07/11/2025
රෝමියෝ සහ ජුලියට් ආදර කතාව..එහෙමත් නැත්නම් ලොව වඩාත් ප්‍රසිද්ධම ආදර කතාව....ලොව බොහෝ භාෂාවන්ට පරිවර්තනය වූ ආදර කථාව...
ඉතිහාසගත කරුණු සහ අන්තරජාල කරුණු අනුව මෙය සත්‍ය සිදුවීමක් පාදක කර ලියවුවක් බව කියවෙනවා.ඒ වගේම මෙය මනක්කල්පිතව ගොඩනැගු කතාවක් බවත් කියවෙනවා. නමුත් අදටත් මෙම පුරාවෘර් තයට අදාල ස්ථාන, නිවෙස්, ඇදුම් පැළදුම්, කෞතුක භාන්ඩ, කෞතුකාගාර සහ නොයෙකුත් වටිනා කියන දෑ දැකගන්න පුළුවන්.
ඇත්තෙන්ම ලිඛිත සදහනක් ලෙස මෙය පලවන්නේ luigi da porto කතුවරයා විසින් වර් ෂ 1530 දී රචිත Historia novellamente ritrovata di due nobili amanti යන ග්‍රන්ථයේ. නමුත් Masuccio Salernitano නම් කතුවරයා විසින් 1476 දී මෙම සිදුවීමම පාදක කරගෙන කෙටි කතාවත් ලිය ඇති බවත් සඳහන් වෙනවා . luigi da porto කතුවරයාගේ ග්‍රන්ථයට වසර 20 කට පසුව Matteo Bandello කතුවරයා විසින් තවත් ග්‍රන්ථයක් නිකුත් කරලා තියනවා. එම ග්‍රන්ථයේ වඩාත් නිවැරදි ස්ථාන සහ තොරතුරු ඇතුලත් වූ බව කියවෙනවා. ඉතින් මේ හැමදේකටම පසුව තමයි මේ සියල්ලගේම සංකලනයක් විදියට 1591-1597 ත් අතර විලියම් ශේක්ෂ්පියර් ගේ නිර්මාණය එළිදැක්වුණා කියල සදහන් වෙන්නේ.
luigi da porto නයිට් වරයෙකු ලෙස කලක් Venetian හමුදාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට එයට වයස අවුරුදු 50 ක විතර අපුරු රසවත් සිදුවීම් කතාකරන Peregrino නමැති සෙබළකු මුණගැසෙනවා. දෙදෙනා අතර ගොඩක් සංවාද ඇතිවෙනවා. මේ Peregrino කියන සෙබළා වාසය කරලා තියෙන්නේ ඉතාලියේ වෙරෝන කියන ගමේ. ඉතින් ඔහු නිතරම luigi da porto නයිට්වරයට පවසන්න ගන්නවා ඔහුගේ ගමේ තතු. ඒ වගේම Peregrino නිතරම පවසන්න ගන්නවා ආදරය අනුගමනය කිරීම භයානක බවත්, එය සෑම විටම ඛේදාන්තයකින් අවසන් වන බවත්. එවගේම ඔහු පවසනවා තමන්ගේ උපන් ගම වන වෙරෝනාහි ආදරය පසුපස ගිය උතුම් පෙම්වතුන් යුවලක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ආදර කතාවක්..
13 වන සියවස අග සහ 14 වන සියවස මුල් කාලයේදී ඉතාලියේ වෙරෝන නගරයේ ජීවත් වෙනවා වංශවත්, ධනවත් පවුල් දෙකක්. එක් පවුලක් Montecchi සහ අනෙක Capuleti. නමුත් පෙර ඉදන් පැවත එන ගැටළුවක් නිසා ඔවුන් පසමිතුරන් වෙලා හිටියේ. ඔව්නොවූනගේ මුහුණු බලන්නවත් කතා කරන්නවත් කැමැත්තක් ඔවුන්ගේ තිබිල නෑ . කාලය මෙහෙම ගෙවිල යනකොට Capuleti පවුල ඔවුනගේ නිවසේ උත්සවයක් සංවිධානය කරනවා. ඒ නැටුම්, ගැයුම්, වැයුම් සමග. ඔවුන් නගරයේ හැමෝටම එන්න කියල ආරාධනා කරනවා. එක පවුලකට හැර. ඒ Montecchi පවුල. ඉතින් මේ උත්සවයට සහභාගී වෙනවා rosaline කියල ගැහැණු ළමයෙක්. එයාගේ හොදම යාලුවෙක් තමයි අපේ කතා නායකයා වන Romio Montecchi . ඉතින් ඇය මෙම උත්සවයට එන්න කියල රෝමියෝට පවසනවා. ඉතින් පසමිතුරන් උනත් රෝමියෝ යනවා Capuleti නිවසට. වර්ණවත් ඇදුම් වලින් හැඩවුණු රෝමියෝ ඇත්තෙන්ම කඩවසම් තරුණයෙක්. සම්ප්‍රදනුකුලව සමහර අවස්ථාවන් වලදී වෙස්මුහුණක් පැලද උත්සවවලට සහභාගී වන පුරුද්දක් යුරෝපිය ජාතිකයන්ට තියනවා. ඒ නිසා රෝමියෝ යන්නෙත් වෙස් මුහුණක් වැනි යමක් පැළදගෙන. නමුත් මේ උත්සවයේ අතරමගදී Capuleti පව්ලේ ඥාති පුතෙක් වන tybalt නැමැත්තා රෝමියෝගේ කටහඩින් හදුනා ගන්නවා අනාරාධිතව රෝමියෝ පැමිණ ඇති බව. ඉතින් tybalt හට උවමන වෙනවා රෝමියෝ සමග ගැටුමක් ඇති කරගන්න. නමුත් එය සමථයකට පත්වෙනවා. මේ අතර වාරයේදී රෝමියෝ දකිනවා සුරූපී තරුණියක්ව. දකින පළමු මොහොතේම ඔහුට ඇය ගැන ආදරයක් ඇතිවෙනවා. ඉතින් දෙවරක් නොසිතා ඇය සමීපයට යන ඔහු ඇයට ආදරය ප්‍රකාශ කරනවා. ඇය තමයි Julietta Capuleti. නමුත් ඒ වන විට රෝමියෝ සහ ජුලියට් එකිනෙකා හදුනන්නේ නෑ . අනතුරුව ජුලියට් දැනගන්නවා ඒ ඔවුනගේ පසමිතුරා වන Montecchi පවුලේ එකම දරුවා වන රෝමියෝ බව. උත්සවය අවසන් වුවත් රෝමියෝ ඇයව නැවත දකිනකල් යන්න උත්සහ කරන්නේ නෑ . ඔහු ඇයගේ නිවසට පෙනෙන දුරින් බලා ඉන්නවා ඇය දකිනකල්. ජනේලය (සේයාරුවෙහි ඇති Balcony ය ) අසලට එන ඇය ඔහු සමග කතා කරන්න පටන් ගන්නවා. දීර් ඝ කතාබහකින් පසුව රෝමියෝ ජුලියට් ට සමුදෙනවා. පසුදා රෝමියෝ ඔහු හදුනන පියතුමෙක් වන ලෞරන්ස් පියතුමන්ව හමුවෙන්න යනවා. ඔහු පියතුමන්හට පවසනවා ඉතා ඉක්මනින් ඇයව විවාහ කරන්න අවැසි බව. ඒ ඔවුනොවුන්ගේ පවුල් පසමිතුරන් වන නිසා. ඉතින් ලෞරන්ස් පියතුමන් එකග වෙනවා ඔහුගේ යෝජනාවට. ඒ ඔවුනගේ විවාහයෙන් පසුව දෙමාපියන් මිතුරුවේ යයි සිතා. ඉතින් පසුදා උදැසන ලෞරන්ස් පියතුමන් ඉදිරියේ ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඒවගේම ඔවුන් ටික දිනක් එය රහසක් විදියට තියාගන්නත් එකග වෙනවා. ඒ එය ප්‍රකාශ කරන්න සුදුසුම මොහොත එනකල්. ජුලියට් ඇයගේ නිවසට ඇරලවන රෝමියෝ පොරොන්දු වෙනවා හවසට ඇයව දකින්නට එන බව. නමුත් අවසනාවන්ත ලෙස එදින රෝමියෝ හට අතරමගදී ජුලියට් ගේ ඥාතියකු වන tybalt නැවතත් මුණ ගැසෙනවා. ඒ රෝමියෝගේ මිතුරන් දෙදෙනකු වන Mercutio සහ benvolio සමග වීදියක ඇවිදිමින් සිටින මොහොතක. tybalt දුටු සැනින් කඩුව අමෝරාගත් Mercutio ඔහු සමග සටන් වදිනවා. ඒ මොහොතේ tybalt ගේ කඩු පහරින් Mercutio මිය යනවා. ඔහුගේ මියයාමත් එක්ක කඩුව ගත් රෝමියෝ tybalt සමග සටන් කරනවා. එම අවස්ථාවේදී tybalt මිය යනවා. එම සිද්ධියෙන් පසුව රෝමියෝ Mantua ප්‍රදේශයට පලා යනවා.
මෙම සිදුවීමෙන් අනතුව ජුලියට්ගේ දෙමාපියන් ඇයව පැරිස් නමැති තරුණයෙකුට විවාහ කරලා දෙන්න උත්සහ කරනවා. නමුත් ඇය කැමති වන්නේ නෑ. ඇයට ඇවසිවන්නේ රෝමියෝ සමග ජීවත් වෙන්න. ඉතින් ඇය ලෞරන්ස් පියතුමන් සොයා යනවා. මේ සිදුවීම් සියල්ල අසා සිටි පියතුමන් ඇයට යම් කිසි බෙහෙත් වර්ගයක් දෙනවා. ඔබ මෙය පානය කලවිට ඔබ දැඩි නින්දකට යනවා. පව්ලේ අය සිතයි ඔබ යමක් පානය කර ජීවිතය නැති කරගෙන කියලා. මා ඔබේ පව්ලේ අයට පවසන්නම් ඉක්මනින් අවසන් කටයුතු කරලා ඇයව පවුලේ සොහොන තුල තැන්පත් කරන්න කියල. ඒ මොහොතේදී මා රෝමියෝ කැදවා විත් ඔබව ඔහු සමග පිටත් කරන්නම්. පියතුමන් එසේ පවසා සිටියා. පසුදින ජුලියට් ගේ නිසල ශරීරය හැමෝටම දැකගන්න පුළුවන් වුනා. හැමෝම දුක් උනා.ඇයගේ නිසල ශරීරය අවසන් බුහුමන් දක්වන්න තියා තිබුන. හැමදේම හොදින් නිරීක්ෂණය කල ලෞරන්ස් පියතුමන් වහාම පණිවුඩ කරුවෙකු යැව්වා රෝමියෝ වෙත මේ සියලු දේ කියල. නමුත් අවාසනාවකට පණිවුඩ කරුවා හට රෝමියෝ මග ඇරෙනවා. මුළු නගරයේම පැතිරෙනවා ජුලියට් මියගියා කියල. ඒ පුවතම රෝමියෝගේ කන වැකෙනවා.. ජුලියට් මිය ගියා කියල..තමනුත් තවදුරටත් ජීවත් නොවිය යුතුයි කියල හිතන රෝමියෝ විෂ ද්‍රව්‍යක් රැගෙන මද්යම රාත්‍රියේ ඇයගේ ශරීරය තැබූ තැනට යනවා. Capuleti පව්ලේ මියගිය සැමගේ දේහයන් තබා තිබෙන විශේෂ තැනකට තමයි රෝමියෝ යන්නේ. ඔහු ඇයගේ නිසල ශරීරය දෙස බලා ඉන්නවා. ඔහු සිතුවත් ඇය මිය ගිහින් කියල..තව මොහොතකින් ඇය ඇහැරෙනවා. එහෙම නැත්තම් ප්‍රකෘර් ති සිහියට එනවා. නමුත් එක දන්නේ නැති රෝමියෝ විෂ පානය කරලා ඇයගේ ලගින්ම වැතිරෙනවා. එකෙනෙහිම එතෙනට පැමිණෙනවා ලෞරන්ස් පියතුමන්. පියවි සිහියට එන ජුලියට් හට දකින දේ සිතාගන්නවත් බැරිවෙනවා. එකෙනෙහිම රෝමියෝගේ අසිපත ගන්න ජුලියට් ඇයගේ ජීවිතය නැති කරගන්නවා.
මෙම කතා පුවත අද වන විට මුළු ලොවම ආදරයෙන් වැලදගත් එකක්. ලොව සෑම ප්‍රදේශයකින්ම අදටත් දහස් ගණන් සංචාරකයන් පැමිණෙනවා මේ සිදුවීමට පාදක වුන සියලු දේ නරඹන්න. ස්මාරක, නිවෙස්,ඇදුම් පැළදුම්,අදටත් ඔබට දැකගන්න පුළුවන්. සෑම වීදියකම පෙම්වතුන්ගේ නම් ලියවුනු බිත්ති ඔබට දැකගන්න පුළුවන්. ඇය ජීවත්වුනයි සැලකෙන නිවාස අද වන විට කෞතුකාගාරයක්. ඒ වගේම අයගේ නිවසේ ඇති භූගත ශාලාවකදී ඔබට ඇය රෝමියෝ පැමිණෙන තුරු නිදාසිටි බෙහෙත් ඔරුවක් වැනි දෙයක් ද දැකගන්න පුළුවන්.
ඉතින් මෙම පුවත සත්‍යක්ද නැද්ද යන සැකය තවම තියනවා. ඒවගේම කාලෙන් කාලෙට අලුත් දේවල් මේ කතාවට එකතුවෙලා තියනව. ඉතින් එදා ඉදන් අද දක්වාම කාලෙන් කාලට අලුත් දේවල් එකතු උන නිසාම අදටත් ජනප්‍රියත්වය එලෙසම තිබීම පුදුමයක් නම් නොවේ.
සටහන- සදුල්.