Kandegama Api - කන්දේගම අපි

Kandegama Api - කන්දේගම අපි සැවොම එකට, එක පෙරට

18/07/2025

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්, කොන්ත්‍රාත් පදනම මත රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා (පිරිමි සහ කාන්තා) අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

මෙම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2025 ජූලි 31 වේ.

*Courtesy: Dinamina (ඉංග්‍රීසි සහ දෙමළ දැන්වීම් සඳහා කරුණාකර ඩේලි නිවුස් සහ තිනකරන් පුවත්පත් බලන්න.)

18/07/2025

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දක්වන අදහස්වලින් පෙනී යන්නේ, බොහෝ දෙනෙකුට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිසි අ.....

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා බුදු අම්මෝ ..අපි ඉවරයි ..ඒ මොනවද ඒ.📌📌ළමයින්ට වඩා අම්මලා කලබලවෙලා කට්ටිය ....අල්ලපු ගෙදරට ...
18/07/2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා
බුදු අම්මෝ ..අපි ඉවරයි ..ඒ මොනවද ඒ.
📌📌
ළමයින්ට වඩා අම්මලා කලබලවෙලා
කට්ටිය ....අල්ලපු ගෙදරට කෝල් කරනවා
FB බලනවා YOU TUBE බලනවා
ඒ අස්සේ එක එක කතා පැතිරෙනවා
📌📌
අන්න ඒ හින්දම මොනවද මේ
ප්‍රතිසංස්කරණ කියලා
ටිකක් සරලව කියන්නයි මේ හදන්නේ
📌📌
මෙතනදී ඕලෙවල් කට්ටියට විතරක් නෙමෙයි
A/L කරන්න හිතාගෙන ඉන්න අයට
STEM (Science -Technology -Engineering -Maths )
විෂය කාණ්ඩයක් හදුනවා දීල තියෙනවා
ඒ නිසා A/L කරන්න ඉන්න අයත්
ඒක ගැන අවබෝධයක් ගන්න එක වටිනවා
📌📌
මෙතනදී යෝජිත පලවෙනි වෙනස් කම තමයි
ඕලෙවල් වලට දැනට හදාරන මූලික විෂයයන් 9 වෙනුවට
විෂයයන් 7ක් විතරක් අඩංගු වීම
ගොඩක් ළමයි ඒ වැඩේට නම් කැමතියි වගේ
එතනදී අනිවාර්යය පොදු විෂයයන් 5ක් අඩංගු වෙනවා
ඒ පහට
මව් බස
ඉංග්‍රීසි භාෂාව
ගණිතය
විද්‍යාව
ආගම සහ සාරධර්ම අධ්‍යයනය ඇතුලත් වෙනවා
මෙම එක් එක් විෂය සඳහා ක්‍රෙඩිට් තුන බැගින් ලැබෙන අතර
ආගම සහ සාරධර්ම අධ්‍යයනය සඳහා පමණක්
ක්‍රෙඩිට් දෙකක් ලැබෙනවා
📌📌
ඊට පස්සේ තියෙන්නේ
දරුවන්ට කැමති විදිහට
තෝරාගන්න පුළුවන් විෂයයන්
ඒවායින් දෙකක් තොරගන්නම වෙනවා
ඒ අතරට ඉතිහාසය ඇතුලත් කරලා තියෙන එක ගැන
අකමැත්තක් මේ දවස්වල ටිකක් සැරට යනවා
ඉතිහාසය අනිවාර්ය වෙන්න ඕනේ දෙයක්
ඕක තෝරන්න ඕනේ ද
එහෙම තමයි කතාව යන්නේ
📌📌
මෙන්න මේවා තමයි ඔයාලගේ කැමැත්ත මත
තෝරාගන්න පුළුවන් විෂයයන්
දෙවන ජාතික භාෂාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉතිහාසය
පුරවැසි අධ්‍යාපනය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
තාක්ෂණය
භූගෝල විද්‍යාව
සෞන්දර්ය අධ්‍යාපනය
ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය
📌📌
හැබැයි උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය වන ප්‍රවේශයක් ලබාදීම සදහා
STEM (Science -Technology -Engineering -Maths ) විෂයයන් සහ
මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා හෝ කළමනාකාරණය යන
විෂය මාලාවලට අදාළ විෂයයන් හැදෑරීම සිදුකරන්න පුළුවන්
එහිදී යම් සිසුවෙකු STEM තෝරා ගතහොත් එම සිසුවා
ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව STEM විෂය කාණ්ඩයේ
විෂයයන් 4ක් අධ්‍යයනය කළ යුතු අතර,
ඔවුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන්
ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව විෂයන් දෙකක් හැදෑරිය යුතු වේ.
📌📌
ඊට අමතර ව ඔවුන් වෘත්තීය පුහුණු එක විෂයක් හැදෑරීම සිදු කළ යුතු ය.
මෙම විෂය කාණ්ඩ යටතේ විෂයයන් තෝරා ගැනීමේදී
සියලු ම විෂය කාණ්ඩ යටතේ සිසුන්ට
ඉතිහාසය සහ සෞන්දර්ය හදාරන්නම වෙනවා
අන්න ඒ නිසා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයය හැලෙන කතාවේ
තර්කය මෙතනින් වෙනස් වෙනවා
ඒ විතරක් නෙමෙයි මූලික විෂයයන් 7 ට අමතරව
තවත් අමතර විෂයයන් හදාරන්න වෙනවා
📌📌
ඒ වගේම ABCS වෙනුවට GPA එකක් ලබාදීමට සැලසුම් තියෙනවා
CREDIT ක්‍රමය හදුන්වා දීමෙන් මේ GPA ක්‍රමයට අනුගත වෙනවා
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව
පහත විෂයන් සහ පහත ක්‍රෙඩිට් උපයා ගත යුතු ය.
📌📌
අනිවාර්ය විෂයන් 05: ක්‍රෙඩිට් 14
තෝරාගත් විෂයන් 02: ක්‍රෙඩිට් 04
වැඩිදුර අධ්‍යාපන විෂයන් 07: ක්‍රෙඩිට් 14
තීර්යක් විෂයයන් (transversal): ක්‍රෙඩිට් 03
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ සඳහා ඉහත විෂයන් අධ්‍යයනය කළ යුතු
අතර උපයා ගතයුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35ක්
📌📌
ඉතින් මේ ප්‍රතිසංස්කරණ ගැන දරුවන්
ගොඩක් ඔලුවට අරන් වද වෙන්න එපා
ඒවා හිමින් සැරේ සිදුවේවි .
අපි අපේ වැඩේ කරගෙන යමු
යහපත් දෙයක් වෙයි කියලා හිතමු
ඒ වගේම අපේ අදහස්
හොඳ විදිහට බෙදා ගමු
අඩුපාඩු කතා කරමු
උපුටා ගැනීම

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දක්වන අදහස්වලින් පෙනී යන්නේ, බොහෝ දෙනෙකුට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිසි අ.....

10/06/2025

වාර්ෂික පොසොන් මහා බත් දන්සල
අද උදෑසන 11.00 සිට
කන්දේගම ක්‍රීඩාපිටියේදී

Punchitharu Pre School Kandegama Api - කන්දේගම අපි
13/05/2025

Punchitharu Pre School Kandegama Api - කන්දේගම අපි

13/05/2025
Dansala - දන්සල් විස්තර ලොව වටා
13/05/2025

Dansala - දන්සල් විස්තර ලොව වටා

April 15 🥳🥳Are you READY??
06/04/2025

April 15 🥳🥳
Are you READY??

April 15 Are you READY?? SHARE this with friends and family.
06/04/2025

April 15 Are you READY??
SHARE this with friends and family.

Address

95 C Kandegama, Algama
Warakapola
71607

Website

Alerts

Be the first to know and let us send you an email when Kandegama Api - කන්දේගම අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share