08/07/2024
පොළොන්නරුව දිසා බාලදක්ෂ සංගමය හා පුරාණ තාක්ෂණ කෞතුකාගාරය එක්ව සංවිධානය කරනු ලබන "මවුග්ලි කෞතුකාගාරයට ඇවිත්" ව්‍යාපෘතිය ඔස්සේ පොළොන්නරුව දිසාවේ පෝතක බාලදක්ශයින් 600 කගේ පමණ ඉතිහාසය හා පුරාණ තාක්ශණය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට කටයුතු සිදුකරනු ලැබේ.
ඒ අනුව එහි පළමු අදියර වශයෙන් පෝතක බාලදක්ශයින් සියයකගේ සහභාගිත්වයෙන් පළමු අදියර 07.07.2024 දින පැවැත්වුනු අතර ඒ සඳහා දිසා කොමසාරිස් යශෝධ රණවිර මහතා,සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) මිහිලයාන් සචින්තන මහතා,සහය දිසා කොමසාරිස් (පෝතක) හසිතා නිර්මානි මිය,පෝතක ආකේලාවන් ඇතුළු පිරිසක් සහභාගීවිය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (උද්භිද විද්‍යා) පූර්ණිමා සතිස්චන්ද්‍ර මිය, පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ කෞතුකාගාර අධිකාරි (වැ.බ.) - එච්.එම්.ඒ.එම්.වන්නිනායක මිය, සංවර්ධන නිලධාරිනී - කේ.ආර්.කේ.ආර්.කුමාරි මෙනවිය, සංවර්ධන නිලධාරිනී - පී.ඒ.අයි. උමේෂිකා මිය, කෞතුකාගාර සහායක - ඩබ්.ඒ.එල්. ඩිලන්ත මයා, කෞතුකාගාර සහායක - ඩබ්.එම්.ටී. දේවක සෙනෙවිරත්න මයා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතිය පුදකර සිටින්නෙමු.