13/10/2026
🌟 සුචී නායකත්ව පුහුණු කඳවුර - බෝගොඩතලාව මහා විද්යාලය 🌟
සුචී පදනම සහ ධාරිතා සංවර්ධන පුහුණුකරු කෝකිල මහතාගේ මෙහෙයවීමෙන්, බෝගොඩතලාව මහා විද්යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද දෙදින නායකත්ව පුහුණු කඳවුර 2026 ඔක්තෝම්බර් මස 09 සහ 10 යන දිනයන් තුළ විද්යාල පරිශ්රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. 🎯✨
මෙම සුවිශේෂී කඳවුරේදී සිසුන්ගේ:
• 👥 නායකත්ව කුසලතා
• 🤝 කණ්ඩායම් හැඟීම (Teamwork)
• 🧍 පෞරුෂ වර්ධනය
• 💡 ධනාත්මක ආකල්ප සංවර්ධනය
කිරීම අරමුණු කරගත් ප්රායෝගික සහ විනෝදාත්මක ක්රියාකාරකම් රැසක් පවත්වනු ලැබීය.
සිසුන්ගේ ඉමහත් උනන්දුවෙන් හා ක්රියාකාරී සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන, ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට මහත් ශක්තියක් වනු නොඅනුමානය. 💪🌱
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම දායකත්වය උපරිමයෙන්ම ලබා දුන් ධාරිතා සංවර්ධන පුහුණුකරු කෝකිල මහතාටත්, විද්යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද කර සිටිමු! 🙏
🌟Tzu Chi Leadership Training Camp - Bogodatalawa Maha Vidyalaya 🌟
A highly successful two-day Leadership Training Camp was held on October 9th and 10th, 2026, at the school premises for the students of Bogodatalawa Maha Vidyalaya. The program was organized and conducted by the Tzu Chi Foundation alongside renowned Capacity Development Trainer, Mr. Kokila. 🎯✨
This special camp featured a variety of engaging activities aimed at developing students':
• 👥 Leadership Skills
• 🤝 Teamwork & Team Spirit
• 🧍 Personality Development
• 💡 Positive Attitudes
With the immense enthusiasm and active participation of the students, this program will undoubtedly serve as a great source of strength for their future success. 💪🌱
We extend our heartfelt gratitude to Capacity Development Trainer Mr. Kokila, the Principal, and the entire teaching staff for their invaluable support and dedication in making this program a grand success! 🙏❤️