akuru.xyz

akuru.xyz අකුරු ශ්‍රී ලංකාවේ සහ කලාපයේ භාෂා, අක්ෂර සහ සංස්කෘතීන් වල අනාගතය ගොඩනගයි.

Akuru is advancing the languages, letterforms and culture of Sri Lanka and the region towards the future.

ෆොන්ට් හොයන්න ගියාම වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම තියෙන වදේ දන්නෙ ඒක කරල තියෙන කෙනෙක්ම විතරයි. නේකාකාර වෙබ් වල නේකාකා...
29/07/2021

ෆොන්ට් හොයන්න ගියාම වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම තියෙන වදේ දන්නෙ ඒක කරල තියෙන කෙනෙක්ම විතරයි. නේකාකාර වෙබ් වල නේකාකාර නම් වලින් තියෙන ෆොන්ට් අරගෙන බැලුවම ඒ ඔක්කොම එකම තමයි නම විතරක් වෙනස් කියල පේනවා. ඩවුන්ලෝඩ් කරගන්න කලින් ෆොන්ට් එකේ අකුරු හැඩතල බලන්න විදියක් නෑ. බැලුවත් අපට ඕන කරන වාක්‍යයක් ඡේදයක් ටයිප් කරලා ඒක පේන හැටි බලාගන්න විදිහක් නෑ. ඒ විතරක්ද එකින් එකට වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නත් ඕන. යුනිකෝඩ් කියල ඩවුන්ලෝඩ් කරල බැලුවම අන්තිමේ තියෙන්නෙ හද්ද පරණ ඇස්කි අකුරු. අන්තිමේ මේවට යන වෙලාවත් අපරාදෙ.

වැඩේට හරි වගේ පේන ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තත් ඒක වෙළඳ දැන්වීමකට වගේ කොලිටි වැඩකට ගන්න බැහැ. මොකද තියෙන අකුරු ලොකු සයිස් වලින් ප්‍රින්ට් කළාම රුවිතෙට ඇදයි. තැනින් තැනින් කෑලි අහකට පැනල. ඕසෙට තියෙන වෙබ්සයිට් එකකින්වත් හයි කොලිටි සිංහල අකුරු ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. අන්තිමට ඉතින් වැඩේට ගැලපෙන අකුරු නැතිව අනේ අපොයි කියල කියවෙන එක තමයි වැඩි දෙනෙකෙුට වෙන්නෙ.

ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් ළඟ ළඟම එනවා, අද හෙටම දෙනවා. එතකොට සිංහල අකුරු ඔක්කොම එකම තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න හැකියි. ඩවුන්ලෝඩ් කරගන්න කලින් තමුන් කැමති වැකියක් පේන හැටි බලල අකුරු තෝරගන්න හැකියි. ඕන වැඩකට ගන්න හැකි හයි කොලිටි අකුරු. වෙබ් එකෙත්, වර්ඩ් වලත්, ඇඩෝබි වලත් එක විදිහට වැඩකරන යුනිකෝඩ් තාක්ෂණේට හදාපු අකුරු. ඒ විතරක්ද ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් ෆයිල් අලුත් දේවල් එක්ක නිතර නිතර අප්ඩේට් වෙන තාක්ෂණික පහසුකමත් එක්ක පහසුවෙන් භාවිත කරන්න හැකි විසඳුම් රැසක් එකට කැටිකළ නිමැවුමක්. ලංකාවේ වැඩවලට ඕනම කරන සිංහල දෙමළ ඉංග්‍රීසි අකුරු ඔක්කොම එකම තැනකින්. වෙලාවට කලාවට තිතට වැඩකරන අනාගත කාලෙ නිර්මාණ ශිල්පීන්ට One Stop ! Non Stop !!

සමීක්ෂණයට සහභාගී වෙන්න.https://forms.gle/kLDhfMkPsJWYVLvXAඅකුරු සාමූහිකය ආරම්භ වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. මේ පුංචි කාල...
07/12/2020

සමීක්ෂණයට සහභාගී වෙන්න.
https://forms.gle/kLDhfMkPsJWYVLvXA

අකුරු සාමූහිකය ආරම්භ වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. මේ පුංචි කාලය ඇතුලත සිංහල අකුරු, භාෂාව සහ ටයිපෝග්‍රැෆිවලට අදාලව අපි කරපු දේවල් බොහොමයක් තියෙනවා. නමුත් අපිට දැනට පැහැදිලිව සාමාජිකත්වය ලබාදීමේ ක්‍රමයක් නැහැ. ලබන වසරේ සිට එහෙම ක්‍රමයක් ඇතිකරන එක තමයි අපේ අදහස. ඔබත් සාමාජිකත්වය ලබාගන්නට කැමති නම් මේ සමීක්ෂණයට සහභාගී වෙන්න. සමීක්ෂණයට සහභාගී වෙන්න.
https://forms.gle/kLDhfMkPsJWYVLvXA

සිංහල ෆොන්ට්  භාවිත කරන ඔබට විශේෂ නිවේදනයයි!සිංහල රුවකුරු සමීක්ෂණයhttp://akuru.space/sinhala-font-survey-2020/අපි අකුරු ...
10/11/2020

සිංහල ෆොන්ට් භාවිත කරන ඔබට විශේෂ නිවේදනයයි!
සිංහල රුවකුරු සමීක්ෂණය
http://akuru.space/sinhala-font-survey-2020/

අපි අකුරු ෆෞන්ඩ්‍රිය ආරම්භ කලේ අපේ ලංකාවේ යුනිකෝඩ් රුවකුරු (font) හිඟය මකා දමන අදහසින් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙසයි. පසුගිය මාස පහ තුල අපි රුවකුරු හතරක් නිකුත් කල අතර තවත් නිර්මාණ රැසක් සකස් කරමින් පවතියි. මේ කාලය තුල 800කට වැඩි පිරිසක් 3000කට අධික වතාවක් අපේ රුවකුරු බාගත කර ඇත. අපි මේ දක්වා රුවකුරු ලබාදුන්නේ නොමිලේ වන අතර ඒ සඳහා කැමති නම් යම් දායකත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමු.

ලොව සෑම දෙයක්ම මෙන් රුවකුරුද සැබවින්ම නොමිලේ ලැබෙන්නේ නැත. ඒවා නිර්මාණයට ගතවන කාලය සහ ශ්‍රමය කවුරුන් හෝ දැරිය යුතුය. අපේ ඊළඟ පියවර මේ රුවකුරු නිර්මාණ වෙනුවෙන් ඔබේ මූල්‍ය දායකත්වය ලබාගැනීමයි. නමුත් කොරෝනා අර්බුධයෙන් ආර්ථිකය අකර්මන්‍ය වී ඇත. මේ කාලයේ අප සැම මූල්‍ය අපහසුතාවන්ට මුහුණ දී ඇති නිසා අපි ඉදිරි මාස කීපය තුල රුවකුරු නිකුත් කිරීම තාවකාලිකව නවතවන්නට තීරණය කළෙමු. නමුත් වැදගත් පුවතක් ඇත...

අපේ දැක්ම ලංකාවේ රුවකුරු (font) හිඟයට තිරසාර විසදුමක් ඉදිරිපත් කිරීමයි. අපේ ඉදිරි අරමුණ නිදහස් රුවකුරු සමුදායක් (Free and Open Source Font Collection) ගොඩනැගීමයි. අපේ සැලසුම සිංහල රුවකුරු භාවිතා කරන සියලු දෙනාගේ සහ ආයතන වල සහයෝගයෙන් සහ දායකත්වයෙන් සිංහල රුවකුරු අරමුදලක් ගොඩනැගීම යි. වාර්ෂික සාමාජික මුදලක් ගෙවා මෙම එකතුවට අයත් රුවකුරු ලබාගැනීමට ආයතන වලට සහ පුද්ගලයින්ට අවස්තාව ලැබෙන අතර සාමාජිකයන් හට මෙම අරමුදල හරහා නිමවෙන රුවකුරු ගැන තීරණ ගැනීමට අවස්ථාව ලැබේ. අකුරු සාමුහිකයේ සහ Institute of Typography හි සහයෝගයෙන් ගොඩනැගෙන මෙම අකුරු සමුදාය වෙනුවෙන් සහයෝගය සහ දායකත්වය ලබාදෙන්නට කැමති නම් සිංහල රුවකුරු (font) සමීක්ෂණයට ඔබේ දායකත්වය ලබාදෙන්න෴

෴෴෴

සිංහල රුවකුරු සමීක්ෂණය
http://akuru.space/sinhala-font-survey-2020/

චිත්‍ර ශිල්පයට ඇති ඇල්ම නිසාම, 1997 පමණ ලලිත් රත්නායක පාසැල් අධ්‍යාපනය හමාර වෙත්ම එවකට ජනප්‍රිය පුවත්පත් ආයතනයක් වූ නුගේ...
26/10/2020

චිත්‍ර ශිල්පයට ඇති ඇල්ම නිසාම, 1997 පමණ ලලිත් රත්නායක පාසැල් අධ්‍යාපනය හමාර වෙත්ම එවකට ජනප්‍රිය පුවත්පත් ආයතනයක් වූ නුගේගොඩ ICMS පුවත්පත් ආයතනයේ චිත්‍රශිල්පියෙකු ලෙස වෘත්තීය දිවියට අත් පොත් තබන්නේය. පරිගනකය අවම අවශ්‍යතා වෙනුවෙන් පමණක් භාවිතා වුණු එවන් කලෙක පුවත් පත්වල ශීර්ෂයන් (Title Letters) නිර්මාණය වූයේ චිත්‍ර ශිල්පියෙකු අතින්, කළු ඉන්දියන් තීන්තෙන් කඩදාසි මතය.. ඉතින් ලලිත් ට ආයතනයේ පැවරෙන චිත්‍ර කටයුතු අතර “අකුරු ඇඳීම” තවත් එක් ප්‍රධාන කර්තව්‍යක් විය… ඉන් අනතුරුව ලංකාවේ වූ ජනප්‍රිය පුවත් පත් හා ටෙලි නාට්‍යය වල ශීර්ෂයන් ඔහුගේ අකුරෙන් හැඩවිය..

2000 වසර දක්වා පුවත් පත් ආයතන කීපයකම චිත්‍ර ශිල්පියෙකු, චිත්‍ර කතා රචකයෙකු ලෙස සේවය කරන ඔහු කාලයත් සමඟ ක්ෂේත්‍රයේ සිදුවන ඩිජිටල් කරණය කල් තියා හඳුනා ගනිමින් පරිගනක ග්‍රැෆික් නිර්මාණ කරණය ඇරඹීය. තෙල් සායම්, දිය සායම්, චාකෝල් වැනි මාධ්‍යයන් ට දස්කම් දැක්වූ ලලිත් ට පරිගනකය චිත්‍ර ඇඳීම සඳහාද තවත් එක් අපූරු මෙවලමක් විය.. තමන් විසින් නිතර පරිගනකය හරහා අඳින අකුරු ෆොනුරූ ලෙසින් සකස් කිරීමට ආසාවක් ඔහු තුල හට ගත්තද, කාර්යය බහුලත්ව​ය ඔහුට හරස්වේ.

ඔය අතරේ කොළඹ, ගාල්ල, මාතර දී චිත්‍ර ප්‍රදර්ශණ ගණනාවක්ම පවත්වා ඇති ඔහු 2018 වසරේ ඉතාලියේ Fabriano හි පැවති “Fabriano in Acquarello” දිය සායම් ප්‍රදර්ශය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහුගේ සහභාගීත්වය සනිටුහන් කළේය.

ග්‍රැෆික් නිර්මාණ කටයුතුවලදී නිතර භාවිතාවන පුෂ්පානන්ද මහතා විසින් නිර්මාණය කරනලද FM ෆොනුරූ එකතුව දකින වාරයක් පාසා ලලිත්ගේ අකුරු හැදීමේ ආසාව යළි නැවුම් පණක් ලබන්නේය.. දැනට වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක ග්‍රැෆික් චිත්‍ර ශිල්පියෙකු ලෙස පූර්ණකාලීනව සේවය කරන ඔහු තවත් කල් නොදමා අක්ෂර ෆොනුරූ නිර්මාණ කරණය ට එළඹෙන්නේ සිංහල අක්ෂර පිළිබඳව ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ ඇතිවන පිබිදීමත් සමගයි… දැනට ඔහු අතින් නිමවෙමින් පවතින ෆොනුරූ ත්‍රිත්වයක් ඉදිරියේදී එළි දැක්වීමට නියමිතය..

Lalith Rathnayake

සීගිරි රුවකුර දැන්ම Download කරගන්න! https://youtu.be/K4VwAhSRiJEචිත්‍ර ශිල්පී ලලිත් රත්නායක ගේ දෙවන රුවකුරු නිර්මාණය ස...
24/10/2020

සීගිරි රුවකුර දැන්ම Download කරගන්න! 
https://youtu.be/K4VwAhSRiJE

චිත්‍ර ශිල්පී ලලිත් රත්නායක ගේ දෙවන රුවකුරු නිර්මාණය සීගිරි රුවකුර එලිදැක්වීම.

සිගිරි රුවකුර විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ සිරස්තල ටයිප් කිරීම වෙනුවෙනි. මෙහි දෙපස දාර තරමක් වැඩි ගණකමින් නිර්මාණය කර ඇති අතර සීගිරි රුවකුර Unicode ආකාරයෙන් නිර්මාණය කර ඇත.

සීගිරි රුවකුර දැන්ම Download කරගන්න! 
https://youtu.be/K4VwAhSRiJE

ඔක්තෝබර් 24 දාට "සීගිරි" අලුත්ම සිංහල රුවකුර  ලබාගන්න Akuru Foundry හරහා...චිත්‍ර ශිල්පී ලලිත් රත්නායක ගේ දෙවන රුවකුරු න...
24/10/2020

ඔක්තෝබර් 24 දාට "සීගිරි" අලුත්ම සිංහල රුවකුර ලබාගන්න Akuru Foundry හරහා...

චිත්‍ර ශිල්පී ලලිත් රත්නායක ගේ දෙවන රුවකුරු නිර්මාණය ලෙස එළි දකින සීගිරි රුවකුර විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ සිරස්තල ටයිප් කිරීම වෙනුවෙනි.
මෙහි දෙපස දාර තරමක් වැඩි ගණකමින් නිර්මාණය කර ඇත. සීගිරි රුවකුර Unicode ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Address

Silvermere 126, W. A. Silva Mawatha,
Wellawatta
00600

Alerts

Be the first to know and let us send you an email when akuru.xyz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share