28/09/2026
NATIONAL KOTTA PORA CHAMPIONSHIP 2026 SRI LANKA
සමස්ථ ලංකා කොට්ට පොර ශුරතාවලිය 2026
ශ්රි ලාංකීය සාම්ප්රදායික කොටිට පොරය ජාතිකව ජයගෙන ජාත්යන්තරයට ගෙනයාමේ අභිලාෂයෙන්,ශ්රි ලංකා ජන ක්රිඩා සම්මේලනය (Ethnosport Federation) කොටිට පොර සංවර්ධන කමිටුව සංවිධානය කරන 03වන ජාතික කොටිට පොර ශුරතාවලිය 2026 දෙසැම්බර් මස, ජන නැඟුම පුද්ගලික සමාගමේ පුර්ණ අනුග්රහයෙන් වාද්දුවේදි පැවත්වීමට නියමිතයි. පිරිමි බර පංති 13ක් කාන්තා බර පංති
09ක්,පිරිමි විවෘත, කාන්තා විවෘත සහ මිශ්ර කණ්ඩායම් ලෙස මෙහි තරඟ සංවිධානයවේ.
පිරිමි -45kg 50kg 55kg 60kg 65kg 70kg 75kg 80kg 85kg 90kg 95kg 110kg + 110kg සමග පිරිමි විවෘත ඉසව්ව
කාන්තා -40kg 45kg 50kg 55kg 60kg 65kg 70kg 80kg + 80kg සමග කාන්තා විවෘත ඉසව්ව
මිශ්ර කණ්ඩායම් ඉසව්ව ( එක් පිලකට පිරිමි 03 කාන්තා 02 සිටිය යුතුයි )
මිශ්ර කණ්ඩායම්, විවෘත සහ සෑම බර පංතියකම
පළමු, දෙවන සහ තුන් වන ස්ථානයන් දෙකක් සදහා පදක්කම් සහතික පත්ද දක්ෂතම ක්රිඩකයා සහ කණ්ඩායම සදහා කුසලාන සමග ත්යාග පිරිනැමීමට කටයුතු කෙරේ.
වයස අවු. 18ට වැඩි වෛද්යමය අතින් සුදුස්සන්ට ඉල්ලුම් කල හැක. ශාරීරික යෝග්යතාව පිලිබද වෛද්ය වාර්ථාව රැගෙන පැමිණිය යුතුයි. හිස, බෙල්ල හෝ පිට කොනිද ආශ්රිත අසනීප ඇත්නම් සහභාගි විමෙන් වැලකි සිටින්න.
එක් ක්රිඩා සමාජයකින් A- B වශයෙන් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කල හැක.
සෑම ක්රිඩා සමාජයක්ම මිශ්ර කණ්ඩායම් ඉසව්ව සදහා කණ්ඩායමක් ඉදිරිපත් කල යුතුයි. තරඟ සදහා කිසිදු ගාස්තුවක් අයනොකෙරේ.
ක්රිඩා සමාජයෙ සහ තම නම, බර පංතිය, ජා.හැ.අ. සමග ක්රිඩා සමාජයේ සභාපති, ලේකම් හෝ පුහුණුකරු විසින් අත්සන් යොදන ලද අයදුම් පත තැපැල් මගින් පහත ලිපිනයට 2026 නොවැම්බර් 15 දිනට පෙර යොමුකල යුතුයි. නියමිත පරිදි ක්රිඩා සමාජ මගින් අයදුම් පත් යොමුකරනා තනි පුද්ගල හෝ කණ්ඩායම් ක්රිඩක ක්රිඩිකාවන් පමනක් තරඟාවලියට සුදුසුකම් ලබයි. (මේ සදහා තම ප්රදේශයේ, ආයතනයේ ක්රිඩා සමාජයක සහයෝගය ලබාගත හැක)
මීට සමගාමීව ජන ක්රිඩා සම්මේලනය මගින් නව තීරක විණිසුරන් සහ පුහුණු කරුවන් බදවා ගැනීමටත් ඒ සදහා පුහුණු වැඩ සටහනක් පැවත්වීමටත් නියමිතයි. ක්රිඩා පිලිබද දැණුම සහ සාම්ප්රදායික ක්රිඩා පිලිබද උනන්දුව දක්වන ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැමති නිළධාරීන්ට මේ සදහා අයදුම් කල හැක. වෙනත් ක්රිඩා, සටන් කලාවන්හී දක්ෂතා දක්වා තිබීම විශේෂ සුදුසු කමක්වෙි. මේ සදහා තම තොරතුරු සදහන් අයදුම් පතක් පහත ලිපිනයට නොවැම්බර් 15 දිනට පෙර යොමුකල යුතුවේ. ලිපි කවරයෙ වම්පස ජන නැඟුම කුසලාන කොටිට පොර ශුරතාවලිය යනුවෙන් සදහන් කලයුතුයි.
ලිපිනය- ජන නැඟුම පුද්ගලික සමාගම, අංක 91, මොරොන්තුඩුව හංදිය, වාද්දුව-
විද්යුත් තැපෑල [email protected]
විමසීම් උදිත පීරිස් WhatsApp 0785167721