Sri Sumangala Girls' School OGA - Panadura

Call Directions Website Contact the organization

Sri Sumangala Girls' School OGA - Panadura This is Past Student's Association Of Sri Sumangala Grils School Panadura

29/09/2026
🌸 ජන්ම ශත සංවත්සර සම්භාවනා! 🌸මින් වසර සියයකට පෙර, එනම් 1926 බිනර මස 25 වන දින මාලිනී විජේසේකර නමින් මෙලොව එළිය ලැබ, නිසි...
25/09/2026

🌸 ජන්ම ශත සංවත්සර සම්භාවනා! 🌸
මින් වසර සියයකට පෙර, එනම් 1926 බිනර මස 25 වන දින මාලිනී විජේසේකර නමින් මෙලොව එළිය ලැබ, නිසි වයස එළැඹි කල පාණදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය නම් වූ අප විදු මව් තුරුලේ සිප් සතර හදාරා, ඉනික්බිති අප විදුහලෙන්ම උසස් අධ්‍යාපන වරම් ලැබ , සරසවි බිමෙන් උපාධිය ලබා ගත් ඇය, නැවත පියමැන්නේ සුමගුල් මව් වෙතයි.ඉනික්බිති ඇය අඩසිය වසකට ආසන්න කාලයක් සුමගුල් මව්තුරුලේ ශිල්ප බෙදා දුන්නා පමණක් නොව අධ්‍යාපනය නම් වූ මහා සයුරේ සුමංගල බාලිකාව නම් වූ නෞකාවේ සොඳුරු කපිතාන්වරියද විය.
දස දහස් ගණන් බාලිකාවනට මවක් වූ ඇය, පාණදුර පුරවරයට පමණක් නොව ශ්‍රී ලංකා දීපයටම පහන් ටැඹක් වූ අප විදු මව දින දින ජයග්‍රහණය කරා මෙහෙයවූවාය.ඇය අන් කවරෙකුවත් නොව, පාණදුර ශ්‍රී සුමංගල බාලිකාව නම් වූ අප විදුමවගේ ප්‍රථම සිංහල බෞද්ධ විදුහල්පතිනිය වූ මාලනී රණසූරිය මැතිණියයි.
දෙස බස රැස සුරකින බුද්ධිමත් කාන්තා පරපුරක් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළ ඇය මේ වන විට අප අතර නැතත්, ඇය විසින් ඇති කළ අභිමානවත් සුමගුල් සංස්කෘතිය තවමත් විරාජමානව ඇත.එතුළින් අප පෝෂණය වූවාක් මෙන්ම තවත් දහස් ගණන් බාලිකාවන් ද අනාගතයේ පෝෂණය වනු ඇත.
සුමගුල් නාමය හා සදාකාලිකවම සබැඳි මාලනී රණසූරිය නාමය අප ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී ඇත.
අදින් වසර 100 කට පෙර මෙපින් බිම ඉපිද සුවහසක් බාලිකාවනට ජීවිතය දෙන්නට සුමගුල් මව්ට ජීවය දුන් මාලිනී රණසූරිය මැතිනියනි, කෘතගුණ දත් සුමගුල් බාලිකාවන් ලෙස අද අපි මෙසේ ඔබව සිහිපත් කරන්නෙමු.......................................
2026 සැප්තැම්බර් මස 25 වන දින ඇගේ ජන්ම ශත සංවත්සරය එළැඹ ඇති අතර , එදින ගෞරවාන්විත ලෙස ඇයව සිහිපත් කරමින් ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන් විසින් ඇයගේ ඡායාරූපයක් ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයේ විවෘත කරනු ලැබේ.

පාසලේ 6 ශ්‍රේණියේ එක් පන්තියක් සදහා රු.310,000ක් වටිනා සුහුරු පුවරුවක් 2004 උසස් පෙළ කණ්ඩායමේ සුයාමා සිල්වා මහත්මිය විසි...
06/04/2026

පාසලේ 6 ශ්‍රේණියේ එක් පන්තියක් සදහා රු.310,000ක් වටිනා සුහුරු පුවරුවක් 2004 උසස් පෙළ කණ්ඩායමේ සුයාමා සිල්වා මහත්මිය විසින් පසුගියදා පරිත්‍යාග කරන ලදී. එමගින් නව තාක්ෂණය යොදා ගනිමින් දරුවන්ට අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව ලැබී ඇත. පාසලේ දරුවන් වෙනුවෙන් ඔබ සිදු කරන ලද පරිත්‍යාගයට අපගේ හදපිරි ස්තූතිය !!!

නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී පාසලට සුහුරු පුවරු(Smart Board) කිහිපයක අවශ්‍යතාව තිබුනු අතර   ...
06/04/2026

නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී පාසලට සුහුරු පුවරු(Smart Board) කිහිපයක අවශ්‍යතාව තිබුනු අතර ඒ සදහා අප පාසලේ ආදී ශිෂ්‍යා මල්ලිකා රොද්‍රිගෝ මහත්මිය තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසලට රු.350000ක් පමණ වටිනා සුහුරු පුවරුවක් පසුගිය දිනක පරිත්‍යාග කරන ලදී. ඔබ තුමිය විසින් පාසල වෙත කරන මෙම පරිත්‍යාගයන්ට අපගේ හදපිරි ස්තූතිය !!!

සුමංගල පුවත් 2026 - මාර්තු 25 වන කලාපය
07/03/2026

සුමංගල පුවත් 2026 - මාර්තු
25 වන කලාපය

15/01/2026
❤❤❤ සුමගුල් පියසින් රජරටට සෙනෙහසේ යාත්‍රාව....!❤❤❤  අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුපළාත් මායිමට යාබදව විල්පත්තු වනාන්තරය ...
08/12/2025

❤❤❤ සුමගුල් පියසින් රජරටට සෙනෙහසේ යාත්‍රාව....!❤❤❤
අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුපළාත් මායිමට යාබදව විල්පත්තු වනාන්තරය ට මායිම්ව පිහිටි පහත සදහන් ගම්මාන වල පාසල් දරුවන් පසුගිය දිනවල සිදුවූ ව්‍යසනයේ ගොදුරු බවට පත්වී ඇත. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විලච්චිය).
රන්දූවගම
කිරල්පැටියාව
ගුලුපෙත්ත වැව
(ඉහත ගම්මානවල දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වන්නේ පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලය,ඇත්දත් කල්ල රාහුල විද්‍යාලය,බෝ ගහ හන්දිය තක්‍ෂිලා විද්‍යාලය).
අපේම රටේ අසරණ වූ එම දරුවන් වෙනුවෙන් සුමගුල් බාලිකාවන්ගේආදරණීය හදවත් වලින් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට අපි තීරණය කළෙමු.ඔවුන්ගේ ඉදිරි පාසල් ගමන සදහා අවශ්‍ය පහත සදහන් දෑ ඔබට පරිත්‍යාග කලහැක.
පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි,මකන කෑලි,අඩිරූල්,කතුරු,කවකටු පෙට්ටි,චිත්‍ර පොත්, පාටපැන්සල් පෙට්ටි,pencil cases, වතුර බෝතල්, කෑම පෙට්ටි, මේස්, පාසල් බෑග්ස්, සපත්තු කුට්ටම් ,uniform රෙදි, පාට ඇඳුම්,දරු දැරියන් සඳහා යට ඇඳුම්,සෙරෙප්පු,කුඩා දරුවන්ට කුඩ,කැප්තොප්පි,කොණ්ඩ කටු රිබන් පටි,ලේන්සු,ගම්බෝතල්,කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩු.
භාණ්ඩ පරිත්‍යාග කිරීමේදී
ඉහත සඳහන් භාණ්ඩ පමණක් අප වෙත ලබා දීමට කාරුණික වන්න.වැඩි විස්තර සඳහා
අමතන්න:
Mrs Ayendrani 0764531717 (OGA Secretary )
Mrs Pradeepika Rupasinhe 0718087208 (SSGS Teacher & OGA Committee member)
Dr Sajeewa 0718023235 (OGA Com. Member)
Mrs Thushari 0716880704 (OGA Com. Member)
Mrs Nishara 0777334916(OGA Com. Member)
ඔබගේ පරිත්‍යාග 8/12/2025 දින සිට 11/12/2025 දක්වා ශ්‍රී සුමංගල බාලිකා ආදී ශිෂ්‍ය සංගම් කාර්‍යාලය වෙත ගෙනවිත් භාරදිය හැක.උදෑසන 9 සිට දහවල් 1.30 දක්වා. (හෝ ඉහත අංක අමතා සම්බන්ධීකරණය කරගන්න). ඕනෑම අයෙකුට මේ සදහා ආධාර ලබාදිය හැක.
ශ්‍රී සුමංගල බාලිකා වත්මන් සහ ආදි සිසුන්ගේ ආදරනීය ප්‍රයත්නයකි...❤

Address

Sri Sumangala Girls School
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala Girls' School OGA - Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Sumangala Girls' School OGA - Panadura:

Shortcuts

Share