Roam with Dula

Roam with Dula Find your job for your qualifications
(3)

12/08/2026

පොඩි කාලේ ආස කලේ ඉක්මනටම ලොකු වෙන්න .දැන් හරි නේද ..දැන් සැපද ....

゚ #ජීවිතේ

08/08/2026

ජීවිතේ එක් වරක් හෝ තිබිය යුතුයි අධිමාත්‍රික ප්‍රේමයක්…
අවසානයේ අපට ඉතිරි වෙන්නේ,
එකිනෙකා නොව—මතකයක් විතරක් වුණත්. 🤍

08/08/2026

ජීවිතය යන කටුක ඍතුවේ මාත් සමඟ රැඳී සිටි මගේ සුන්දර ආත්මය වෙත… ❤️

ජීවිතේ හැමදාමත් මල් පිපුණු මාවතක් වුණේ නැහැ.
සමහර දවස් තිබුනා මට මාවවත් තේරුම් ගන්න බැරි වුණු.
හිනාවක් මුහුනේ තිබුණත්, හිත ඇතුළෙන් මම නිහඬවම කඩා වැටුණු.
කවුරුත් නොදැකපු කඳුළු මගේ ඇස්වලින් වැටුණු.
කවුරුත් නොදැනපු වේදනාවන් මගේ හිත ඇතුළේ හංගගෙන හිටපු.

ඒ දවස්වල…
මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී,
මගේ අඩුපාඩු ගණන් නොගෙන,
මගේ නිහඬකම්වලටත් ආදරය කරමින්
මගේ ළඟින්ම හිටියේ ඔයා. 🥺

මගේ සතුටේදී වගේම, මගේ නිහඬ වේදනාවලදීත් මාව තේරුම් ගත්තට…
මට ශක්තිය නැති වෙලාවල මට ශක්තියක් වුණාට…
මට ලෝකයම එපා වෙලා තිබුණු දවස්වල,
“මං ඉන්නවනේ…” කියන වචන දෙකෙන් ජීවත් වෙන්න හුස්මක් වෙලා ආදරෙන් මගේ ළඟින් හිටියට…

මම ඔයාට ගොඩක් නයගැතියි මැනික. 🥺❤️

මට ලෝකයක් දුන්නට වඩා වටින දෙයක් ඔයා මට දුන්නා
මම ,මම නොවන දවස්වලදීත්, මාව අත්නොහැර ඔයා මහමෙරක් තරම් මට ආදරේ දුන්නා 🫶

ඔයා ලග ඉන්න එක තරම් මට ලෝකෙ වෙනස් සැනසීමක් නැහැ .🥺

ඉතින්, ජීවිතය කොච්චර කටුක ඍතු පසුකරගෙන ගියත්,
ඒ හැම ඍතුවකම මගේ ළඟින් ඉන්න ඔයා ඉන්නවා නම්…
මට කිසිම බයක් නෑ .

මැණික…
ජීවිතයේ අවසාන මොහොත දක්වා
මගේ ළඟින් ඉන්න මගේ මනුස්සයා ඔයා වෙන්න ඕනේ.

මගේ ජීවිතයේ අවසාන තප්පර 7 දක්වාත්
මට මතක් වෙන්න ඕනේ ඔයාගේ ආදරය විතරයි. 🥺❤️
මං ඔයාට ආදරෙයි…
වචනවලින් කියන්න බැරි තරම්.
අදටත්… හෙටටත්…
මගේ අවසාන හුස්ම වෙනකම්ම. ❤️‍🩹🌹

ඔයාගේ ජීවිතේ මේ වගේම
ඔයාගේ අඳුරු දවස්වලදීත් අත නොහැරපු
වටිනාම කෙනෙක් ඉන්නවා නම්…
එයාව මේකට මෙන්ශන් කරලා
එයාටත් කියන්න
“ඔයා මගේ ජීවිතයට කොච්චර වටිනවද කියලා.” ❤️‍🩹

゚ #ආදරය #ජීවිතේ #මගේආදරේ

මගේ හිතට ඔයා වගේ දැනෙන කෙනෙක් තවත් නැහැ මැණික...! 🥺❤️ලෝකේ මිනිස්සු ගොඩක් හම්බෙනවා...සමහරු මතකයක් විතරක් වෙලා යනවා.ඒත් ඔය...
26/07/2026

මගේ හිතට ඔයා වගේ දැනෙන කෙනෙක් තවත් නැහැ මැණික...! 🥺❤️

ලෝකේ මිනිස්සු ගොඩක් හම්බෙනවා...
සමහරු මතකයක් විතරක් වෙලා යනවා.
ඒත් ඔයා...
මගේ හිතේ හැම කෝණයකම ලියවුණු නමක් වගේ.
දුක හිතුණත්,
සතුට හිතුණත්,
මුලින්ම මතක් වෙන්නේ ඔයා.
ඒක ආදරේටත් වඩා ගැඹුරු බැඳීමක් වගේ...🤍
මගේ නිහඬකම කියවන්න,
මගේ ඇස්වල හැඟීම් තේරුම් ගන්න,
වචනයක්වත් නැතුව මාව සනසන්න පුළුවන් එකම කෙනා ඔයා.
ජීවිතේ වෙනස් වෙයි...
කාලය ගෙවෙයි...
මිනිස්සුත් වෙනස් වෙයි...
ඒත් මගේ හිතේ ඔයාට තියෙන තැන,
කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ.🥺❤️
මට ලැබුණු ලස්සනම තෑග්ග ඔයා.
මගේ හෙට දවස ගැන හීන දකින්න හේතුවත් ඔයා.
හැම යාච්ඤාවකම නිහඬව ඉල්ලන එකම නමත් ඔයාමයි...🌍❤️

25/07/2026

කුඩා කාලේ මගේ වීරයා... තරුණ වියේ මට නොතේරුණු මනුස්සයා... අද මගේ ජීවිතේ ලොකුම ආශීර්වාදය. තාත්තේ... මං ඔයාට ආදරෙයි. 🤍

22/07/2026

මතකද... ඔයාට ආදරේ කරලත් ගණන් නොගත්ත ඒ කොල්ලව...?🖤

මතකද...

හැමදාම "ගෙදර ගියාද?", "ඔයා කෑවද ?", "පරිස්සමෙන් මැනික..." හැමවෙලේම අහපු කියපු ඒ කොල්ලව...

එයාට ඒ වචන‍ messages විතරක්ම නෙවෙයි...

ඒ හැම එකකම තිබුණේ

"ඔයා හොඳින් ඉන්නවද?" කියල හැමවෙලේම බලන නිහඬ ආදරයක්...

හැබැයි...

ඔයාට ඒවා ටිකෙන් ටික පුරුද්දක් වුණා...

අන්තිමට ඒ දෙන care එකේ වටිනාකමත් නැති වුණා...ඔයාට ඒක pressure එකක් විතරක්ම උනා 🥺

එයා call කරද්දි,

"පස්සේ ගන්නම්..." කියලා කපලා දාපු වෙලාවල් ගොඩක් තිබුණා..ඔයාට මතකද

ඒත් ඒ "පස්සේ" කියපු වෙලාව

එයාට ආයෙ කවදාවත් ආවේ නෑ...

එයා එවපු දිග message එකකට,ආදරෙන් කතා කරලා දාපු voice message එකක් අහන්නෙ නැතුව

ඔයා reply කළේ "හ්ම්..."කියලා විතරයි

එයා රෑ පුරා ලියපු හැඟීම්,

ටිකෙන් ටික පිච්චෙන්න පටන් ගත්තා...

එයා හිතුවේ,

"අද නම් busy ඇති..."

"හෙටනම් මට කොල් එකක් ගනීමයි නැත්තම් ඉස්සර වගේ msg එකක් දායිමයි කියල 🥺...

"කමක් නෑ ත්ව ටිකක් ඉවසමු එතකොට හැමදේම හරියයි කියලා 😢

ඒත්...

ඉවසපු හැම දවසමම,

එයාගෙ හිත ටික ටික මැරුණා...

ඔයා online ඉඳලා

එයාගෙ message එක දැකලත් reply නොකර හිටියා මතකද

හැබැයි ඔයාගෙන් එයාට reply එකක් ලැබුණේ

පැය ගාණකට පස්සෙ...

එතකොටත් එයා හිත හදාගත්තෙ,අදනම් මහන්සියි ඇති ,අම්මල ඉද්දි කෝල් කරන්න එහෙම බැරුව ඇති

"මම මේ වැඩියෙන් හිතනවා නේද..."

කියලා...

ඇත්තටම...

ආදරේ කරපු මිනිස්සු

හේතු හොයන්නෙ තමන්ගෙ ආදරේ රැකගන්න...

අගය නොකරපු මිනිස්සු

හේතු හොයන්නෙ ඈත් වෙන්න...🚶ඇයි මෙච්චර ලෝකෙ කෘර උනේ කියල ගොඩක් එයා කල්පනා කලා

එයාට ඕන වුණේ

ඔයාගෙ ලෝකෙ ලොකුම priority එක වෙන්න නෙවෙයි...

අඩුම තරමේ

ඔයාගෙ දවසේ විනාඩි පහක්...වත් එයා වෙනුවෙන් ඉන්න 🥺😢

එයා වෙන මොකවත් නැතුව ඒකෙන් සැනසෙන්න හිත හදාගත්තා...

හැබැයි ඒ විනාඩි පහත්

හැමදාම එයාට ලැබුනේ නෑ ,ඔයා වෙන කෙනෙක්ට ඒ විනාඩි 5 දුන්නද කියලවත් එයා හිතන්නෙ නැතුව හිටියා

දන්නවද...

Care කරන මිනිස්සු

එක දවසකින් දෙකකින් වෙනස් වෙන්නෙ නෑ...

එයාලට

සිය දහස් වතාවක් රිදෙනවා...

ඇතුලෙන් ගොඩක් අඩ අඩ සතුටින් කියල හැමෝටම හිනාවෙලා ඉන්නව

කමක් නෑ තව ටිකක් ඉවසනව කියල ආයෙ ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා

සමහර වෙලාවට එයාට බඩගින්නක් වත් දැනෙන්නෙ නැති වෙනවා එයා ලෙඩ වෙනවා කියලවත් එයා හිතන්නෙ නැතුව යනවා 😢

එයාගෙ කවෘත් නොදන්න ඒ ඇතුලෙ ඉන්න ආදරනීය මනුස්සයට වෙන මේ දේ ගැන එයා සමහර විට එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක කියලා හිත සනසගන්න උත්සහ කරනවා වැටුන වෙලාවට ආයෙමත් ඔයා ගැන බලාපොරොත්තුවක් එක්ක ඉන්න 😢

ඒත් අන්තිමට...

එයා කතා කරන එක නවත්තනවා...

ඒ දවසට

ඒ කතා කරන එක නැතිවෙන්නෙ ආදරේ නැති නිසා නෙවෙයි...🥺

තමන්ගෙ වටිනාකම
හැමදාම නොදැක්ක කෙනෙක් වෙනුවෙන්
තවත් තමන්ව නැති කරගන්න බැරි නිසා..තමන් වැටුනොත් පව්ලේ අයට සලකන්නත් බැරි වෙන නිසා ❤‍🩹

මතක තියාගන්න...

ඔයා ගණන් නොගත්ත ඒ ආදරයත් දවසක මතකයක් වෙනවා...

ඔයා අගය නොකරපු ඒ මනුස්සයා...🥺
දවසක හොයාගන්න බැරි කෙනෙක් වෙනවා...

ඒ වෙලාව එනකොට තේරෙයි...🧠
ආදරේ අඩු වුනා නෙවෙයි...ඒ වගේ ආදරයක් ලැබිලත් 🫁

අගය නොකළේ තමන්මයි කියලා...! 🖤

Roam with Dula ✍️

21/07/2026

අන්තිමට මිනිස්සුන්ට මතක තියෙන්නේ... අපි කොච්චර ආදරේ කළාද කියලා නෙවෙයි, කවුරු හරි අපිව අන්තිම හුස්ම වෙනකම් අත නොහැරියාද කියලා.🖤

ජීවිතේ සමහර කාල වලදි අපිට නැවතිලා ඉන්න වෙනවා ...නැවතිලා ඉන්නව කියන්නෙ නතර වෙලා ඉන්නව කියන දේ නෙමෙයි ...ඒක නිසා බලාපොරොත්...
19/07/2026

ජීවිතේ සමහර කාල වලදි අපිට නැවතිලා ඉන්න වෙනවා ...
නැවතිලා ඉන්නව කියන්නෙ නතර වෙලා ඉන්නව කියන දේ නෙමෙයි ...

ඒක නිසා බලාපොරොත්තුවෙන් ඉන්න ✨🤍

🙏❤‍🩹
10/07/2026

🙏❤‍🩹

Address

Ratnapura

Telephone

+94453460024

Website

Alerts

Be the first to know and let us send you an email when Roam with Dula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share