08/01/2026
රිදී ආලේපිත අලංකාර කැටයම් යොදා මැනික් ඔබ්බවා සකස්කල දෙතිස් ව්‍යංජන භාජන පූජාව
කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් බෝතලේ ශාක්‍යමුණි ආරණ්‍යය සේනාසනයේ , භාග්‍යවතුන්වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතූන්වහන්සේලා වැඩ සිටින සුගන්ධ කුටිය තුල සෑම මසකම 21 දින නොකඩවා පවත්වන උදෑසන දියනොමුසු සුගන්ධවත් ක්ෂීරපායාස සම්බුද්ධ පූජාව සදහා රන් ආලේපිත විසිතුරු කැටයමින් යුතු අලංකාරවත් පාත්‍රයක්ද,
දෙතිස්වයංජන රාජභෝජන පූජාවන් පවත්වන විටදී ව්‍යංජන 32 සදහා රිදී ආලේපිත Garnet මැණික්ගල් ඔබ්බවා අලංකාර කැටයම් යොදා සකස් කල රාජකීය භාජන 32 ක් ද පූජා කිරීමට අප සැම භාග්‍යවන්ත වුනෙමු.
මේ දුලබ පිංකම සදහා දායකත්වය ලබා දුන් පිංවත් මිතුරන් මෙසේය :-
01. තාන්යා අක්කා - රු 5,500
02. තාන්‍යා අක්කාගේ නැගනිය - රු 5,500
03. අනුරාධ අයියා - 5,500
04. නිලංක අයියා - රු 1,000
05. තෙසිර - රු 500
06. හෂාන් අයියා - රු 500
07. ජනිත්‍රි අක්කා - රු 5,500
08. Chf ගුනෙ අයියා - රු 1,000
09. හංසිකා විජේවර්ධන අක්කා - රු 1,500
10. තරුෂි - රු 1,000
11. හිරන්ත අයියා - රු 1,000
12. ඩිහාන් අයියා - රු 1,000
14. දුශ්‍යන්ත අයියා - රු 1,000
15. චරිත් D අයියා - රු 6,000
16. චන්දන Y අයියා - රු 5,500
17. W නුවන් අයියා - රු 5,500
18. ප්‍රසාදිනී P අක්කා - රු 5,500
19. තිළිණි N අක්කා - රු 5,500
20. රණසිංහ අක්කා - රු 5,500
21. අනුරාධා අක්කා - රු 2,000
22. නෙරංජන් අයියා - රු 5,500
23. විචින්තක අයියා - රු 5,500
24. සචී D නංගි - රු 500
25. ගයානි N අක්කා - රු 1,500
26. සුදත් W අයියා - රු 2,000
27. දිලීප් T අයියා - රු 6,000
28. ඉන්දු නැන්දා - රු 5,500
29. මලින්ද N අයියා - රු 5,500
30. සමන්ත De S අයියා - රු 5,500
31. සෙව්මි J අක්කා - රු 5,500
32. තරංග රුවන් අයියා - රු 3,000
33. ඩයනි අක්කා සහ ගිහාන් අයියා - රු 2,000
34. කවිදු මල්ලි - රු 1,000
35. ගිහාන් A අයියා - රු 5,500
36. සිදන්ත අයියා - රු 5,500
37. ක්‍රිෂාන්ත අයියා - රු 5,000
38. නිමල් රාජපක්ෂ අයියා - රු 5,510
39. ඉසුරු M අයියා - රු 5,500
40. පණ්ඩුක අයියා - රු 2,000
41. තනූජා - රු 1,000
42. මල්ෂා - රු 1,000
43. මහේෂ් මීහැල්ලගේ අයියා - රු 5,500
44. නිශාමිනී අක්කා - රු 500
45.ප්‍රීති කුඩාගොඩ - රු 1,000
46. සුරංග සහ කසුනි - රු 500
47. සතිකා අක්කා - රු 5,500
48. මිහිරාන් - රු 500
49. සුචී අක්කා සහ ලක්ෂිත අයියා - රු 5,500
50. සුධීර D අයියා - රු 500
51. නිරෝෂා N නැන්දා - රු 16,500
52. චාමල් J අයියා - රු 1,541
53. ඉරේෂ් - රු 449
එකතුව = රු 184,000.
🌷 මෙම භාජන පූජාවෙ මැණික්ගල් ආදිය සදහා සේනාසනයේ තවත් දායකයින් පිරිසක් දායකත්වය දක්වන ලදී.
🌷 දෙතිස් ව්‍යංජන භාජන වලින් එකක් සදහා භාජන සකස් කල පිංවත් සමරජීව අයියා විසින්ද දායකත්වය ලබාදෙන ලදී.
🌱 බිල්පත්, මුදල් යොමුකල රිසිට්පත් ආදිය group chat එක තුල ඉදිරිපත් කරන ලදී.
-------------------------------------------------------------
🌻 භාජන පූජාවේ ආනිසංස මෙසේ ධර්මය තුල සදහන් වේ :-
පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලබයි.
1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස, හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.
---------------------------------------------------------------
මේ දුලබ මහානනීය පිංකමෙන් අප විසින් රැස් කර ගන්නා ලද සියළු පිං මේ දුලබ පිංකම සදහා අප හට අවස්ථාව සලසා දුන් පිංවත් ස්වාමින්වහන්සේටද, මේ පිංකම සදහා දායකත්වය ලබා දුන් දෙස් විදෙස් පිංවත් මිතුරු සැමටද, දායකත්වය ලබාදුන් සේනාසනයේ දායක පිරිසටද, අලංකාරවත් ලෙස භාජන සකසා දුන් සමන්තා බ්‍රාස්වෙයාර් ආයතනයේ පිරිසටද, පිංකම සදහා වචනයකින් හෝ උදව් උපකාර කල සියළු දෙනාටද අනුමෝදන් කරමි.... අනුමෝදන් වෙත්වා....
මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා..
තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා.
සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා.
මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබන්නත් හේතු වේවා...
නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.
මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා...
බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍රත්‍ය ලාභයේ අඩුවක් නොවේවා.
තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්, ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවා.
තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පහල වේවා. වා, පිත්, සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා...
සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා...
දෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන් ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත්පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍රයා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.
රට ජාතිය වෙනුවෙන්,සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍රාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙන පතන බෝධියකින් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘
අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා....
සියලු සතුන් ලොව සුවපත් වේවා ...
සාධු සාධු සාධු ...🙏🙏🙏🌻
තෙරුවන් සරණයි !
(මෙර් අසිරිමත් පිංකම 2021 වසරෙ සිදුකල පිංකමක් වන අතර පිං අනුමෝදන්වනු කැමති සැදැතියන් හට නැවත නැවතත් අනුමෝදන් වනු පිනිස නැවත පලකරන ලදී)
ඉදිරි පින්කම් සඳහා සම්බන්ධ වීමට කැමති පින්වතුන්...
⚜ එක් වන්න අප සමඟ ⚜
👉 🌀 Fb Page :- https://www.facebook.com/එන්න-පින්-කෙත-අස්වද්දන්න-Enna-Pinketha-Aswaddhanna-400233770706995/
👉 🌀 Fb Group :- https://www.facebook.com/groups/834789553334203/