Dental Faculty Students' Union

Dental Faculty Students' Union The official page of the Students' Body of Faculty of Dental Sciences, UoP

"ආරහථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධ සාසනේධුනාථ මච්ඡුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ"(අරුණවති සූත්‍රය)අරඹවු නික්මෙව් යෙදෙව් බුදු සසුන...
30/05/2026

"ආරහථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධ සාසනේ
ධුනාථ මච්ඡුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ"
(අරුණවති සූත්‍රය)

අරඹවු නික්මෙව් යෙදෙව් බුදු සසුන්හි,
දිනව් මරසෙන් පරදා බට කැලයට වැදි ඇතෙකු සේ.

සුපින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🪔☸️

On this sacred Eid, mayYour prayers be answered 🤲, Your sacrifices accepted ❤️‍🩹, andYour days ahead filled with happine...
28/05/2026

On this sacred Eid, may
Your prayers be answered 🤲,
Your sacrifices accepted ❤️‍🩹, and
Your days ahead filled with happiness 🌙!
Eid Mubarak! ✨

A Spring. A River. An Ocean.Everything falls short against a Drop of Mother's Love. 💞 To all the Warriors out there, nur...
10/05/2026

A Spring. A River. An Ocean.
Everything falls short against a Drop of Mother's Love. 💞

To all the Warriors out there, nurturing and nourishing our souls - Happy Mother's Day! 💐❤️

දාදිය රුහිරු වගුරා විරියෙන් ඔකඳජීවන අරගලය අළුයට ගිනි විලසදූලි වලා අහසට නගිනා දිනකමැයිමල් නුඹ නමින් පිපුණා දිරි දෙමිනවැඩ ...
01/05/2026

දාදිය රුහිරු වගුරා විරියෙන් ඔකඳ
ජීවන අරගලය අළුයට ගිනි විලස
දූලි වලා අහසට නගිනා දිනක
මැයිමල් නුඹ නමින් පිපුණා දිරි දෙමින

වැඩ කරන විරුවනි - අද ඔබේ දිනයයි!

ජාත්‍යන්තර මැයි දිනය 2026


ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾மலரும் இந்த ச...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

மலரும் இந்த சுபீட்சம் நிறைந்த புதுவருடத் திருநாளிலே நோய் நொடி அகன்று, மகிழ்வு மட்டும் மனதில் கூட வாழ்த்துகிறோம்! 🌞🌾

Wishing you and your family a very happy and prosperous New Year, filled with joy, success and good health! 🌞🌾

Dental Faculty Students' Union - University of Peradeniya

29/03/2026

සිසුන් 8000කට නේවාසික පහසුකම් නෑ
නව නේවාසිකාගාර වහා ඉදිකරනු!

මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

✨ Sending love, light, and laughter your way this Eid 🌙Stay blessed and keep smiling 🤍Eid Mubarak! 🌙
21/03/2026

✨ Sending love, light, and laughter your way this Eid 🌙
Stay blessed and keep smiling 🤍
Eid Mubarak! 🌙

Smiles that shine, lives that thrive ✨Because every healthy mouth tells a happy story.“Happy Mouth… Happy Life”     Dent...
20/03/2026

Smiles that shine, lives that thrive ✨
Because every healthy mouth tells a happy story.

“Happy Mouth… Happy Life”



Dental Faculty Students' Union - University of Peradeniya

"New Faces. New Energy."The Freshers Meet 2026 is here. An Opportunity for our newbies to show their talents, passion an...
14/03/2026

"New Faces. New Energy."

The Freshers Meet 2026 is here. An Opportunity for our newbies to show their talents, passion and create memories! 💜🦷✨

Let's CHEER for our Dentoz towards the victory! 🙌

Dental Faculty Students' Union - University of Peradeniya

08/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනය යනු හුදෙක් මල් කළඹකට හෝ සුභ පැතුම් පතකට සීමා වූ සැමරුමක් නොවේ.එය මීට වසර ගණනාවකට ඉහතදී නිව්යෝර්ක් නගරයේ වීදී පුරා දහස් සංඛ්‍යාත කාන්තාවන් තම අයිතිවාසිකම් ඉල්ලා හඬ නැගූ අරගලයක දහදියෙන් සහ කදුළින් ලියවුණු ජයග්‍රහණයකි. එදා ඇරඹි එම ගමන අද වන විට ලොව පුරා කාන්තා පරපුරේ සමාජ ,ආර්ථික සහ දේශපාලනික විමුක්තිය උදෙසා වූ ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ .

සෑම වර්ෂයකම මාර්තු 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයකි. 1909 පෙබරවාරි 28 වන දින ඇමරිකානු සටන්කාමී ව්‍යාපාරයක් නිව්යෝර්ක් නගරයේ කාන්තා දිනයක් සංවිධානය කිරීමෙන් පසුව ජර්මානු නියෝජිතවරියන් වන ක්ලාරා සෙට්කින්, කෝට් ඩන්කර්, පෝලා තීඩ් සහ තවත් අය 1910 ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී යෝජනා කරන ලද්දේ වාර්ෂිකව විශේෂ කාන්තා දිනයක් සංවිධානය කළ යුතු බවයි. 1917 දී සෝවියට් රුසියාවේ කාන්තාවන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාර්තු 08 එහි ජාතික නිවාඩු දිනයක් බවට පත්විය.1967 දී පමණ ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් එය සම්මත කරගන්නා තෙක් වාමාංශික ව්‍යාපාරය සහ කොමියුනිස්ට් රටවල් විසින් මෙම දිනය ප්‍රධාන වශයෙන් සමරනු ලැබීය. එක්සත් ජාතින් 1977 දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ආරම්භ කළේය .ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කළ යුතු බවට යෝජනා ගෙන එන ලද්දේ ක්ලාරා සෙට්කින් විසින්ය. මෙලෙස කාන්තා දිනයක් බිහිවීමට හේතු පාදක වූ සිද්ධිය වූයේ

18 වන සියවසේ යුරෝපයේ ආරම්භ වූ කාර්මික දියුණුවත් සමග විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා ව්‍යාප්තව වුනි.එවායේ සේවය කල කම්කරුවන්ට පැය 12-14 ත් වැඩ කිරීමට සිදු වූවත් ජීවත් වීමට සරිලන වැටුපක් නොලැබුණි. වෘත්තීය අයිතින් පවා ඔවුන්ට හිමි වූයේ නැත.මේ යුගයේ කාන්තාවන් විශාල වශයෙන් යොදවාගනු ලැබුවේ රෙදි පිළි හා ඇගලුම් කර්මාන්තය තුළය. පිරිමි කම්කරුවන්ට සාපේක්ෂව මේවායේ සේවය කළ කම්කරු කාන්තාවන්ගේ තත්වය ඉතාමත් පහළ මට්ටමක විය.මේ වන විට ඉතා සුලු වැටුපකට කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව යුරෝපයේ වාමාංශික ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරකම්ද උත්සන්න වෙමින් තිබුණි. කම්කරුවන්ට සාධාරණ වැටුපක් ඉල්ලා කාන්තා හා පිරිමි කම්කරුවන්ට සමානව සලකන ලෙස ඉල්ලමින්, කාන්තාවන්ට ජන්ද අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලා වාමාංශික ව්‍යාපාරය මැදිහත්ව කම්කරුවන්ව අරගල සඳහා පෙළගස්වමින් තිබුණි. කාන්තාවන්ගේ ජන්ද අයිතිය පිළිගැනීමට ධනපති පාලකයන් මැලි වුයේ පාර්ලිමේන්තුව තුළ කම්කරු පන්තියේ නියෝජනය ශක්තිමත් වීම වැළැක්වීමේ අරමුණින් යුතුවය.මේ හේතුවෙන් වැඩබිම තුළ කාන්තාවන්ගේ අයිතින් ලබාගැනීමටත් ජන්ද අයිතිය ලබා ගැනීමටත් කාන්තාවන්ට අරගල කිරීමට සිදු වූ අතර එ සදහා කාන්තාවන් පෙළ ගැසුණු අවස්ථා විවිධ රටවල ඉතිහාසය තුළ අපට දැකගත හැකය.

එම කාන්තා අරගල ඉතිහාසයේ වඩාත් ප්‍රකට වූයේ1908 මාර්තු 08 වන දින එක්සත් ජනපදයේ මෑනාහැට්න් නගරයේ රැට්ගාස් චතුරස්‍රයේ තිබු විශාල උද්ඝෝෂණ පෙළපාලියයි. එයට කම්කරු කාන්තාවෝ 15000 ක පමණ පිරිසක් එක්වූහ. සාධාරණ වැටුපක් ලබා දෙන ලෙසත් දීර්ඝ වැඩකාලය කෙටි කරන ලෙසත් සමානව සලකන ලෙසත් ළමා ශ්‍රමය නතර කරන ලෙසත් ඉල්ලා එදා ඔවුන් සටන් වැදුණහ. එහි ප්‍රතිඵලයයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ විය.

බොහෝ රටවල කාන්තාවන් විවිධ අවස්ථාවල තම අයිතින් වෙනුවෙන් අරගල කරන්නට විය. ජාත්‍යන්තර කාන්තා දිනය බිහි වීමට මග පෑදු ඓතිහාසික අරගලයේදී සහ කාන්තා අයිතිවාසිකම් දිනාගැනීමේ සටනේදී කැපී පෙනෙන මෙහෙවරක් කළ කාන්තා චරිත බොහෝමයකි. ඉන් කිහිප දෙනෙක් ලෙස ක්ලාරා සෙට්කින් , එලිසබෙත් කැඩී ස්ටැන්ටන්, සුසෑන් .බී ඇන්තනි, ලුකෙට්ටියා මෝට්, රෝසා ලක්සම්බර්ග් වැනි අයයි.මීට අමතරව බොහෝ කාන්තාවන් මෙම කර්තව්‍යට මැදිහත් වී කටයුතු කරන ලදි.ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ප්‍රමුඛතම හේතුව ඉහතදී දැක් වූ අතර තවද සමාජයේ සෑම ක්ෂේත්‍රයකම (විද්‍යාව, දේශපාලනය, කලාව, ක්‍රීඩාව සහ ආර්ථිකය) කාන්තාවන් ලබා ඇති ප්‍රගතිය සහ ඔවුන් ලෝකයට ලබා දෙන දායකත්වය අගය කිරීමට මෙම දිනය යොදා ගැනේ. අදටත් ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට පිරිමින් හා සමානව අවස්ථා නොලැබෙයි. මෙම අසමානතාවන් දුරැ කරමින් සමබර ලෝකයක් නිර්මාණය කිරීමට සමාජය දැනුවත් කිරීමද කාන්තා දිනයේ අරමුණකි.

කාන්තාවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනය සහ වෙනස්කොට සැලකීම් පිළිබඳව ලෝක අවධානය යොමු කරවා, ඔවුන්ට ආරක්ෂිත සහ ගෞරවනීය සමාජයක් නිර්මාණය කිරීම මෙහි තවත් එක් ප්‍රධාන අරමුණකි.

අවසන් වශයෙන් කාන්තා දිනය සමරන්නේ අතීතයේ කළ කැපකිරීම් අගය කිරීමටත්, වර්තමානයේ ලබා ඇති ජයග්‍රහණ සැමරීමටත්, අනාගතයේදී පූර්ණ සමානත්වය දිනා ගැනීමටත් අවශ්‍ය ශක්තිය සහ දැනුවත්භාවය ලබා ගැනීමටයි.

මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Address

Faculty Of Dental Sciences
Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Dental Faculty Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dental Faculty Students' Union:

Share