06/12/2025
නාය යෑම කාගේ වරදක්ද??
"නාය යෑම - කාගේ වරදක්ද❓"
🌳 "කදු නාය යන්නේ මුල් වලට ගස් අහිමි කිරීම නිසයි"
මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර විනාශය අතිශය දරුණු ලෙසින් අප රටේ සිදුකල බව කිසිවෙකුට රහසක් නොවේ.එහි බලපෑම ගැන පරිසරය සම්බන්ධ කිසිදු බලධාරියෙක් මෙතෙක් වගකීමක් දරා සිටි බවක් හෝ මේවා නවත්වන්නට පියවරක් නොගැනිම නිසා මේ මහා ඛේදවාචකයට නිවැරදි අහිංසක මිනිසුන්ට මේ මහපොළොවේ අකාලයේ මිහිදන් වෙන්නට සිදුවිය.
🌳 ගස්වල මුල් පස තදින් අල්ලාගෙන සිටීමට උදව් කරයි.එම මුල් වලට ශක්තිය වූ ගස අහිමි වූ විට,පස ලිහිල් වී ජලය පහසුවෙන් ඇතුළු වී පස ලිස්සා යයි.මෙය නාය යෑම් සඳහා ප්‍රධාන මානව හේතුවයි.තවද කඳු පාමුල ඇති පස් ඉවත් කරගෙන යෑම නිසා ඇතිවන බලපෑමත්,කඳු බෑවුමේ පාදම ලිහිල් වී,ඉහළ ඇති පසට ආධාරය නැති වී යාමත් හේතුවකි.
🌳 ගස් කපා,පස් කපා නිසි සැලසුමකින් තොරව අවිධිමත් නිවාස සහ මාර්ග ඉදිකිරීම් නිසා බෑවුමේ ස්වභාවික ස්ථායීතාවයට බාධා ඇතිවේ.එමෙන්ම ඉදිකිරීම් වලින් ජලය බැස යන මාර්ග වෙනස් වීමෙන් එක් ස්ථානයකට අධික ජලය රැස් විය හැකියි.ජල ගැලීම් රටාවන් වෙනස් කරමින්,ජලාශ හෝ වැව් තැනීමෙන් බෑවුම්වල ස්වභාවික ජල මට්ටම් වෙනස් කිරීම මේ නාය යාම් වලට හේතුවී තිබේ.
🐘 අලි ඇතුළු සතුන් බොහෝ දෙනෙක් ගසාගෙන යාම,තැන තැන අතරමං වීම,බලපෑ අධික වර්ෂාවට මුහුණ දීමට ඔවුන්ට නොහැකිවී ඇත්තේ මානව ඉදිකිරීම්,වනාන්තර විනාශය සහ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවීමයි.
❌ අද අපේ රටට සිදුවන විපත් (ගංවතුර, නාය යෑම)දෛවයේ සරදමක් නොවේ.ඔබ දන්නවාද නාය යෑමට ප්‍රධානම හේතුව අධික වර්ෂාව වුවත්,එයට මුහුණදීම ස්වභාවිකව අහිමි කරමින්,එය වේගවත් කරන්නේ අප විසින් සිදු කරන ලද වනාන්තර විනාශය නිසා බව ❓
▪️ අප මෙය නතර කල යුතුයි❗
මේ විපත අපේම වරදක් නිසා බව තේරුම් ගත යුතුයි.අපේ රට ආරක්ෂා කරමු.එක් වෙමු❗
Save Elephants In Sri Lanka♥️🐘🌿🇱🇰
Save Srilanka 🇱🇰
උපුටා පලකිරීම සහේලි රත්නායක.