Eco Friends - Dharmapala Vidyalaya Pannipitiya

Eco Friends - Dharmapala Vidyalaya Pannipitiya Under the theme 'Parisaraya Apa Raki, Rakimu Api Parisaraya' the environmental pioneers project operated by Central Environmental Authority.

03/12/2020
14/11/2020
Earth Day is an annual event celebrated around the world on April 22 to demonstrate support for environmental protection...
22/04/2020

Earth Day is an annual event celebrated around the world on April 22 to demonstrate support for environmental protection. First celebrated in 1970, it now includes events coordinated globally by the Earth Day Network in more than 193 countries.

වළි කුකුළාSri Lanka Junglefowlරාජධානිය: Animaliaවංශය: Chordataවර්ගය: Avesගෝත්‍රය: Galliformesකුලය: Phasianidaeගණය: 'Gall...
25/07/2019

වළි කුකුළා
Sri Lanka Junglefowl

රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
ගණය: 'Gallus'
විශේෂය: G. lafayetii

විද්‍යාත්මක නාමය - Gallus lafayetii

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි.

ව්‍යාප්තිය :
දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය.

හැසිරීම :
දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි.

ආහාර:
ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නිල්ලු මෙන් වසර කිහිපයකට වතාවකි.

බිත්තර දැමීම:
වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.

19/07/2019
ශ්‍රී ලංකා හබන් කුකුළාSri Lanka spurfowl🐥 විද්‍යාත්මක නාමය - Galloperdix bicalcarata🐥 ගෝත්‍රය - Galliformes🐥 කුලය - Phas...
15/07/2019

ශ්‍රී ලංකා හබන් කුකුළා
Sri Lanka spurfowl

🐥 විද්‍යාත්මක නාමය - Galloperdix bicalcarata

🐥 ගෝත්‍රය - Galliformes

🐥 කුලය - Phasianidae

🐥 සංරක්ෂණ තත්වය - අඩු අවධානයක් යොමු වූ (LC)

🐥 ව්‍යාප්තිය හා වාසස්ථාන -
පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී, තුළෑටි, භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග,

🐥 ආහාර -
බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි.

🐥 ප්‍රමාණය -
හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය.

🐥 බිත්තර දැමීම -
නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්තර දෙකක් හෝ තුනක් දමයි.

14/04/2017
04/01/2017

Address

Dhamapala Vidyalaya Pannipitiya
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Friends - Dharmapala Vidyalaya Pannipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Eco Friends - Dharmapala Vidyalaya Pannipitiya:

Share