Padmini Gamage

Padmini Gamage create your personality...
satisfaction is most different than happiness...
be...not to become...

02/05/2026

ඉරිසියාවක් නැති හිතකින් ලෝකය දකින්න පුරුදුවෙන්න.ඒ හිත හරිම සැහැල්ලුයි 🌼

02/05/2026

අපි එදිනෙදා ගමන් කරන මාර්ග හරියට අපේ ඉලක්ක හා සිහින කරා ගමන් කරන මාර්ග වගේ. මේ මාර්ග වල ගමන් කරද්දී හමුවෙන බාධාවක් ගැන තමා අද කතා කරන්න හිතුවේ.

අපි පාරක යනකොට ඕනෑ තරම් බල්ලෝ අපේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඇති. සමහර වෙලාවට එහෙම අත්දැකීමක් නැති අයත් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් බල්ලෙක් අපේ පස්සෙන් එලවගෙන එන්න පටන් ගන්නේ අපි ඒ බල්ලව පසු කරද්දීමයි.

සමහර වෙලාවට අපි ඈතින් එනකොට බල්ලෝ පොඩ්ඩක් හැංගිලා වගේ ඉඳලා පස්සෙන් එලවන්න පටන් ගන්නවා. අපි උන්ව පහු කරද්දීම උන් පස්සෙන් එලෝගෙන එනවා.

ඉතින් සමාජයේ ඉන්න මිනිස්සුත් හරියට ඒ වගේ. ඒ වගේ කිව්වේ බල්ලෝ වගේ කියන අර්ථයෙන්. මිනිස්සු චෝදනා, ගැරහීම්, අවලාද වගේ දේවල් අපිට එල්ල කරන්නේ අපි ඒ මිනිස්සුන්ව පසු කරගෙන යන්න හදනකොට. අපි ඒ මිනිස්සුන්ට වඩා පස්සෙන් ඉද්දී කිසිම සද්දයක් නැහැ. නමුත් කාලයක් යද්දී අපි ඒ මිනිස්සුන්ව පසු කරගෙන යාවි කියන බය එක්ක තමයි මේ වගේ දේවල් අපි දිශාවට එල්ල වෙන්නේ.

බල්ලෙක් පන්නගෙන එනකොටත් අපි කරන දේවල් කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට අපි නවතිනවා. සමහර වෙලාවට අපි පොඩ්ඩක් වේගය අඩු කරනවා. තවත් කොටසක් ආවාට වඩා වේගෙන් යනවා. තවත් පිරිසක් කලබල වෙලා බිමට ඇද වැටෙනවා. ඒ අතර තවත් පිරිසක් ඒ බල්ලන්ට බය වෙලා ගමන නවත්තලා හැරිලා යනවා.

ඉතින් මේ වගේම තමයි මිනිසුන්ව අපි පහු කරගෙන යද්දී, ඒ මිනිස්සු කරන දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නේත්. සමහර වෙලාවට අපි එතනින්ම නවතීවි. සමහර වෙලාවට ඉලක්ක කරා යන ගමනේ වේගය අඩු කරාවි. නැත්තන් ආවාට වඩා වේගෙන් යාවි. සමහර වෙලාවට මිනිස්සු කියන දේවල් වලට ඔබ කඩාගෙන වැටෙන්නත් පුළුවන්. නරකම දේ තමයි මිනිස්සු කියන දේවල් අහලා, ඉලක්ක කරා යන ගමන අතහැරලා ආපසු යන එක.

මොන බල්ලා පැන්නුවත් ඔබ මතක තියා ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි බල්ලෝ ඔබ පස්සෙන් දිගටම දුවගෙන එන්නේ නැහැ කියන එක. ඕනෑ නම් මීටර් 50ක්, 100ක් දුවගෙන ඒවි. ඔබව අල්ලා ගන්න බැහැ කියලා හිතුන ගමන් බල්ලෝ නවතිනවා. ඔබ උන්ට බය නැහැ කියලා පෙන්නුව ගමන්, උන් දුවනවා — ඔබ ගාවටවත් එන්නේ නැහැ.

මිනිස්සුත් ඒ වගේ තමයි. මිනිස්සු බලන්නේ ඔබව පසු කරගෙන යන මොහොතේදී ඔබව බිමට දාන්න. එහෙම ඔබව බිමට දාන්න බැහැ කියලා තේරුන ගමන්, ඔබ පස්සෙන් මිනිස්සු එන එක නවතලා දානවා. නමුත් ඔබ එය නොදැන එතනදී බිමට වැටුනොත්, ඔබේ ගමන නවතලා නැවත හැරිලා යන්න පුළුවන්. ඔබ එතනදී වැටුනොත්, නැවත නැගිටලා ඉදිරියට යන එක තෝරා ගන්න.

අවසානයේ මතක තියා ගන්න — බල්ලෝ පන්නගෙන ආවාට, උන් දිගටම පන්නාගෙන එන්නේ නැහැ. ඔබව අල්ලා ගන්න බැහැ කියලා හිතුන ගමන්, උන් පස්සෙන් දුවන් එන එක නවතා දමනවා.

ඔබට ජය!

22/04/2026

Share your videos with friends, family, and the world

22/04/2026

823 likes, 67 comments. "wikurthi drama orginal Characterization(O/L) practical test.රූපණය-පද්මිණී ගමගේ(ගුරු උපදේශිකා)🎭🎬🎥"

අම්මා කියන්නේ අදහාගන්නම බැරි ආගමක් 🥹අම්මා කියන්නේ උතුම්   සංසාරයක් ...🕉️🥹✨️අම්මා කියන්නේ ජීවිතේ පුදුමාකාර ප්‍රාතිහාර්යයක...
12/04/2026

අම්මා කියන්නේ අදහාගන්නම බැරි ආගමක් 🥹
අම්මා කියන්නේ උතුම් සංසාරයක් ...🕉️🥹✨️
අම්මා කියන්නේ ජීවිතේ පුදුමාකාර ප්‍රාතිහාර්යයක් 🥹 මා දුකින් සිටීම කවමදාවත් දකින්න අකමැති... මගේ ජීවිතය නිරතුරුව ම සතුටින් පුරවන්නට දිනපතා වෙහෙසෙන ඔබේ අව්‍යාජ සෙනෙහස ට සදාකාලිකව ම ස්තුතියි අම්මේ.... කවමදාවත් වෛරයකට පළිගැනීමකට තරහකට නොපෙරළෙන... හැමදාමත් හදවතින්ම ලේ කිරට පෙරළා සෙනෙහස දෝරේ ගලන.... මෙවන් උතුම්
කොන්දේසි විරහිත ආදරය ... සදාකාලිකව ම නොවෙනස්වන මෙවන් හැම දරුවෙකුට සමාන උතුරන ගැඹුරු තම සෙනෙහස ආදරය. බෙදාදෙන..
කවමදාවත් ...ඔබ සෙනෙහස මට වචන වලට පෙරළා සෑහෙන්න බැරි අනන්තය ක්... අම්මේ...
මේ ලෝකේ මටත් වඩා පුදුමසහගත ලෙස මාව දැනෙන තේරේන... මගේ ජීවීතේ අසීරු ම මොහොතවල මහා විශාල ආලෝකය ක් රැගෙන විත් හදිසියේ ම මගෙ මුලු ලෝකයම සුන්දර ව එළිය කරන මා මේ මේ මිහි පිට දුටු දේවතාවියක් ඔබයි අම්මේ....
ඔබවත් නොදන්නා තරම් මට ආදරය කරන ඔබ මගේ ජීවිතේ දැවැන්තම සෙවනැල්ලක්... මා දුටු මිහි පිට යකඩ ගැහැණියක්... පරමාදර්ශ යක්.... නිරතුරුවම මා පණගසා නැගිටුවන වීරවරියක් ඔබ අම්මේ....සත්තකින්ම මගේ අවංකම ආදරය, සෙනෙහස ඔබටමයි ... මගේ හදවතින්ම සැබවින්ම උපරිමයෙන් වටිනා ම තැනෙක සුරැකිව නුඹවම ඔසවා තබා සැනසෙමි අම්මේ...🕉️
මගේ සිනහාව රකින්නට දකින්නට අපමණ වෙහෙසෙන කොන්දේසි විරහිතව සදහටම මා අත හැර නොයන .... මෙවන් සෙනෙහස ක් මේ මිහි පිට විදිමි අම්මේ .... නිරතුරු කෘතගුණ සෙනෙහසින් මා ඔබේ දෙපා සිඹ සදාකාලිකවම සැනසෙමි.... හැම දවසකම උදේ සවස ඔබේ සුවය ම ප්‍රාර්ථනය කරමි අම්මේ...
නිරතුරුව ම ඔයා සුවපත් ම වෙනව...🕉️අම්මේ...ඉතින් ඔයාට තෙරුවණ්සරණයි...සියලුම දෙවි පිහිටයි🥹🙏 සියලු ම කටයුතු සාර්ථක ම වේවා ... අම්මේ... සියලු ම ජය 💚💚💚💚🙏🕉️💚📚☸️☸️☸️🕉️✨️☸️☸️☸️☸️📚✍️🙏🙏🕉️✨️☸ RE NU පද්මිණී ගමගේ

🙏🕉️☸️✨️
03/04/2026

🙏🕉️☸️✨️

අනිකවත් ඉහළට ඇදලා ගොඩ දාන ශක්තිමත් මිනිහෙක් වෙයන්..

🕉️💚🙏🥹
30/03/2026

🕉️💚🙏🥹

08/03/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Sri Jayavardhanapura

Telephone

+94754046195

Website

Alerts

Be the first to know and let us send you an email when Padmini Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Padmini Gamage:

Share