09/08/2026
සංස්කෘතික ශාඛාව
•
අගෝස්තු 08 සෙනසුරාදා දින සවස 6:00 ට වෙස්ලි සමාජය මගින් සංවිධානය කරනු ලැබූ “ ඇදහිල්ලේ කූඩාරම ⛺️” වැඩසටහන සාර්ථකත්ව කරගැනීමට කරුණාව දුන් දෙවි පියාණන්ට පළමුකොටද,අද දින සහභාගි වූ සැම වෙස්ලි සමාජ තරුණ තරුණියකටද ස්තූති වන්ත වෙමූ. එය තුළින්, එකමුතුකම, සහයෝගීතාව සහ ශක්තිමත් ඇදහිල්ලක ඇති වැදගත්කම පිළිබඳව අර්ථවත් අත්දැකීමක් ලබා ගැනීමට අපට හැකි විය.
•
කණ්ඩායම් දෙකකට බෙදී, එක් කණ්ඩායමකට ලී කෝටු පහක් ලබා දී, එයින් කූරු හතරක් භාවිත කරමින් කූඩාරමක් නිර්මාණය කිරීමටත්, ඉතිරි කූර භාවිතයෙන් තොරව තැබීමටත් උපදෙස් ලබා දෙන ලදී. තම කූඩාරම් නිර්මාණශීලීව හා අලංකාරව සකස් කිරීමෙන් අනතුරුව, ඉතිරි වූ කූර භාවිත කරමින් අනෙක් කණ්ඩායමේ කූඩාරමට එක් වරක් පහර දීමට අවස්ථාව ලබා දෙන ලදී.
•
මෙම ක්‍රියාකාරකම තුළින් අපට සිහිපත් වූයේ, අප කොතරම් එකමුතුවෙන් හා කැපවීමෙන් අපගේ ජීවිත ගොඩනැගුවද, බාහිරින් පැමිණෙන අභියෝග හා බාධක හමුවේ ඒවා අස්ථාවර විය හැකි බවයි.
•
එබැවින්, ජීවිතයේ සෑම අභියෝගයකටම නොසැලී මුහුණ දීමට නම්, අපගේ ජීවිතයේ පදනම ශක්තිමත් ඇදහිල්ලක් මත ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.
•
ශාඛා ලේකම් - තීර්ශා සෙංකඩගල