අපි තරුණ එකමුතුව

අපි තරුණ එකමුතුව අපෙන් ගමට සංකල්පය යටතේ ගමේ පන්සල මුලික කරගෙන බිහිවු තරුණ සංවිධානයකි.

අපි නැගී සිටිමු.....අපෙන් වියයුතු යුතුකම් ඉටුකරන්නට....

අරමුණු -
- ගුණ නුවනින් හෙබි විනයගරුක තරුණ පිරිසක් බිහිකරලීම
- සාරධර්ම සපිරි සමාජයකට මගහසර සකසාදීම
- මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ සමාජය මුදවාගැනීම
- නැතිවී යන අපේකම, අපේ උරුමයන් රැකගැනීම

🌸...නවම් පුන් පොහොය අදයි...🌸🌼බුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පු...
01/02/2026

🌸...නවම් පුන් පොහොය අදයි...🌸

🌼බුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් .සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

🌸තෙරුවන් සරණයි🌸

වසරේ පළමු පොහොය වන දුරුතූ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.🌸බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළො...
03/01/2026

වසරේ පළමු පොහොය වන දුරුතූ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

🌸බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
🌸සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත්,
🌸නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට එමෙන්ම මහියංගන චෛත්‍ය ඉදිකර තිබීමත්,
🌸බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේලුවනාරාමය පුජා කර ඇත්තේ දුරුදු පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි !

ලැබුවා වූ නව වසර  සාමය සතුට පිරි සිතූ පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා 🙏❤ May the new year be filled with peace and ...
31/12/2025

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සිතූ පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා 🙏❤

May the new year be filled with peace and happiness, and may all your wishes come true. ❤

23/12/2025

යුතුකම වෙනුවෙන් අපි - අපෙන් පාසලට වැඩසටහන 2025(26)

🌸උඳුවප් පුන් පොහෝ දිනය අදයි.🌸මෙරට සියලුම බෞද්ධ ජනතාවගේ නමස්කාරයට භාජනය වන උතුම් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ අද වන් ...
04/12/2025

🌸උඳුවප් පුන් පොහෝ දිනය අදයි.🌸
මෙරට සියලුම බෞද්ධ ජනතාවගේ නමස්කාරයට භාජනය වන උතුම් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ අද වන් පොහෝ දිනෙකය.

🌸සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟ තවත් භික්‍ෂුණීන් එකලොස් දෙනෙක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේද අද වන් පොහෝ දිනෙකය.

🌸එමෙන්ම ශ්‍රී ලාංකීය මෙහෙණි සසුන පිහිටුවීමද සිදුවූයේ අද වන් දිනකය. එබැවින් උඳුවප් පුන් පොහෝ දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ අපට බෞද්ධ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කළ දිනයක් ලෙස හැඳින්විය හැකියි..

✨ඉතින් මේ වනවිට අපේ මාතෘභූමිය මුහුණ පා ඇති ව්‍යසනකාරි තත්වය හමුවේ අවතැන් වූ අපගේ සියලු ජනයාට නැවත නැඟී සිටීමට මේ උතුම් පොහෝ දින අපි සියල්ලෝම මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමු.❤️❤️💪

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

☸️☸️☸️විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සවියක් වීමට ඔබත් හැකි අයුරින් දායක වන්න. 🤝❤️‍🩹☸️☸️☸️
01/12/2025

☸️☸️☸️

විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සවියක් වීමට ඔබත් හැකි අයුරින් දායක වන්න. 🤝❤️‍🩹
☸️☸️☸️

යුතුකම වෙනුවෙන් 'අපි' තරුණ එකමුතුව මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන *අපෙන් පාසලට* 📚වැඩසටහන් මාලාවේ මීළඟ පියවර හම්බන්තො...
15/11/2025

යුතුකම වෙනුවෙන් 'අපි' තරුණ එකමුතුව මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන *අපෙන් පාසලට* 📚වැඩසටහන් මාලාවේ මීළඟ පියවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බදගිරිය යහන්ගල ප්‍රාථමික විද්‍යාලයේදී 🧑‍🏫මෙම වසරේ දෙසැම්බර් මස අවසානයේදී පැවැත්වීමට නියමිතය..💫
යුතුකම වෙනුවෙන් අප හා එක්වන්නට
ඔබටත් ආරාධනා....✨


ඉල් පොහොය අදයි☸️🌸අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි....
05/11/2025

ඉල් පොහොය අදයි☸️

🌸අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි.

🌸වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොය යි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ.

🌸*පොසොන් පොහොය වැදගත්කම..*පොසොන් පුන් පෝදා ලංකාවාසී අප සියලු දෙනාට ම ඉතාමත් ම වටිනා දිනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ...
10/06/2025

🌸*පොසොන් පොහොය වැදගත්කම..*

පොසොන් පුන් පෝදා ලංකාවාසී අප සියලු දෙනාට ම ඉතාමත් ම වටිනා දිනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත්, දෙවනපෑතිස් රජතුමාට බුදුදහම දෙසා අවබෝධ කරවීමත්, ශ්‍රී ලංංකාවේ සම්මාසම්බුද්ධ ශාසනය පිහිටුවීමත්, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම හා දෙවනපෑතිස් රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කිරීමත්, භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කරවීමත් පොසොන් පුන් පොහෝ දා සිදු වූ නිසා ය.

*ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා*🙏🙏✨

*අප අමාමෑණි සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මෙම පොහෝ දිනය ඔබ සැමට ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන සුභ වෙස...
12/05/2025

*අප අමාමෑණි සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මෙම පොහෝ දිනය ඔබ සැමට ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන සුභ වෙසක් මංගල්‍යයක් වේවා !*

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

යුතුකම වෙනුවෙන් අපි තරුණ එකමුතුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු  හිසතෙල් ගෑමේ මංගල්‍යය 2025.04.16
17/04/2025

යුතුකම වෙනුවෙන් අපි තරුණ එකමුතුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ මංගල්‍යය
2025.04.16

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සිතූ පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤ May the new year be filled ...
14/04/2025

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සිතූ පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤

May the new year be filled with peace and happiness, and may all your wishes come true. ❤

Address

Sri Jayawardhanaramaya, Delgahamedilla, Kumbaloluwa
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when අපි තරුණ එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අපි තරුණ එකමුතුව:

Share