18/10/2025
ඩීල් නැති සජිත් ගේ IMF නාඩගම! 🎭 👇
ජනාධිපතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතා වේදිකා ගානේ ගිහින් මහ හයියෙන් කිව්වේ මොනවද?
"මහ බැංකු හොරකම කරපු පුද්ගලයින් එක්ක ඩීල් දේශපාලනයක් නෑ!"
"රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් දාන්නේ නෑ!"
"රට බංකොලොත් කරපු කණ්ඩායම් එක්ක ඩීල් දාන්නේ නෑ!"
ඒ වගේම මතකද කිව්ව දේ:
"අනුර කුමාර දින්නොත් IMF එක රට දාලා යයි!"
"මාලිමා ආණ්ඩුවක් ආවොත් ජාත්‍යන්තර සබඳතා නැති වෙයි!"
එහෙම කිව්වට... ඇත්තටම වෙන්නේ මොකක්ද?
IMF විවේචනය, නිලධාරීන් හා සුහද කතා! 🧐
රට බංකොලොත් වෙච්ච වෙලාවේ IMF යන්න කියලා කෑ ගැහුවෙත් සජිත් මහත්තයාමයි. හැබැයි IMF නිලධාරීන් ලංකාවට ආපු හැම වෙලාවෙම, ඒ අය හමුවෙලා සුහදව කතා කරනවා අපි මාධ්‍යයෙන් දැක්කා.
රනිල් සමග රාත්‍රී ඩීල්! 🤝
IMF එකට මුලින්ම ගියපු රනිල් වික්‍රමසිංහ මහතා එක්ක, "ඩීල් දාන්නේ නෑ" කියපු සජිත් මහත්තයා දැන් නැවත දේශපාලන ඩීල් එකක් දාලා. රාත්‍රී කාලයේ සාකච්ඡා කරන්නේ "ආණ්ඩුව පෙරලන්නේ කොහොමද" කියලලු!
IMF ගැන බොරු 'වීර කතා'! 🎤
IMF වැඩසටහනකට ගියාම එකඟතා වෙනස් කරන්න ලේසි නැති බව පොඩි දරුවෙක් පවා දන්නවා. ඒක ඕනෑම රජයක් යටතේ නීති රාමුවක් තුළ වැඩ කළ යුතු දෙයක්.
එහෙම දැන දැනත්, ගම්මාන වලට ගිහින් කිසිම ආර්ථික දැනුමක් නැති මිනිස්සු ඉස්සරහා, වීරයෙක් වගේ කෑ ගහනවා – "IMF එක විවේචනය කරනවා", "වර්තමාන ආණ්ඩුව IMF පදේට නටනවා" කියලා!
මෙය නම් හුදු විකාරයක්! 🤔 දේශපාලන ප්‍රතිපත්ති නැති, IMF එකඟතා ගැන නිසි අවබෝධයක් නැති පුද්ගලයෙක් මේ විදිහට හැසිරීම රටට කොතරම් අවාසියක්ද?
මේකද සජිත්ගෙ ප්‍රතිපත්තියක් නැති දේශපාලනය?
උපුටාගැනීමකි. මුල් පලකිරීම @අලුත්පාර්ලිමේන්තුව
#ඩීල්දේශපාලනය