මිත්රත්වයේ වර්ණ Colours of Friendship

Directions Website

මිත්රත්වයේ වර්ණ Colours of Friendship Colours of Friendship Foundation is a charity organization formed to inspire people

"රන් හිරු කිරණ මිහිලිය මත දිග හැරුණූ...කෙත් වතු සාර කර ‍බැඳ ඇති වැව් අමුණූ...කැකුළු මුවක ටිකිරි සිනා සුභ ලකුණූ...පුතු ගත...
19/07/2025

"රන් හිරු කිරණ මිහිලිය මත දිග හැරුණූ...
කෙත් වතු සාර කර ‍බැඳ ඇති වැව් අමුණූ...
කැකුළු මුවක ටිකිරි සිනා සුභ ලකුණූ...
පුතු ගත පණනලයි කිරි මව්නට එරුණූ..."

ශ්‍රේෂ්ඨ ගත් කතුවර මක්සිම් ගො(ර්)කිගේ ද ලෝකය සහ මානව සංහතිය පිළිබදව වූ එක් වැදගත් සංකල්පයක් වුයේ ලොවෙහි වූ ඉතා මනරම් දෑ නිමැවී පෝෂණය වී ඇත්තේ හිරුගේ කිරණෙනුත් මව්ගේ කිරි වලිනුත් යන්නයි. අරුත් මතුපිටින් නොව ගැඹුරින් විමසන විට ගෝ(ර්)කි ගේ මෙකී සංකල්පය සර්වකාලීන සත්‍යයක් බවත් ලෝකයේත් මිනිසාගේත් ජීවය රඳාපවත්නා සෑබෑම පුනර්ජනනීය සාධකයන් ඒවාම බවත් මැනවින් පැහැදිලි වේ. සූර්‍ය රෂ්මි ධාරවන් සහ අප්‍රමාණ සෙනෙහස මුසු මව්කිරෙන් ජනිත වන්නා වූ මානව සංහතියේ ජීවයට, බොහෝ දෙනා විසින් සාර ධර්ම ද, මානව දයාව ද, මානව ප්‍රේමය ද යනාදී විවිධ නම් වලින් අරුත් ගන්වා ඇති එහෙත් තනි වචනයකට ලඝු කොට කියතහොත් මානව "ජීවගුණය" නම්වූ ශ්‍රේෂ්ඨත්වය ජනිත කල හැක්කේද, දායාදා කල හැක්කේද, තවත් එබදුම ජීව ගුණයෙන් පෝෂණය වූ මානව ප්‍රජාවකටම බව "මිත්‍රත්වයේ වර්ණ" සහෘදයින් බොහෝ කලකට පෙර සිට දැඩිව විශ්වාස කල කරුණකි.

එවන් වූ උසස් මානව ගුණ ධර්ම සහිත පරපුරක් බිහි කිරීමේ ලා නූතන ඩිජිටල් යුගයේදී වුවද පොත පතට කල හැකි මෙහෙවර අනභිභවනීය බැවින්, පොතක මහිමය සැබැවින් ම හදුනාගත් සහෘද පිරිසකගෙන් සැදුම්ලත් "මිත්‍රත්වයේ වර්ණ" සහෘද කැල අඛණ්ඩව වසර 13 ක් මුළුල්ලේ සිදු කරගෙන එනු ලැබූ අපේ රටේ විවිධ දුෂ්කරතා සහිත ප්‍රදේශයන්හි පාසල් වල පුස්තකාලයන් වෙනුවෙන් සිදුකෙරෙන පාසල් පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන වෙනුවෙන් 2024 වර්ෂය සඳහා තෝරා ගත් උතුරු පළාතේ වව්නියාව මඩුකන්ද ජාතික පාසල සහ වව්නියාව මුණ්ඩිමුරුප්පුව ප්‍රාථමික පාසල වෙනුවෙන් වූ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන පසුගිය ජූනි මස 27 වැනිදා "මිත්‍රත්වයේ වර්ණ" සහෘදයින් පිරිසකගේ සහභාගිත්වයෙන් අදාළ විද්‍යාලයයන්හිදී සිදුකරන ලදි.

එහිදී මිත්‍රත්වයේ සහෘදයින් හට සම්මුඛ වූ පුංචි සමනල් පැටවුන්ගේ සිත් සතන් තුල නිවී ගිය යුධ ගිනි දැල් යලි කිසිදා නොනැගේවා යන්නත්, ඔවුන්ගේ නිවෙස් තුළ සිදී ගිය ආර්ථික සමෘධිය යලි ඇතිවේවා යන්නත්, ඔවුන් එදින ලද පොත පතින් ලබන්නාවු දැනුමෙන් ඔවුන් හට හෙට බිහිවන අළුත් ලොවට වරම් විවර වේවා යන්නත්, එම කර්තව්‍යය හා සහ සම්බන්ධ වූ සියල්ලන්ගේම එකායන ප්‍රාර්ථනය විය.

2024 වාර්ෂික පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට අදාළව රු. 306,937 ක වටිනකමින් යුත් පොත් 482 ප්‍රමාණයක් වව්නියාව මඩුකන්ද ජාතික පාසල වෙනුවෙන්ද, රු. 70,025 ක වටිනාකමින් යුත් පොත් 191 ප්‍රමාණයක් සහ භාවිතා කල එහෙත් නැවත භාවිතයට ගතහැකි මට්ටමේ පැවති පොත් 66 ක ප්‍රමාණයක්ද වව්නියාවට මුණ්ඩිමුරුප්පුව ප්‍රාථමික පාසල වෙනුවෙන්ද පසුගිය ජූනි 27 වැනිදා සිදුකල පරිත්‍යාගයන්ට ඇතුළත් විය.

මෙම සද්කාර්‍යය වෙනුවෙන් දායක වූ මිත්‍රත්වයේ වර්ණ පදනමේ සහෘදයින් සියළු දෙනාටමද, සුපුරුදු අන්දමින් ලබා දිය හැකි උපරිම වට්ටම් මිළකට අපවෙත පොත් ලබා දුන් වාසනා, රත්න, සමුද්‍රා, ගොඩගේ, සුරස, සරසවි, ගුණසේන සහ ESL යන පොත් ප්‍රකාශන සහ අලෙවි ආයතනයන්ටද අදාළ සම්බන්ධීකරණ කාර්‍යය සිදුකරමින් අප වෙත සහයෝගය පළකල වව්නියාව මඩුකන්ද ජාතික පාසලේ සහ වව්නියාව මුණ්ඩ්‍රිමුරුප්පුව ප්‍රාථමික පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියළු දෙනාටමත් වව්නියාව දකුණ කළාප අධ්‍යාපන කාර්‍යාලයටත් මෙම වැඩසටහන් සංවිධායක මණ්ඩලයේ හෘදයාංගම ස්තූතිය හිමිවේ..!

"ඔබගේ දෑත් අනෙකාට සේවය කිරීම පිණිසද, ඔබගේ හදවත අනෙකාට ආදරය කිරීම පිණිසද කැපකරන්න" යැයි අසරණ ජනතාව වෙනුවෙන් තම දිවිය පූර්...
02/04/2024

"ඔබගේ දෑත් අනෙකාට සේවය කිරීම පිණිසද, ඔබගේ හදවත අනෙකාට ආදරය කිරීම පිණිසද කැපකරන්න" යැයි අසරණ ජනතාව වෙනුවෙන් තම දිවිය පූර්ණ වශයෙන් කැප කල තෙරේසා මවුතුමිය වරෙක සුවහසක් මිනිසුන් ආමන්ත්‍රණය කරමින් පවසා ඇත. ඇගේ මෙම ඉල්ලීම අන් කවරදාටත් වඩා වර්තමාන සමාජයට කෙතරම් නම් අදාළ වේද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු කාල සීමාවක් අපි පසුකරමින් සිටින්නෙමු.

පුරා දශක තුනකට ආසන්න කාලසීමාවක් මුළුල්ලේ කුරිරු ත්‍රස්ථවාදී අර්බුදය සහ ඉන් දශකයකට පමණ පසුව එළඹි කොරෝනා වසංගතය හමුවේද අනේක විධ දුක් කම්කටොලු විඳි අපගේම සහෝදර උතුරේ ජනතාවද ඔවුන්ගේ දුවා දරුවන්ද වර්තමානය වන විට අප රටේ සමස්ථ පුරවැසියා මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ද දිළිදු බවේ පතුලෙහි එරෙමින් දැඩි ජීවන අරගලයක නිරත වන බව නොරහසකි.
මේ සියළු දුක් කම්කටොලු අනෝරාවන් මැද කෙසේ හෝ පියාපත් විදහා පියඹන්නට වෙර දරන උතුරුකරයේ පුංචි සමනලුන්ගේ අනාගත බලාපොරොත්තු නම් වූ සිතුවම් බොඳව යා නොදී වර්ණ ගන්වන්නට "මිත්‍රත්වයේ වර්ණ" නම් වූ පරිතය්‍යාගශීලී සුවිසල් හදවත් වල එකතුවකින් සැදුම්ලත් සොයුරු කැළකට පසුගියදා හැකියාව ලැබුණි.

එනම් "මිත්‍රත්වයේ වර්ණ පදනමේ වාර්ෂික පාසල් පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන - 2023" යටතේ උතුරු පළාතේ වව්නියා, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය තුළ පිහිටි දුෂ්කරතා සහිත පාසල් 31 ක පුස්තකාල වෙනුවෙන් රු. 465,000/= පමණ වටිනා ග්‍රන්ථ 1,000 කට ආසන්න ප්‍රමාණයක් බෙදාදීමේ සත්ක්‍රියාව පසුගිය මාර්තු මස 23 වනදා වව්නියාව ගාමිණී ජාතික පාසලේ පැවති උතුරු පළාත් සිංහල මාධ්‍ය සාහිත්‍යය තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් බෙදාදීමේ උත්සවයට සමගාමීව සිදුකෙරිනි.

මෙම අගනා වටිනා පොත් පත් පරිශීලනය තුලින් එකී දූ දරුවන්ගේ අනාගත අභිලාශයන් ඉටු කර ගත හැකි වේවි යන්න "මිත්‍රත්වයේ වර්ණ" පදනමේ අප දැඩිව විශ්වාස කරන්නේ කියවීම තරම් පුද්ගල පෞර්ෂය පරිපූර්ණත්වයට පමුණුවන වෙනත් බාහිර ක්‍රියාකාරකමක් නොමැති තරම් වන හෙයිනි. මෙවර පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන තුළින් විෂය සමාගාමී මෙන්ම විෂය බාහිර පොත් පත් රාශියක් ප්‍රාථමික, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන කාණ්ඩ තුන යටතේ අදාල පාසල් වෙත පිරිනැමීම සිදු කෙරිණි. මතු යම් දිනෙක මෙම පොත් පරිශීලනයෙන් එම සිසු දරු දැරියන් ලැබූ පරිචය ඔවුන්ගෙන්ම දැන ගැනීමට තරම් උපේක්ෂා සහගත විය හැකි නම් ඔවුන් ඒ ගැන බොහෝ දේ පවසනු නොඅනුමානය. පොතක් යනු නැවත නැවතත් විවෘත කල හැකි හරි අපූර්වතම ත්‍යාගයක් බව ඔවුන්ගෙන් අයෙකු නිසැකයෙන් ම පවසනවා ඇත. ඔවුන් අතුරින් තවත් අයෙක් පවසා සිටිනුයේ විෂය සමගාමී පොත් පත් වලින් ලැබුනු දැනුම ගැනත් කඩයිම් විභාග ජය ගැනීමට ඉන් ලැබුනු පිටිවහල ගැනත්ය. පොත් පත් පරිශීලනය තුළින් ලැබෙන්නා වූ සමාජයීය අවබෝධය ද, විස්මිත පරිකල්පන හැකියාව ද ගැන ඒ පුංචි දරුවන් ඔවුන්ගේ බාල පරපුර වෙත හෙට දිනයේදී කරුණු පහදා දෙනු ඇත. එසේම පොත පතින් ඇසුරු කිරීමට හැකිවූ කල්පිත වූ විවිධ සමාජ තරාතිරම් වල ඔවුන් හා සම වූත්, විෂම වූත් පුද්ගල චරිත ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට ඉවහල් වූ ආකාරය ගැන ඔවුන් නිරන්තරයෙන් ම කතාබස් කරනු ඇත.

අවසන් වශයෙන් මෙම පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන වෙනුවෙන් අප වෙත සම්මුඛ වෙමින්ද දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින්ද නිරතුරුවම අප වෙත සහය දුන් දුයිශෙන් පර්පුරේ නූතන පුරුක් වන් ගුරු මහත්ම මහත්මීන් වෙතද, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල අප වෙත නන් අයුරින් සහය පළ කල සියළු මහත්ම මහත්මීන් වෙතද අපගේ ප්‍රණාමය පුදකර සිටින්නට කැමැත්තෙමු.

එපමණක් නොව අපගේ සවිමත් සහෘද ශක්තිය, "මිත්‍රත්වයේ වර්ණ" හා මෙවර අත්වැල් බැදගත්
Shastri Kulathilake , Saminda Chathura , Sajith Udayanga Rathnayake , Kavinda Rukshan Atapattu , Upul Abeyrathna, Manjula Laksiri , Madushan Premathilaka, Deepal Dambaliyadda , Lasantha Rawisanka, Thisula Buddhima Kumarasinghe , Neranja Deshappriya Hemarathna , Maduranga Pathirana , Lalindra Mirando , Manula Malraj , Wijesundara , Dasitha Crescent Liyanage , Dananjaya Sumith Wijerathne , Anurudha Ekanayake , Shamal Ishantha , Thivanka Munasinghe , Desilva , Dushantha Bandara, Gayan Ratnayake, Kumara, Ruwan Wijemanne, Manusha Deegala , Sudasingha , Upul Sanjeewa, Kasup Manjula, Gayan Menake, Indunil Subasinghe , Keerthi Dayarathna, Nalin Lansakara , Aranga Nanayakkara , Sri Viduranga , Lasindu Laknath , Isuru Edirisinghe , Udaya Udugamakorala , Deshapriya , Nirmal Undugoda , Anuruddha Wijerathne , Chinthana Rajapakshe , Chathuranga , Dulan Saputhanthri , Jeewantha Weerasooriya , Chaminda Bandara, Dishan Thilina , Thusith Maduranga
යන ඔබ සියළු දෙනා හට මෙහි වැඩිතම ගෞරවය හිමිවිය යුතුය. වර්තමානය වන විට දෙස් විදෙස් විවිධ ක්ෂේත්‍රයන්හි කාර්‍යබහුල රාජකාරි මධ්‍යයේ දුකෙහිත්, සැපෙහිත් නොවෙනස්ව අප සම‍ඟ අත්වැල් බැඳගනිමින් දශකයකට අධික කාල සීමාවක් මුළුල්ලේ දිවයිනේ දුෂ්කර පාසල් වෙනුවෙන් සිදුකල පාසල් පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මේ තාක් මූල්‍යමය සහ ශ්‍රම සවිය සැපයූ "මිත්‍රත්වයේ වර්ණ" ඔබ, නොවන්නට මෙම කර්තව්‍යය යථාර්ථයක් කර ගැනීම බෙහෙවින් ම අතිදුෂ්කර වනු නොඅනුමානය

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ තොරාගත් දුෂ්කර පාසල් සඳහා සිදු...
24/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ තොරාගත් දුෂ්කර පාසල් සඳහා සිදුකරනු ලැබූ පාසල් පුස්තකාල පොත් බෙදා දීමේ වැඩසටහනට ස්තූතිය පළ කර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් අප වෙත ලිපියක් එවා අැත.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියල්ලන්ට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමග සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
24/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.
එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 6 ක් සඳහා රු. 542,000 ක්වටිනා පොත් 1,084 ක් බෙදා දීම 2023 ජුනි මස 26 - 27 දිනයන්හීදී මිත්‍රත්වයේ වර්ණ පදනමේ සාමාජිකයින් විසින් සිදු කරන ලදී.
මෙවර මිත්‍රත්වයේ වර්ණයන්ගෙන් එළිය වූ පාසැල්,

අ/ පරංගියාවාඩිය විද්‍යාලය, හොරොව්පතාන
අ/ රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය, හොරොව්පතාන
අ/ කපුගොල්ලෑව මහා විද්‍යාලය, හොරොව්පතාන
අ/ ඉසිපතන මහා විද්‍යාලය, පූනෑව
අ/ කඩවත්ගම සෝභිත මහා විද්‍යාලය, මැදවච්චිය
අ/ අලිවංගුව මහා විද්‍යාලය, පදවිය

එම පාසල් වලින් අදාළ පොත් පරිත්‍යාග භාරගත් බව සහතික කර අප වෙත ලිපි එවා අැත.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියල්ලන්ට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමග සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
24/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.

එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පදවිය, අලිවංගුව මහා විද්‍යාලය සඳහා රුපියල් 90,645.00 ක් වටිනා පොත් 178 ක් ප්‍රදානය කිරීම ජූනි මස 27 වන දින එම පාසලේදී සිදුකරන ලදි.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියලු දෙනාට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමඟ සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
24/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.

එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ මැදවච්චිය, කඩවත්ගම ශ්‍රී සෝභිත මහා විද්‍යාලය සඳහා රුපියල් 105,300.00 ක් වටිනා පොත් 195 ක් ප්‍රදානය කිරීම ජූනි මස 27 වන දින එම පාසලේදී සිදුකරන ලදි.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියලු දෙනාට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමඟ සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
23/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.

එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ මැදවච්චිය, පූනෑව ඉසිපතන මහා විද්‍යාලය (ජාතික පාසල) සඳහා රුපියල් 90,495.00 ක් වටිනා පොත් 178 ක් ප්‍රදානය කිරීම ජූනි මස 27 වන දින එම පාසලේදී සිදුකරන ලදි.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියලු දෙනාට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමඟ සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
23/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.

එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ හොරොව්පතාන කපුගොල්ලෑව මහා විද්‍යාලය සඳහා රුපියල් 90,645.00 ක් වටිනා පොත් 178 ක් ප්‍රදානය කිරීම ජූනි මස 26 වන දින එම පාසලේදී සිදුකරන ලදි.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියලු දෙනාට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමඟ සම්බන්ධ වන්න.

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහ...
23/08/2023

මිත්‍රත්වයේ වර්ණ පදනම විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන දුෂ්කර පාසල් පුස්තකාල සඳහා පොත් බෙදා දීමේ වැඩසටහන, 11 වන වරටත් සාර්ථකව සිදු කරන ලදී.

එහිදී කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ හොරොව්පතාන පරංගියාවාඩිය මහා විද්‍යාලය සඳහා රුපියල් 60,335.00 ක් වටිනා පොත් 160 ක් ප්‍රදානය කිරීම ජූනි මස 26 වන දින එම පාසලේදී සිදුකරන ලදි.

මේ සත්කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය සැපයූ සියලු දෙනාට කෘතවේදී ස්තූතිය පුද කරමු.
මේ වසරේත් මෙම මහඟු කාර්‍ය සඳහා දායක වීමට, Upul Abeyrathna හෝ Manjula Laksiri සමඟ සම්බන්ධ වන්න.

23/08/2023

Address

Vavuniya
Vavuniya

Alerts

Be the first to know and let us send you an email when මිත්රත්වයේ වර්ණ Colours of Friendship posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share