29/06/2026
පොසොන් පොහොය දිනයේ වැදගත්කම.🙏
☸️අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
☸️දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්රය අසා තෙරුවන් සරණ යාම.
☸️උන්වහන්සේලා සමග පැමිණි භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදාව ලබා දීම මගින් ලක්දිව ප්රථම මහණ උපසම්පදාව සිදුවීම.
☸️සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
☸️බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
ඔබ සැමට පිංබර පොසොන් මංගල්යක් වේවා.!🙏🙏🙏
විද්යාපීඨ බෞද්ධ සහෝදර සංගමය
පේරාදෙණිය විශ්වවිද්යාලය