09/01/2026
සරත් කුලාංග සහෝදරයා වෙත ලියමි
පාන් ගෙඩියේ බරට වඩා විශාල ප්‍රශ්න නගර සබාවට විසදීමට ඇත
කරුණාකර ඒවා ඉක්මනින්ම විසදන්න නැත්නම් ඖර ජනදිපතිට තියෙන ගෞරවය හැමදාම මාර්කට් කරලා දේශපාලනය කරන්න බැරිවේවි
1.ජනප්‍රිය මාවතේ කප්පන් කල්ලියක් විසින් කඩ සදා කප්පන් ගන්නා බවත් එයින් සමහරක් නගර සබා නිලදාරින්ට යන බවත් අප අසා ඇත , මෙය පිලිබදව සොයා බලන්න .මේ පසුගිය වසරේ සිට මේදක්වා අලුතින් අනවසර කඩ කෙතරම් ප්‍රමාණයක් ඉදිකර ඇත්ද යන්න නිත එහි යන අපට හොද අදහසක් ඇත , අවිදිමත් ට්‍රිවිල් නැවත්වීම කඩ අයිතිකරුවන් කඩ ඉදිරිපිට ලනු ඇද පාරිබෝගිකයන්ට නිදහසේ ගමන් කිරීමට ඇති අයිතියට බාදා කිරීම කොටින්ම ජනප්‍රිය මාවත පුනර්ජීවනයේ නගරයේ කුණුගොඩක් බවට පත් වී ඇත , ඒවා සොයාබලන්න
2.නගරසබා සේවකයන් සමහරක් රාජකාරි වේලාවන් තුල අසල රේස් බුකි සහ නොයෙකුත් අයතා ස්ථාන වලට වී කාලය ගතකරයි ,දහවල් කාලයට ඉදහිට එම ස්ථාන වලට ගිහින් ඔබේ සේවකයන් එහි ඉන්න ආකාරය දැකගන්න ,පාසල් ඇරෙන වෙලාවට ටියුෂන් පන්ති පටන් ගන්න වෙලාවට ඔබේ සේවකයන් රාජකාරි වේලාවන් තුල ළමයින් ඒවාට රැගෙන යන ආකාරය දැක බලාගන්න ,කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩ නගන්න ,
3.මුහුදු වෙරල අනවසර කඩ බහුල අතර අපිරිසිදු අහාර මෙන්ම මිල වැඩියෙන් විකිණීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත
පාන් වල බර හොයන්න කලින් මේවා සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගන්න
එසේ නොවුනොත් ආණ්ඩුව මාරුකරන්න පුරවැසියන් ට සිදුවනු ඇත