12/06/2026
නවජීවන සේවාවන් ලබාගැනීම සදහා පැමිණෙන සේවාලාභීන්ගේ අදහස් / යෝජනා
ෂෙනාල් රශ්මිත මියුසර වන මගේ පුතා දැනට මාස 8 ක පමණ කාලයක් සිට නවජීවන විශේෂ පාසලේ ඉගෙනුම ලබයි. දරුවා පාසලට රැගෙන එන විට දරුවාට අකුරු, පාට වර් ග හදුනාගැනීමට පවා නොහැකිය. පන්ති කාමරය තුල වාඩි වී සිටීමටද කැමැත්තක් නොදක්වයි. දැන් දරුවා පන්ති කාමරය තුල වාඩි වී වැඩ කිරීමට පුරුදු වී සිටියි. තවද පාට වර් ග , ඉලක්කම් හදුනාගැනීමටද හැකියාව ඇත. ඒ වගේම ගුරුවරුන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව නිසා දරුවා පාසලට පැමිණීමටද කැමැත්තක් දක්වයි. මේ වනවිට දරුවා හොද තත්ත්වයක සිටි. කැපවීමෙන් හා උනන්දුවෙන් දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.
මෙයට - දරුවාගේ මව
My son Shenal Rashmika Miyusara has been studying at this school for 8 months. When I admitted my child to the school, he had no interest in sitting in one place and working.
But now he sits in the classroom and carries out his educational activities. Now he is able to recognize letters, numbers, and colors. Because of the kindness and affection of the school teachers, my son comes to school very happily . My son is now in a good condition.
I am grateful to the teachers when I think about where my child is today.