11/09/2026
🚨 *ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙමු - දැනුවත්වෙමු - පරෙස්සම් වෙමු.*
වසරේ මැද වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.
‼️ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට වැළඳෙන උණ ඩෙංගු විය හැකියි!
🦟 *ඩෙංගු යනු,*
වෛරසයක් මගින් බෝවන රෝගයකි.
• ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් රෝග වාහකයන් ලෙස ක්‍රියා කරමින් වෛරසය නීරෝගී පුද්ගලයන් වෙත පතුරුවයි.
• කුඩා ජල ප්‍රමාණයක් රැඳෙන භාජන හා ස්ථානවල උන් බිත්තර දමයි.
• බිත්තරයේ සිට වැඩුණු මදුරුවෙකු වීමට ගතවන්නේ දින 7-9 ක් පමණි.
• මදුරුවාගේ ජීවන චක්‍රයේ අවස්ථා 3ක්ම ජලීය අවස්ථාවන් වන බැවින්, මදුරුවන් බෝවන ස්ථාන සතියකට වරක්වත් පිරිසිදු කිරීම වඩාත් පහසු හා සාර්ථක ක්‍රමයයි. පරිසරයට පියාඹා ගිය පසු උන් විනාශ කිරීම ඉතා අපහසුය.
🔍 *ඊඩිස් මදුරුවා හඳුනාගන්නේ කෙසේද?*
1) කළු-සුදු සලකුණු: කළු පැහැති ශරීරයේ සහ පාදවල කැපී පෙනෙන සුදු පැහැති ලප හෝ ඉරි පිහිටා තිබීම.
2) පිටකොන්දේ සලකුණ:
Aedes aegypti: පිටකොන්ද (Thorax) ප්‍රදේශයේ සුදු පැහැති වීණාවක (Lyre-shaped) හැඩැති සලකුණක් පැවතීම.
Aedes albopictus: පිටකොන්ද මැදින් දිවෙන සුදු පැහැති තනි ඉරක් පැවතීම.
3) දෂ්ට කරන වේලාවන්: ප්‍රධාන වශයෙන් උදෑසන සහ සන්ධ්‍යා කාලයේ ක්‍රියාකාරී වේ.
4) සාමාන්‍ය මදුරුවන්ට වඩා කුඩාය.
5) ශබ්දයකින් තොරව වේගයෙන් පියාසර කර ශරීරයේ පහළ කොටස්වලට (පාද සහ විලුඹ) වැඩි වශයෙන් දෂ්ට කරයි.
🌡️ *ඩෙංගු රෝග ලක්ෂණ*
🟡 *සාමාන්‍ය රෝග ලක්ෂණ:*
🤒 තද උණ
🤮 වමනය / ඔක්කාරය
🤯 තද හිසරදය සහ ඇස් යට වේදනාව
🦴 ඇඟපත හා සන්ධි වේදනාව
🔴 මුහුණ හා උරහිස ප්‍රදේශය රතු පැහැ වීම (පැහැපත් සමක් ඇති අය තුළ පහසුවෙන් දැකිය හැක)
🩸 සම යට කුඩා රතු පැල්ලම් මතු වීම හා සුළු වශයෙන් සිදුවන ලේ ගැලීම්
⚠️ _වැදගත්: උණ දින 2කට වඩා පවතීනම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න._
🔴 *අවදානම් රෝග ලක්ෂණ (Danger Signs) 😗
(විශේෂයෙන් 3 වන දිනයේ සිට හෝ උණ බැස යන අවස්ථාවේදී දැකිය හැක)
📉 උණ බැස ගියද රෝගී ස්වභාවය වැඩි වීම
🚫 ආහාර හා දියර වර්ග සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම
🛑 තද උදරයේ වේදනාව
😴 අධික අප්‍රාණිකබල, නොසන්සුන්බව, නොරෙස්සනාබව හෝ අධික නිදිමත
🚽 පැය 6 කට වඩා මුත්‍රා පිට නොවීම / අඩුවෙන් පිටවීම
🩸 රුධිරය වහනය වීම්: නාසයෙන්, විදුරුමසෙන්, සමෙන්, යෝනි මාර්ගයෙන් ලේ ගැලීම හෝ කළු/දුඹුරු පැහැයෙන් වමනය/මලපහ පිටවීම
💊 *ඩෙංගු සෑදී ඇත්නම් / සැක නම්,*
✅ *කළ යුතු දේ*
• උණ පාලනය සඳහා පරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට භාවිතා කරන්න.
• කිසිදු වෙහෙසකර කටයුත්තක නොයෙදී හොඳින් විවේක ගන්න.
• ප්‍රමාණවත් ලෙස දියර පානය කරන්න: තම්බන ලද වතුර, ජීවනී, තැඹිලි, කැඳ, එළවළු සූප් වර්ග
• පහසුවෙන් දිරවන පෝෂ්‍යදායී ආහාර කුඩා ප්‍රමාණවලින් වරින් වර ලබාගන්න.
• ඔබෙන් අන් අයට පැතිරීම වැළැක්වීමට මදුරු දැල් භාවිතා කර මදුරුවන් දෂ්ට කිරීමෙන් වළකින්න.
• උණ දින දෙකට වැඩි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
• අවදානම් ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න : යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් (ඔසප් වීමක්) වැනි ලක්ෂණ දුටුවහොත් වහාම වෛද්‍යවරයා දැනුවත් කරන්න.
❌ *නොකළ යුතු දේ*
🚫 NSAID හෝ ස්ටෙරොයිඩ් ඖෂධ නොගන්න: Mefenamic Acid, Ibuprofen, Diclofenac වැනි NSAID ඖෂධ හෝ Steroids කිසිසේත් නොගන්න (මේවා මගින් අභ්‍යන්තර රුධිර වහනය වැඩි විය හැක).
🚫 තද පැහැති ආහාර සහ පාන වර්ග නොගන්න: රතු, දුඹුරු, කළු හෝ තද රෝස පැහැති (බීට්රූට්, කොකා කෝලා, තද පැහැති බීම වර්ග) ආහාර/පාන ගැනීමෙන් වලකින්න. (එවිට වමනය හෝ මලපහ සමග අභ්‍යන්තර රුධිරය පිටවන්නේදැයි නිවැරදිව හඳුනා ගැනීමට බාධා වේ).
🚫 අධික ලෙස වෙහෙස වීමෙන් වළකින්න.
🛡️ *ඩෙංගු මර්දනය සහ ආරක්ෂාව*
📢මදුරුවන් බෝවීම වැළැක්වීමට - ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, ටින්, බෝතල්, පොල් කටු, ටයර් ආදිය නිසි ලෙස බැහැර කරන්න.
📢මදුරුවන් ඇතුළුවීම වැළැක්වීමට - ජලය රැස් කරගන්නා බැරල්, බාල්දි, ළිං සහ වැසිකිළි නිරන්තරයෙන්ම වසා තබන්න.
📢මදුරුවන් බිත්තර දැමීමෙන් වැළැක්වීමට - වැහි පීලි, මල් පෝච්චි, මල් තැටි, පක්ෂි පාන තැටි, ශීතකරණ වල ජලය එක් රැස් වන තැටි බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.
📢අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීමට නියමිත භාණ්ඩ ජලය එක් රැස් නොවෙන සේ ආවරණය කරන්න / ගබඩා කරන්න (ටයර්, විසිතුරු, ශීත වන සහ තාවකාලිකව ඉවතලන දේ).
📢මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට
• මදුරුවන් වැඩි ක්‍රියාකාරීත්වයක් දක්වන වේලාවන්හි නිවසින් පිටත, වදුලුවල ගැවසීමෙන් වළකින්න.
• සිරුර හොදින් ආවරණය වන සේ ඇදුම් අදින්න.
• පැගිරි තෙල් වැනි මදුරු විකර්ෂක ද්‍රව්‍ය භාවිතා කරන්න.(පැගිරි තෙල්)
• රාත්‍රී නින්දේදී මදුරු දැල් භාවිතා කරන්න.