Old Boys' Association, Sri Sumangala College

Old Boys' Association, Sri Sumangala College Old Boys' Association of Sri Sumangala College (SSCOBA). There were dedicated Old Boys, who, at numerous occasions tried to make a more active and stable OBA.

By 1981, the OBA had drafted a more comprehensive Constitution, which was very necessary for the proper functioning of the Association. By 1982, the Membership increased at a steady pace. This increase in Membership was mainly due to the tireless efforts of several key members of OBA. In 1985, Mr. Wilson Kahandagamage was elected as its first Old Boy President by a Constitutional amendment. With a

mendments to the OBA Constitution, a Colombo Branch was inaugurated in 1986 with Dr. Malinga Fernando as the President and, later, the Kandy Branch was established in 2001 with Dr. Ananda Gunasekara as the Founding President. Subsequently, the Junior OBA was established for the Old Boys under 30 years.

හිටපු විදුහල්පති L. W. සෝමතිලක විතාරණ මහතා දැයෙන් සමුගනී... පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු ලෙස වසර ගණනා...
15/08/2026

හිටපු විදුහල්පති L. W. සෝමතිලක විතාරණ මහතා දැයෙන් සමුගනී...

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු ලෙස වසර ගණනාවක් අමිල මෙහෙවරක් ඉටු කරමින්, විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දිවිය කැප කළ L. W. සෝමතිලක විතාරණ මහතා 2026 අගෝස්තු 14 වන දින දැයෙන් සමුගත්තේය.

13 න් වසරක් පුරා ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එතුමා, අධ්‍යාපනය, විනය, ශිෂ්‍ය චරිත සංවර්ධනය මෙන්ම විද්‍යාලයේ භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් දූරදර්ශී නායකත්වයක් ලබා දුන්නේය.

විශේෂයෙන්ම 2004 සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස හානි වූ විද්‍යාලය යළි ගොඩනැගීමේ අභියෝගාත්මක කාර්යයේදී එතුමා දැක්වූ කැපවීම සහ නොසැලෙන නායකත්වය, ශ්‍රී සුමංගල ඉතිහාසයේ කිසිදා අමතක නොවන පරිච්ඡේදයකි.

එමෙන්ම 2009 වසරේ පැවති විද්‍යාලයේ ශත සංවත්සර සැමරුම ඇතුළු වැදගත් අවස්ථා රැසකට නායකත්වය දෙමින්, ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිය හා අභිමානය ඉහළ නැංවීමට එතුමා කළ මෙහෙවර සුවිශේෂීය.

දහස් සංඛ්‍යාත සුමංගලයන්ගේ අධ්‍යාපනික හා පෞරුෂ වර්ධනයට එතුමා කළ බලපෑම අදටත් ජීවමානය. එතුමාගේ අමිල සේවයට ගෞරවයක් ලෙස විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය “සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරය” ලෙස නම් කර තිබීම, එතුමා විද්‍යාලයට කළ මෙහෙවරේ සදාතනික සලකුණකි.

එතුමා අද අප අතර නොමැති වුවද, ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් එතුමා කළ සේවයත්, එතුමාගේ නායකත්වයෙන් ගොඩනැගුණු පරපුරත් කිසිදා මැකී නොයනු ඇත.

සෝමතිලක විතාරණ මහතාණෙනි,

ඔබ කළ මෙහෙවර සදා අමරණීයයි. ❤️
ඔබේ නාමය ශ්‍රී සුමංගල ඉතිහාසයේ සදා රැඳෙනු ඇත.

ඔබට නිවන් සුව! 🙏🙏🙏

ආදි ශිෂ්‍ය සංගමය
ශ්‍රී සුමංගල විද්‍යාලය
🇬🇦🇬🇦🇬🇦

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් ඉතිහාසයේ අමරණීය නාමය දැයෙන් සමුගනී…පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, සම්මානන...
14/08/2026

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් ඉතිහාසයේ අමරණීය නාමය දැයෙන් සමුගනී…

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, සම්මානනීය මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාට ගෞරවාන්විත උපහාරය

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයටත්, දේශීය කර්මාන්තයටත්, නව නිපැයුම් ලෝකයටත් අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයකු, නව නිපැයුම්කරුවකු සහ විද්වතකු වූ සම්මානනීය මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතා අප අතරින් සමුගැනීම ශ්‍රී ලංකාවට මෙන්ම එතුමාගේ ශිෂ්‍යයන්ට, සහෘදයන්ට සහ ආදි ශිෂ්‍ය ප්‍රජාවටද මහත් පාඩුවකි.

1935 වසරේ හික්කඩුවේ උපත ලැබූ එතුමා, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව කෙරෙහි වූ ඇල්ම ඔස්සේ විශිෂ්ට ගමනක් ආරම්භ කළේය.

දැනුම ප්‍රායෝගික නිර්මාණයක් බවට පත් කළ යුතුය යන දැක්මෙන් යුතුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණය අපටම නිර්මාණය කළ හැකි බව එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළේය.

‘ලංලෝ’ උදැල්ල, බැටරි බලයෙන් ධාවනය වන විදුලි මෝටර් රථය, සුළං බලයෙන් ක්‍රියාකරන උපකරණ, මැණික් කැපීමේ යන්ත්‍ර සහ සහල් තම්බා වියළීමේ යන්ත්‍ර ඇතුළු නිර්මාණ රැසක් තුළින් එතුමාගේ දුරදක්නා නිර්මාණශීලීත්වය ප්‍රකට විය.

එතුමා අපට ලබා දුන් පණිවිඩය සරල නමුත් බලවත්ය:

“අපට අවශ්‍ය තාක්ෂණය අපටම නිර්මාණය කළ හැකිය.”

එතුමාගේ ජීවිතයෙන් අපට උරුම වූයේ නව නිපැයුම් පමණක් නොවේ. තම රට පිළිබඳ විශ්වාස කිරීමටත්, තම දැනුමෙන් නිර්මාණ කිරීමටත්, අභියෝග හමුවේ නොනැවතී ඉදිරියට යාමටත් වූ දැක්මකි.

අද එතුමාට අප හිස නමන්නේ ශ්‍රේෂ්ඨ විද්වතකුට පමණක් නොව, රටේ දියුණුව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ නිර්මාණකරුවකු නිසාමය.

සම්මානනීය මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාණෙනි,

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු ලෙස ඔබ අප විද්‍යාලයටත්, ඔබගේ මාතෘභූමියටත් ලබා දුන් අභිමානය අමරණීයයි.

ඔබගේ නාමය අමරණීයයි.
ඔබගේ මෙහෙවර අමරණීයයි.
ඔබගේ දැක්ම ඉදිරි පරපුරට මඟ පෙන්වනු ඇත.

🙏 ඔබට නිවන් සුව අත්වේවා! 🙏

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

🎓 A/L 2026 – උණුසුම් සුබ පැතුම්! මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදරණීය මල්ලිලා සියලු ද...
09/08/2026

🎓 A/L 2026 – උණුසුම් සුබ පැතුම්!

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදරණීය මල්ලිලා සියලු දෙනාට, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම්!

වසර 13ක් පුරා කැපවීමෙන්, උනන්දුවෙන් හා අධිෂ්ඨානයෙන් ඔබ ලබාගත් දැනුම හා අත්දැකීම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, විශ්වාසයෙන්, ධෛර්යයෙන් හා සාර්ථකත්වයේ අරමුණින් විභාගයට මුහුණ දෙන්න.

ඔබගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය විශිෂ්ට ජයග්‍රහණයකට මඟ පාදනු ඇතැයි අපි විශ්වාස කරමු.

ඔබගේ ජයග්‍රහණය, සුමගුල් මෑණියන්ගේ අභිමානයයි!

— ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය —

Happy 90th Birthday to the Principal of Our Era – Mr. D. E. JayaneththiYour leadership as Principal shaped generations o...
08/08/2026

Happy 90th Birthday to the Principal of Our Era – Mr. D. E. Jayaneththi

Your leadership as Principal shaped generations of Sumangalians with discipline, strength, and vision.

In 90s, you rendered a truly remarkable service to our beloved Mother Sumangala.

Today, as you celebrate your 90th birthday, your legacy continues to inspire generations of Sumangalians.

With deep gratitude and respect, the Sri Sumangala College Old Boys’ Association wishes you good health, happiness, and a joyful 90th birthday.

Thank you, Sir, for your invaluable service and lasting legacy.

Old Boys’ Association
Sri Sumangala College

අපේ යුගයේ විදුහල්පතිතුමාගේ 90 වැනි ජන්ම දිනයට සුබ පැතුම්!

ඩී. ඊ. ජයනෙත්ති ගුරු පියානනි,

විදුහල්පතිවරයකු ලෙස ඔබතුමාගේ දූරදර්ශී නායකත්වය, විනය, ශක්තිය සහ ආදර්ශවත් සේවය තුළින් ශ්‍රී සුමංගල විද්‍යාලයේ පරම්පරා ගණනාවක සුමංගල් පුතුන්ගේ ජීවිත හැඩගැස්වීමට ඔබතුමා මහත් මෙහෙවරක් ඉටු කළේය.

90 දශකයේදී අප ආදරණීය සුමංගල මෑණියන් වෙනුවෙන් ඔබතුමා ඉටු කළ අතිවිශිෂ්ට සේවය අදටත් අපගේ ගෞරවයට හා කෘතඥතාවයට පාත්‍ර වේ.

අද ඔබතුමාගේ 90 වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, ඔබතුමා ගොඩනැඟූ උදාර උරුමය පරම්පරා ගණනාවක සුමංගල් පුතුන්ට තවදුරටත් ආදර්ශයක් හා ආභාසයක් සපයයි.

ඔබතුමාට නිරෝගී සුවය, සතුට, දීර්ඝායුෂ සහ සාමයෙන් හා සතුටින් පිරි සුන්දර දිවියක් ප්‍රාර්ථනා කරමින්, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිය ගෞරවපූර්වක සුබ පැතුම් පිරිනමයි.

ස්තූතියි ගුරු පියානනි,
ඔබතුමාගේ අමිල සේවයටත්, සදා නොමැකෙන උදාර උරුමයටත්.

ආදි ශිෂ්‍ය සංගමය
ශ්‍රි සුමංගල විද්‍යාලය

🇬🇦🇬🇦🇬🇦🇬🇦🇬🇦

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2026/27 පරිපාලන වර්ෂයට අදාල පළමුවන විධායක සභික රැස්වීමේදී පාසැලේ අභිවෘද්ධිය ව...
23/07/2026

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2026/27 පරිපාලන වර්ෂයට අදාල පළමුවන විධායක සභික රැස්වීමේදී පාසැලේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් දැරීමට අවශ්‍යය මුදල් පරිත්‍යාගයන් දෙකක් ලබාදීමට අප විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් මෙන්ම විධායක සභිකයන් දෙදෙනකු ඉදිරිපත් වීම ස්තූතිපූර්වකව සඳහන් කිරීමට කැමැත්තෙමු.
රංසික සමරසිංහ මහතා රු. 160,000/- කින් සහ කසුන් තරංග මහතා රු.25,000/- කින් මෙසේ මුදල් පරිත්‍යාගයන් සිදුකරන ලදී.

මෙම අරමුදල් සියල්ලම පාසලේ දියුණුව වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය මඟින් සිදුකෙරෙන ව්‍යාපෘති සඳහාම යෙදවෙනු ඇත.

සුමගුල් මව වැජබෙවා... 🇬🇦🇬🇦🇬🇦

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2026/27 වර්ෂ සදහා තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලයේ පලමුවන විධායක සභා රැස්වීම අද ...
19/07/2026

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 2026/27 වර්ෂ සදහා තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලයේ පලමුවන විධායක සභා රැස්වීම අද දින විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ කාර්යාලයේදී පැවැත්වුනි..

🇬🇦🇬🇦🇬🇦

සප්තා 2026සුමංගලීය අභිමානය නෙළුම් පොකුණ වේදිකාව වර්ණවත් කළේය!වසර 117ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන, දිවයිනේ පැරණිතම ...
13/07/2026

සප්තා 2026

සුමංගලීය අභිමානය නෙළුම් පොකුණ වේදිකාව වර්ණවත් කළේය!

වසර 117ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන, දිවයිනේ පැරණිතම බෞද්ධ පාසල් අතරින් එකක් වන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සංවිධානය කළ "සප්තා 2026" මහා සංගීත ප්‍රසංගය පසුගිය ජූලි 11 වන දින කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් හා අතිසාර්ථක අයුරින් පැවැත්විණි.

විද්‍යාලයට අත්‍යවශ්‍ය නව බස් රථයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී ප්‍රසංගය සංවිධානය කරන ලදී.

විද්‍යාලයේ සංගීත ආචාර්ය සමත් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය වාද්‍ය වෘන්ධය විසින් ප්‍රසංගයේ සියලු සංගීත නිර්මාණ ඉතා විශිෂ්ට අයුරින් ඉදිරිපත් කරන ලදී. සුමගුල් ගාන්ධර්වයන්ගේ මතකාවර්ජනය කරමින් මෙම විශිෂ්ඨ ප්‍රසංගය සදහා ශ්‍රී සුමංගල මාතාවගෙන් ලොවට දායාද වූ පණ්ඩිත් අමරදේවයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් යන අසහාය සංගීතවේදීන් දෙපළගේ අග්‍රගණ්‍ය නිර්මාණ මෙහිදී උපහාර පූර්වකව ගායනා කෙරුණි. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල්වල දූ දරුවන්ටද තම සහජ කලා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීම මෙම ප්‍රසංගයේ සුවිශේෂී අංගයක් විය.

වත්මන් විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතාගේ නායකත්වයෙන් ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදරණීය දෙමාපියන් සහ සුමංගල දරුවන් මාස කිහිපයක් පුරා දැක්වූ කැපවීම හා සහයෝගය හේතුවෙන් මෙම ප්‍රසංගය අතිසාර්ථකව පැවැත්වීමට හැකි විය.

PREMIUM SPONSOR – SSCOBA

විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (SSCOBA) විසින් රුපියල් මිලියන දෙකක (රු. 2,000,000/-) වටිනා ප්‍රධාන අනුග්‍රාහකත්වය නිල වශයෙන් විද්‍යාලය වෙත පිරිනමන ලදී.

පාසලේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම සත්කාර්යය මෙන්ම සමස්ත බස් රථ ව්‍යාපෘතියද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින්, ඒ සඳහා දායක වූ සියලු දෙනා වෙත අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමු.

ආදි ශිෂ්‍ය සංගමය
ශ්‍රී සුමංගල විද්‍යාලය

Photo collection 11 - SSCOBA Annual Get-together Dinner Dance 2026
05/07/2026

Photo collection 11 - SSCOBA Annual Get-together Dinner Dance 2026

Photo collection 10 - SSCOBA Annual Get-together Dinner Dance 2026
05/07/2026

Photo collection 10 - SSCOBA Annual Get-together Dinner Dance 2026

Photo collection 9 - SSCOBA Annual Get-together Dinner Dance 2026
05/07/2026

Photo collection 9 - SSCOBA Annual Get-together Dinner Dance 2026

Address

Old Boys’ Association, Sri Sumangala College
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Old Boys' Association, Sri Sumangala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Old Boys' Association, Sri Sumangala College:

Shortcuts

Share