත් ඉවරයි නේද?
ඔන්න ඔය බැහැලා පික්මී එකක් දාගෙන ගෙදර වරෙන්.
බස් එක තාම බොරැල්ල ටවත් ඇවිල්ලා නෑ.
ඔය බස් එක මේ කපේට අගුලානට යන්නෑ...
පසිදු අචලංක ගමගේ....