29/06/2024
𝐏𝐡𝐚𝐬𝐞 𝟏 𝐑𝐨𝐯𝐞𝐫 𝐒𝐜𝐨𝐮𝐭 𝐋𝐞𝐚𝐝𝐞𝐫 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐒𝐭𝐚𝐟𝐟 𝐌𝐞𝐦𝐛𝐞𝐫𝐬 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥𝐥𝐲 𝐜𝐨𝐧𝐝𝐮𝐜𝐭𝐞𝐝 𝐚𝐭 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐒𝐢𝐫 𝐉𝐨𝐡𝐧 𝐊𝐨𝐭𝐞𝐥𝐚𝐰𝐚𝐥𝐚 𝐃𝐞𝐟𝐞𝐧𝐜𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐩𝐫𝐞𝐦𝐢𝐬𝐞𝐬 𝐨𝐧 𝟏𝟓𝐭𝐡 & 𝟏𝟔𝐭𝐡 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟒.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ජාතික මානවක සමාජයේ සහය මානවක බාලදක්ෂ නායකයන් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත ආචාර්ය මණ්ඩලය සඳහා සහ ජාතික විශ්වවිද්‍යාලවල මානවක සමාජවල මානවක බාලදක්ෂ නායකයින් සඳහා පවත්වන ලද පළමුවන අදියර නායක පුහුණු පාඨමාලාවක් 2024 ජූනි 15 හා 16 දෙදින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පාඨමාලාලාභීන් 26දෙනෙකුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණ.
මේ පාඨමාලාව හැදෑරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපකුලපතිතුමන් හා නියෝජ්‍ය උපකුලපතිතුමන්ද සහභාගි වීම විශේෂ සිදුවීමක් වූ අතර එය මෙරට මානවක බාලදක්ෂ කටයුතු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලවල ඉහළ පාලනාධිකාරිය විසින් සහය දැක්වීමේ පූර්වාදර්ශය සැපයීම පිළිබද කදිම නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පැසසුමටද ලක්විය.
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් 21 දෙනෙක් සහභාගි වූ අතර එයද එකම ආයතනයකින් මානවක බාලදක්ෂ පළමු අදියර පාඨාමාලාවක් හැදෑරීම සඳහා සහභාගි වූ වැඩිම පිරිස ලෙස ඉතිහාසගතවන වාර්තාවක් බව පාඨමාලා නායක විසින් සඳහන් කරන ලදී.
එමෙන්ම මේ පාඨමාලාව හැදෑරීම සඳහා වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, ශ්‍රීපාලි මණ්ඩපය ආදී ආයතනවල මානවක බාලදක්ෂ කටයුතු සිදුකරන ආචාර්ය මහත්ම මහත්මීන්ද සහභාගි විය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) ශ්‍රීලත් ද සිල්වා මහතා මෙම පාඨමාලාවේ පාඨමාලා නායක ලෙසත්, ජ්‍යේෂ්ඨ පුහුණු කිරීමේ නායක කර්නල් (විශ්‍රාමික) ආනන්ද අල්විස් මහතා නියෝජ්‍ය පාඨාමාලා නායක ලෙසත්, සහය ප්‍රධාන කොමසාරිස් වෛද්‍ය මංජුල සහබන්ධු, මූලස්ථාන කොමසාරිස් ප්‍රියදර්ශනී ජයකොඩි, සහය මූලස්ථාන කොමසාරිස් තිලක්මන් පද්මසිරි , සහය මූලස්ථාන කොමසාරිස් ඉන්දික ප්‍රසන්න යන ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ආචාර්ය මණ්ඩලය ලෙසත් කටයුතු කල අතර පාඨමාලාවේ සම්බන්ධිකාරක ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ජාතික මානවක සමාජයේ මානවක බාලදක්ෂ නායක සමිත් තලකිරියාව මහතා කටයුතු කරන ලදී.
පාඨමාලාවට සහභාගිවූ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කාර්‍යමණ්ඩලය සම්බන්ධීකරණය හා පහසුකම් කළමනාකරණය සමූහ බාලදක්ෂ නායක කපිතාන් (විශ්‍රාමික) උදය දම්පගේ මහතාගේ මගපෙන්වීම මත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය මානවක බාලදක්ෂ කටයුතුභාර නිලධාරී බලඝන නායක සුරංග හේරත් මහතා සහ දෙවැනි නිලධාරී මේජර් ඉන්දික වීරසිංහ මහතා විසින් සිදු කරන ලදී.
𝘎𝘦𝘯𝘦𝘳𝘢𝘭 𝘚𝘪𝘳 𝘑𝘰𝘩𝘯 𝘒𝘰𝘵𝘦𝘭𝘢𝘸𝘢𝘭𝘢 𝘋𝘦𝘧𝘦𝘯𝘤𝘦 𝘜𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘺 (𝘒𝘋𝘜), 𝘢 𝘱𝘳𝘦𝘮𝘪𝘦𝘳 𝘩𝘪𝘨𝘩𝘦𝘳 𝘦𝘥𝘶𝘤𝘢𝘵𝘪𝘰𝘯 𝘪𝘯𝘴𝘵𝘪𝘵𝘶𝘵𝘦 𝘪𝘯 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘢𝘯𝘥 𝘢 𝘨𝘭𝘰𝘣𝘢𝘭𝘭𝘺 𝘳𝘦𝘯𝘰𝘸𝘯𝘦𝘥 𝘴𝘵𝘶𝘥𝘦𝘯𝘵-𝘤𝘦𝘯𝘵𝘳𝘪𝘤 𝘶𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘺, 𝘩𝘢𝘴 𝘵𝘢𝘬𝘦𝘯 𝘢 𝘴𝘪𝘨𝘯𝘪𝘧𝘪𝘤𝘢𝘯𝘵 𝘴𝘵𝘦𝘱 𝘪𝘯 𝘤𝘰𝘭𝘭𝘢𝘣𝘰𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘸𝘪𝘵𝘩 𝘵𝘩𝘦 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘚𝘤𝘰𝘶𝘵 𝘈𝘴𝘴𝘰𝘤𝘪𝘢𝘵𝘪𝘰𝘯 𝘢𝘴 𝘢 𝘬𝘦𝘺 𝘴𝘵𝘳𝘢𝘵𝘦𝘨𝘪𝘤 𝘱𝘢𝘳𝘵𝘯𝘦𝘳 𝘵𝘰 𝘰𝘳𝘨𝘢𝘯𝘪𝘻𝘦 𝘵𝘩𝘦 𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵 𝘓𝘦𝘢𝘥𝘦𝘳 – 𝘗𝘩𝘢𝘴𝘦 1 𝘛𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘊𝘰𝘶𝘳𝘴𝘦 𝘰𝘯 𝘵𝘩𝘦 15𝘵𝘩 𝘢𝘯𝘥 16𝘵𝘩 𝘰𝘧 𝘑𝘶𝘯𝘦 2024 𝘢𝘵 𝘵𝘩𝘦 𝘒𝘋𝘜 𝘱𝘳𝘦𝘮𝘪𝘴𝘦𝘴. 𝘛𝘩𝘦 𝘤𝘰𝘶𝘳𝘴𝘦 𝘢𝘪𝘮𝘦𝘥 𝘵𝘰 𝘦𝘯𝘩𝘢𝘯𝘤𝘦 𝘵𝘩𝘦 𝘳𝘰𝘷𝘦𝘳 𝘴𝘤𝘰𝘶𝘵𝘪𝘯𝘨 𝘦𝘹𝘱𝘦𝘳𝘪𝘦𝘯𝘤𝘦 𝘣𝘺 𝘵𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘵𝘸𝘦𝘯𝘵𝘺-𝘰𝘯𝘦 (21) 𝘶𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘺 𝘴𝘵𝘢𝘧𝘧 𝘮𝘦𝘮𝘣𝘦𝘳𝘴 𝘢𝘴 𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵 𝘓𝘦𝘢𝘥𝘦𝘳𝘴.
𝘗𝘩𝘢𝘴𝘦 1 𝘵𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘸𝘢𝘴 𝘰𝘱𝘦𝘯 𝘵𝘰 𝘮𝘦𝘮𝘣𝘦𝘳𝘴 𝘧𝘳𝘰𝘮 𝘰𝘵𝘩𝘦𝘳 𝘴𝘵𝘢𝘵𝘦 𝘢𝘯𝘥 𝘯𝘰𝘯-𝘴𝘵𝘢𝘵𝘦 𝘶𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘪𝘦𝘴 𝘢𝘤𝘳𝘰𝘴𝘴 𝘵𝘩𝘦 𝘪𝘴𝘭𝘢𝘯𝘥, 𝘳𝘦𝘴𝘶𝘭𝘵𝘪𝘯𝘨 𝘪𝘯 𝘢 𝘵𝘰𝘵𝘢𝘭 𝘰𝘧 𝘵𝘸𝘦𝘯𝘵𝘺-𝘴𝘪𝘹 (26) 𝘱𝘢𝘳𝘵𝘪𝘤𝘪𝘱𝘢𝘯𝘵𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘪𝘯𝘨 𝘧𝘪𝘷𝘦 (5) 𝘳𝘦𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘢𝘵𝘪𝘷𝘦𝘴 𝘧𝘳𝘰𝘮 𝘰𝘶𝘵𝘴𝘪𝘥𝘦 𝘒𝘋𝘜.
𝘛𝘩𝘦 𝘵𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮 𝘳𝘦𝘤𝘦𝘪𝘷𝘦𝘥 𝘦𝘴𝘵𝘦𝘦𝘮𝘦𝘥 𝘴𝘶𝘱𝘱𝘰𝘳𝘵 𝘧𝘳𝘰𝘮 𝘵𝘩𝘦 𝘝𝘪𝘤𝘦 𝘊𝘩𝘢𝘯𝘤𝘦𝘭𝘭𝘰𝘳 𝘰𝘧 𝘒𝘋𝘜, 𝘙𝘦𝘢𝘳 𝘈𝘥𝘮𝘪𝘳𝘢𝘭 𝘏𝘎𝘜 𝘋𝘢𝘮𝘮𝘪𝘬𝘢 𝘒𝘶𝘮𝘢𝘳𝘢, 𝘝𝘚𝘝, 𝘜𝘚𝘗, 𝘱𝘴𝘤, 𝘔𝘔𝘢𝘳𝘪𝘵𝘪𝘮𝘦𝘗𝘰𝘭, 𝘉𝘚𝘤(𝘋𝘚), 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘋𝘦𝘱𝘶𝘵𝘺 𝘝𝘪𝘤𝘦 𝘊𝘩𝘢𝘯𝘤𝘦𝘭𝘭𝘰𝘳 𝘰𝘧 𝘒𝘋𝘜, 𝘔𝘢𝘫𝘰𝘳 𝘎𝘦𝘯𝘦𝘳𝘢𝘭 𝘊𝘈 𝘞𝘪𝘤𝘬𝘳𝘢𝘮𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦, 𝘜𝘚𝘗, 𝘜𝘚𝘈𝘊𝘎𝘚𝘊. 𝘕𝘰𝘵𝘢𝘣𝘭𝘺, 𝘵𝘩𝘦𝘺 𝘱𝘢𝘳𝘵𝘪𝘤𝘪𝘱𝘢𝘵𝘦𝘥 𝘪𝘯 𝘵𝘩𝘦 𝘦𝘷𝘦𝘯𝘵 𝘵𝘰 𝘳𝘦𝘤𝘦𝘪𝘷𝘦 𝘵𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘵𝘩𝘦𝘮𝘴𝘦𝘭𝘷𝘦𝘴, 𝘳𝘢𝘵𝘩𝘦𝘳 𝘵𝘩𝘢𝘯 𝘫𝘶𝘴𝘵 𝘢𝘴 𝘨𝘶𝘦𝘴𝘵𝘴, 𝘸𝘩𝘪𝘤𝘩 𝘴𝘪𝘨𝘯𝘪𝘧𝘪𝘤𝘢𝘯𝘵𝘭𝘺 𝘦𝘯𝘤𝘰𝘶𝘳𝘢𝘨𝘦𝘥 𝘰𝘵𝘩𝘦𝘳𝘴.
𝘔𝘳. 𝘚𝘳𝘪𝘭𝘢𝘵𝘩 𝘥𝘦 𝘚𝘪𝘭𝘷𝘢, 𝘈𝘴𝘴𝘪𝘴𝘵𝘢𝘯𝘵 𝘊𝘩𝘪𝘦𝘧 𝘊𝘰𝘮𝘮𝘪𝘴𝘴𝘪𝘰𝘯𝘦𝘳 (𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵𝘪𝘯𝘨) 𝘰𝘧 𝘵𝘩𝘦 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘚𝘤𝘰𝘶𝘵 𝘈𝘴𝘴𝘰𝘤𝘪𝘢𝘵𝘪𝘰𝘯, 𝘤𝘰𝘯𝘥𝘶𝘤𝘵𝘦𝘥 𝘵𝘩𝘦 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮 𝘢𝘴 𝘤𝘰𝘶𝘳𝘴𝘦 𝘭𝘦𝘢𝘥𝘦𝘳 𝘢𝘭𝘰𝘯𝘨 𝘸𝘪𝘵𝘩 𝘩𝘪𝘴 𝘛𝘳𝘢𝘪𝘯𝘪𝘯𝘨 𝘗𝘢𝘯𝘦𝘭,
𝘓𝘦𝘢𝘥𝘦𝘳 𝘛𝘳𝘢𝘪𝘯𝘦𝘳 𝘊𝘰𝘭. (𝘙𝘵𝘥) 𝘈𝘯𝘢𝘯𝘥𝘢 𝘈𝘭𝘸𝘪𝘴, 𝘋𝘳. 𝘔𝘢𝘯𝘫𝘶𝘭𝘢 𝘚𝘢𝘩𝘢𝘣𝘢𝘯𝘥𝘶 (𝘈𝘴𝘴𝘪𝘴𝘵𝘢𝘯𝘵 𝘊𝘩𝘪𝘦𝘧 𝘊𝘰𝘮𝘮𝘪𝘴𝘴𝘪𝘰𝘯𝘦𝘳), 𝘓𝘦𝘢𝘥𝘦𝘳 𝘛𝘳𝘢𝘪𝘯𝘦𝘳 𝘔𝘳. 𝘛𝘩𝘪𝘭𝘢𝘬𝘮𝘢𝘯 𝘗𝘢𝘥𝘮𝘢𝘴𝘪𝘳𝘪, 𝘔𝘳𝘴. 𝘗𝘳𝘪𝘺𝘢𝘥𝘢𝘳𝘴𝘩𝘢𝘯𝘪 𝘑𝘢𝘺𝘢𝘬𝘰𝘥𝘪 (𝘏𝘦𝘢𝘥𝘲𝘶𝘢𝘳𝘵𝘦𝘳𝘴 𝘊𝘰𝘮𝘮𝘪𝘴𝘴𝘪𝘰𝘯𝘦𝘳), 𝘔𝘳. 𝘐𝘯𝘥𝘪𝘬𝘢 𝘗𝘳𝘢𝘴𝘢𝘯𝘯𝘢 (𝘈𝘴𝘴𝘪𝘴𝘵𝘢𝘯𝘵 𝘏𝘦𝘢𝘥𝘲𝘶𝘢𝘳𝘵𝘦𝘳𝘴 𝘊𝘰𝘮𝘮𝘪𝘴𝘴𝘪𝘰𝘯𝘦𝘳).
𝘛𝘩𝘦 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦 𝘸𝘢𝘴 𝘤𝘰𝘰𝘳𝘥𝘪𝘯𝘢𝘵𝘦𝘥 𝘣𝘺 𝘔𝘳. 𝘚𝘢𝘮𝘪𝘵𝘩 𝘛𝘩𝘢𝘭𝘢𝘬𝘪𝘳𝘪𝘺𝘢𝘸𝘢-𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵 𝘓𝘦𝘢𝘥𝘦𝘳 𝘒𝘋𝘜, 𝘊𝘢𝘱𝘵𝘢𝘪𝘯 𝘜𝘥𝘢𝘺𝘢 𝘋𝘢𝘮𝘱𝘢𝘨𝘦 (𝘙𝘵𝘥)-𝘎𝘳𝘰𝘶𝘱 𝘚𝘤𝘰𝘶𝘵 𝘓𝘦𝘢𝘥𝘦𝘳 𝘒𝘋𝘜, 𝘚𝘲𝘶𝘢𝘥𝘳𝘰𝘯 𝘓𝘦𝘢𝘥𝘦𝘳 𝘚𝘶𝘳𝘢𝘯𝘨𝘢 𝘏𝘦𝘳𝘢𝘵𝘩-𝘖𝘧𝘧𝘪𝘤𝘦𝘳 𝘐𝘯 𝘊𝘩𝘢𝘳𝘨𝘦 𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵 𝘒𝘋𝘜, 𝘢𝘯𝘥 𝘔𝘢𝘫𝘰𝘳 𝘐𝘯𝘥𝘪𝘬𝘢 𝘞𝘦𝘦𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦-2𝘯𝘥 𝘐𝘯 𝘊𝘩𝘢𝘳𝘨𝘦 𝘙𝘰𝘷𝘦𝘳 𝘚𝘤𝘰𝘶𝘵 𝘒𝘋𝘜.