13/04/2026
සිංහල අලුත් අවුරුද්දේ තාරකා විද්‍යාව
සෑම වසරකම අප්‍රේල් මාසේ මුල් සතිය තුළ ශ්‍රී ලාංකික සිංහළ බෞද්ධයන් ගේ හෙළ කලා මංගල්‍ය හෙවත් සිංහල අලුත් අවුරුද්ද සැමරෙයි. ජ්‍යෝතිශයට අනුව හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමෙන් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙයි. මෙම සංසිද්ධිය සිංහල බෞද්ධයන් වන අප කා අතරත් පැතිරී තිබෙන මතයකි. ජ්‍යෝතිශයට අනුව එසේ වුවත් තාරකා විද්‍යාවට අනුව මෙම සංසිද්ධිය තුළ තිබෙන ක්‍රියාවලිය ඊට වඩා වෙනස්ය.
උදෑසනින් හිරු නැගෙනහිරින් පායා සවසට බටහිරින් බැස යන බව අපි දනිමු. දිනපතාම මෙම සංසිද්ධිය වන අතරේ තාරකා රාශි චක්‍රයේ මෙෂ, වෘෂභ, මිථුන කටක ,සිංහ ,කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ සහ මීන යන තාරකා රාශි 12 ඔස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයවන හිරු ගමන් කරයි. මෙය ඇසට පෙනෙන රැවටිල්ලක් මිස ස්වාභාවික සංසිද්ධියක් නොවේ.
සංක්‍රාන්තිය
ලක්වැසි සිංහල බෞද්ධයන්ගේ ජාතික උත්සවයක් වූ සිංහල අළුත් අවුරුද්ද හිරු මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම මුල්කරගෙන පවත්වනු ලබයි.
ඒ අනුව සෑම වසරකම අප්‍රේල් මස 13 සහ 14 යන දිනවල මෙම උත්සවය පවත්වනු ලබයි.
මේ සඳහා නැකැත් හෙවත් සුභ හෝරාවක් භාවිතා කරයි.
සිංහල අවුරුදු උදාව අලුත් අවුරුදු සංක්‍රාන්තිය යනුවෙන් හැඳින්වෙයි.
අවුරුදු සංක්‍රාන්තියට දින 365, පැය 06 , විනාඩි 09 ක් හෙවත් ආසන්න වශයෙන් දින 365. 2564 ක් ගතවෙන බව පෙනේ.
පරිභ්‍රමණය
අහසේ තාරකා රාශි වලට සාපේක්ෂව හිරුගේ මෙම දෘශ්‍ය ගමන සිදු වන්නේ හිරුගේ භ්‍රමණය (Rotation), පරිභ්‍රමණය (Revolution), සහ පූර්වායනය (Presesion) යන සංසිද්ධි පදනම් කර ගෙනය.
හිරුවටා පෘථිවිය පරිභ්‍රමණය වන කක්ෂතලය ක්‍රාන්තිවලය (Ecliptic plain) යනුවෙන් හැඳින්වෙයි.
පෘථිවියේ කේන්ද්‍රය හරහා සිරස් රේඛාවක් ඇන්දොත් එම රේඛාව පෘථිවියේ භ්‍රමණ අක්ෂයට අංශක 23 1/2 ක් ඇලව පිහිටයි.
පූර්වායනය
අපි දැන් භ්‍රමණය වන බමරයක් ගැන සිතමු.
බමරයේ භ්‍රමණ අක්ෂය සිරසට කිසියම් ආනතියක් හෙවත් ඇලවීමක් ඇතිව වමට හෝ දකුණට හෝ කරකැවෙන අවස්ථාවක් සිතා ගනිමු.
බමරයේ භ්‍රමණ වේගය අඩුවී නැවතීමට ආසන්න වනවිට බමරය වටේට ඇලවෙමින් සෙමින් භ්‍රමණය වෙයි.
මෙම සංසිද්ධිය පූර්වායනය (Presesion) යනුවෙන් හැඳින්වෙයි.
පෘථිවි අක්ෂය මෙසේ පූර්වායනයට ලක්වෙමින් එක වටයක් සම්පූර්ණ කිරීමට වසර 25600 ක කාලයක් ගතවෙයි.
පූර්වායනය පෘථිවියේ භ්‍රමන දිශාවට ප්‍රථිවිරුද්ධ දිශාවට සිදුවෙයි.
වසන්ත විෂුවය
මෙනිසා ඛගෝල සමකය(Celestial equater) හරහා හිරු දකුණේ සිට උතුරට පැමිණෙන ස්ථානය වසන්ත විෂුවය (Vernal eqvinox) හෙවත් මේෂ රාශියේ ප්‍රථම පාදය (1st Point of Aries)යනුවෙන් හැඳින්වෙයි.
මෙය මේෂ රාශියේ ප්‍රථම බිංදුවේ සිට මීන, කුම්භ, මකර, ධනු, වෘශ්චික, තුලා, කන්‍යා, සිංහ, කටක, මිථුන, වෘෂභ සහ මේෂ යනාදී වශයෙන් ප්‍රථිවිරුද්ධ දිශාවට ගමන් කරයි.
මෙම ක්‍රියාවලියට අනුව මේෂ රාශියේ ප්‍රථම පාදය හෙවත් වසන්ත විෂුවය පිහිටා තිබුණේ අදින් වසර 25600 කට පෙරය.
එම යුගයේ දී හිරු මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණියත් අද හිරු පැමිණෙන්නේ කුම්භ රාශියේ සිට මීන රාශියටය.
මේ ආකාරයට හිරු ප්‍රතිගාමීව තාරකා රාශියෙන් රාශියට ගමන් කර වසර 25600 ක් ගිය තැන නැවත හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම ආරම්භ කරයි.
මෙය සොභාදහම විසින් පෘථිවියට ලබා දුන් අපූර්වතම ක්‍රියාවලියකි.
නැකැත් භාවිතය
පැරණි ලක්වැසියන් සිංහල අලුත් අවුරුද්ද සඳහා ඔවුන් සතුවූ තාරකා විද්‍යාත්මක දැනුම මැනවින් ප්‍රයෝජනයට ගත් බැව් පැහැදිලි වෙයි. මෙවසරේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මදක් සොයා බලමු. මෙවර එනම් 2026 අප්‍රේල් මස 14 අඟහරුවාදා පූර්ව භාග 3 විනාඩි 08 සිට එදින අපර භාග (සවස) 3 විනාඩි 56 දක්වා පුන්‍ය කාලය හෙවත් නොනගතයට වෙන් වී ඇත.
අප්රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 9 විනාඩි 32 තත්ත්පර 17 ට නව අවුරුදු උදාව සිදුවෙයි.
නොනගතය
පුන්‍ය කාලයට පැය 12 විනාඩි 48 ක කාලයක් වෙන්වෙයි.
පුන්‍ය කාලය හෙවත් නොනගතය, පූර්ව නොනගතය සහ අපර නොනගතය යනුවෙන් කොටස් දෙකකට බෙදේ.
මෙයින් පැය 6 විනාඩි 24 ක් පූර්ව නොනගතයට අයත් වෙයි. ඉතිරි පැය 6 විනාඩි 24 අපර නො නගතයට අයත් වෙයි.
ඒ අනුව හිරුගෙන් හරි අඩක් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමට පැය 6 විනාඩි 24 ක් ගතවෙයි.
ඉතිරි හරි අඩක ප්‍රමාණය ගමන් කිරීමට පැය 6 විනාඩි 24 ක කාලයක් ගතවෙයි.
වැරදි මතය
බොහෝ දෙනෙකුගේ අදහස නොනගතය යනු නැකැත් නැති කාලයක් යන්නය. එය වැරදි මතයකි. මෙහි අදහස පැමිණියේත් නොපැමිණියේ නොවේය යන්නය. අලුත් අවුරුද්ද ලැබීමට පෙර කාල සීමාව තුළ එනම් අවුරුද්ද ලැබීමට පෙර තිබන කාල සීමාවේ ලිප ගිනි මෙලවීම වැනි නැකැත් අපර නොනගතය තුළ යෙදීමෙන් වඩාත් පැහැදිලි වෙයි. එහෙත් විද්යාත්මක්ව විමසා බැලීමේදී නැතක කාලය හා සම්බන්ධ වෙන දෙයකි. කාලය යනු භෞතික විද්යාවට අනුව අදීශ රාශියකි(Scalar quantity ) කාලය පෘථිවියේ භ්රමණය හා පරිභ්රමණය නිසා හට ගන්නකි. එනිසා නැකතට විද්යාත්මක පදනමක් තිබෙන බැව් පැහැදිලිය.ඒ අනුව පැරැන්නන් කිසියම් සුභ කටයුත්තකදි කළ නැකැත් භාවිතය විද්යාත්මක පදනමකින් කළ දෙයක් ලෙස පෙනේ. එසේනම් සිංහල අලුත් අවුරුද්දට සංස්කෘතික, ආගමික, සමාජයික මෙන්ම විද්යාත්මක වටිනාකමක් තිබෙන බැව් පැහැදිලිය.
ඒ අනුව සිංහල බෳද්ධයන් නොනගත කාල සිමාව පුන්‍ය කටයුතු සඳහා යොදා ගැනීම නව වසර සාර්ථකව ඇරඹීමට ගත් යහපත් ක්‍රියාමාර්ගයක් බැව් පැහැදිලිය.
තාරකා රාශි චක්‍රය
නොනගතය ට අයත් කාල සීමාව තාරකා විද්‍යාවට අනුව ඉතාමත් වැදගත් කාල සිමාවකි.
හිරු තාරකා රාශි චක්‍රය වටා ගමන් කිරීමට ආසන්න වශයෙන් දින 365 ක කාලයක් ගතවෙයි. මෙම කාල සීමාව අංශක 360 කි. ඒ අනුව හිරු තාරකා රාශි වලට සාපේක්ෂව අංශක 1 ක් ගමන් කරන බැව් පෙනේ. නිවැරදිව ගනනය කළොත් දවසකට හිරු ගමන් කරන්නේ අංශක 0.98 කි .
ඛගෝලය
මේ අනුව හිරු දවසකට අංශක1ක ප්‍රවේගයකින් ගමන් කරන බැව් පෙනේ. අප හිරු දෙස පෘථිවියේ සිට බලන විට පෙනෙන විශාලත්වය හෙවත් කෝණික විෂ්කම්බය (Angular Diameter)අංශක 1/2 කි. මෙ නිසා හිරු ඛගෝලය(Celestear Spheare) හරහා තාරකා රාශිවලට සාපේක්ෂව අහසේ කිසියම් ලක්ෂයක් පසුකර යාමට අංශක 1/2 ක පරාසයක් ගමන් කිරීමට සිදුවෙයි .
මෙම අංශක 1/2 කාල පරසය ගමන් කරන හිරුගේ වේගය අනුව පැය 12 කි. නොන ගතයට පැය 12 ක කාල සීමාවක් අයත් වන්නේ එහෙයිනි. ජ්‍යෝතිශයට අනුව මෙම සංසිද්ධිය හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙයි.
Here are the 12 zodiac signs, listed in both English and Sinhala:
• Aries (Mesha): මේෂ
• Ta**us (Vrishabha): වෘෂභ
• Gemini (Mithuna): මිථුන
• Cancer (Karkata): කටක
• Leo (Simha): සිංහ
• Virgo (Kanya): කන්‍යාව
• Libra (Thula): තුලා
• Scorpio (Vrishika): වෘශ්චික
• Sagittarius (Dhanus): ධනු
• Capricorn (Makara): මකර
• Aquarius (Kumbha): කුම්භ
• Pisces (Meena): මීන
අමල් උඩවත්ත
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, විද්‍යා ලේඛක, පරිසරවේදී සහ කතුවර )