Medical Faculty Students’ Union - Sabaragamuwa

Medical Faculty Students’ Union - Sabaragamuwa This is the official page of Students' Union of Faculty of Medicine, Sabaragamuwa University of Sri Lanka. MFSU/SUSL

Students’ Union of Faculty of Medicine, Sabaragamuwa University of Sri Lanka (MFSU_SUSL) is the sole official representative body of the students of Faculty of Medicine Sabaragamuwa, established under 1978 No. 16 Act of the Parliament of Sri Lanka. The MFSU_SUSL which was established in 2021, consists of 09 legally elected student representatives including a President, Vice President, Secretary, E

ditor, Junior Treasurer, and 04 Committee Members. MFSU_SUSL represents the student community at the Faculty Board meetings.

🌞"සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා නැටුම් ගැයුම් සමගින් රසගැන්වුන සොදුරු සුයාමයක මිහිරියාව......" ඉසිවර වසන්තය 2026💐  2026....
17/06/2026

🌞"සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා නැටුම් ගැයුම් සමගින් රසගැන්වුන සොදුරු සුයාමයක මිහිරියාව......"

ඉසිවර වසන්තය 2026💐

2026.05.09 දින බටුහේන මහා විදුහල් ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී...


-වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-

Isiwara wasanthaya | 2026 | faculty of medicine sabaragamuwa univer...

05/06/2026

ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය

සීමාවාසික පුහුණව සම්බන්ද ව ඇතිවී තිබෙන ප්‍රමාදය පිලිබදවද, ප්‍රමිතිය සම්බන්දයෙන් පවා සමාජය තුල ආන්දෝලනාත්මක කතා බහකට ලක් වෙමින් පවතින නව ERPM විභාග ක්‍රමවේදය හරහා මැතකදී සුදුසුකම් ලබාගත් විදේශීය වෛද්‍යවිද්‍යා උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළින් ඊට ප්‍රථමව සුදුසුකම් ලැබු එනම් 2026 අප්‍රේල් මාසයට පෙර සුදුසුකම් ලත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හරහා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරී කණ්ඩායම් කිහිපයකට අදාළව සීමාවාසික පුහුණුව පිරිනැමීමේදී උද්ගත වීමට නියමිත බරපතල අසාධාරණය පිළිබඳව ද අදහස් දැක්වීම වෙනුවෙන් 2026.06.04 වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය සාකච්ඡාවක් කැදවනු ලැබීය. මෙහිදී මෙරට සහ විදේශීය වෛද්‍යවිද්‍යා උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව පිරිනැමීමේදී ඒ අදාළ කණ්ඩායම් සුදුසුකම් සම්පූර්ණ කරන ලද දින වකවානු සලකා බලමින් ඊට අදාළ ප්‍රමුඛතා අනුපිළිවෙලක් මගින් පැහැඳිලි විනිවිද භාවයකින් යුතුව සීමාවසික පුහුණුව සඳහා අන්තර්ග්‍රහණය කිරීම සිදුවිය යුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.

තවද මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අදාළව විශේෂයෙන්ම ඌව-වෙල්ලස්සස සහ ශ්‍රි ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ යන්හි මතු වී තිබෙන මෙතෙක් විසඳුම් ලබාදීමට අසමත් වූ බරපතල අධ්‍යයන සුභසාධන ගැටලු ප්‍රමාණයක් පිළිබඳවද වැඩිදුරටත් අදහස් දැක්වීම සිදුවිය.

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

ජීවක යාත්‍රා 2026🩸      "දෙපයින් නැගිටින්නට වෙර දරන අපේම උන් වෙත අත්වැලක් වන්නට"ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍...
03/06/2026

ජීවක යාත්‍රා 2026🩸
"දෙපයින් නැගිටින්නට වෙර දරන අපේම උන් වෙත අත්වැලක් වන්නට"

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර 2026 ජූනි මස 02 වන දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා වෙරළුප මංසන්දියේදී පැවැත්විණි.

ඒ සදහා දායකත්වය ලබා දුන් ඔබ සැමට ස්තූතීයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

🌞"සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා නැටුම් ගැයුම් සමඟින් රසගැන්වුන සොදුරු සුයාමයක මිහිරියාව......" ඉසිවර වසන්තය 2026 🌾වෛද්‍ය...
03/06/2026

🌞"සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා නැටුම් ගැයුම් සමඟින් රසගැන්වුන සොදුරු සුයාමයක මිහිරියාව......"

ඉසිවර වසන්තය 2026 🌾

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ඉසිවර වසන්තය අලුත් අවුරුදු උළෙල පස් වන වරටත් අති උත්කර්ෂවත් අයුරින් 2026.05.09 වන දින බටුහේන මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ජීවක යාත්‍රා 2026🩸      "දෙපයින් නැගිටින්නට වෙර දරන අපේම උන් වෙත අත්වැලක් වන්නට"ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍...
31/05/2026

ජීවක යාත්‍රා 2026🩸
"දෙපයින් නැගිටින්නට වෙර දරන අපේම උන් වෙත අත්වැලක් වන්නට"

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර
⭕️2026 ජූනි මස 02 වන දින
⭕️පෙ.ව.09.00 සිට ප.ව.03.00 දක්වා
⭕️වෙරළුප මංසන්දියේ පැරණි ඩයමන්ඩ් හෝටල් ගොඩනැගිල්ලේදී පැවැත්වේ.


විමසීම්- 070 228 1880 (දේවින්ද)
071 390 3898 (චාරුක)

ඒ සදහා ඔබගේ දායකත්වය ලබාදෙන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!🚩සෞඛ්‍ය සේවක ප්‍රම...
22/05/2026

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

විරෝධතා ක්‍රියාමාර්ගය 2026.05.18

අරගලය ඉදිරියට.

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

17/05/2026

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

විරෝධතා ක්‍රියාමාර්ගය

හෙට කොළඹදී.

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතනු !🚩සෞඛ්‍ය සේවක ප්‍ර...
17/05/2026

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතනු !

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු !

විරෝධතා ක්‍රියාමාර්ගය

හෙට (මැයි 18) කොළඹදී...

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ERPM (Examination to Register to Practice Medicine) යනු විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුළත් ...
13/05/2026

ERPM (Examination to Register to Practice Medicine) යනු විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට පෙර මුහුණ දිය යුතු ලියාපදිංචි පරීක්ෂාවකි. මෙම විභාගයේ ප්‍රධාන අරමුණ වන්නේ, එම උපාධිධාරීන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂිතව සේවය කිරීමට සුදුසුද යන්න තීරණය කිරීමයි.

2025 වර්ෂයේ සිට ERPM විභාගයේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. පෙර පැවති Part A, B, C, D ක්‍රමය වෙනුවට නව ක්‍රමය යටතේ විභාගය කොටස් දෙකකින් සමන්විත වේ. එනම් Part I ලෙස න්‍යායාත්මක (Theory) කොටසත්, Part II ලෙස සායනික (Clinical) කොටසත් ක්‍රියාත්මක වේ. නව ක්‍රමයේදී පෙර තිබූ long case සහ short case සායනික පරීක්ෂණ ඉවත් කර, ඒ වෙනුවට OSCE (Objective Structured Clinical Examination) මධ්‍යස්ථාන පදනම් කරගත් පරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෑතකාලීන ප්‍රතිඵල අනුව, 2025 වර්ෂයේ නව ආකෘතිය යටතේ සමත් ප්‍රතිශතය 90% ක් පමණ වූ අතර, 2026 වර්ෂයේදී එය 94% දක්වා ඉහළ ගොස් ඇත. එසේම, නව ක්‍රමය හඳුන්වාදීමට පෙර 2025 වර්ෂයේ පැරණි ආකෘතිය යටතේ සමත් ප්‍රතිශතය සම්භාව්‍යව 50% පමණ විය.

මෙම ප්‍රතිඵල සමඟ බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නය වන්නේ, “සමත් ප්‍රතිශතය මෙතරම් ඉහළ නම්, විභාගය දුර්වලද?” යන්නයි. නමුත් සැබෑ ගැටළුව එය නොවේ.

සමත් ප්‍රතිශතය ඉහළ වීම තමන්ම ගැටළුවක් නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ, එම ඉහළ සමත් ප්‍රතිශතයට හේතුවන විභාගයේ ප්‍රමිතිය කුමන මට්ටමකද යන්නයි. එනම්, අපේක්ෂකයන් සැබවින්ම ඉහළ දක්ෂතා සහිත බැවින් සමත් වන්නේද, නැතහොත් විභාගයේ බලාපොරොත්තු වන අවම දැනුම, සායනික කුසලතා සහ වෘත්තීය හැකියාවන් පිළිබඳ ප්‍රමිතිය පහළ දමා ඇති බැවින් සමත් වන්නේද යන්නයි.

මෙම දෙක අතර මූලික වෙනසක් පවතී. Licensing examination එකක් යනු තරගකාරී විශ්වවිද්‍යාල විභාගයක් නොවේ. එහි අරමුණ වන්නේ හොඳම ශිෂ්‍යයන් තෝරා ගැනීම නොව, වෛද්‍ය සේවය සඳහා අවශ්‍ය අවම ආරක්ෂිත ප්‍රමිතිය සපුරාලන පුද්ගලයන් තෝරා ගැනීමයි. එම නිසා, න්‍යායාත්මකව 90% ක් වැනි ඉහළ සමත් ප්‍රතිශතයක් තිබීම අනිවාර්යයෙන්ම ගැටළුවක් නොවේ.

කෙසේවෙතත්, එම අවම ප්‍රමිතියම දුර්වල නම්, රෝගීන් ආරක්ෂිතව කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති පුද්ගලයන්ට පවා සමත් වීමට හැකියාව ලැබිය හැකිය. එතැනදී බරපතළ ගැටළුවක් මතුවේ.

OSCE ක්‍රමය නවීන, ව්‍යුහගත සහ සාධාරණ ඇගයීම් ක්‍රමයක් ලෙස සැලකුණද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුපිටින් සායනික කුසලතා පමණක් පරීක්ෂා වීම, රෝගියෙකු පිළිබඳ ගැඹුරු සායනික චින්තන හැකියාව ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක් නොවීම, සහ සැබෑ රෝගීන්ගේ සංකීර්ණ තත්ත්වයන් පරීක්ෂාව තුළ නිසි ලෙස පිළිබිඹු නොවීම වැනි ගැටළු ඇති විය හැකිය.

පැරණි long case ක්‍රමය පරිපූර්ණ නොවූවත්, අපේක්ෂකයෙකුගේ සායනික චින්තනයේ ගැඹුර ඇගයීමට වැඩි ඉඩක් ලබා දුන්නා. නව ක්‍රමයේදී එම ගැඹුර ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක්වන්නේද යන්න පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් පවතී.

ERPM යනු සාමාන්‍ය විභාගයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රෝගීන් සමඟ කටයුතු කිරීමට සුදුසු වෛද්‍යවරුන් තෝරාගන්නා වැදගත් පෙරහන් ක්‍රියාවලියකි. එබැවින්, මේ පිළිබඳ සාකච්ඡාව සමත් ප්‍රතිශතය පමණක් මත පදනම් නොවිය යුතුය.

අවසානයේ සැබෑ ප්‍රශ්නය වන්නේ, “මෙම විභාගයේ ප්‍රමිතිය රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත්ද?” යන්නයි. මන්ද, අවසානයේ වැදගත් වන්නේ සංඛ්‍යාත දත්ත නොව, රෝගීන්ගේ ජීවිත භාර ගන්නා වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවයයි.

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-

Address

Students' Union, Faculty Of Medicine, Sabaragamuwa University Of Sri Lanka, PO Box 01, Hidellana
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Students’ Union - Sabaragamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Medical Faculty Students’ Union - Sabaragamuwa:

Share