Green citizens Srilanka

Green citizens Srilanka love the nature,
protect the nature,
Founder J.P.H.M

තව අවුරුදු 100කින් එ කියන්නෙ 2124 වගේ වෙද්දි අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමඟ  පොලව යට මිහිදන් ව සිටිනු ඇත.අප බොහෝ වෙහෙ...
29/10/2024

තව අවුරුදු 100කින් එ කියන්නෙ 2124 වගේ වෙද්දි අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමඟ පොලව යට මිහිදන් ව සිටිනු ඇත.

අප බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් අපගේ නිවෙස්වල ආගන්තුකයන් ජීවත් වනු ඇත. අද අප සතුව ඇති සියල්ල ඔවුන් සතු වනු ඇත. අප විශාල මුදලක් වියදම් කළ ගෙවල් දොරවල් , මෝටර් රථය ඇතුළුව අපගේ සියලු දේපළ නොදන්නා සහ තවමත් නූපන් අය අයිතිවාසිකම් කියමින් සිටිනු ඇත. අපගෙන් පැවත එන අය, අප කවුරුන්දැයි යන්න පවා නොදන්නා අය වනු ඇත.

අපි මියගිය පසුව අපිව තව අවුරුදු කිහිපයක් ඔවුන්ගේ මතකයේ රැඳෙනු ඇත. පසුව අපි කාගේ හෝ පොත් රාක්කයක පින්තූරයක් පමණක් වන අතර වසර කිහිපයකට පසු අපගේ ඉතිහාසය, ඡායාරූප සහ අපේ නම් පවා ඉතිහාසයෙන් අමතක වී යනු ඇත. අප ජීවත් වු බවටද මතකයක් නැති වනු ඇත.

ගැබුරින් සිතා බැලුවොත් අපි මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමේ සිහිනය කෙතරම් නූගත් සහ දුර්වල එකක් දැයි අපට වැටහෙනු ඇත.

මතක ඇතුව ජීවත් වෙන්න.. මේ ගෙවෙන මොහොත විදින්න.. ආදරණීයන් සමහ සුන්දර මතක ගොඩ නගාගන්න.. ජීවිතයේ සෑම මිනිත්තුවක්ම මිල කළ නොහැකි වන අතර කිසි විටෙකත් නැවත සිදු නොවනු බව මතක තබා ගන්න.

දහස් වාරයක් හිතන්න 🥰
27/10/2024

දහස් වාරයක් හිතන්න 🥰

09/09/2024

යකෝ ජනාධිපතිට මන්දිර 12ක් මොකටද?සිදුහත්ටත් කුමරුටත් තිබ්බේ 3යි සමන්ත මන්දිර 12 ගැන කිව්ව කතාව

09/09/2024
ඔනිසිඩේ  (oniscidae) නමින් හඳුන්වනු ලබන මෙම කෘමීන් විශේෂය ඔබේ ගෙවත්තේ ගඩොල් හෝ  තෙත්වී පවතින වෙනත් වස්තුවක් යට සිටිනවා ඔ...
04/08/2024

ඔනිසිඩේ (oniscidae) නමින් හඳුන්වනු ලබන මෙම කෘමීන් විශේෂය ඔබේ ගෙවත්තේ ගඩොල් හෝ තෙත්වී පවතින වෙනත් වස්තුවක් යට සිටිනවා ඔබ කොතෙකුත් දැක ඇති... ස්භාවධර්මයේ විශ්මිත නිර්මාණයක් වන මෙම කෘමීන් විශේෂය අපේ පරිසරය තුල බහුලව දකින්නට ලැබෙන්නේ ඇයිද කියලා ඔබට නිතරම සිතෙනවාත් ඇති... සමහරවිට මෙම සතුන් ගැන ඔබට පිළිකුළක් දැනෙන්නටත් ඇති...
කොචිනේල් (cochineal) ලෙසත් හඳුන්වනු ලබන මෙම කෘමීන් විශේෂය අපට, අප පරිසරයට ඉතාමත් වැඩදායි සේවාවක් සපයන බව ඔබ දන්නවාද..?
අප පරිසරය අවට ඇති පස තුළ තිබෙන අහිතකර රසදිය, කැඩ්මියම් සහ ඊයම් වැනි මිනිසාට හානිකර බැර ලෝහ පෘථිවියෙන් ඉවත් කිරීම ඔවුන්ගේ විශේෂිතම කාර්‍ය්‍යභාරය වෙනවා... එමෙන්ම මෙම කෘමීන් අපගේ පස හා භූගත ජලය පිරිසිදු කිරීමට මහත් දායකත්වයක් දක්වනවා... ඒ නිසාම මොවුන් ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙසද සළකණු ලබනවා... ඔබ මෙම කෘමීන් දුටු විට ඔවුන්ට හානි කිරීමෙන් වළකින්න... ඒ වගේම ඔවුන්ට පළිබෝධනාශක ඉසීම නොකරන්න..!

උපුටා ගැනීම ...
ධම්මික සමරතුංග -

Address

195, Sithulpawwa Road, Tissa
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Green citizens Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share