Ekwa Nagitimu

Ekwa Nagitimu Building stronger communities through compassion, action, and collaboration.
📢 Volunteer. Donate. Share. Together, we rise.

16/08/2026

⚖️ විනිශ්චයකරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම — අධිකරණයේ ස්වාධීනත්වයට...

24/06/2026

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය, ඇබ්බැහි වීම, ප්‍රතිකාර සහ පුනරුත්...

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය, ඇබ්බැහි වීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙන මෙම විශේෂ සංවාදයට...
24/06/2026

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය, ඇබ්බැහි වීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙන මෙම විශේෂ සංවාදයට එක්වන්නේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතා ය.
වසර 22කට ආසන්න මනෝවිද්‍යා උපදේශන අත්දැකීම් සහිත ප්‍රාමාණික වෘත්තිකයෙකු වන ඔහු, ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් ප්‍රථම වෘත්තීය මනෝවිද්‍යා උපදේශන නිලධාරීන්ගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වේ.
ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වලට මනෝවිද්‍යාත්මක සහාය ලබාදීමේ සිට විශ්වවිද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ප්‍රජා සංවිධාන සහ විවිධ සමාජ කණ්ඩායම් සඳහා පුහුණුකරණ හා උපදේශන සේවා සැපයීම දක්වා විශාල පරාසයක අත්දැකීම් රැසක් සම්පාදනය කර ඇත.
විශේෂයෙන්ම ජාතික මට්ටමේ මත්ද්‍රව්‍ය නිවාරණය, පුනරුත්ථාපනය සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ඔහු ලබාදී ඇති දායකත්වය ඉතා වැදගත් වේ. එම අත්දැකීම් හා දැනුම ඇසුරින් සිදුකරන මෙම සාකච්ඡාව තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට හේතු වන සාධක, එහි පුද්ගල, පවුල් සහ සමාජීය බලපෑම්, නිවාරණ ක්‍රමවේද, උපදේශනයේ කාර්යභාරය සහ සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කෙරේ.
දෙමාපියන්ට, ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට, සමාජ සේවකයන්ට, තරුණ නායකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙම සංවාදය වැදගත් මාර්ගෝපදේශනයක් වනු ඇත.
වීඩියෝව අවසානය දක්වා නරඹා ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය, ඇබ්බැහි වීම, ප්‍රතිකාර සහ පුනරුත්...

18/06/2026

We offer the lowest interest rates in Sri Lanka for Show Money services. We are also able to help with the deposit by visiting your own bank. Any city, any bank. 💰

02/06/2026

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු හෙලිකොප්ටර් 10 දිවයිනට...

ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් මුහුදු මාර්ගයෙන් මෙරටට ළඟා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මෙම නව යානා එකතුව ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීමට මෙන්ම එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක් බවයි.

දිවයිනට රැගෙන ආ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු නිල මෙහෙයුම් සඳහා එක් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටර් යානා ප්‍රධාන වශයෙන් ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර, සෙවීම් සහ ගලවා ගැනීමේ (SAR) මෙහෙයුම් ඇතුළු විවිධ මානුෂීය සහ මෙහෙයුම් කාර්යයන් සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.

02/06/2026

මොනරාගල රෝහලේ නව පස්මහල් මාතෘ හා ශල්‍ය සංකීර්ණය අනිද්දා ජනතා අයිතියට...

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලේ අලුතින් ඉදිකරන ලද පස්මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය එළඹෙන බ්‍රහස්පතින්දා (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

රුපියල් මිලියන 857කට අධික පිරිවැයකින් ඉදිකර ඇති මෙම නව පහසුකම මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව වාර්තා වනවා.

මෙහි බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහා වෙන්කර ඇති අතර, දෙවන සහ තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සිව්වන මහලේ නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට නියමිත බවද සඳහන්.

මෙම ව්‍යාපෘතිය ලක්ෂ පහකට අධික ජනතාවක් වෙසෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද රුපියල් බිලියන 2.9ක සමස්ත ආයෝජනයක කොටසක් බව වැඩිදුරටත් වාර්තා වනවා.

29/04/2026
07/04/2026

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

Address

87 Kendahenawatha Road
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Ekwa Nagitimu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share