වරෙන් යන්න අපිත් එක්ක - Waren yanna apith ekka - வரேன் யன்ன அபித் எக்க

  • Home
  • Sri Lanka
  • Welipenna
  • වරෙන් යන්න අපිත් එක්ක - Waren yanna apith ekka - வரேன் யன்ன அபித் எக்க

වරෙන් යන්න අපිත් එක්ක - Waren yanna apith ekka - வரேன் யன்ன அபித் எக்க Volunteer program by SPARK Global for schools and rural communities.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්වයෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වූ පවු​ල් වල, මෙවර සාමානය පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු...
14/12/2025

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්වයෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වූ පවු​ල් වල,

මෙවර සාමානය පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු දැරිවියන්ගේ අභිප්‍රේරණය සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අභිප්‍රේරණය කිරීම වෙනුවෙ​න් දෙදින වැඩමුළුවක්, මෙ​ම මස අවසානයේ පැවැත්වීමට සැලසුම් කරමින් පවතී, ඒ සදහා ඔබට පහත අයුරින් දායක විය හැක.

ප්‍රවාහන පහසුකම් ලබාදීම
ප්‍රධාන ආහාර වේල් ලබාදීම
තේ පැන් ලබා දීම
පාසල් උපකරණ ලබාදී​ම
ශ්‍ර​ම දායකත්වය ලබාදීම

ඉහත සදහන් උපකාර අප වෙත ලබාදීමට කැමති නම්, අප හා සම්බන්ධ වන්න.

0712102609(තනුජ)
Whatsapp : +94712102609

මෙය කෙලවරක් නොපෙනෙන දුර ගමනකි.. කිසි දිනක අපට මගින් බැසයා නොහැකි..විඩාබර වු මොහොතක, ගිමන් හරිනවා හැරෙන්නට,නැවතිමේ තිත තැ...
19/11/2025

මෙය කෙලවරක් නොපෙනෙන දුර ගමනකි..
කිසි දිනක අපට මගින් බැසයා නොහැකි..
විඩාබර වු මොහොතක,
ගිමන් හරිනවා හැරෙන්නට,
නැවතිමේ තිත තැබිය ⁣නොහැකි..
සංසාර ගත බැදීමක, එක් වගකීමකි..

ඉතිං අවසර,
එවන් වෙහෙසකර දින සති අබියස..
125 වන වරටත්,
එවන් වු සංසාර ගත බැදිමක,
වගකීමක් උදේසා වැඩ මුරය අරඹන්නට...

මෙ යන්නේ දින තුනක 125 වන වැඩසටහන අරගෙන හල්වල C W W කන්නන්ගර මහා විද්‍යාලයට. මෙ යන ගමන නම් අපිට අමතක නොවේන ගමනක් උනා. ඒ බව දැනගෙනමයි මම ගමනට පිටත් උනේ.

ඒ කතාව මම මෙහෙම පටන් ගන්නම්. කාලයක් තිස්සේ අපිව අහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා, ඔයාලට හුරැ පුරැදු වචන කිහිපයක් තියනවා ඒ තමයි මතුගම, ලෙවුවන් දූව, අපේ මහගෙදර. ඔව් රට වටේ ඉන්න අපිව එක තැනකට එකතු කරලා ගන්න පුළුවන් තැන තමයි මේ "අපේ මහගෙදර" අපේ මෙ වැඩසටහනට සම්බන්ධ උන හැමොම වගේ වැඩි කාලයක් ගත කලේ අපේ මේ මහගෙදර තමයි. කොටින්ම කියනවානම් අපේ ජිවිත වැඩි හරියක් ගෙවුනේ මෙ ගෙදර. එකට හේතුව උනේ අපේ දැවා. අපි ⁣ඔක්කොම එකට එකතු කරලා තියා ගන්න දැවා හැමදාම ලොකු සටනක් දුන්නා මොකද අපේ වගකීම් ඉටු කරන්න යන මේ ගමනට අපි හැමොම එකතු වෙන්නේ අපේ දහසකුත් පෞද්ගලික වැඩ අස්සේ නිසා. ඉතිං කවදා නමුත් අපේ මහගෙදර පාළු උනේ නැ. නමුත් අපේ ජිවිත වල සිද්ධ වෙන සමහර සිදුවීම් නිසා අපිට ගන්න වෙන සමහර තීරණ නිසා අපේ සමහර ගමන් මගින් නතර කරන්න වෙනවා.

ඉතිං මෙ යන ගමනේදි අපේ දැවා කෙටි කාලයකට ✈️ (මාස 6 කට ලු 😂) අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන වැඩසටහන තමයි මේ. ඊළඟට අපිට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි ඉදිරියේදි අපිට එන වැඩසටහන් වලට මොකද කරන්නේ කියන එක? මොකද දැවා කියන්නේ මෙ වැඩසටහන පටන් ගත්ත කාලේ ඉඳන් ඉන්න මුල් පුරැකක්. ඒකට උත්තරේ ඊළඟ වැඩසටහනෙන් අරගෙන එන්නම්.

මෙ පාරත් අපි යන්නේ කාලයක් තිස්සේ අපෙන් දිනයක් ගන්න බලාපොරොත්තුවෙන් බලාගෙන හිටපු පාසලකට. ඒ සාමාන්‍ය පෙළ සිදුන් සඳහා පැවැත්වෙන පෞරැෂත්ව හා ආකල්ප සංවර්ධන තෙදින වැඩසටහනක් අරගෙන මතුගම - හල්වල C W W කන්නන්ගර මහා විද්‍යාලයටයි. මෙ ආරාධනාව අපිට එන්නේ අපේ වැඩසටහන් වල සම්බන්ධීකාරක වන අපේ පරිපථ අයියා හරහා.

කොහොම හරි මෙපාර අපේ වැඩෙට සෙට් උනේ හතර දෙනයි. දැවාලගේ ගෙදරින් පිටත් වෙන්නයි කට්ටිය කතා වෙලා තිබුනේ. ඒ නිසා මෙ පාර කලින් පිටත් ⁣වෙලා තිබුණේ සඳා ඒ ගම්පහ ඉඳන්, කලින් දවසේ රෑ දැවාලගේ ගෙදරට සෙට් වෙලා යන්නයි කට්ටිය කතා වෙලා තිබුනේ. සඳා එනකොටත් දැවා වැඩ පටන් අරන් තිබුනේ. පරිපථ අයියාත් ඒ වෙනකොට දැවාලගේ ගෙදරට සෙට් වෙලා තිබුනා. කට්ටිය බඩු ටික දැවාගේ නිලරථයට දාගේන මෙ යන්නේ පාසලට. අහ් තව ටිකෙන් අමතක වෙනවා. රට වටෙ යන මේ ගමනෙදි අපිව පරිස්සමෙන් අරන්ගිය දැවාගේ නිලරථයත් අදින් පස්සේ අපේ මෙ ගමනට නැ. කොහොම හර අපි පාසලට ළඟා වෙනකාට රැ 9 විතර ඇති. අපි පාසලේ විදුහල්පති තුමා එක්ක පාසලේ විස්තර කතා කරලා පැය කිහිපයකට පස්සේ හෙට වැඩේ කරන තැනත් බලලා. අපි පිටත් උනා අපිට නවාතැන් ගන්න සකස් කරලා තිබුණ තැනට. පාසලට කිට්ටුවම ගෙදරක් අපි තුන්දෙනාටම හදලා දීලා තිබුණ නිසා අපේ වැඩේට ඒක පහසුවක් උනා. අවසානේට අපි කට්ටිය හෙට වැඩේට ඔනේ කරන ඇජෙන්ඩාවත් හදලා කරලා නින්දට යනකොට රැ 12ත් පහුවෙලයි තිබුනේ. කොහොමත් අපේ අයට මෙ වැඩසටහන් වලදි කලින් නිදා ගන්නව කියන්නේ හීනයක්ම තමයි.

මෙ ආරම්භ උනේ අලුත් දවසක්. ලමයි 80 කටත් වඩා වැඩි පිරිසක් අපිට බාරකෙරැනේ විදුහල්පතිතුමාගේ සුහද ආරාධනාවේන් පස්සේයි. මෙවර පෙරමුන ගත්තේ දැවා සහ සඳා ඒ කෙල්ලේ කොල්ලො ටිකව අපිට සෙට් කර ගන්න වැඩේ පටන්ගන්නයි. ඔන්න ඉතිං "ආයුබෝවන්" "Good Morning". හිතුවට වඩා ඉක්මනට කට්ටිය අපිට සෙට් උනා. ඊටපස්සේ දැවා කට්ටියව භය කරලා දින ගැනලා දුන්නේ කෙල්ලො කොල්ලො ටිකට උන්හිටි තැන් අමතක වෙන්න. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ කට්ටියව වෙන් කරන්න ඒ වැඩේ බාර උනේ සඳාට. කට්ටියව ලං කරලා, හොඳම යාළුවා හොයාගෙන, එයාව ලගට අරගෙන වාඩි වෙන්න. මුන් ඉතිං මුකුත් නැ ආයේ ඇන්දා උපරිමෙටම ඔන්න. යාළුවෝ සි සි කඩ කරපු අපේ සෙට් එක මෙ ලැස්ති වෙන්නේ මුං ටිකට ගැටයක් දාන්න ඒ තමයි "අන්තො ජටා බහි ජටා" ඒ වැඩෙට හොදම කෙනා තමයි අපේ පරිපථ අයියා. ගැටේ කොහොමද කියනවා නම් මුන් ටිකට ඒක ලේහා ගන්න නම් ලේසි උනේ නැ. පළවෙනි දවස අවසානයට අපි ලං උනේ කෙල්ලෝ කොල්ලෝ ටිකට වෙනස්ම අද්දැකීමක් අරන් දෙමිනුයි. ඒ උන් කැමති සිංදු කියලා නටලා ලස්සන ඉදිරිපත් කිරිම් කරලා උන්ටිකව සතුටින් ගෙදර යවන්නයි.

⁣මේ විදිහට දෙවනි දවසත් උදා උනා. උදේම දැවා ළමයි ටිකව කතාවට අල්ලගෙන වන්දනාවේ එක්කන් ගියේ ඊයේ දවසේ කියලා දුන්න දින මතක් කරමිනුයි. ඔක්කොම සෙල්ලම් වලින් පස්සේ අපි ආවේ ආදරේ කරන්න. බලන්න එපැයි කොල්ලො කෙල්ලොන්ගේ මුනේ තිබ්බ හිනාව. මෙපාර ආදරය ගැන අපේ කොල්ලො කෙල්ලොන්ට කියලා දෙන වැඩේ බාර උනේ සඳාට. ආයේ මොනාද අපේ සෙට් එක කියන්නේ සඳාට මොනා බැරි උනත් ආදරේ නම් කරයි ලෙසටම කියලා ඒ නිසා අපේ අය ආදරේ නම් සඳා තමයි කියලා පිලි අරන් ති⁣බ්බේ. අන්තිමට ආදරේ ඉවර උනේ මෙච්චර වෙලා හොල් එක දෙවනත් වෙන්න හිනාවුන උන්ව ඇල්පෙනෙත්තක් වැටුනත් සද්දේ ඇහෙන තරමට නිහඬ කරලා. ඉවර නෑ කට්ටියව ආයෙත් හිනස්සලා ගන්න දැවා ආවා පිටියට මෙ ලෑස්තිය කෑම පැයේ ලකුණු දෙන්න. ඔව් මෙදා පාර අපේ වැඩේට මුල ඉඳන් සෙට් උනේ තුන්දෙනෙක් නිසා අපිට ලෙසි උනේ නැ. දැවා යනවා එනවා සඳා යනවා එනවා. පරිපථ අයියත් වැඩේ හිටියා උනාට එයාව ශබ්ද පරිපාලක ලෙස යොදා ගන්න නිසා අපි තුන්දෙනාට සහනයක් දෙන්න අතර මැද අපේ තව කෙනෙක් සෙට් උනා ඒ තමයි පැස්. කොහොම ⁣කොහොම හරි මෙ ආවේ ගිණිමැල රාත්‍රියට. කොල්ලො කෙල්ලොන්ගේම උත්සහයෙන් විශිෂ්ට ගිණිමැල රාත්‍රියක් බලා ගන්න අපිට පුළුවන් උනා. වෙනසක් නැ හැමදාම වගේ අපිට බාධා වෙන වැහි දෙයියෝ මෙ පාරත් හීනියට මල් වැස්සක් දුන්නා. හැබැයි අපි සැලුනද මිත්‍රවරැනි නැත. මෙ ගිණිමැල රාත්‍රියේ මුන් ටිකගේ ඉදිරිපත් වීම් අපිව පුදුම කරා කිව්වොත් හරි. දෙවනි දවස අවසන් උනේ අපේ කොල්ලො කෙල්ලොන්ගේ රසවත් ඉදිරිපත් කිරිම් මැදයි.

තුන්වෙනි දවස උදා වුනේ තවත් ක්‍රියාකාරකම් රැසක් පොදිගසාගෙනයි. 7 වෙද්දි ගිණිමැලය බැලුව පරිපථ අයියා පුදුම උනේ ඊයේ ඒවගේ ⁣ගිණිමැලයක් නොතිබුණු ගානට මුන්ටික ⁣අපි කිවුවා වගේ අඟුරැටික කැවවද්ද කියලා හිතා ගන්න බැරැවයි. උදේන්ම පරිපථ අයියා ගියේ මුන්ටිකට අමුර්ත පානය දිලා, පස්සේ මුන් ටිකව ගස් කුරැල්ලෝ කරලා දාන්නයි. ඒක නම් කියලා වැඩක් නැ. මුන්ගේ සවන්දීම නම් අති විශිෂ්ඨයි. ඊලට මෙ යන්නේ මුන්ටිකගේ රසවින්ද හැකියාව බලන්න ගීත විචාරයට. එකට නම් ඉතිං දැවයි සඳයි තමයි. කොහොම නමුත් හැම තැනකදිම සඳා හිටියේ දැවාගේ තනියට කිවුවොත් හරි අයේ සඳාගෙන් වචනයක් ගන්නවා බොරැ. තුන්වෙනි දවසත් මෙ විදිහට ගෙවිලා ගියා පාසලේන් අපිට නික්මිලා යන්න තියන කාලය ලං කර දෙමිනුයි. එ වගේම මුන් ටිකට තිබුන ප්‍රශ්න වලට අපිට පුළුවන් විදිහට උත්තර හොයලා දීපු අපි මෙ හදන්නේ අපේ 125 වන නවාතැන්පලෙන් බැහැලා යන්න.

දවස් තුනක් පුරාවට උන් එක්ක ඉඳලා උන් එක්ක කාලා, බිලා, නටලා අපිට පුළුවන් උපරිමෙන් අපේ දැනුම අපි උන්ට දුන්නා. ඒ උන්ගේ ඉදිරි ජිවිතේ මොනයම් මො⁣හොතක දි හරි මෙ කොල්ලො කෙල්ලො ටිකට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විස්වාස කරන හින්දා. "මිනිසුන් හිස් අතින් ඉපදි, හිස් අතින් මිය යනවාට වඩා යමක් කලයුතුව ඇත" අපි විශ්වාස කරනවා මෙ රටේ විවිධ පළාත් වලින් අපිට හම්බෙන කෙල්ලො කොල්ලොන්ට අපිට පුළුවන් උපරිම දේ අපි දෙනවා කියලා.

ඉතින් අපිව විශ්වාස කරලා අපිට ආරාධනා කරපු වගේම අපිට අවශ්‍ය නවාතැන්, කෑමෙන් බීමෙන් අඩුවක් නොකර දිලා අපිව බලාගත්තු පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ළමයින්ගේ දෙමාපියන්ටත්, එක දිගට කියවන කියවිල්ල අහගෙන හිටපු අපේ ආදරණීය කොල්ලො කෙල්ලො සෙට් එකටත් බොහොමත්ම ස්තුතියි. අපිව දරාගත්තාට. මෙ පුංචි රටේ කොතැනකදි හෝ යළි කවදා හෝ ආයෙත් දවසක අපි හමුවෙනකන් සුබ අනාගතයක්...

ඔයා ලෝකෙ කොහේ හිටියත් අපේ Patreon සාමාජිකත්වය අරගෙන, දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන මේ සත්කාරයට සහයෝගය දෙන්න පුළුවන් ! පහළ තියෙන්නේ Link එක ;

www.patreon.com/c/WarenYannaApithEkka

“කටු මතින් යන ජීවිතේ-මල් වලින් අපි සරසමු” සටහනක ලමයෙක් ලියලා තිබුනේ ඒ විදිහට. ඉතින් ඒ කටුක ජීවිත සරසන්න වෙර දරන ලමයි ටික...
03/09/2025

“කටු මතින් යන ජීවිතේ-මල් වලින් අපි සරසමු”
සටහනක ලමයෙක් ලියලා තිබුනේ ඒ විදිහට.

ඉතින් ඒ කටුක ජීවිත සරසන්න වෙර දරන ලමයි ටිකක් හොයන් අපි 124 අරන් මෙවර ගියේ කොස්ගම සුමේධ විද්‍යාලය - අවිස්සාවේල්ලට. අපට ඒ පාසලෙන් දෙවන වරටත් ලැබුණ ආරාධනාවට දැවා, සඳා, පරිපථ අයියා, මෙට්ට්‍රේරො, හඳුනා එක්ක අපේ වැඩේට මේ සැරේ සූටික්කිත් සම්බන්ධ වුණා. දැවත්, මමත්, පරිපථ අයියත් මතුගම ඉඳන් එද්දි ටිකිරි මැට්ටා එක්ක සඳා සූටික්කි ආවා. (අපි ගිහින් පැය ගානකට පස්සේ මුන් ටික ආවේ) අපරාදේ කියන්න බෑ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් වැස්සා.

රෑ 8 වගේ වෙද්දි අපි ඉස්කෝලෙට ලඟ වුනා. පාසලේ ගුරුවරු කීපදෙනෙක් එක්ක ලමයිගේ දෙමව්පියෝ කීප දෙනෙක් ඇවිල්ලි හිටියා අපිට ඉන්න තියෙන තැන් ටික පෙන්නලා කෑම බීම ටික ලෑස්ති කරලා දෙන්න.

මේක අමතක නොවන වැඩසටහනක් හොඳේ. කියවන් යන්ඩකෝ පහලට…😝

අපේ අනිත් සගයෝ ටිකත ආවට පස්සේ කෑම කාලා අපේ වැඩසටහන් පෙලගැස්ම ගැන කතා බහ කරගෙන රාත්‍රී නින්දට ගියා. පහුවදාට උදේම නැගිටින්න ඕන නිසා 5ට එලාම් එකක් තියන් තමා අපි නිදාගත්තේ. මහ වෙලාවක් නිදාගන්න උනේ නෑ, සූටික්කිගෙන් call එකක් ආවා. (උඩ ගිහින් ඇහැරුනේ.) කවුද දෙන්නෙක් එයාලා නිදාගෙන ඉන්න තැනට ගිහින් දොරට ගහලා ටෝච් ගහලා දොර අරින්න කියනවා කියලා. වෙලාය පාන්දර 3 ට වගේ ඇති, අපි දඩ බඩ ගාලා නැගිටලා එලියට ගියා මොකාද බලන්න. පොලිසියෙන් දෙන්නෙක් තමා මේ ඇවිල්ලා තියෙන්නේ රාත්‍රී මුර සංචාරයකට. ඇයි එයාලා ආවේ සහ අපි කවුද කියන අදාල විස්තර කතා කරගෙන එයාලා ගියා. (එහෙම එකක් අපට කලින් වෙලා නෑ සහ එහෙම මගුලක් ඒ පාසලේ තියේ කියලා අපිව දැනුවත් කරලා තිබ්බෙත් නෑ) වෙච්ච දේ පහුවදා උදේම විදුහල්පති තුමියට කිව්වා අපි.

මෙවර අපිට තිබ්බේ පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට කරන දවස් දෙකක නායකතව පුහුණු වැඩසටහනක්.
මොන බාදක ආවත් අපි මේ වැඩේ දිගටම කරන්න ඕන කියන දේ තහවුරු කරපු දින දෙකක්. මොකද දවස් දෙකෙම හොඳට වැස්සා. ගිනි මැලයත් මේකට ඇතුලත්. අපිට තිබ්බ ප්‍රශ්නේ මේ වැස්ස අඩු වෙයිද.? ලමයි බලන් ඉන්නේම ගිනිමැලයට. ලමයිට කොච්චර උවමනාවක් තිබ්බද කියනවනම් වැස්සේ උන් ටික ඔක්කෝම එකතු වෙලා ගින්මැලයට ඕන වැඩ ටික කරා. උන් තෙමෙද්දි අපි කුඩ ඉහලන් ඉන්නද.? බෑනේ. අපේ අයත් තෙමීගෙන ලමයිට ඕන උපදෙස් උදව් කරලා ලස්සනට වැඩේ පටන් ගත්තා. වැස්ස ටිකක් අඩු කරා, ඒත් ගිනි මැලය අවසන් කරන්න ලං වෙද්දි ආයම වැස්ස තද කරා. අපි වැඩේ අවසන් කරලා ලමයි ටික යවන්න හැදුවේ. ඒත මුන් නේද.? “අයියේ වැස්සට කමක් නෑ, ඉතිරි ටිකත් කරලම වැඩේ ඉවර කරමු.” ලමයි කිව්වේ එහෙම. වැඩේ අවසන් වුනාම ලමයිටික එකතු වෙලා අස්පස් කරලාම තමා ගෙදර ගියෙත්. රාත්‍රී කෑම වේල වෙල් අපි කතා කරෙත් ගිනිමැලය ගැන. මොකද ලමයිට තිබ්බ උනන්දුව එච්චරකට ලොකුයි.

වැඩසටහනේ අවසන් දවස, ලමයි ටිකට අපි අවස්තාවක් දුන්නා කලින් දවස ගැන අදහස් දක්වන්න, උන් කතා කරන්නෙත් ගිනිමැලය ගැන. එක කතාවකදි කියවුන දෙයක් අපේ හිතට වැදුනා, “ගිනිමැලය පුරාවටම අයියලා අක්කලත් අපි එක්කම තෙමුනා. අපිත් එක්ක හිටියා. ඒකට ස්තූතියි.”

වැඩහටහන අවසන් කරලා අපි පාසලෙන් සමුගන්න වෙලාව එද්දි අපිට මුලින්ම හමුවුන ලමයි ටිකට වඩා වෙනස් විදිහට හිතන පිරිසක් එතන හිටියා කියන එක අපේ කණ්ඩායමට තේරුනා. උන්ට නියම නායකයෙක් වෙන්න විතරක් නෙවේ උන්ගේ ඉගෙන ගන්න වැඩ කටයුතු පවා හොඳට කරන්න ඕන, මේ ලෝකේ අපි දකිනවට වඩා ලස්සන එකක් බවත්, ඒ ලෝකේ දකින්න ඉගෙනීම කියන අත්තටු අපිට ඕන කියන එකත් උන්ගේ ඔලුවට ගිහින් කියන එක තේරුනේ ලමයි අන්තිමට අපිට කියපු දේ වලින්, ලියලා දුන්න දේ වලන්.

දවස් දෙකක් අපිට රහට කන්න හදලා දුන්න ලමයිගේ ආදරණිය දෙමව්පියන්ව අපි මතක් කරන්නම ඕන. ස්තුතියි ඒ හැමදේටම.

විශේෂ කෙනෙක් ගැන අනිවාරයෙන්ම ලියන්න ඕන. අපි ගියපු දවසේ අපිව පිලිඅරගෙන අපිට ඕන දේවල් හොයලා දීලා, එදා රෑ ඉඳන් අපි පාසලෙන් ආපසු එන මෙහොත දක්වාම අපි ගැන හොයලා බැලුව, අපිට උදව් කරපු කෙනෙක් හිටියා. අපිට විතරක නෙවේ ලමයි ගැනත් හොයලා බැලුවා. එයගේ එක අතක් අහිමි වෙලා රැකියාව කරන අතර තුර. හැබැයි එහෙමයි කියලා කිසිම දේකට බෑ කියන්නේ නැතුව කඩියා වගේ උනන්දුවෙන් අපේ වැඩේට සම්බන්ධ වුනා. අපි හිතුවා එයා පාසලේ ආරක්ෂ්ක නිලධාරී මහතමයෙක් වෙන්න ඇති කියලා. අනේ නෑ, එයා ඒ පාසලේම ලමයෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ ලමයා අපේ වැඩසටහනට ඉඳලා නෑ, එයා තාම පොඩි පන්තියේ. හැබැයි එයාගේ තාත්තා අපේ වැඩසටහන සාර්ථක කරගන්න පුදුම විදිහක කැපකිරීමක් කරේ. ඒ ගැන කියලා ස්තූති කරන්න වචන මදි. ඒ තරම් හයියක් වුනා ඒ තාත්තා අපිට.

“හිත ඇත්නම් පත කුඩාද” මේවා කට කහනවට කියපු වදන් නෙවේ කියලා තේරුණේ ඒ කැපවිම දැක්කාම..
ඒකයි මම කිව්වේ මේ වැඩසටහන අමතක නොවන මතක පිරි වැඩසහටනක් කියලා.

-සටහන: හඳුනා-

28/08/2025

කලාව සාහිත්‍ය අපේ ජීවිත වලට ඕනම දෙයක්. ඉතිං මේ ඒකට හොඳම පාර. මේ අපේ අලුත්ම වැඩේ. රසවින්දන වැඩසටහන.

අපගේ patreon සාමාජිකත්වය ලබාගෙන, පාසල් වල නොමිලේ සිදුකරන මෙම සත්කාරයට ඔබටත් සහය විය හැක.
https://www.patreon.com/warenyannaapithekka

05/06/2025
ජීවිත වෙනස් කරන තැන ✌ මේ එක කතාවක් විතරයි ❤️
05/06/2025

ජීවිත වෙනස් කරන තැන ✌ මේ එක කතාවක් විතරයි ❤️

සමහර අවස්ථා අපේ ජීවිත වලට ලැබෙන්නේ එකම එක වතාවක් වෙන්න පුළුවන්. අපේ 123 වන පරිච්ඡේදය කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්.ඒකාකාර...
28/05/2025

සමහර අවස්ථා අපේ ජීවිත වලට ලැබෙන්නේ එකම එක වතාවක් වෙන්න පුළුවන්. අපේ 123 වන පරිච්ඡේදය කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්.

ඒකාකාරී වැඩ ගොඩක හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපි හැමෝටම කොළ පාට පරිසරයක කුරුල්ලන්ගේ ගී තනු අහගෙන සීතල සුළන් රැලි වල පහස විඳගෙන තුරු ලතා අතරින් නිදහසේ ගලායන දොළ පාරක් දිහා බලාගෙන එක හොරාවක් හරි ඉන්න තියෙනවනම් කොච්චර වාසනාවක්ද.?

දැවා, පර්පථ අයියා, පැසිබරී අක්කා, ලාෆි නංගි, කෆීර් මල්ලි එක්ක කතාව ලියන මටත් අවස්ථාවක් ලැබුණා දවස් දෙකක් ඒ දිව්‍ය විමානේ අතරමං වෙන්න. මාස හයකට විතර පස්සේ අපේ පරිපථ අයියගේ පාසල් කාලයේ ඉඳන් අති ජාත මිත්‍රයෙක් වෙච්ච දැන් අඩවි වන නිලධාරී වරයෙක් විදිහට සේවය කරන මංගල අයියගෙන් අපිට ලැබුණ ආරාධනාවකට 123 වන අපේ වැඩසටහන අරන් මැයි මාසේ 26,27 දවස් දෙක ගතකරන්න අපි ගියා ලංකාවේ වටිනම සම්පත වෙච්ච සිංහරාජ වනාන්තරයට.

ඔයා ලෝකෙ කොහේ හිටියත් අපේ Patreon සාමාජිකත්වය අරගෙන, දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන මේ සත්කාරයට සහයෝගය දෙන්න පුළුවන් ! පහළ තියෙන්නේ Link එක ;

www.patreon.com/c/WarenYannaApithEkka

අපිට මේ සැරේ තිබුනේ ටිකක් වෙනස් වැඩක්. අපේ මංගල අයියා ඇතුලු කුඩව-සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් පාසල් කීපයකින් තෝරගත්ත ලමයි 50 දෙනෙකුට පවත්වන පරිසරය සුරැකීම අනාගත නායකයින් බිහිකරීම උදෙසා කරන වැඩකට අපිවත් සම්බන්ධකරගෙන යන වැඩසටහනක්. මේක අපේ කණ්ඩායමට අලුත් වැඩක් නිසා කට්ටිය ආසාවෙන් වැඩේට ලෑස්තිවුණා. 26 උදේම අපි කට්ටිය කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානයට යන්න පිටත් වුණා. නගර බද පරිසරය පහු කරලා කැලේ සීමාවට ඇතුල් වෙද්දි හිතට දැණුන හැඟීම පැහැදිලි කරන්න තරම් ලස්සන වචන මගේ ලඟ නෑ. අවස්ථාවක් ලැබුණොත් ඒක මඟ හැරගන්නේ නැතුව ඒ හැඟිම දවසක විදින්න.

ඉතින් අපි ගිහින් ටික වෙලාවක් යද්දි මංලග අයියා ඇතුලු පිරිස ඇවිල්ලා අපිය පිලිගෙන, වැඩසටහන කරන්න තියෙන තැන අපිට සූදානම් කරලා දෙනකන් වැඩේට ඕන අපේ බඩු ටික අපි සූදානම් කරගත්තා.
වැසි වනාන්තරයක් වැස්ස නැතුව බෑනේ ඉතින්, මේ පායනවා මේ වහිනවා. මොනතරම් වැස්සත් අපි සූදානම් වෙලා ඉවර වෙනකොට ළමයි ටික ඔක්කෝම ඇවිල්ල. අපිටත් පුදුමයි, ඒ තරම් උනන්දුවෙන් මේ වැඩේට ලමයි ඇවිල්ලා තිබුණා. වැඩසටහනේ පෙලගැස්මේ හැටියට අපිට තමයි ආරම්භය ගන්න තිබුනේ. දැවා ඒ වැඩේට මුල පුරමින් අද දවසේ මොකද වෙන්නේ, මේ කරන වැඩසටහනේ වටිනාකම සහ අපි කවද කියලා හඳුන්වා දෙන ගමන් වැඩේ පටන් ගත්තා.
පලමුවන දවස තුල ලමයිට ඉතාම වටිනා දේශන කීපයකි එක්ක ඒවට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයකුති සූදානම් කරලා තිබුනා.

ජෛව විවිධත්වය
පාරිසර්ක ආචාර ධර්ම
ශ්‍රීලාංකාවේ දිවියන් සංරක්ෂණය
ලංකාවේ උභය ජීවීන්

යන කාණ්ඩ යටතේ ඒ හා සම්බන්ධ ප්‍රවීන දේශක මහත්වරුන් යටතේ ඉගෙන ගන්න ලමයිට අවස්ථාව ලැබුනා. ඒ දේශන කොච්චර වටිනවද කියනවනම් අපිත් ලමයිට පිටිපස්සෙන් පුටු තියන් ඒවා අහන් හිටියා. අපිට වඩා ඒ ලමයි 50 දෙනා ගස් කොළන්, සත්තු ගැන දන්නවා. සත්තුන්ගේ නම්, ගස්වල නම් අපි දන්නේ නෑ, මේ ළමයි දන්නවා.

දහවල් ආහාරයෙන් පස්සේ අපි ආයම ලමයි එක්ක කතා බහක යෙදිලා පොඩි තරඟ කීපයක් කරලා දේශන වලට අවස්ථාව දුන්නා. ඒවා යන අතර තුර අපි මොකද කරේ, වැඩසටහන කරන තැන තියෙන්නේ ලස්සන දොළ පාරක් ලඟ. ඒක දැකලා වතුර ටිකක් ඇඟට නොදා කොහොමද? පරිපථ අයියා එනකන් නාන්න එහෙම එපා කිව්වත් අපිට ඉවසන් ඉන්න බැරි වුණා. ලමයි එන්න කලින් අයිස් වගේ සීතල වතුර ටිකේන හොඳට නාගෙන ගොඩට ආවේ උණු උණු තේ එකක් තිබ්බනම් හොඳයි කියලා හිතන ගමන්. හිතන දේවල් වෙනවා පුතේ, ඇඳම් මාරු කරන් එද්දි රස්නේ පිට තේ කෝප්පයක් අපිට හමුබුණා. අපිට විතරක් නෙවේ ලමයිට පවා නාන්න සියල්ල සූදානම් කරලයි තිබුනේ.
හොඳට නාලා ප්‍රබෝධමත් වෙලා ඉන්න ලමයිට සහ අපිටත් ආසාවක් වෙන වැඩක් තමා හවස තිබුනේ. උභය ජීවීන් ගැන දේශනය සහ ක්ෂේත්‍ර චාරිකාව. කෙටි හැඳින් වීමකින් පස්සේ මංගල අයියා ඇතුළු නිලධාරීන් ලමයි ටිකත් එක්කරගෙන කැලේ ඉන්න සත්තු හඳුනාගන්න පිටත් වුනා. අද අපිත් ලමයි, ඉතින් අපිත් ලමයි එක්ක වැඩේට සම්බන්ධ වුනා. කැලයක් ඇතුලේ රාත්‍රී කාලේ සත්තු හොයන්න හම්බෙනවා කියන්නේ වෙනම අත් දැකීමක්. සතෙක් ඉන්නවා දැක්කාම දැනෙන සතුට ඊටත් වඩා දෙයක්. වැස්ස සුන්දර වුණත් මේ වැඩේට වැස්ස බාදාවක් වුණ නිසා අපිට යන්න හිතපු දුරට කලින් වැඩේ නතර කරලා අපේ සුපුරුදු තැනට එන්න වුනේ හිතේ දුකක් එක්ක. රාත්‍රි ආහාරයෙන් පස්සේ අපි හිතුවේ ලමයිට නිදිමත මහන්සි නිසා අපි සූදානම් කරන් තිබුන වැඩේ කරන්න බැරි වෙයි කියාල. මොන පිස්සුද, සිංදු කියන වැඩක් තමා තියෙන්නේ කිවව ගමන් මෙන්න මුන් ටික අත්පුඩි ගහලා ආසාවෙන් වැඩේට ලෑස්ති වුණා. පලවෙනි දවස අපි නිමාකරේ ගීත විචාරාත්මක වැඩසටහනකින්. ලමයිට වඩා ආසාවෙන් පාසලෙන් සම්බන්ධ වෙලා හිටිය ටීචර්ලා ටිකයි සර් ලා ටිකයි වැඩේට එකුතු වුණා වගේ දැනුනේ ගීත හඳුනා ගැනීමේ කොටසෙදි.

වැඩේ ඉවර වෙලා ලමයිට සුබ රාත්‍රියක් කියලා ජීවිතේ මෙච්චර දවසක් නිදාගත්ත සුවබරම නින්දට යන්න මගංල අයියගේ නිල රථයෙන් අපි ගියා කැලේ ඇතුලේ තියෙන සුන්දර නවාතැනකට. කැලේ මැදින් තියෙන පාර දිගේ අපි ගියේ යකෝ මේක නේද දිව්‍ය ලෝකය කියලා හිතන ගමන්. වතුර කොච්චර සීතල වුණත් නාන්ඩ අකමැති දැවා පවා ඇඟ සොද ගත්තේ සුවබර නින්ද තවත් සුවබර කරගන්න ඕන නිසාම වෙන්න ඕන.
මෙච්චර පිරිසිදු වතුර පොදක්, හුස්ම පොදක් අපිට ලැබෙන්නේ මේ මහා වනාන්නතර නිසා නේද? මේවා මතු පරපුරක් වෙනුවෙන් කෙසේ හෝ ආරක්ෂා කරගන්න ඕන නේද කියන දේ හිතේ තියන් ඇස් පියා ගත්තේ සුවබර නින්දට වෙන් වූ කාලය අපතේ යවන්න තියෙන ලෝබකමට..

මහා වනාන්තරයක් මැද්දේ නින්ද එච්චර සුන්දර විදිහට තියෙයි කියලා දැණුනම් උදෑසන පිබීදීම කොහෙම සුන්දර වෙන්න ඕනද.? වෙනදට ඇහෙන වාහන සද්ද අද නෑ. නලා සද්ද අද නෑ. රූපවාහිනී ගුවන විදුලි සද්ද නෑ. ඒ වෙනුවට අපිට අහන්න හම්බුනේ හිමිදිරි උදෑසන වන දෙව්ලිය හැඩ කරනු වස් වනයට උරුම වූ මහා වාද්‍යය වෘන්දයක් වූ කුරුල්ලන්ගේ මිහිරි ගායනා, හුලඟට ලෙලදෙන ගස් කොලන් වල සිලි සිලි හඩ. ගලා යන දොළ පාරවල් වල හඩ. ඒක හැඟීමක්, කිසිම දවසක විස්තර කරන්න බැරි විදිහේ හැඟීමක්.

උදෑසන තේ එකත් බීලා අපෙ නවාතැනින් අපි පිටත් වුනේ 123 පර්ච්ඡේදයේ අවසන් වැඩ කොටස පටන් ගන්න. වාහනේ රෑ ඒද්දි දකින් බැරි වුණ දේ උදේ යන ගමන් දකිද්දි තමා හිතුනේ මෙච්චර ලස්සන පරිසරයක් ඇතුලේ නේද මේ අපි ඉඳාල තියෙන්නේ කියලා. දෙවනි දවස පෙල ගැහිලා තිබුනේ,

සර්පයන් පිලිබඳ දේශනය
ශාක හඳුනා ගැනීම හා ඊට අදාල ප්‍රායේගික ක්‍රියාකරකම්

සමඟන් දින දෙකක පුරාවට සිදුකල දේ හා සම්බන්ධ කෙටි සමාලෝචනය යන කාරනා යටතෙයි. පටන් ගත්ත මොහොතේ පටන් තිබුන උද්යෝගය ආසාව ලමයින්ගේ වගේ පාසල් වලින් පැමිණ තිබුන ආචාර්ය මණ්ඩලය තුල අපි දැක්කා.

ඉතින් දවස් දෙක්ක 100 කට විතර කන්න බොන්න දෙනවා කියන්නේ අද කාලේ ලේසි පහසු වැඩක් නෙවේ. මංගල අයියා ඇතුලු කුඩව- සිංහරාජ මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සේවක මණ්ඩලය ඉතාම උනන්දුවෙන් බොහෙම ලෙන්ගතුව අපිට වගේම ලමයිටත් ප්‍රණීත ආහාර පානාදියෙන් සංග්‍රහ කල බව සඳහන් කරන්නම ඕන වගේ ස්තූති වන්ත වෙන්න ඕන.

වෙනස්ම විදිහේ වැඩසටහන් නිමා කරලා පුරා දින දෙක්ක හිත පිරිච්ච සතුටකින් මානසික නිදහසකින් ගත කරලා කිසිදාක මිල කල නොහැකි මහා වනාන්තරයක තුරලේ ඉඳලා ආයම අපි හිටිය නගරයට එන්න හිත හදා ගන්නේ කොහොමද.? අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඕක. සමහර විට ආය ලැබෙන එකක් නැති වෙයි දෝ හිතලා පපු පිරෙන්න හුස්මක් අරන් වාහනයට ගොඩ වුනේ අපි ඇවිද ගිය පිය සටහන් පමණක් තියලා දින දෙක පුරා එකතු කරගත්ත මතකයන් පමණක් අරගෙන, ප්‍රතාපවත්ව වැජඹෙන මහා සිංහරාජ වන දෙව්ලිය මතු අනාගතයටත් සුරැකේවා යන ප්‍රාර්ථනයත් එක්කයි.

අපි එද්දි මංගල අයියා අපට දීපු සමරු සටහනේ තිබ්බ හිතට දැණුන වචන ටිකකින් මම මගේ ලියමන නතර කරනවා.

“අනාගතයෙදී, ඔබ දැල් වූ ආලෝකය ඔස්සේ අනාගත නායකයින් පිය නඟනු ඇත. ඔවුන් ලෝකයේ පැවැත්මට මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇත. ඔබගේ දැවැන්ත කාර්යභාරයෙහි ප්‍රතිථලය මෙම වැඩසටහන පමණක් නෙවේ, මුලු ලෝකයෙහිම පැවැත්මට ඔබ සිදු කල කාර්යභාරයකි. එයට සොබාදම් මාතාව ඔබට කෘතගුණ දක්වනු ඇත..”

සටහන ලියූ මම හඳුනා..

ඔයා ලෝකෙ කොහේ හිටියත් අපේ Patreon සාමාජිකත්වය අරගෙන, දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන මේ සත්කාරයට සහයෝගය දෙන්න පුළුවන් ! පහළ තියෙන්නේ Link එක ;

www.patreon.com/c/WarenYannaApithEkka

Address

Welipenna
12108

Telephone

+94712102609

Website

Alerts

Be the first to know and let us send you an email when වරෙන් යන්න අපිත් එක්ක - Waren yanna apith ekka - வரேன் யன்ன அபித் எக்க posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to වරෙන් යන්න අපිත් එක්ක - Waren yanna apith ekka - வரேன் யன்ன அபித் எக்க:

Share