01/12/2025
සෙනෙහසින් කඳුකරයට | අපේ සහෝදර ජනතාවට පිහිටක් !
අපිට හැකි ලෙස මේ මොහොතේ මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට පමණක් සහනාධාර ලබාදීමට අපි කලින් සැලසුම් කරත් , නොසිතූ ලෙස අප සමග සම්බන්ධ වූ බොහෝ මානසික හදවත් ඇති රිස ක් වැඩිවීම නිසාත් විශේෂයෙන්ම අඟුරන්කෙත, මථුරට, මන්දාරම් නුවර වගේම බදුල්ලේ සමහර ප්‍රදේශවලින් අපට ලැබුණු ඉල්ලීම් නිසාත් "සෙනෙහසින් මහනුවර" වැඩසටහන වෙනස් කරමින් මුලු මහත් අවතැන් වූ කදුකර ජනතාවට මේ මොහොතේ අවශ්‍ය සායෝගය ලබාදීමට අප සමඟ සම්බන්ධ විය හැකි ආදරණීය සහසම්බන්ධ කිරීමට හා ි ඉතාම දුෂ්කර ප්‍රදේශවල සහන කටයුතු සඳහා සහයෝගය ලබාදීමට තීරණය කරා.
ඉතින් අපි මධ්‍යම පළාතේ නාය යෑම් හේතුවෙන් අවතැන් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, "සෙනෙහසින් කඳුකරයට" වැඩසටහන ආරම්භ කළා. නිවෙස්, දේපළ අහිමි වී අන්ත අසරණ තත්ත්වයට පත් වූ ඒ මිනිසුන්ගේ ජීවිත නැවත ගොඩනැඟීමට ඔබටත් අපත් සමග සම්බන්ධ වීමට පුළුවන් .
අප කොළඹ සිට වියලි සලාක, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ පානීය ජලය රැගෙන කඳුකරය බලා පිටත්ව යන්න සූදානම්.
🤝 ඔබගේ සහයෝගය දැන්ම ලබා දෙන්න !
ඔබට පුළුවන් ආකාරයෙන් පහත සඳහන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දී අපේ මෙහෙයුමට දායක වෙන්න.
🍚 වියළි සලාක: සහල්, පිටි, සීනි, තේ කොළ, පරිප්පු, ටින් කළ ආහාර, කිරිපිටි.
🧼 සනීපාරක්ෂක ද්‍රව්‍ය: සබන්, දත් බුරුසු, දන්තාලේප, ඇඳුම් සෝදන කුඩු, කාන්තා සනීපාරක්ෂක තුවා.
💧 පානීය ජලය: බෝතල් කළ ජලය.
ඔබගේ පරිත්‍යාග පහසුවෙන් බාර දීම සඳහා කොළඹ අවට පහත ස්ථානවල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
කඩවත | හෝමාගම | මහරගම | පන්නිපිටිය | මාලිගාවත්ත |වත්තල
ජන සුව බල මද්‍යස්තානය : 077 309 65 95
PANNIPITIYA: 071 65 20 775
HOMAGAMA: 077 80 43 001
KADAWATHA: 076 42 74 230
RAGAMA: 071 68 33 173
ඔබට පුළුවන් නම්, ද්‍රව්‍ය ටිකක් රැගෙන ඇවිත් අපේ සහයට එක්වන්න. බැරි නම්, මේ පණිවිඩය හැකිතාක් ශෙයා කරන්න !
එන්න, මේ අභියෝගාත්මක මොහොතේදී, අපි එක හදවතක් ලෙස ඔවුන් සමඟ සිටිමු. ඔවුන්ගේ කඳුළක් පිස දමමු.
ඔබගේ උණුසුම් ප්‍රතිචාරය අපට බලාපොරොත්තුවක්.
#සෙනෙහසින්කඳුකරයට #දැන්මපිහිටක්දෙන්න #අපිඔබසමඟයි #මානුෂීය