Movement for Land and Agricultural Reform

Movement for Land and Agricultural Reform We work with rural, small-scale, and marginal farmers in education and the development of skills in Agro ecology

MONLAR’s vision of an alternative sustainable development is based on the concrete experiences of the adverse effects of attempts made to promote a “free market” export oriented growth model. Its analysis and vision is related to the vision of sustainable development emerging globally in response to the present crisis in development. MONLAR believes that the historical and the present role of wome

n in sustaining livelihoods and their capacity to develop such alternatives should be recognized and strengthened. The approach adopted by MONLAR is to build national awareness in collaboration with organizations working among all other sectors of society affected/victimized by the present model. Its effort is to bring about policy changes at macro/national level, while developing people’s own strength, awareness and capacity to protect their livelihoods, environment, food security, fighting against poverty and disparities. MONLAR sees the importance of building a vision and broad alliances among people within the country and internationally to pool their resources, knowledge, experiences and strength of organized action.

13/05/2026
මලෛයගම් ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණ පිළිබදව සිය අදහස් දක්වමින් MONLAR ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කරැ චින්තක රාජපක්ෂ ...
11/05/2026

මලෛයගම් ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණ පිළිබදව සිය අදහස් දක්වමින් MONLAR ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කරැ චින්තක රාජපක්ෂ කොළඹ පැවති එම ප්‍රජාවගේ තරැණ සමුළුවේ සිය අදහස් මෙලෙස දැක්විය..

මලෛයගම් ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණ පිළිබදව සිය අදහස් දක්වමින් MONLAR ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කරැ චින්තක රා.....

https://youtu.be/ocYQ59epq5E?si=e4EU0ePNr7WP7hNS
11/05/2026

https://youtu.be/ocYQ59epq5E?si=e4EU0ePNr7WP7hNS

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදා වන්නිලෑත්තන්ගේ අවමංගල්‍යය සාම්ප්‍රදායික් ආදිවාසී සිරිත් විරිත් අනුව පසු...

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදාවන්නියලෑත්තන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද  (9) පස්වරුවේ රතුගලදී සිදුකෙරුණා.  දඹාන ...
09/05/2026

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදාවන්නියලෑත්තන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (9) පස්වරුවේ රතුගලදී සිදුකෙරුණා. දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑත්තෝ ඇතුලු විවිධ ප්‍රදේශවල ආදිවාසී නායකයින් මෙම අවස්තාවට එක්ව සිටියා. ආදිවාසී චාරිත්‍ර වාරිත්‍ර අනුව භූමදාන කටයුතු සිදුකෙරුණ අතර රතුගල නව නායකයා ලෙස සුදා වන්නිලෑත්තන්ගේ පුත්‍රයා නම් කිරීමද මෙහිදී සිදුකෙරුණා.

மறைந்த ரத்துகல பழங்குடித் தலைவர் சுதாவன்னியலெத்த அவர்களின் இறுதிச் சடங்கு இன்று பிற்பகல் (9 ) ரத்துகலவில் நடைபெற்றது. தம்பான பழங்குடித் தலைவர் ஊருவரிகே வன்னியலெத்தோ உட்பட பல்வேறு பகுதிகளைச் சேர்ந்த பழங்குடித் தலைவர்கள் இந்நிகழ்ச்சியில் கலந்துகொண்டனர். பழங்குடி வழக்கப்படி இறுதிச் சடங்கு நடைபெற்றதோடு, மறைந்த சுதாவன்னியலெத்தவின் மகன் ரத்துகலவின் புதிய தலைவராகப் பெயரிடப்படும் நிகழ்வும் நடைபெற்றது.

නාකොළගනේ නඩුව දිනුම් - අලි ඇතුන් ඇතුලු  වන සතුන්ට යුක්තිය මොකක්ද නාකොලගනේ වුනේ ?නාකොළගනේ පාලුකඩවල වැව ඉහත්තාවේ අක්කර 500...
08/05/2026

නාකොළගනේ නඩුව දිනුම් - අලි ඇතුන් ඇතුලු වන සතුන්ට යුක්තිය

මොකක්ද නාකොලගනේ වුනේ ?
නාකොළගනේ පාලුකඩවල වැව ඉහත්තාවේ අක්කර 5000ක මහ වනාන්තරයේ අක්කර 2500ක් නින්දගම් වලට අයිතියි කියලා වලත්වැවේ රාහුල සහ වලත්වැවේ සුදම්ම කියන හිමිවරුන් විසින් විවිධ පුද්ගලයින්යට විකුණලා බදු දිලා. ඔවුන් විවිධ ව්‍යාපෘති වලට මේ කැලේ එ‍ලි කරනකොට අලි ඇතුන් ගම් වදිාන්න පටං ගත්තා. පසුව වයඹ පළාත් ජනතා සැලසුම් සංසදය සහ පරිසර ක්‍රියාකාරී සංවිධාන මීට විරෝධතාව පළ කළා. නමුත් විරෝධතා නොතකා හරිමින් හාමුදුරුවෛා දිගින් දිගටම වනාන්තරය විනාශ කරන්නට අනුබල දුන්නා.

වයඹ පළාත්ජනතා සැලසුම් සංසදය ‍මීට එරෙහිව විරෝධතා කළා, මාධ්‍ය සාකච්ඡා තිබ්බා, පෙළපාලි ගියා. මේ විදිහට මීට අවුරුදු 10කට විතර උඩදි ආරම්භ වුන මේ අරගලයට සාධාරණ තීන්දුවක් පසුගියදා අධිකරණය මඟින් ලබාදුන්නා. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන ජනතාව එක්ක හිටගෙන ජනබලය ගොඩනඟන කොට මේ ගැටළුව නීතිය ඉස්සරහට අරං ගියේ පරිසර යුක්ති කේන්ද්‍රය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ උනන්දුව සහ කැපවීම මත අවුරුදු ගාණකට පස්සේ පසුගියදා නඩු තීන්දුව ලැබුණා. මෙහිදී මෙම බදු දී ඇති ඉඩම් නැවත පවරා ගැනීමටත් අදාල ප්‍රදේශය තුළ අලි කළමණාකරණ රක්ෂීතයක් ප්‍රකාශයට පත් කිරීමට සහ මෙතෙක් බදු පදනම යටතේ ඉඩම් ලබාගත් අය සිදුකර ඇති පරිසර විනාසයට අනුව විනාශ වූ ගහකෛාළ වලත්වැවේ හිමියන්ගේ පුද්ගලික වියදමින් වන වගා බවයට පත් කිරීමට නියෝග කෙරුණා. ඊට අමතරව තවත් නියෝ රැසක් ලබාදුන්නා . එම නියෝග සම්පූරණයෙන් පහතින්

ප්‍රධාන කරුණු සහ නියෝග
• ඉඩම් අවභාවිතය සහ නීතිමය පියවර: බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ විහාර දේවාලගම් පනත යටතේ අදාළ විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, බැහැර කරන ලද ඉඩම් නැවත ශාසනයට පවරා ගන්නා ලෙසත්ය.

• විශේෂ ඒකකයක් පිහිටුවීම: නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට නීතිපතිවරයාට නියෝග කරන ලදී.

• අලි කළමනාකරණ රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම: මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරුවල දැක්වෙන වනාන්තර සහ කුඹුරු හෙක්ටයාර 55ක ප්‍රමාණය අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලදී.

• නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම: ප්‍රදේශයේ ඇති නීති විරෝධී අලි වැටවල් සහ ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට බලතල ලබා දී ඇත.

• ප්‍රතිවන වගාව: විනාශ වූ වනාන්තර ප්‍රදේශය අදාළ විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික වියදමින් නැවත වගා කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත.

• අපරාධ වැරදි සම්බන්ධ පරීක්ෂණ: නඩුවේ සඳහන් අපරාධ වැරදි සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට පෙත්සම්කරුවන්ට මාසයක කාලයක් ලබා දී ඇති අතර, ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

• ප්‍රසිද්ධියේ සමාව අයැදීම: වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරිය යන ආයතන තම රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රසිද්ධියේ කනගාටුව පළ කළ යුතුය. මෙවැනි සිදුවීම් නැවත සිදුනොවීම සඳහා ඔවුන් විසින් ගන්නා පියවරයන් ද මෙම දැන්වීම් තුලින් ප්‍රසිද්ධයට පත්කරන ලෙස නියෝගකර ඇත.

මෙම නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී. වනජීවී සංරක්ෂණය සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහගතභාවය සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

08/05/2026

Rathugala Indigenous Chief Suda Wannila Attho Passes Away: Voice Of An Indigenous Heritage Falls Silent

තම පරපුරෙහි අයිතිය සහ උරුමය වෙනුවෙන් අභිතව හඩ නැගූ වනස්පති රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ දේ...
08/05/2026

තම පරපුරෙහි අයිතිය සහ උරුමය වෙනුවෙන් අභිතව හඩ නැගූ වනස්පති රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ දේහය වන්නිල ඇත්තන් ජීවත් වූ රතුගල පිහිටි එම නිවසෙහි තැන්පත් කර තිබේ. දේහය පිළිබ ද අවසන් කටයුතු එලඹෙන සෙනසුරාදා(09) දින පස්වරු තුනට සිදු කෙරෙනු ඇත.

07/05/2026

රතුගල ආදිවාසී නායක
සුදා වන්නියලාඇත්තන්ට
නිවන් සුව !!

උරුමය රකිමින් අයිතීන් උදෙසාඅභීත ව අදීන ව සටන් කලමහ වනස්පතිරතුගල ආදිවාසී නායක සුදා වන්නියලාඇත්තන්ට නිවන් සුව !!රතුගල ආදිව...
07/05/2026

උරුමය රකිමින්
අයිතීන් උදෙසා
අභීත ව අදීන ව සටන් කල
මහ වනස්පති

රතුගල ආදිවාසී නායක
සුදා වන්නියලාඇත්තන්ට
නිවන් සුව !!

රතුගල ආදිවාසී නායක සුදා වන්නියලෑත්තෝ වැලිසර රෝහලේදී අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මැයි 09 සෙනසුරාදා සවස 3 ට රතුගල දී සිදුකෙරේ.

ரத்துகல பழங்குடியினத் தலைவர் சுதா வன்னியலெத்தோ வெலிசர மருத்துவமனையில் காலமானார். இறுதிச் சடங்கு மே 9 ஆம் திகதி சனிக்கிழமை பிற்பகல் 3 மணிக்கு ரத்துகலயில் நடைபெறும்.

සූරාකෑමට, බලහත්කාරයට එරෙහි ක්‍රම වෙනසකට ගොවි ජන බලය යන තේමාව ඔස්සේ ගොවි මැයි රැළිය අති සාර්ථක ලෙස කැකිරාවේදී පැවැත්වුනා....
06/05/2026

සූරාකෑමට, බලහත්කාරයට එරෙහි ක්‍රම වෙනසකට ගොවි ජන බලය යන තේමාව ඔස්සේ ගොවි මැයි රැළිය අති සාර්ථක ලෙස කැකිරාවේදී පැවැත්වුනා. ගොවි, ධිවර ආදිවාසී, සහ මලයග ප්‍රජාව නියෝජනය කරමින් දිවයිනේ පළාත් 8කින් දෙදහසකට ආසන්න පිරිසක් මෙම මැයි රැළියට ජනතාව පැමිණ සිටියා. පා ගමනින් පසුව කැකිරාව මහජන ක්‍රිඩාංගණයේදී මැයි රැළිය පැවැත්වූ අතර ගොවි නායකයින්, මලයග ප්‍රජාව දහ සිවිල් ක්‍රියාකාරකයින් මෙහිදී අදහස් පළ කලා. රැළිය අවසනායේදී යෝජනා 14 කින් සමන්විත ගොවි මැයි දින ප්‍රකාශනය එළි දැක්වූවා.

2026 ගොවි මැයි දින යෝජනා

මැයි පළමු වැනිදා වැඩ කරන ජනතාව ගේ දිනයයි. දශක ගණනාවක් පුරා ලොව පුරා වැඩ කරන ජනතාව මෙම දිනය තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන දිනය බවට පත් කර ගෙන සිටිනවා.
මේ අතරතුර ගොවිතැනත් එක්ක තමන් ගේ ජීවිතය ගොඩ නඟමින් සිටින ශ්‍රී ලංකාවේ ගැමි ගොවීන්ට තමන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන වීමට, සහ ගොවීන් ගේ බලයක් ගොඩ නඟා ගැනීමට අවස්ථාවක් තිබුණේ නෑ. විවිධ දේශපාලන ව්‍යාපාර, පක්ෂ විසින් ඔවුන් ගේ අරමුණු වෙනුවෙන් ගොවීන් ගේ හඬ මැයි පෙළපාළිවලට එකතු කළ ද රටේ සැබෑ ගැමි ගොවියා ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑ මැදිහත් වීමක් කිරීමට ඔවුන් සමත් වී නැහැ.

නමුත් ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ක්‍රියාකාරීත්වය විදිහට අපි 2024 ඇඹිලිපිටියේ දී, 2025 මන්නාරමේ දී සැබෑ ගොවි බලයක් වෙනුවෙන් වන ගොවි මැයි රැළි සාර්ථක විදිහට පැවැත්වූවා. මෙම මැයි රැළි සඳහා දිවයින පුරා සුළු පරිමාණ ආහාර නිෂ්පාදනයේ නිරත ගොවීන්, ධීවරයන්, සත්ව පාලනයේ නිරත වන්නන් අගය එකතු කරන්නන් ආදී විශාල පිරිසක් සහභාගි වුණා. අපි හිතනවා මේ රටේ ගොවීන් ගේ බලය පොදු වේදිකාවකට ගෙන්නට අපට පුළුවන් කමක් ලැබුණා කියලා. ඒ නිසා අපි 2026 දී ඉතා අභිමානවත් ව ගොවීන් ගේ මැයි දිනය කැකිරාවේ දී පවත්වන්න කටයුතු කළා.

මේ මොහොතේ ලොව පුරා වර්ධනය වෙමින් තියෙන යුද්ධය හරහා ආහාර නිෂ්පාදනය කරන ගොවීන් ඇතුළු අනිකුත් පාර්ශ්වවලට දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා. මේ ඔස්සේ ජනතාව ගේ ආහාර අයිතිය පැහැර ගනිමින් පවතිනවා.

කුස ගින්න මන්දපෝෂණය වැනි තත්ව වර්ධනය වෙමින් පවතිනවා. මෙවැනි ගෝලීය අර්බුදවලට එරෙහිව ශ්‍රී ලංකාව පසුගිය වසර 5 තුළ මුහුණ දුන්න ආර්ථික අර්බුදය, කෝවිඩ් වසංගතය, දිත්වා සුළි කුණාටුව සහ රට තුළ ඇති වූ දේශපාලනික විනාශයේ ප්‍රතිඵල විදිහට අපට තවමත් සැබෑ පුනරුදයක් වෙත ගමන් කිරීම අසීරු වී තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ අපි විශ්වාස කරනවා හැම අතින් ම පීඩාවට පත් වෙලා ඉන්න මෙරට ගැමි ගොවීන් සංවිධානාත්මක ව ඔවුන් ගේ බලය දිනා ගැනීම සඳහා සංවිධාන වීමේ අවශ්‍යතාවක් පවතින බව. මැයි පළමු වෙනිදා කැකිරාවේ දී අපි උත්සාහ කළේ මේ ගොවි බලය එක තැනකට අර ගෙන ඒ හරහා මෙරට සැබෑ ක්‍රම වෙනසක් සඳහා වන වැඩපිළිවෙළක් හරහා ශක්තිමත් ගොවි ව්‍යාපාරයක් ගොඩනඟන්න. ඒ ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක බලවතුන් විසින් බිල්ලට ගනිමින් සිටින මෙරට ගැමි ගොවීන් ගේ උරුමය, භූමිය, ආහාර, බීජ, ජල මූලාශ්‍ර වැනි අප ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණෙමු. මෙහි දී අප ගේ ඉල්ලීම් සියල්ල පහත වේ.

1. ගොවි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය අහිමි කිරීමෙන් ගොඩනැගුණු වෙළෙඳපොල ඒකාධිකාරීත්වය බිඳ දැමීමට කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිල තහවුරු කිරීමත්, වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කරමින් රජය තීරණාත්මක ව වෙළෙඳ පොල පාලනය කිරීමට මැදිහත් වීමත් සිදු කළ යුතු ය.

2. ස්වාභාවික පරිසර පද්ධති විනාශ කර සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන ව්‍යාපෘති හෝ මහ පරිමාණ වාණිජ ඒ්ක බෝග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මත වර්ධනය වන අලි - මිනිස් ගැටුම, වන සතුන්ගෙන් වන වගා හානි පාලනය කිරීම සඳහා හානිකර හා නීති විරෝධී ව්‍යාපෘති සියල්ල නතර කර වනාන්තර ජාලගත කිරීමට හා වනාන්තර හායනය නතර කිරීමට පියවර ගත යුතු ය.

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත "රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය" ක්‍රමවේදය පදනම් කර ගෙන ක්‍රියාත්මක කරන රාජ්‍ය දේපළ හා පොදු සම්පත් බදු දීම සහ පුද්ගලීකරණ ක්‍රියාවලිය වහාම නතර කර ජනතාවාදී සහයෝගිතා ආර්ථික මොඩලයක් ක්‍රියාත්මක කළ යුතු ය.

4. දිත්වා ව්‍යසනයෙන් පසු ව රජය, ආහාර පද්ධති නැවත ගොඩනැගීමට පොරොන්දු වූ සහන වහාම ලබා දීම හා දිගු කාලීන ක්‍රම වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සියළු පාර්ශව කැඳවා නැවත සකස් කිරීම කළ යුතු ය.

5. සුනිත්‍ය බලශක්තිය සඳහා ස්වාභාවික සම්පත්, ගොවි ඉඩම්, තෘණ භූමි හා ධීවර ඉඩම්, සමාගම් සතු කිරීම වහා නතර කර ප්‍රජා පාදක සුනිත්‍ය බලශක්තිය සඳහා ප්‍රවේශය තහවුරු යුතු ය.

6. ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය හා අනාගත පැවැතුම තීරණය කරන සියළු ම ස්වාභාවික සම්පත් සමාගම් සතු කිරීම නතර කර ඒ සියල්ල පොදු භාවිත සම්පත් ලෙස සුරක්ෂිත කළ යුතු ය.

7. ගෝලීය අවශ්‍යතාවන් මත බලහත්කාරයෙන් ගොඩ නගන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති හේතුවෙන් බිඳ වැටී විනාශ වූ ජනතාව ගේ සෞඛ්‍ය, පැවැත්ම හා දරිද්‍රතාව පිටු දැකීමට හා ඔවුන් ගේ අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීමට ජනතා මූලික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ස්ථාපිත කළ යුතු ය.

8. ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය සුරක්ෂිත කිරීමට, පාරිසරික ගොවිතැන ප්‍රධාන උපායමාර්ගයක් බවට පත් කර ඒ සඳහා ගෝලීය වශයෙන් එකඟ වූ ගැමි ගොවීන් ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය (UNDROP) බලාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු ය.

9.මලයහම් දෙමළ ප්‍රජාව, උතුරු නැගෙනහිර හා ආන්තිකරණයට ලක් වූ ජනතාව ගේ ඉඩම් අයිතිය ඇතුළු ගෞරවාන්විත ජීවිතයක් සඳහා වන ඉල්ලීම් සියල්ල වහාම ලබා දීමට කටයුතු කළ යුතු ය.

10. ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට හා ප්‍රතිවිරෝධ මත දැරීමට ඇති අයිතිය ආඥාපනත් මගින් අවහිර කිරීම වහා නතර කළ යුතු ය.

11. යුද්ධය, සූරාකෑම හා බලහත්කාරය තුළින් ගෝලීය ව ගොඩනගා ඇති ආහාර අර්බුදයේ මූලික ධනවාදී ආර්ථික ක්‍රියාවලියෙන් සිදු වෙමින් පවතින අතර ඒ සඳහා ක්‍රම වෙනසක් ඇති කිරීමට පරිසර විද්‍යාත්මක ගොවිතැන මත පදනම් වූ වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතු ය.

12. ගැමි ගොවීන් ඇතුළු ආහාර නිෂ්පාදකයන් විසින් ගොඩ නගා ගත් ඉතිරුම් හා මූල්‍ය ක්‍රියාවලියට බලපෑම් වන ආඥාපනත් හා රෙගුලාසි ගෙන ඒ්ම වහාම නතර කළ යුතු ය.

13. සුරැකුම් ආර්ථිකයේ අනන්‍යතාව, පොදු සම්පත් භාවිතය, වෙළෙඳපොල ප්‍රවේශය තහවුරු කිරීම තුළින් ආහාර පද්ධතියට දායක වීමට සියළු කාන්තාවන් ගේ අයිතිය තහවුරු කරන ක්‍රියාවලියක් ගොඩනැඟිය යුතු ය.

14. ගොවීන් ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් ඇති වන හා ජනතාව ගේ ගුණාත්මක ආහාරයට ඇති අයිතිය බිඳ දමන ආකාරයේ වෙළෙඳ ගිවිසුම් මත ක්‍රියාත්මක වන ආහාර ආනයන හා අපනයන ක්‍රියාවලිය නතර කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු ය.

2026 මැයි 1 වන දින කැකිරාවේ දී.

ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරීත්වය

சுரண்டல் மற்றும் பலோத்காரத்திற்கு எதிராக ஒரு முறைமை மாற்றத்திற்கான விவசாயிகளின் சக்தி

தேசிய விவசாயிகள் இயக்கத்திற்கான செயல்பாடு

2026 விவசாயிகள் மே தின முன்மொழிவுகள்
மே 1 ஆம் திகதி உழைக்கும் மக்களின் நாள். பல தசாப்த்தங்களாக உலகெங்கிலும் உள்ள உழைக்கும் மக்கள் இந்த நாளைத் தங்கள் உரிமைகளுக்காகக் குரல் எழுப்பும் நாளாக ஆக்கி வருகின்றனர்.;

அதே சமயம், விவசாயத்தின் மூலம் தங்கள் வாழ்க்கையை அமைத்துக் கொள்ளும் இலங்கையின் கிராமிய விவசாயிகளுக்கு, தங்கள் உரிமைகளுக்காக அணிதிரண்டு ஒரு விவசாயிகளின் சக்தியைக்

கட்டியெழுப்புவதற்கான வாய்ப்பு கிடைக்கவில்லை.

பல்வேறு அரசியல் இயக்கங்களும் கட்சிகளும் தங்கள் இலக்குகளுக்காக மே தினப்பேரணிகளில் விவசாயிகளின் குரல்களைச் சேர்ந்திருந்தபோதிலும், நாட்டின் உண்மையான கிராமிய விவசாயிகளின் உரிமைகளுக்காக அவர்களால் ஒரு உண்மையான தலையீட்டைச் செய்ய முடியவில்லை.

இருப்பினும், தேசிய விவசாயிகளின் இயக்கத்திற்கான செயற்பாடாக, உண்மையான விவசாயிகளின் சக்திக்கான மே தினப் பேரணிகளை 2024 இல் எம்பிலிப்பிட்டியாவிலும், 2025 இல் மன்னாரிலும் நாங்கள் வெற்றிகரமாக நடத்தினோம். நாடு முழுவதும் சிறு அளவிலான உணவு உற்பத்தியில் ஈடுபட்டுள்ள ஏராளமான விவசாயிகள், மீனவர்கள், கால்நடை வளர்ப்போர், மதிப்புக்கூட்டுபவர்கள் போன்N;றார் இந்த மே தினப் பேரணிகளில் பங்கேற்றனர். இந்த நாட்டின் விவசாயிகளின் சக்தியை ஒரு பொதுவான தளத்திற்குக் கொண்டுவர எங்களால் சாத்தியமானது என்று நாங்கள் கருதுகிறோம். எனவே, 2026-ஆம் ஆண்டு கெக்கிராவவில் விவசாயிகளின் மே தினத்தைக் கொண்டாட நாங்கள் பெருமையுடன் தயாராகியுள்ளோம்.

தற்போதைய சூழலில், உலகெங்கிலும் அதிகரித்து வரும் போர்,விவசாயிகள் மற்றும் உணவு உற்பத்தி செய்யும் பிற தரப்பினர் மீது கடுமையான அழுத்தத்தை ஏற்படுத்துகிறது. இதன் மூலம், மக்களின் உணவுக்கான உரிமை பறிக்கப்படுகிறது.

பசி மற்றும் ஊட்டச்சத்துக் குறைபாடு போனற் நிலைமைகள் அதிகரித்து வருகினற்ன. இத்தகைய உலகளாவிய நெருக்கடிகளுக்கு மத்தியிலும், கடந்த 5 ஆண்டுகளில் இலங்கை சந்தித்த பொருளாதார நெருக்கடி, கோவிட் பெருந்தொற்று, தித்வா புயல் மற்றும் நாட்டில் நிகழ்ந்த அரசியல் அழிவு ஆகியவை ஒரு உண்மையான மறுமலர்ச்சியை நோக்கி நாம் முன்னேறுவதைக் கடினமாகக்கியுள்ளன. இத்தகைய சூழ்நிலையில், எல்லா வகையிலும் ஒடுக்கப்படும் இந்நாட்டின் கிராமிய விவசாயிகள், தங்களின் அதிகாரத்தைப் பெறுவதற்காக ஒரு ஒழுங்கமைக்கப்பட்ட முறையில் தங்களைத் திரட்டிக்கொள்ள வேண்டிய அவசியம் உள்ளது என்று நாங்கள் நம்புகிறோம். மே 1-ஆம் திகதி, கெக்கிராவாவில், இந்த விவசாயிகளின் சக்தியை ஒரு இடத்தில் திரட்டி, நாட்டில் உண்மையான மாற்றத்திற்கான ஒரு செயல்திட்டத்தின் மூலம் ஒரு வலுவான விவசாய இயக்கத்தைக் கட்டியெழுப்ப நாங்கள் முயற்சிக்கிறோம்.

இதன் மூலம், சர்வதேச நாணய நிதியம், உலக வங்கி மற்றும் உலக வல்லரசுகளால் பலியிடப்படும் இந்த நாட்டின் கிராமிய விவசாயிகளின் மரபுரிமை, நிலம், உணவு, விதைகள் மற்றும் நீர் ஆதாரங்கள் போன்ற உரிமைகளைப் பாதுகாகக் நாங்கள் ஒன்று திரளத் தயாராக இருக்கின்றோம்.;

1. விவசாயிகளின் உற்பத்திகளுக்கான விலையை நிர்ணயிக்கும் உரிமையைப் பறித்து நிறுவப்பட்டுள்ள சந்தை ஏகபோகத்தை உடைக்க, விவசாயப் பொருட்களுக்கு உத்தரவாத விலைகள் நிறுவப்பட வேண்டும். மேலும், நெல் சந்தைப்படுத்தல் வாரியம் போன்ற அரசு வழிமுறைகளை வலுப்படுத்துவதன் மூலம் சந்தையைக் கட்டுப்படுத்த அரசாங்கம் தீர்க்கமாகத் தலையிட வேண்டும்.

2. இயற்கைச் சூழல் தொகுதிகளின் அழிவு மற்றும் மேம்பாட்டுத் திட்டங்கள், முதலீட்டுத் திட்டங்கள் அல்லது பெரிய அளவிலான வணிக ஒற்றைப் பயிர் பயிற்ச்செய்கைத் திட்டங்களைச் செயல்படுத்துவதால் அதிகரித்து வரும் மனித-யானை மோதல், காட்டு விலங்குகளால் பயிர்செய்கைகளுக்கு ஏற்படக்கூடிய பாதிப்புக்கள் போன்றவற்றை கட்டுபடுத்துவதற்காக அனைத்துத் தீங்கு விளைவிக்கும் மற்றும் சட்டவிரோதத் திட்டங்களும் நிறுத்தப்பட வேண்டும். மேலும், காடுகளை வலைப்பின்னலாக்கி, வனச் சீரழிவைத் தடுக்க நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும்.

3. சர்வதேச நாணய நிதியத்தின் ஆலோசனையின் பேரில், “பொது-தனியார் கூட்டாண்மை” வழிமுறையின் அடிப்படையில் செயல்படுத்தப்படும் அரசுச் சொத்துக்கள் மற்றும் பொது வளங்களைக் குத்தகைக்கு விடுவதும் தனியார்மயமாக்குவதும் உடனடியாக நிறுத்தப்பட்டு, மக்கள் நலன் சார்ந்த கூட்டுறவுப் பொருளாதார மாதிரிகளை செயல்படுத்தப்பட வேண்டும்.

4. பேரிடருக்குப் பிறகு உணவுத் தொகுதிகளை மீண்டும் கட்டியெழுப்புவதற்காக உறுதியளிக்கப்பட்ட நிவாரணங்களை அரசாங்கம் உடனடியாக வழங்க வேண்டும். மேலும், நீண்டகால முறைமை ரீதியான மாற்றத்தைக் கொண்டுவரத் தேவையான திட்டத்தை மறுசீரமைக்க அனைத்துத் தரப்பினரையும் ஒன்றிணைக்க வேண்டும்.

5. நீடித்த ஆற்றலுக்காகவென்று, இயற்கை வளங்கள், விவசாய நிலங்கள், புல்வெளிகள் மற்றும் மீன்வளங்களைத் தனியார்மயமாக்குவது உடனடியாக நிறுத்தப்பட்டு, சமூகம் சார்ந்த நீடித்த ஆற்றலுக்கான அணுகலை உறுதி செய்யப்பட வேண்டும்.

6. மக்களின் உணவு இறையாண்மை மற்றும் எதிர்கால உயிர்வாழ்வைத் தீர்மானிக்கும் அனைத்து இயற்கை வளங்களையும் தனியார்மயமாக்குவது நிறுத்தப்பட்டு, அவை அனைத்தும் பொது வளங்களாகப் பாதுகாக்கப்பட வேண்டும்.

7. உலகளாவிய தேவைகளின் அடிப்படையில் வலுக்கட்டாயமாக உருவாக்கப்பட்ட தேசிய விவசாயக் கொள்கைகளால் சீர்குலைந்து, அழிக்கப்பட்ட மக்களின் உடல்நலம், உயிர்வாழ்வு மற்றும் வறுமையை ஒழிப்பதற்கும், அவர்களின் எதிர்கால உயிர்வாழ்வைப் பாதுகாப்பதற்கும் மக்கள் நலன் சார்ந்த விவசாயக் கொள்கை ஒன்றை நிறுவப்பட வேண்டும்.

8. மக்களின் உணவு இறையாண்மையைப் பாதுகாப்பதற்கும், சூழலியல் விவசாயத்தை ஒரு முக்கிய உத்தியாக ஆக்குவதற்கும், இதற்காக உலகளவில் ஒப்புக்கொள்ளப்பட்ட கிராமிய விவசாயிகளின் உரிமைகள் மீதான பிரகடனத்தை (UNDROP) நடைமுறைப்படுத்துவதற்கும் தேவையான பொறிமுறையை செயல்படுத்தப்பட வேண்டும்.

9. மலையக மற்றும் தமிழ் சமூகங்கள், வடக்கு மற்றும் கிழக்குப் பகுதிகள். மற்றும் விளிம்புநிலை மக்களின் கண்ணியமான வாழ்க்கைக்கான நில உரிமைகள் உள்ளிட்ட அனைத்துக் கோரிக்கைகளும் உடனடியாக நிறைவேற்றப்பட வேண்டும்.

10. மக்கள் தங்கள் கருத்துக்களை வெளிப்படுத்துவதற்கும், மாற்றுக்கருத்துக்களைக் கொண்டிருப்பதற்குமான உரிமையை, சட்டங்களால் மறுக்கப்படுவது உடனடியாகத் தடுக்கப்பட வேண்டும்.

11. போர், சுரண்டல் மற்றும் வற்புறுத்தல் ஆகியவற்றின் மூலம் உலகளவில் கட்டமைக்கப்பட்ட உணவு நெருக்கடியின் அடிப்படை, முதலாளித்துவப் பொருளாதாரச் செயல்முறையால் முன்னெடுக்கப்படுகிறது. இந்த அமைப்பில் ஒரு மாற்றத்தை உருவாக்க, சூழலியல் விவசாயத்தை அடிப்படையாகக் கொண்ட ஒரு திட்டம் அறிமுகப்படுத்தப்பட வேண்டும்.

12. கிராமிய விவசாயிகள் உட்பட உணவு உற்பத்தியாளர்களால் கட்டமைக்கப்பட்ட சேமிப்பு மற்றும் நிதிச் செயல்முறைகளைப் பாதிக்கும் சட்டங்கள் மற்றும் ஒழுங்குமுறைகளின் அறிமுகத்தை உடனடியாக நிறுத்தப்பட வேண்டும்.

13. பாதுகாப்புப் பொருளாதாரத்தின் அடையாளம், பொது வளங்களின் பயன்பாடு மற்றும் சந்தைகளுக்கான அணுகல் ஆகியவற்றை உறுதி செய்வதன் மூலம், உணவு அமைப்பிற்குப் பங்களிக்கும் அனைத்துப் பெண்களின் உரிமையையும் உறுதிசெய்யும் ஒரு செயல்முறை உருவாக்கப்பட வேண்டும்.

14 விவசாயிகளின் உணவு உற்பத்தி செயல்முறையைப் பாதிப்பதோடு, தரமான உணவுக்கான மக்களின் உரிமையையும் மீறும் வர்த்தக ஒப்பந்தங்களின் அடிப்படையிலான உணவு இறக்குமதி மற்றும் ஏற்றுமதி செயல்முறையைத் தடுப்பதற்குத் தேவையான கொள்கைகளும் சட்டங்களும் வகுக்கப்பட வேண்டும்.

2026 மே 1 ஆம் திகதியன்று கெகிராவையில்.

pics - Sajeewa Chamikara

Address

No. 57, 1st Lane, Meda Welikada Road
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Movement for Land and Agricultural Reform posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Movement for Land and Agricultural Reform:

Share