08/12/2025
❤❤❤ සුමගුල් පියසින් රජරටට සෙනෙහසේ යාත්‍රාව....!❤❤❤
අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුපළාත් මායිමට යාබදව විල්පත්තු වනාන්තරය ට මායිම්ව පිහිටි පහත සදහන් ගම්මාන වල පාසල් දරුවන් පසුගිය දිනවල සිදුවූ ව්‍යසනයේ ගොදුරු බවට පත්වී ඇත. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විලච්චිය).
රන්දූවගම
කිරල්පැටියාව
ගුලුපෙත්ත වැව
(ඉහත ගම්මානවල දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වන්නේ පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලය,ඇත්දත් කල්ල රාහුල විද්‍යාලය,බෝ ගහ හන්දිය තක්‍ෂිලා විද්‍යාලය).
අපේම රටේ අසරණ වූ එම දරුවන් වෙනුවෙන් සුමගුල් බාලිකාවන්ගේආදරණීය හදවත් වලින් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට අපි තීරණය කළෙමු.ඔවුන්ගේ ඉදිරි පාසල් ගමන සදහා අවශ්‍ය පහත සදහන් දෑ ඔබට පරිත්‍යාග කලහැක.
පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි,මකන කෑලි,අඩිරූල්,කතුරු,කවකටු පෙට්ටි,චිත්‍ර පොත්, පාටපැන්සල් පෙට්ටි,pencil cases, වතුර බෝතල්, කෑම පෙට්ටි, මේස්, පාසල් බෑග්ස්, සපත්තු කුට්ටම් ,uniform රෙදි, පාට ඇඳුම්,දරු දැරියන් සඳහා යට ඇඳුම්,සෙරෙප්පු,කුඩා දරුවන්ට කුඩ,කැප්තොප්පි,කොණ්ඩ කටු රිබන් පටි,ලේන්සු,ගම්බෝතල්,කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩු.
භාණ්ඩ පරිත්‍යාග කිරීමේදී
ඉහත සඳහන් භාණ්ඩ පමණක් අප වෙත ලබා දීමට කාරුණික වන්න.වැඩි විස්තර සඳහා
අමතන්න:
Mrs Ayendrani 0764531717 (OGA Secretary )
Mrs Pradeepika Rupasinhe 0718087208 (SSGS Teacher & OGA Committee member)
Dr Sajeewa 0718023235 (OGA Com. Member)
Mrs Thushari 0716880704 (OGA Com. Member)
Mrs Nishara 0777334916(OGA Com. Member)
ඔබගේ පරිත්‍යාග 8/12/2025 දින සිට 11/12/2025 දක්වා ශ්‍රී සුමංගල බාලිකා ආදී ශිෂ්‍ය සංගම් කාර්‍යාලය වෙත ගෙනවිත් භාරදිය හැක.උදෑසන 9 සිට දහවල් 1.30 දක්වා. (හෝ ඉහත අංක අමතා සම්බන්ධීකරණය කරගන්න). ඕනෑම අයෙකුට මේ සදහා ආධාර ලබාදිය හැක.
ශ්‍රී සුමංගල බාලිකා වත්මන් සහ ආදි සිසුන්ගේ ආදරනීය ප්‍රයත්නයකි...❤