Nexup Charity Solutions

Call Directions Contact the organization

Nexup Charity Solutions We build lives, we change lives! since 2019

නිරූපන ශිල්පී චූලා පත්මේන්ද්‍රගේ වියෝවත් සමග ඇයගේ පුතුනුවන් ගැන ගොඩක් අය කතා කරන්න ගත්තා. එයා වෙනස් අවශ්‍යතා ඇති දරුවෙක්...
04/09/2026

නිරූපන ශිල්පී චූලා පත්මේන්ද්‍රගේ වියෝවත් සමග ඇයගේ පුතුනුවන් ගැන ගොඩක් අය කතා කරන්න ගත්තා. එයා වෙනස් අවශ්‍යතා ඇති දරුවෙක්. අම්මගෙ නිසල දේහය දිහා හිස් වතුර බෝතල් දෙකක් අතතිව එයා බලා ඉන්න හැටි දැක්කම ඕනම අම්මා තාත්තා කෙනෙකුගෙ හිත නතරවෙනවා. මේ සිදුවීම වෙන්න සති කීපයකට කලියෙන් එවැනි " වෙනස් අවශ්‍ය තා " ඇති දරුවෙකුගෙ තාත්තා කෙනෙක්, (එයා මගේ මිතුරෙක්) එයාගෙ දරුවා ගැන පැය ගාණක් කතා කළා.
" මචන්. මට මම ජීවත්වෙලා ඉන්නකන් ප්‍රශ්න නෑ. ඒත් අපි නැති දවසට මගේ දරුව බාරගන්නෙ කවුද ? සමාජයක් විදියට ඒ වෙනුවෙන් අපිට තියෙන වැඩපිළිවෙළ මොකක්ද ? "

ඒ කතාව ඇහුවම මගේ මතකය මීට අවුරුදු 30 කට එපිටදි ( 90 දශකයේ මුළ ) ධර්මජිත් පුනර්ජීවගෙ " ලිහිණි" වේදිකා නාට්‍ය මතක් වෙනවා. ඒක පුදුමාකාර ලස්සන වේදිකා නාට්‍යක්. ඒ නාට්‍යය නිර්මාණය වෙලා තිබුණේ " වෙනස් අවශ්‍ය තා" ඇති දරුවෙක් ගැන. ඒ නාට්‍ය මම නැරඹුවෙ ලුම්බිණි රඟහලේදී. එවකට මගේ ගුරුතුමියකටත් මගේම වයසෙ දරුවෙක් හිටියා වෙනස් අවශ්‍ය තා තියෙන. මම මගේ ගුරුතුමියට කිව්වා " ලිහිණි" වේදිකා නාට්‍ය බලන්න කියලා. ඇය ධර්මජිත් පුනර්ජීව ගෙ " ලිහිණි" නාට්‍ය නරඹන්න ආවෙ එයාගෙ පුතත් එක්ක. එදා ඒ නාට්‍ය නරඹලා ඇය සංවේදී වුණ හැටි මට තාම මතකයි.

ඊටපස්සෙ 2007 වර්ෂයේදී අමීර් ඛාන් නිර්මාණය කරපු "තාරේ සාමීන් පාර්" චිත්‍රපටියේ ඩිස්ලෙක්ෂියා රෝගයෙන් පෙළෙන " ඉෂාන්" විශේෂ පාසලක නවත්වලා යද්දි තාත්තා වාහනේ ස්ටාර්ට් කරනවා. ඒ වෙලාවෙ පුංචි " ඉෂාන්" ගෙ පපුව ගැහෙනවා. ඒ රූපරාමුව තිබෙන ගීතය අදටත් පපුව පුච්චනවා.

“මේ කභී බතලාතා නහී
පර් අන්ධේරේ සේ ඩර්තා හූන් මේ මා..
යූන් තෝ මේ දිඛ්ලාතා නහී
තේරී පර්වාහ් කර්තා හූන් මේ මා....
තුඡේ සබ් හෛ පතා හෛ නා මා......
තුඡේ සබ් හෛ පතා මේරී මා........”

සිංහල අර්ථය
මම කවදාවත් පවසන්නේ නැහැ,
නමුත් අම්මේ මම කළුවරට බයයි...
මම පිටතට නොපෙන්වූවාට,
මම ඔයා ගැන ගොඩක් හොයලා බලනවා (ආදරෙයි) අම්මේ...
ඔයා හැමදේම දන්නවා නේද අම්මේ?
මගේ අම්මේ, ඔයා මං ගැන හැමදේම දන්නවා...

මම මව්බිම පුවත්පතේ මාධ්‍ය වේදියෙක් විදියට වැඩ කරන කාලෙ " රහයි ජීවිතේ" කියලා තීරු ලිපියක් ලිව්වා. දවසක් මාව හමුවෙන්න තරුණියක් ආවා. එයා ලෙක්චර් කෙනෙක්. එයාගෙ මල්ලි " වෙනස් අවශ්‍යතා ඇති කෙනෙක්.

" මට මගේ මල්ලි නැතිව ජීවත් වෙන්න බෑ එයා නිදාගන්න කලින් එයාගෙ මූණට සුවඳ පවුඩර් දාන්න ඕන. කොන්ඩෙ ලස්සනට පීරන්න ඕන. " ඔයා ලස්සනයි" කියලා කියන්න ඕන. ඊටපස්සෙ තමයි එයා මාව බදාගෙන නිදාගන්නෙ. මට එයා නැතිව ජීවිතයක් ගැන හිතන්න බෑ "

මේ වගේ අත්දැකීම කීපයක්ම මට මතක් වෙනවා.
"ජාරක" කියන්නෙ අවුරුදු 28 ක කොල්ලෙක්. එයාගෙ තාත්තා තමයි මාධ්‍ය වේදී "නිශ්මං රණසිංහ " ජාරක වෙනුවෙන් එයාගෙ තාත්තා,අම්මා,නංගි කරන මැදිහත්වීම සුළුපටු නෑ. ඒ වැඩේ ප්‍රථිපලයක් විදියට ජාරකගෙ " සුපෙම්බරා" කියලා ගීතයක් පවා එළි දැක්වූවා.
ජාරක කියන්නෙත් පෞද්ගලික ජයක්.නිශ්චිත වැඩ පිළිවෙලක ප්‍රතිපලයක් නෙමෙයි.එයා ගැනම හිතීම සහ අධ්‍යයනය කිරීම කියන පෞද්ගලික ක්‍රියාවලියෙදි එයාව හඳුනාගැනීම සහ ඒ වෙනුවෙන් කැප කිරීම.පළමු දෙය ආදරෙන් සැළකිම සහ බැහැ කියා ඉවත් නොකිරීම සහ ඈත් නොකිරීම.
මෙවැනි විවිධ අවශ්‍යතා ඇති දරුවන් අපේ සමාජයේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජීවත්වෙනවා. ඉස්සර බොහෝ පාසල් වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වෙනමම පන්ති කාමරයක් තිබුනා. පාසලේ අනිත් දරුවන්ගෙන් වෙන් කරලා ඔවුන් වෙනම පන්ති කාමරයක ඉගෙණුම් කටයුතු කළා .
1994 ජූනි මාසයේදී සැලමැන්කා (Salamanca) නගරයේදී UNESCO සංවිධානය සහ ස්පාඤ්ඤ රජය එක්ව සංවිධානය කළ "විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ ලෝක සම්මේලනයේදී" (World Conference on Special Needs Education) රටවල් 92 ක සහභාගීත්වයෙන් Salamanca ප්‍රකාශනය සම්මත කළේ මෙම දරුවන් වෙනුවෙන්.
මෙහි ප්‍රධාන අරමුණු සහ මූලධර්ම
1. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය: ඕනෑම ශාරීරික, බුද්ධිමය හෝ වෙනත් ආබාධිත තත්ත්වයක් සහිත දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතියක් ඇත.
2. සාමාන්‍ය පාසල් පද්ධතියට ඇතුළත් කිරීම (Inclusive Education): විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනම වෙන් කර නොතබා, ඔවුන්ව සාමාන්‍ය පාසල්වල සාමාන්‍ය දරුවන් සමඟ එකට ඉගෙනීමට සැලැස්විය යුතුය.
3. වෙනස්කම්වලට ගරු කිරීම: පාසල් පද්ධති සකස් විය යුත්තේ දරුවාගේ අවශ්‍යතාවලට අනුව මිස, පාසලේ රටාවට දරුවා අනුගත කරවා ගැනීමෙන් නොවේ.
4. සමාජීය ආකල්ප වෙනස් කිරීම: සාමාන්‍ය දරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එකට අධ්‍යාපනය ලැබීමෙන් සමාජයේ පවතින මතවාදී වෙනස්කම් සහ අගතීන් දුරුවී වඩාත් සමගි සම්පන්න සමාජයක් බිහිකිරීම .
මෙවැනි වෙනස් අවශ්‍යතා ඇති දරුවන්ගෙ දෙමාපියන්ගෙ මානසිකත්වය මොන වගේද වෙන්න පුළුවන්ද කියලා මෙය කියවන ඔබට හිතාගන්න පුළුවන් ඇති. සමහරවිට ගෙදර ඉන්න හුරතලා ඔහු හෝ ඇය වුනත් එවනි දරුවන් වැඩිවියට පත්වෙද්දි ඒ හැම දරුවෙකුගේම අම්මා තාත්තා කෙනෙකුට ඒ දරුවන්ගෙ අනාගතය ගැන තියෙන්නෙ විශාල බයක්. " අපි නැති දවසට මගේ දරුවට මොකද වෙන්නෙ ? " ඒ තමයි හැමදාම ඔවුන් උත්තරය හොයන ප්‍රශ්නය.
මේ වෙනුවෙන්.
මේ ප්‍රශ්නය ගැන සමාජයක් ලෙස මීට වඩා අවධානය යොමුකරන්න කාලය ඇවිත් කියලයි මට හිතෙන්නෙ.රජයක් විදියට මේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් තිබෙන වැඩපිළිවෙළ කුමක්ද ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් එම දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ මොනවද ?
ඔවුන් වෙනුවෙන් මතයක් ගොඩනැගීමට ප්‍රධාන මාධ්‍ය මගින් සංවාදයක් ඇතිකර තිබේද ?
වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ ජයග්‍රහණ ගැන කියවෙනවා.ඒවා අතිශයින් පෞද්ගලික ජයග්‍රහණ.ඒවා සමහර විට සමාජ ජයග්‍රහණ හැටියටත් නම් කරනවා.එහෙම එක පෞද්ගලික ජයක් තමයි වෙනස් අවශ්‍යයතා සහිත කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විම.ඒක රාජ්‍යමය වශයෙන් වෙනස් අවශ්‍යයතා සහිත සමස්ත ප්‍රජාව ලැබූ ජයක් නෙමෙයි.පුද්ගලයෙකුගේ පෞද්ගලික කැපකිරීමකට ඔහු ලබපු ජයග්‍රහණයකින් එහාට ඒක ගිහිං නැහැ.
වෙන අධ්‍යාපනික සංශෝධන අවශ්‍යය නැහැ.ඉස්සෙල්ල සලමන්කා ගිවිසුම සක්‍රීය කරන්න.ඊට පස්සෙ ගුරු ආකල්ප වෙනස් කරමින් පෞද්ගලිකව වෙනස් අවශ්‍යයතා සහිත දරුවන්ගේ කුසලතා හඳුනාගන්න වැඩ පිළිවෙලක් හදන්න.ජීවනෝපාය මාර්ගයකට හුරු කරන්න.ඔවුන්ගේ ආර්ථිකය කළමණාකරනය කරන්න හවුල්කරුවෙකු වෙන ආයතනයක් නිර්මාණය කරන්න.
චූලාගේ ප්‍රශ්නයේ ආරම්භයටම ගියොත් මෙවැනි දරුවෙක් හුදකලාව අසරණ කිරීම වෙනුවට ස්වාධීනව ජිවත්විය හැකි මිනිසෙකු කිරිමේ වගකිම මේ ආණ්ඩුව භාරගත යුතු වන්නේ දැන් බලයේ ඉන්නේ ඔවුන් නිසයි.ඒක බලයේ හිටපු අය මඟ හැරිය වැඩක්.ඒ නිසා අපිත් නොකළා කියලා දොස් කියන්න බැහැ කියන උත්තරය දෙන්න ආණ්ඩුවට බැහැ.වගකීම් කියන එවා හැමවෙලාවෙම ආණ්ඩුව ඉදිරියේ ඉටු කරන්නට බැඳී තියෙනවා.මේකත් එහෙම එක දෙයක්. පුළුවන් කමක් තිබේනම් ඔවුන් වෙනුවෙන් ඔබේ හඬ අවදි කරන්න .

| ලියකියවිලි |

උපටා ගැනීමකි

27/08/2026

🙏🏻😔

💚 Small acts of kindness can change lives. 🤝✨Together, let’s spread hope and make a difference. ❤️
27/08/2026

💚 Small acts of kindness can change lives. 🤝✨

Together, let’s spread hope and make a difference. ❤️

💚 Our Vision. Our Mission. Our Values.At Nexup Charity Solutions, we are committed to empowering communities through com...
22/06/2026

💚 Our Vision. Our Mission. Our Values.

At Nexup Charity Solutions, we are committed to empowering communities through compassion, education, healthcare, and sustainable support.

Together, we build lives. Together, we change lives.

Address

Wattala

Telephone

+94768105444

Website

Alerts

Be the first to know and let us send you an email when Nexup Charity Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nexup Charity Solutions:

Shortcuts

Share